Sunday, September 22, 2013

වීදුරුව (Product Photography)


P r o d u c t Photography
-------------------------------
P r o d u c t Photography
-------------------------------

  • Shaman Fernando කලු වර්ණය ශක්තිමත් මදි වගේ මිත්‍රයා..
  • Dasun Wanaguru කළු වර්ණය මේකට අවශ්‍ය වෙන්නේ නැහැ..මේක සුදු පැහැති වීදුරුවක්...
    කළු වර්ණය මතුකලේ සුදු වීදුරුවේ තියෙන අලංකාර කැටයම් පෙනෙන්න අවශ්‍ය නිසයි....
  • Anushka Eranga නියමයි දසුන් අයියා . 
  • Upul Nelundeniya මේ කළු පැහැය වැඩි නිසා නිෂ්පාදනය ගැන වැරදි වැටහීමක් ඇති වෙනවා නේද.... ඒ වගේම තව ටිකක් පහතට වෙලා මේ සේයාරුව ගත්තනම් හොදයි කියලා හිතෙනවා...
  • Shaman Fernando මම අදහස් කලේ මේ වීදුරුවේ වර්ණයක් ගැන නෙවෙයි. 
    ආලෝකය=සුදු
    අඳුර=කලු
    ;යනාදී ලෙස උපකල්පනය කරගෙනයි මම ඒ ප්‍රකාශය සිදු කළේ. ඉදිරි කොටසේ කැටයම් පැහැදිලිව දැකීමේදී, මට නම් (details) මතුවී ඇති ආකාරය බාධාවක්.
  • Dasun Wanaguru ඔව් කළු පැහැය වැඩි වීම අදාළ නිෂ්පාදනයට අහිතකර බලපෑමක් සිදුකරනවා..
    මේ ජායාරුපය ගත්ත සේවාදායකයට අවශ්‍ය උනේ වීදුරුවේ පැහැයට වඩා එහි ඇති කැටයම් ඔප් නංවා පෙන්වීමටයි 

    අනිත් දේ මේ වීදුරුව සුදු පැහැම නෙමෙයි අළු මිශ්‍ර සුදු පැහැයක් තියෙන්නේ...
  • Gimhana Wedage කිළුටු වීදුරුවක්‌ වගෙයි පේන්නේ. පාරිභෝගිකයාගේ සිත් ඇද ගනීද යන්න සැකයි.
  • Gimhana Wedage Product Photography ගැන නම් ඉතින් Oscar Nonisගෙන් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්.
  • Eresh Jayanga Dias Good Lighting Dasun..keep it up.....
  • Oscar Nonis wash it + clean it + wipe it + shine it before u take a photo. No finger prints + No dust

