Sunday, September 29, 2013

ලෙලි යනතුරු ඉගැන්වූ ශිල්ප ...

From
http://www.wallsave.com/wallpaper/1920x1080/sun-umbrella-girl-with-red-walking-in-the-rain-910012.html
From
http://www.wallsave.com/wallpaper/1920x1080/sun-umbrella-girl-with-red-walking-in-the-rain-910012.html



  • Athula Siriwardhane .
    මේ ඡායාරූපය 
    ඔබේ දැනුම මත අගය කරන්න..
    10 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    ඊයෙ සිතුමිණි කිව්වා.. ( in Photo Talk )
    ලංකාවෙ ඡායාරූප ශිල්පය උගන්වන ආයතන වල
    ඡායාරූපයක අගය නිර්ණය කරන හැටි
    ලෙලි යන තුරු උගන්වන බව.


    ඔහු පිළිගත් ඡායාරූප ශිල්පියෙක්.
    ඡායාරූප තරඟ විනිසුරුවෙක්..
    ප්‍රවීණ ආචාර්යවරයෙක්...

    එවැන්නන් ලෙලි යනතුරු ඉගැන්වූ ශිල්පය
    උකහාගත් අය මේ සමූහ වල සිටී නම්....
    මේ ඡායාරූපය
    ඔබේ දැනුම මත අගය කරන්න..
    9 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    .
    "මේ ඡායාරූපය 
    මගේ හිතට වැදුණා." 

    ඡායාරූප ශිල්පියෙක් නොවෙන කෙනෙකුට
    එතනින් නතර වෙන්න පුලුවන්.

    ඒත් මේක ගත්ත ඡායාරූප ශිල්පියා
    ඇයි තමන් ඒකට කැමති කියල දන්නෙ නැත්නම්
    හිතට වදින හේතු මොනවද කියන්න දන්නෙ නැත්නම්
    ඔහු කණා ෂොට් ඡායාරූපශිල්පියෙක්.

    මේක දකින ඡායාරූප ශිල්පියා
    ඇයි තමන් ඒකට කැමති කියල දන්නෙ නැත්නම්
    හිතට වදින හේතු මොනවද කියන්න දන්නෙ නැත්නම්
    ඔහු කණා ෂොට් ඡායාරූපශිල්පියෙක්.

    මිනිසුන්ට දකින ඕනම දෙයක් 
    තදින් හිතට වදින්නට
    ඔහුටම ආවේණික හේතු තියනවා.
    මේ දැරියගෙ දෙමාපියන්ට
    මේ ඡායාරූපය හිතට වදින්න
    ඔවුන්ටම ආවේණික ප්‍රබල හේතුවක් තියනවා.

    ඒත් ඊට අමතරව මිනිසුන් ලෙස
    මේ ඡායාරූපය හිතට වදින්න
    පොදු විශ්වීය හේතුත් තියනවා.

    මිනිසුන් ලෙස 
    ඡායාරූප හිතට වදින පොදු විශ්වීය හේතු 
    හැම ඡායාරූප ශිල්පියෙක්ම උගත යුතුයි.

    මාන්නයත්, කුසීතකමත් බාධා නොකළොත්
    හැම ඡායාරූප ශිල්පියෙකුටම
    පහසුවෙන් ඉගෙන ගත හැකියි.
    9 hours ago · Edited · Like · 1
  • Sajith Fernando මූලික අරමුණ හා බැඳී ඇති වස්තු 
    තනි හැඩතලයක් විදිහට හිතුවොත්
    මේ පින්තූරෙ මට විශේෂයි
    9 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    සජිත් කියන්නෙ 
    මේ ගුණය ගැනයි..
    මූලික අරමුණ හා බැඳී ඇති වස්තු
    තනි හැඩතලයක් විදිහට.....

    -----------------------------------------------------------
    හොඳ ඡායාරූපවල 
    මේ ගුණය තියෙන බව
    1,ඔබ කලින් දැක තියනවාද?
    2, ඔබ කොතැනකින් හෝ ඉගෙනගෙන තියනවාද?

    ඉගෙන ගත්තා නම්
    තැනත් ගුරුවරයාත් කියන්න.
  • Sajith Fernando ඇත්තටම ඇස ඒ ලස්සන දකින්න ඇති
    ඒත් අවබෝධයෙන් බලන්න ගත්තෙ
    ඔබෙන් උගත් පාඩමකට පසුවයි
  • Athula Siriwardhane .
    සුදු හැඩය 
    අරමුණ දැක්වෙන ප්‍රදේශය 
    කලාවෙදි හඳුන්වන්නෙ 
    ධන අවකාශය වශයෙන්.


    ඉතිරි පෙදෙස 
    ඍණ අවකාශය බව කිවයුතු නැහැ.

    මේ අවකාශ දෙක සීමාවෙන රාමුවත් සමග
    රූපයක මූලික අංග තුනයි.
    8 hours ago · Like · 2
  • Athula Siriwardhane .
    ප්‍රතිවිරුද්ධ වර්ණ සංකලනය හොඳයි 
    -Janaka Ranjan Boralessa

    ---------------------------------------

    හොඳ ඡායාරූපවල
    ප්‍රතිවිරුද්ධ වර්ණ සංකලනය වීම 
    ප්‍රිය ජනකයි කියන ගුණය තියෙන බව
    1,ඔබ මීට කලින් දැක තියනවාද?
    2, ඔබ කොතැනකින් හෝ ඉගෙනගෙන තියනවාද?

    ඔබ දුටු තැන හා
    ඉගෙන ගත්තා නම්
    ඉගෙන ගත් තැනත් ගුරුවරයාත් කියන්න.
    ----------------------------------------------

    වර්ණ වලට අදාළ තව හේතු මෙහි තියනවා.
  • Athula Siriwardhane .
    මම වර්ණ ගැන ටිකක් හරි ඉගෙන ගත්තෙ ඉස්කෝලෙදි සාමාන්‍ය පෙලට චිත්‍ර කලාව ඉගෙනගනිද්දි. ප්‍රධාන වර්ණ 5 (නිල් කහ රතු කලු සුදු) සහ මිශ්‍ර කිරීමෙන් හැදෙන වර්ණ.
    ප්‍රතිවිරුද්ධ වර්ණ වල වැදගත්කම ගැන ඉගෙන ගත්තෙ 
    බ්ලොග් එකකින්... ----Janaka Ranjan Boralessa 

    ------------------------------------------------------------------------
    ඉස්කෝලෙදි සාමාන්‍ය පෙලට චිත්‍ර කලාව ඉගෙනගනිද්දි
    ලබාගත් දැනුම තියන ඡායාරූප ශිල්පීන් 
    ඡායාරූපකරණයෙදි... 
    ඒ දැනුම භාවිතා කරනවද?
    7 hours ago · Like · 1

No comments:

Post a Comment