Tuesday, September 24, 2013

ඉගෙන ගනිමු - Silhouette Photography

අලුත් දෙයක් ඉගෙන ගනිමු !
අලුත් වැඩක් කරමු !
----------------------------------
Dasun Wanaguru
----------------------------------

Silhouette Photography - කැලිසේයා,ඡායාදර්ශක,සිලුවට්
-----------------------------------------------------------------
මොනවද මේ සිලුවට්...?
ඒ ගැන ටිකක් දැනගමු !

Silhouette Photography එහෙමත් නැත්නම් කැලිසේයා ජායාරූප කරණය කියන්නේ කලාත්මක ජායාරූපකරණයේ වැදගත්ම අංගයක්.''ආලෝකයට විරුද්ධව ජායාරූපකරණය'' යන අර්ථයෙන් ''Against light Photography'' ලෙසත් මෙය හදුන්වනවා.
සිලුවට් ජායාරූපයක අපි ජායාරූප ගතකරන වස්තුව තනි පැහැයකින්,බොහෝවිට එය කළු පැහැයෙන් යුක්ත වන අතර පසුබිම සුදු හෝ දීප්තිමත් වර්ණයක් ගන්නවා...

සිලුවට් ජායාරූපයක් ගැනීම සදහා ආලෝකයට විරුද්ධව ජායාරූපය ගත යුතු වනවා.තවත් විදිහකින් කියනවනම් අපි සාමාන්‍ය ජායාරූප කරණයේදී ආලෝක කරණය අදාළ වස්තුවට ඉදිරියන් අපි ජායාරූප ගත කරන පැත්තේ සිටම සැපයුවත් මෙහිදී අපි කරන්නේ වස්තුවට පිටුපසින් ආලෝකය ලැබෙන්න සැලැස්වීමයි..එම ආලෝක ප්‍රභවය ලෙස කෘතීම හෝ ස්වාභාවික ආලෝක ප්‍රභවයක් යොදා ගන්න පුළුවන්..බොහෝ අවස්ථාවන්හිදී භාවිතා කරන්නේ ස්වාභාවික ආලෝකයි,එමගින් වඩා වර්ණවත් පසුබිමක් සහිත ජායාරූප ලබාගත හැකි වෙනවා..(ඉහත රූපයේ ඇති සියලුම නිදර්ශක සදහා භාවිතා කර ඇත්තේ ස්වාභාවික ආලෝකයයි..

සිලුවට් ජායාරූප නිර්මාණය කිරීම සදහා එහි අදුරු සහ ආලෝකමත් කොටස් අතර ආලෝකයේ වෙනස (Contrast) ඉතා වැඩි විය යුතුයි.මෙලෙස ආලෝක වෙනස වැඩිවීම නිසා අදුරු කොටස් වල විතර (Details) සටහන් නොවීම සිදුවෙනවා

සිලුවට් ජායාරුපකරණයේ වැදගත්ම අංගය වන්නේ ''අනාවරණයයි'' මෙහිදී අපි අනාවරණ ක්‍රමය ලබාදිය යුත්තේ පසුබිමට නිවැරදි අනාවරණයක් ලැබෙන ලෙසයි,එවිට වස්තුව මන්ද ආවරණයට ලක්වීම නිසා තද කළු පැහැයක් ගන්නවා

සිලුවට් ජායාරුපයක විශේෂත්වය වන්නේ අදාළ වස්තුවේ Details සටහන් නොවීම නිසා වඩා කාලාත්මක ආකාරයෙන් ජායාරූප සදහා නොයෙකුත් අර්ථ කථන දීමට හැකිවීමයි...
---------------------------------------------------------------------
දැන් එතකොට කොහොමද මේ සිලුවත් එකක් ගන්නේ...?
දැන් කියලා දෙනවා ඒක ගැන  (අපැහැදිලි තැනක් තියෙනවනම් නැවත අහන්න පුළුවන්
බොහොම සරළව කියලා දෙන්නම්... 

සිලුවට් එකක් ගන්නේ මෙහෙමයි...
1.මුලින්ම ජායාරුපයට නගන අදාළ වස්තුව තෝරාගත යුතුයි.

2.අනතුරුව වඩා දීප්තිමත්,අලංකාර මෙන්ම ආලෝකමත් පරිසරයක් පිටුපසට සිටින පරිදි වස්තුව ආලෝකයට විරුද්ධ දිශාවට තැබිය යුතුයි

3.වැදගත්ම දේ කැමරාවේ Auto මොඩ් එකෙන්වත්,AV හෝ TV හෝ වෙනයම් තෝරාගැනීමකින්නිවත් මේ වැඩේ කරන්න බැහැ...අනිවාර්යෙන්ම තෝරගන්න ඕනේ මැනුවල් (MANUAL) මොඩ් එකයි