    Use correct white balance + exposure with good lights. Capture with more details
  • Gimhana Wedage කැමරාවේ ලෙන්ස් එක විතරක් පිහිදලා මදියි කියලනේ ඔය කියන්නේ.
  • තුෂාර පල්ලියගුරුගේ වෙළද ප්‍රාචාරන සදහා භාවිතා කරන ඡායාරූපයක ප්‍රමිතීන් තිබිය යුතුය්. සූදානම කැප වීම මහන්සිය සහ අවසාන ප්‍රතිඵලය සෙවා දායකයා සතුටු කිරීම දක්වා දිව යනවාDasun Wanaguru ගේ චයාරූපය ඔහු විසින් Art Gallery වෙත ඉදිරිපත් කරන්න ඇත්තේ දාන්න වෙන තැනක් නති නිසා නොවිය හැක. එදිනෙදා හමුවන පින්තූර වලට වඩා වෙනස් මාර්තෘකාවක් නිසා ඇත්තෙන්ම එය සන්වාදයකට බදුන් විය යුතුව තිබුනා. Product Photography කතා කරන්න පසුබිමක් මටත් තියෙනවා. මොකද මම එය Berty Gunasekara ගුරුවරයා සෙවනේ හැදැරූ නිසා. ට ඊට වඩා පසුබිමක් Oscar Nonis ට තියනවා වන්න පුලුවන් ඔහු එය වුර්තීයව ප්‍රගුන කරමින් හී නියලී සිටින නිසා. මට කියන්න තියෙන්නේ මෙච්චරය් .!! ඔබ තුමන්ලා..., Art Gallery එකේ ජෝක් දාන රිලව් ඇති කරනවාද ශිල්පීන්ට කින්ඩි දාන්න..?? සන්වාදයක් කරන තාලයක් ක්‍රමයක් තියෙනවා.. ශිල්පීන්ට හිත් රිදවන ඡායරූප ශෙස්ත්‍රයේ කොහේ වත් පසුබිමක් නැති හැදාරීමක් නොලද අඩුම ගානේ මාස 6ක වත් DSLR එකක් අත දරාන තමන්ගේ කියා ඉදිරිපත් කරන්න තරම් පිලිගත හැකි නිර්මානයක්වත් නැති මෝඩ රිලවෙක් ජොක් දැමීම කත බහ වෙන වෙන පැති කරා හරවා යවනවා මිසක් ප්‍රායොගික දැනුම හුවමාරු වන කතා බහක් නම් මට පේන්නේ නෑ. . උඛ්ත කතාවෙන් පැය 7 කින් මෙහා ශිල්පියා හෝ වෙන යම් අයෙක් කතා නොකිරීම ගැන තවත් උදාහරන කුමකටද? Indranatha Thenuwara ආදී ගුරුවරය්න් මතු සම්බන්ද කර ගනීමට ඔබලා අදහස් කරය් නම් මීට වඩා වගකීම විනය සමූහයක් තුල තිබිය යුතුය්. !! ණොඇසූ කන්න් ඇතිව සිටිනවාට වඩා ඇඩ්මින් වරුන් ගෙ මදිහත් වීම් මෙවැනි කාරනවන් වලදී වැදගත් බව පසක් කර දීමට කැමතිය. ලෙන්ස් සුද්ද කරගන්න රිලව් නොදන්නවට ශේස්ත්‍ර දනුම ඇති ශිල්පීන් දන්නවනේ සජිත් සහෝදරයා !!
  • Dasun Wanaguru මෙහෙමනේ තුෂාර, 
    කොච්චර කෙලින් කරන්න හැදුවත් බලු නකුටේ ඇද අරින්න බැහැනේ... රිලව් උනාට කමක් නැහැ සද්දේ දැම්මහම අනිත් අය දැනගන්නවා උන් රිලව් කියලා....හැබැයි උන් ඒක දන්නේ නැහැ....

    අනිත් දේ තමයි ''පුද්ගල වන්දනාවේ'' යන මි හරක්ට බෑ කවදාවත් ස්වාධීනව හිතන්න...
  • Dasun Wanaguru වීදුරුවේ පාට තීන්ත ගාලා හරි කමක් නැහැ ඒක සේවා දායකයට ඕනේ විදිහටයි ගන්න ඕනේ....ඒක ඔවුන්ගේ ඉල්ලිමනම් මට වැඩක් නැහැ එකේ ගාපු පාට.....
  • Gimhana Wedage 1. තුෂාරගේ විස්තරය ඡේද දෙක තුනකට වෙන් කෙරුවානම් තේරුම් ගන්න පහසුවක් වෙනවා. එ නැතත් ඔහු තම අදහස් ඉදිරිපත් කිරීම ඉතා වටිනවා.

    2. තුෂාර කවදත් අදහස් ඉදිරිපත් කරද්දී තම පසුබිම, තමන් ඇසුරු කරන අය, තමන්ගේ දැනුම් මට්ටම හා සුදුසුකම් යනාදී සියල්ල පැවසීමට වැඩි කාලයක් හා ඉඩක් වෙන කරනවා. මා ඡේද වෙන් කිරීම ගැන පැවසුවේ එම කොටස් පෙරා දමා ඔහු පවසන කාරනාව වෙන් කර ගැනීමට අමතර උත්සාහයක් දැරීමට සිදු වන නිසයි.

    3. ඔහු මෙහි පුද්ගලයින් බොහොමයක් ගැන සඳහන් කරනවා. ඔහු පවසන මෝඩ රිලවා ඔවුන්ගෙන් අයෙක්ද කියා සැකයි. ඔවුන්ගෙන් කෙනෙක් නොවේ නම් එම රිලවා කවුද? රිලවා දැමු 'කින්ඩිය' කුමක්ද?

    4. ඔහු පවසන ශිල්පියා Dasun Wanguru විය යුතුය. ඔහුට හිත් රිදවීමක් ඇති වූ බව ඔබ දන්නේ කෙසේද? ඔහු ඔබට වෙනත් මගකින් ඒ බව පැවසුවාද?

    5. ඉන්ද්‍රනාත වැනි ගුරුවරු මෙයට සම්බන්ධ වීමට නම් මීට වඩා විනයක්, වගකීමක් තිබිය යුතු බව ඔබට ඔහු පැවසුවාද? මට නම් ඔබේ ප්‍රකාශය යම කිසි තර්ජනයක් වගෙයි පෙනෙන්නේ. මෙහි නොමැති වූ විනය හා වගකීම කුමක්ද?

    6. සංවාදයක් කරන තාලයක් ක්‍රමයක් තිබෙන බව තුෂාර පවසනවා. ඔහු පවසන තාලය/ක්‍රමය විරුද්ධ අදහස් දරන්නන්ට අන්වර්ථ නාම වලින් අමතමින් කරනු ලබන සංවාද විය යුතුය.

    මතු සම්බන්ධයි....
  • Gimhana Wedage 7. Dasun Wanaguru රිලවුන්ට අමතරව මී හරකුන් ගැනත් පවසනවා. එම සතුන් කවුදැයි පැවසීම අඩුම තරමින් ඔහුගේ හෝ යුතුකමක්.

    මතු සම්බන්ධයි....
  • Dasun Wanaguru සාමාන්‍යයෙන් ඉජු ඉජු කිව්වහම බල්ලෝ දන්නවා ඒ උන්ටයි කතා කරන්නේකියලා...
    අමුතුවෙන් නම කියලා කතා කරන්න ඕනේ වෙන්නේ නැහැ.... 
  • Gimhana Wedage 7.1 දසුන්, ඔය කියන බල්ලා සපා කන දරුණු එකෙක්ද? ඔබ උට බයද?
    හිතේ තියෙන වෛරය ඉවත් කරගෙන පවසන්නේනම් ගොඩක් වටිනවා.
  • තුෂාර පල්ලියගුරුගේ Product Photography වලදී විශේශයෙන්Macro ලෙන්ස් භාවිතා වෙනවා. තවදුරටත් Aperture අගය ඉහල අගයක්( 30ස් ගනන් දක්වා) කරා යොමු කරගන්නවා මෙවනි උපාන්ග චායාරුපකරනයෙදී Details උපරිමයෙන් මතු කර ගැනීමට .කැටයම් සහිත වීදුරුවක් ත්‍රිමානව (Transparent පෘශ්ඨයක ) පිටත චායා ඇතුලත පෘෂ්ඨයේ මතු වී පෙනීම ස්වභාවිකය්. ඔබ ඉදිරිපත් කල වීදුරුව මතු පිට වටේ අති හැඩ තල පසු බිමෙන් (ඇතුල් පැත්තෙන්) දිස් වෙනවා. මොකද මෙය වීදුරුවක් නිසා. ත්‍රිමන බව ඉස්මතු වෙන්නේ නෑ ..යට කොනයකින් ගත්තානම් . සෙවා දායකයා සිතනවානම් ඇතුලත මීට වඩා සුදු විය යුතුය් කියා එවිට Photoshop වැනි උපාන්ගයක් භාවිතා කල හැකිය්. යම් අමනයෙක් මෙහි පිරිසිදු කම හා transparent පසුබිම මත ඇදි details වරදවා වටහාගන්නව නම් හා ඔහු තම කට මැත ඉක්මන් කරගන්නවානම් පුද්ගල වන්දනා අන්ධ භක්ස්තියකින් ඔහුව රිලවෙකුට එහා සමාන කල හකි තවත් ඩෙයක් සොයා ගනීමට නොහැක. රිලා පැටියට කියන්නේ නොදන්න ඉන්ග්‍රීසියට ගිහින් වරිගෙ නහගන්නේ නැති වෙන්න මීට පස්සෙවත් වග බලා ගන්නා ලෙසය. !!!
  • Dasun Wanaguru බොහොම සරළයි......
    කෙලින් කියන්න තියෙන දේ කෙලින් කියනවා මම...

    Gimhana Wedage යන ඔබ පැහැදිලිවම පුද්ගල වන්දනාවේ යෙදෙන්නෙක්...!
    මා සෘජුව දෝෂ දර්ශනයට ලක් කරන්නේ ඔබවයි...