4.අනතුරුව බලන්න ඕනෙම දේ කැමරාවේ ''අනාවරණ ක්‍රමයයි (Metering mode) එක
සාමානයෙන් කැමරාව මිලදී ගන්නකොට සිලෙක්ට් වෙලා තියෙන්නේ Evaluative කියන Mode එක ඒක මේ වැඩේට හොදටම ගැලපෙනවා,නමුත් අපි සාමානයෙන් ජායාරුප කරණයේදී බහුලවම භාවිතා කරන්නේ Center Weighted Metering කියන මොඩ් එක ඒක මේ වැඩේට පාවිච්චි කලොත් පොඩි ප්‍රායෝගික ගැටළු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එකක් තමයි වස්තුවේ ආලෝකය අඩු නිසා අඩු ෂටර වේගයක් ලබාදෙන්න සිද්ධ වෙනවා,අනිත් කාරණය තමයි ආලෝකයේ අගය අඩු නිසා වැඩි ISO අගයකුත් ලබාදීමට සිදුවීම,එමගින් ජායාරූපයේ නොයිස් එක වැඩි වෙනවා..
හොදම ක්‍රමය තමයි SPOT Metering යන ක්‍රමය ලබාදීම...

හැබැයි වැදගත්ම දේ එතකොට පොඩ්ඩක් දගලන්න වෙනවා..
හේතුව SPOT Metering මගින් කරන්නේ එක ස්ථානයක ආලෝක අගය අනාවරණය කර ගැනීමයි..
එවිට අප කලයුතු වන දේ වන්නේ පළමුව අදාළ ආලෝකමත් පසුබිමට අනාවරණය ලබාදී කැමරාවේ සියලු සකසා ගැනීම කිරීමයි.අනතුරුව කැමරාව අදාළ වස්තුව දෙසට එල්ල කොට නිවැරදිව focus කර වඩා අලංකාරවත් සිලුවට් එකක් තමන් සතු කරගත හැකියි...!

උත්සහ කරන්න ! ,අලුත් දෙයක් කරන්න !
ජය !
-----------------------------------
දසුන් වානගුරු
2013-09-11 — with Sajith Fernando and 19 others.

දැන් කියලා දෙනවා ඒක ගැන :) (අපැහැදිලි තැනක් තියෙනවනම් නැවත අහන්න පුළුවන්
බොහොම සරළව කියලා දෙන්නම්... :)

සිලුවට් එකක් ගන්නේ මෙහෙමයි...
1.මුලින්ම ජායාරුපයට නගන අදාළ වස්තුව තෝරාගත යුතුයි.

2.අනතුරුව වඩා  දීප්තිමත්,අලංකාර මෙන්ම ආලෝකමත් පරිසරයක් පිටුපසට සිටින පරිදි වස්තුව ආලෝකයට විරුද්ධ දිශාවට තැබිය යුතුයි

3.වැදගත්ම දේ කැමරාවේ Auto මොඩ් එකෙන්වත්,AV හෝ TV හෝ වෙනයම් තෝරාගැනීමකින්නිවත් මේ වැඩේ කරන්න බැහැ...අනිවාර්යෙන්ම තෝරගන්න ඕනේ මැනුවල් (MANUAL) මොඩ් එකයි

4.අනතුරුව බලන්න ඕනෙම දේ කැමරාවේ ''අනාවරණ ක්‍රමයයි (Metering mode) එක 
සාමානයෙන් කැමරාව මිලදී ගන්නකොට සිලෙක්ට් වෙලා තියෙන්නේ Evaluative කියන Mode එක ඒක මේ වැඩේට හොදටම ගැලපෙනවා,නමුත් අපි සාමානයෙන් ජායාරුප කරණයේදී බහුලවම භාවිතා කරන්නේ Center Weighted Metering කියන මොඩ් එක ඒක මේ වැඩේට පාවිච්චි කලොත් පොඩි ප්‍රායෝගික ගැටළු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එකක් තමයි වස්තුවේ ආලෝකය අඩු නිසා අඩු ෂටර වේගයක් ලබාදෙන්න සිද්ධ වෙනවා,අනිත් කාරණය තමයි ආලෝකයේ අගය අඩු නිසා වැඩි ISO අගයකුත් ලබාදීමට සිදුවීම,එමගින් ජායාරූපයේ නොයිස් එක වැඩි වෙනවා..
හොදම ක්‍රමය තමයි SPOT Metering යන ක්‍රමය ලබාදීම...

හැබැයි වැදගත්ම දේ එතකොට පොඩ්ඩක් දගලන්න වෙනවා..
හේතුව SPOT Metering මගින් කරන්නේ එක ස්ථානයක ආලෝක අගය අනාවරණය කර ගැනීමයි..
එවිට අප කලයුතු වන දේ වන්නේ පළමුව අදාළ ආලෝකමත් පසුබිමට අනාවරණය ලබාදී කැමරාවේ සියලු සකසා ගැනීම කිරීමයි.අනතුරුව කැමරාව අදාළ වස්තුව දෙසට එල්ල කොට නිවැරදිව focus කර  වඩා අලංකාරවත් සිලුවට් එකක් තමන් සතු කරගත හැකියි...!

උත්සහ කරන්න ! ,අලුත් දෙයක් කරන්න !
ජය !
-----------------------------------
දසුන් වානගුරු
2013-09-11

No comments:

Post a Comment