    අතුල සිරිවර්ධන,හෝ ඔස්කා නෝනිස් සමග කිසිදු ගැටළුවක් නැහැ...
    ඔවුන්ගේ සමහර අදහස් සමග පුර්ණ වශයෙන් එකග නොවුනත් යම් තාක් දුරට පිළිගන්න සුදානම්...!
    ඒ වගේම ගරු කිරීමකුත් තියෙනවා...
    මක් නිසාද යත් ඔවුන් ක්‍ෂේත්‍රයේ යම් අධ්‍යනය කිරීමකින් පසුවයි යම් යම් අදහස් පළ කරන්නේ....ඒවා යම් තාක් දුරට පිළිගත හැකියි..!

    හැබැයි ඔවුන් පිළිගත්තා කියන්නේ ඔවුන් වන්දනා මාන කරන දියාරු චරිත පිළිගත්තා යන්න නොවෙයි...
    කිසිදිනක ඒ වගේ චරිත පිළිගන්නෙත් නැහැ...
  • Gimhana Wedage 7.2 තුෂාර හා දසුන් පවසනු ලබන සතුන් කව්දැයි හරි හැටි දැනගෙන මේ සංවාදය ශිෂ්ට ලෙස ගෙනයන්න මා සුදානම්.
  • Dasun Wanaguru කිසිදු ගැටළුවක් නැහැ... මං දැන් සෘජුව ප්‍රකාශ කළා.... 

    පන්සලේ හාමුදුරුවෝ කියන දේ ඇහුවට
    ඇබිත්තයා කියන දේ කරන්න තරම් මට මොලේ අමාරුවක් නැහැ
  • Gimhana Wedage 7.3 දසුන්ට සිත් අමාරුවක් වී ඇති බව ඉතා පැහැදිලියි. දසුන්, මම කිසිවකු රිදවීමට හෝ සැනසීමට කිසිවක් කියන්නේ නෑ. දැන් ඔබ මා සමාන කරන්නේ ඇබිත්තියාට. අබිත්තියා කියන දේට ඔබ සිත් රිදවා ගන්නේ ඇයි. 
  • Gimhana Wedage 7.4 තුෂාර හා ඔබ එකතු වී ඉදිරිපත් කල සියලු සත්ව නාම මා බාර ගන්නම්. 
  • Gimhana Wedage 7.5 ඔබ විශ්වාස කරන, මා වන්දනාවේ යෙදෙන පුද්ගලයින් කවුද? අතුල සිරිවර්ධන නම් මේ සංවාදය සමග කිසිදු සම්බන්ධයක් තවම නැත.
  • Gimhana Wedage 7.6 තුෂාර තවම සැඟවී අදහස් දක්වයි. ඔහු පවසන රිලා පැටියා ඔස්කා නෝනිස් විය යුතුය. ඉංග්‍රීසියෙන් අදහස් දක්වා ඇත්තේ ඔහුය.
  • Gimhana Wedage 7.25 දසුන් මට නම් තවමත් "කිළුටු වීදුරුවක්‌ වගෙයි පේන්නේ. පාරිභෝගිකයාගේ සිත් ඇද ගනීද යන්නත් සැකයි". මම මොනවා කරන්නද? ඔබ පවසන්නේ මා වැනි අය මේ සමුහයෙන් ඉවත්ව සිටිය යුතු බවද?
  • Gimhana Wedage 7.26 "ෂා... පට්ට... නියමයි... " කියලා කීවානම් ඔබට සතුටුද?
  • Asantha Aeroshana Mamathwayata gena kiyanawata wada photography/ Art sambanda dewal post eke demeema wada wedagath.......kiyawana ayata..............ma danne ne Professional ethics kiyala deyak professional photographers lage thiyanawada kiyala........wena ewaye nam ale...See More
  • තුෂාර පල්ලියගුරුගේ Oscar කව්ද කියා මා මගේ කොමෙන්ටුවේ බොහෝ පැහදිලිව දක්වල තියනව. මම හිතනව Oscar Nonisට සින්හල තෙරෙනෙව ඇති කියල. අනික ඔහු කාටවත් lens සුද්ද කර ගන්න වගේ පහත් වචන පාවිච්චි කරල නෑ. ඔහු product photography යම් හැදෑරීමක් ඇති පුඩ්ගලයෙක්. ඔහුට අය්තියක් තියනවා ඔහුගේ ම අදහස් දැක්වීමට. එහි නිවැරදි භාවයන් උඩ අපි එවා පිලිගන්න නොගන්න අය්තිය අපිට තියනව. නමුත් ඔබ?? කරුනාකර ඔබට ඡායාරූපකරන්යේ යෙදෙන්නන් විවේචනය හෝ චායාරූප විශ්ලේශනය සදහා සදහා කුමන පදනමක් තියන වග පහදිලි කරනවාද. ??????
  • Gimhana Wedage 8. තුෂාර බොහෝ ගුරුන් ඇසුරු කරමින් ඔවුන් සෙවනේ කුඩා කල සිට ක්ෂේත්‍රයේ ඉදිරියට ගිය බව පුන පුනා ඉතා උජාරුවෙන් පවසනවා.

    නමුත් ශිෂ්ඨ භාෂාවෙන් කතා කිරීමට නොන්දනා ඔහු Indranatha Thenuwara වැනි මහතුන් ඈඳමිනුයි (tag කරමින්) මේවා කියන්නේ. ඔහු මේ අගෞරව කරන්නේ කාට
    ද?

    පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නො‍වන මට ඔය අවලාද වලින් රිදවීමක් නොවේ. මා තව තවත් ශක්තිමත් වෙමි.

    මතු සම්බන්ධයි.....
  • Gimhana Wedage 7.7 "කැමරාවේ ලෙන්ස් එක විතරක් පිහිදලා මදියි කියලනේ ඔය කියන්නේ."
    මා ඉහත පවසූ දෙයට තුෂාරට බොහෝ තරහා ගොස් ඇති බව කාටත් පැහැදිලියි. එය පහත් වචනයක්ද? තුෂාර පවසූ සියල්ල ඉතා උසස්ද?

    සජිත්, ඔහු නොකියා කියන්නේ මා පැවසූ පහත් දේවල් (එවැන්නක් තිබේ නම්) ඔබ ප්‍රිය(Like) කරන බවද?
  • Gimhana Wedage 9.මේ නම් ගිම්හාන නම් මෝඩ රිලවා මේ සමුහයෙන් පන්නා දැමීමට තුෂාර ගන්නා උත්සාහයක් බව නම් පැහැදිලියි. 
  • Dasun Wanaguru සේවාදායකයාට අවශ්‍ය වූ අවසන් ප්‍රතිපලය !!
    මේ පිළිබද ඔවුන් දැඩි ලෙස තෘප්තිමත් වූ අතර 
    කිසිදු වැරැද්දක් මතු නොකර මෙය තම නිෂ්පාදන ප්‍රචාරණය සදහා දැනටමත් යොදාගෙන ඇත...
    මේ ජායාරුපය ඇතුලත් කරන්නට නියමිත ඔවුන්ගේ දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය කොටද අවසන්ය.....

  • තුෂාර පල්ලියගුරුගේ ඔබට අය්තියක් නෑ ශිල්පියෙකුට ඔවැව්නි ආකාරයකට ඔහුගේ නිර්මානයක් ගන පල්. කැලි දමන්න. අඩුම තමින් වසරක හෝ පලපුරුදක් අඩුම තරමින් තමන්ගේ කියා ඉදිරිපත් කරන්න කෘතියක් ?? ඉගෙන ගත්ත තැනක්.?? චායාරූපකරනයට සමබන්ද වුන තැනක්.( මීටින්ග් හැර ) සම්බන්ද වුන ගුරුවරයෙක් පුඩ්ගලයෙක් නොමැතිව ඔබට එලෙස නිර්දය විවෙචන ශිල්පියකු කලකිරවන ප්‍රකාශ ඔබට කල නොහැකිය්. !! එලෙස වත් ඔබට යම් Profile එකක් තිබුනා නම් අපට යම් පමනකින් එය ගන සාදාරනව සිත බැලිය හකිව තිබුනා..!!!!
  • Dasun Wanaguru ආ තවත් වැදගත්ම දෙයක්.....
    ඔවුන් එකදු රුපියලක්වත් අඩුවෙන් නොගෙවා අදාළ සම්පුර්ණ මුදලම ගෙවන ලදී....... 
  • Gimhana Wedage 9.1 තමන් මහා ලොකු කෙරුමෙක් කියා සිතන අයට මේ සමූහය තුල විශේෂ ගෞරව නොලැබෙන බව ඔබ තවම තේරුම් ගෙන නෑ තුෂාර. එක් දෙයක් පැහැදිලියි. ඔබ මෙන් අප කිසිවෙකුට අගෞරව නොකරන්නෙමු.
  • තුෂාර පල්ලියගුරුගේ Gimhana මා ඔබට අගෞර්වයක් නෙවේ කරන්නේ ඔබගේ පහත් වැඩ තවත් ශිල්පියකු ගෞරවය වෙනුවෙන් නිධය ලෙස විවේචනය කිරීමක් ...!!
  • තුෂාර පල්ලියගුරුගේ Gimhana කරුනාකර චායාරූප විශය හා බධධව ඔබ කවුරුන්ද යන්න පහදා ඩෙන මෙන් ඉල්වා සිටිමි..????
  • Dasun Wanaguru කාරුණික දැනුම් දීමයි------------------
    ඉහත මුල් ජායාරුපය පළ කිරීම සිදුවුයේ මගේ නම යටතේ බැවින් දිගින් දිගටම යුද්ධ කිරීම සහදාත්,පැහැරිම සදහාත් මෙම ත්‍රෙඩ් එක තව දුරටත් යොදා නොගන්නේ නම් මැනවි....!!

    ඒ සදාහා වෙනත් වෙනත් වේදිකාවක් හෝ මහජන වැසිකිලියක් යොදා ග
    න්නේනම් මැනවි...
    මෙතැන් පටන් ජායාරුපය්ටය අදාළ නොවන ආකාරයේ ද්වේශ සහගත ප්‍රාකාශ සහ අදාළ නොවන වල් බුරු අදහස් සදහා මෙය ඉඩ නොදීමට මට ඇති අයිතිය ප්‍රයෝජනයට ගනිමින් එවන් කොමෙන්ට් ඩිලීට් කිරීමට නොපැකිලෙන බව තරයේ අවධාරණය කරමු.... 

    ජායාරූපයය පිළිබද ඕනෙම අදහසක් පල kala හැක..
    ගුණ හෝ අගුණත්,වැරදි අඩුපාඩුත් නිහතමානිව භාරගන්නා අතර
    උඩු බිරීම් සහ තප්පු ලෑම් මේ මොහොතේ පටන් ප්‍රතික්ෂේප කරමි !!!

    ස්තුතියි !!!!
  • Gimhana Wedage 9.2 තුෂාර, ඔබ දැන් හෝ ශිෂ්ට බවට ආසන්න වීම සතුටක්. ඔබට අයිතියක් නෑ තුෂාර මගේ අදහස් දැක්වීම් නොකරන්නැයි ඉල්ලන්න. ඔබට අයිතිය තිබෙනවා මගේ අදහස් වලට එරෙහි වන්න සහ ශිෂ්ට ලෙස එය ඉදිරිපත් කරන්න.
  • තුෂාර පල්ලියගුරුගේ By the way Dasun beautiful display at the end . I basically liked your display and I know how difficult to photograph glasses against lights and reflects..!!
  • Gimhana Wedage මම ජායාරුප විෂයට ආධුනිකයෙක් තුෂාර, ඔබ මෙන්ම.
  • Kaveena Seneviratne Gimhana Wedage ....ඔබට මා ඊයේ පැවසු දෙය අද සැබැවක් වෙල. කාගේත් විහිලුවට ලක්වෙන විහිලුකාරයෙක්නොවී වැදගත් සංවාදයක වැදගත් විචාර්කයෙක් වෙන්න. 
    එහෙමත් නැතිනම් තමුන් ගත්ත ඡායාරූපයාක් සමූහයේ පලකරල ඒතුලින් අන් අයට යමක් කියලදීලා තමනුත් යමක් ඉගෙන ගන්න.
    එකත් කරන්
    න බැරිනම් කරුනකර ඔබත් මේ සමූහයත් ඇඩ්මින්වරුනුත් විහිලුවට ලක්නොකර ඒ කලය තමන්ට වැදගත් වන වෙනත් වැඩකට යොදවන්න. 
    මෙය ඉල්ලීමක් ලෙස හෝ අවවදයක් ලෙසසිතා ක්‍රියාකර්න්න.

    Thushara Palliyaguruge.....යම්කිසි කාරනයක් හෝ කිහිපයක් නිසා ඔබ බොහෝසේ කිපි ඇති බව පෙනේ. නමුත් මෙවනි වාග්මාලාවක් බාවිතය විවිද වයස් කාන්ඩවල සහ විවිද තාරාතිරම්වල අය සිටින මෙවැනි සමූහයකට නුසුදුසු බව මා ඔබ්ටද මතක් කිරීමට කැමති. 

    Art Gallery තුල ඇති නිදහස අනිසි ලෙස බාවිතානොකරන ලෙස සියලු ඇඩ්මින් වරුන් වෙනුවෙන් මා සියලුම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

    ස්තූතියි
  • Gimhana Wedage 10. ඔබ මගේ ප්‍රශ්න එකකටවත් උත්තර දෙන්නේ නැති බව නම් දනිමි.
  • Gimhana Wedage කවීනා කියන්නේ මට පිළිතුරු දෙන්න එපා කියලාද?
  • Gimhana Wedage "කාගේත් විහිලුවට ලක්වෙන විහිලුකාරයෙක්නොවී වැදගත් සංවාදයක වැදගත් විචාර්කයෙක් වෙන්න."

    "බැරිනම් කරුනකර ඔබත් මේ සමූහයත් ඇඩ්මින්වරුනුත් විහිලුවට ලක්නොකර ඒ කලය තමන්ට වැදගත් වන වෙනත් වැඩකට යොදවන්න. "

    මම හිතන්නේ කවීනාට තමන්ගේ සීමාව පැහැදිලි නෑ වගේ. ඔබට බෑ මෙවන් ඉල්ලීමක් කරන්න.
  • තුෂාර පල්ලියගුරුගේ මෙවැනි චායාරූපයක් ගනීමේදී light භවිත කර විට නවත වස්තුවේ සිට එක වෙත එන reflection ගැන දනුවත් වීම අත්යවශ්යය්.Dasun Wanaguruලන්කාව වගේ රටක මිල ගනන් හා අනුවර්තනය වෙමින් මේ සදහා යම් උපායන් යොදා ගන්නට ඇති බව මට විශ්වාසය්. මෙවනි සන්වාදයක් තුලින් යම් දනුමක් සම්ප්‍රේක්ශ්නය කර ගන්නට තිබුනා. මා දුටුවා ඉහත සබැන්දි එක තුලින් Dasun නතර වී සිටි බව. මා අඩ්මින් වරුන් ඩනුවත් කලේ එම නිසා ය. Gimhana Wedage ඔබගේ ප්‍රතිචාරය ඔහු අධය්රිය කරන සුලු බව ඔහුම කියන්නට යෙදුන.. ඔබ පිලිගන්න ඔබ අතින් වරදක් සිදුවුනු බව..!!
  • Kaveena Seneviratne Dasun Wanaguru..මෙම සන්වාදය තුල ඔබ යම් අපහසුතාවයකට පත්වුවෙනම් ඒ පිලිබද මගේ කනගටුව ප්‍රකාශකිරීමට කැමතියි.
  • Gimhana Wedage වරදක් පෙන්වා දීම නිසා සිත් රිදේ නම් හොඳම දේ මෙවන් සමූහ තුල පල කිරීම් නොකිරීමයි. නැතිනම් අවම වශයෙන් ඉල්ලීමක් කළා නම්, ඔහු සිත් ගන්නා අදහස් පමණක් ලබා ගන්නට තිබුනා. 
  • Athula Siriwardhane .
    Dasun Wanaguru [[[විනය නැති අය,
    එක්කෝ සමුහයක් ඉදිරියේ නිකම් පිළිකුලකට ලක් වෙනවා..
    නැත්නම් තමන්ගේ පුද්ගලික ජීව්තයේ මෝඩ චරිත බවට පත්වෙනවා]]]

    දසුන්ගෙ මේ ප්‍රකාශයට
    මේ ත්‍රෙඩ් එක හොඳ උදාහරණයක්..
  • Athula Siriwardhane .
    ගිම්හාන 
    ඔබ සාමාන්‍ය සාමාජිකයෙක්.
    දසුන් වරප්‍රසාද ඇත්තෙක්.
    ඔබ දෙදෙනා සමාන නැහැ.


    ඔබ ඔබේ තැන 
    තෙරුම් ගත්තොත් හොඳයි.. 
  • Gimhana Wedage මෙහි (මෙම සමුහයේ) සියල්ලන් සම වරප්‍රසාද ඇත්තන්. උත්තරීතර පුද්ගලියින් කවුරුත් නෑ. 
  • Athula Siriwardhane .
    සත්යයත් ප්‍රායෝගික ලෝකයත් කියන්නෙ දෙකක්.

    පොදුවෙ යාලුවෙක් කියල ගත්තට 
    ඔබ පාරෙදි හම්බ වෙන කෙනෙක් නම් වෙනස්.
    ගෙදරට එන කෙනෙක් නම් වෙනස්.. 
  • තුෂාර පල්ලියගුරුගේ හිතවත් Kaveena Seneviratne, මාගේ වාග් මාලවන් සැමවිටම සුමටය්. !!නමුත් අසාධාරනයන් හමුවේ වාග් මාලව නිතතින්ම යම් රලු බවක් ගන්නව. කෙසේ හො වෙවා මා සමවිටම ආමන්ත්‍රනය කර ඇත්තේ ශිශ්ඨ බාශාවකින්ය. මා ඔබලාට (සජිත්ට ) පෞඩ්ගලිකව පවා මේ සම්බන්දයෙන් කාරන මීට පෙර මතු කලෙමි. ඇඩ්මින් වරු නිදා සිටින නමුත් අත්යාවශ්ය කාරනයක් වුවද උලුප්පා ඩක්වීමට මා කිසි සේත් පසු බට් වී නොමැත. එය මාගේ ස්වභාවයය්. සමහවිට සත්ව නමාවලිය තුල අප ගරහන සතුන් යම් මිනිසුන්ට වඩා අගයන් පෙන්වා අති වාර වනජීවි සන්චාර අස්‍රිතව මා දුටු වාරද අපමනය. කෙසේ හෝ වෙවා සත්ව නාමවලිය මා පුඩ්ගල නාම සමග බධ්ධ නොකලද අදාල සත්වයන් විසින් ස්වකැමත්තෙන් ඒ සදහා ඉදිරිපත් වීම මට පාලනය කල හක්කක් නොවන බව මා ඔබට මතක් කර සිටිමි..!! අදාල කාර්න අදාල පුඩ්ගලයන් වෙත ඔබ තුමිය මතු කර අති නිසා මා මෙතනින් මේ කාරනව් තුල නිහන්ඩ වෙමි.. සමාජිකයකෙගේ නොමනා හැසිරීමක් වෙනුවෙන් ඇඩ්මින් කෙනෙක් ලෙස Dasun ගෙන් සමාව ඉල්ලීමට තරම් නිහතමානී වීම ගැන කවීතාට මාගේ ප්‍රනාමයද පුද කරමි..!!ස්තූතිය්,
  • Athula Siriwardhane .
    දසුන්..
    මේ ඔබට කරන පුද්ගලික පහරදීමක් නොවෙයි. 

    සේවාදායකයා මුළු මුදලම ගෙවා බාරගත්තා

    කියන එකෙන්
    ඔබේ ඡායාරූපය අඩුපාඩු නැති ඡායාරූපයක්
    කියා පිළිගන්නට සහතිකයක්ද?

    අගය කරන්නාගේ රසඥතාවය
    ඔබේ ඡායාරූපය පිළිගැනීමේදී
    නොසැලකිය යුතුද?
  • Sajith Fernando දයාබර මිත්‍රවරුණි,
    මා ඔබ සියල්ලන්ට ආරාධනා කරනවා මඳක් විවේක ගන්න කියලා
  • Kaveena Seneviratne Gimhana Wedage ඔබ මගේ සීමාව ගැන විමසන්නෙ Art Gallery තුල මට ඇති සීමවන් විය යුතුයි.
    Social Media Manager ලෙස සමුහයේ උන්නතිය වෙනුවෙන් සහ සාමජිකයන් වෙනුවෙන් ඔනෑම තීරනයක් ගැනීමට මාහට අයිතිය ඇති බව ලිඛිත ලියවිල්ලකින්Sajith Fernando මහතා මාහට ලබාදී ඇත.

    1. 
    ඒ අනුව සාමජිකයන් ඇතුලත් කිරීම මෙන්ම ඉවත් කිරීමෙ බලයද මා සතු වේ.
    2. සාමජිකයන්ගෙන් ඉල්ලීම් කිරීමට මෙන්ම ඔවුන්ට අවවාද කිරීමෙ අයිතියද මා සතුයි.

    මෙතෙක් මෙම සමූහය තුල බලය පෙන්වීම හෝ බලය පාවිච්චි කිරීමට අවශ්‍ය නොවුයේ සාමාජිකයන්ට අප දී තිබු අසීමිත නිදහසත් ඔවුන් කෙරෙහි අප තබා ඇති විස්වසයත්ය. . 

    නමුත් තමන්සතු නිදහස අයුතු ලෙස බාවිතාකරමින් අන් සාමජිකයන් අපහසුතාවයට පත්කරමින් ඔබ ලබන පහත් වින්දනය කාගේත් සිත් කලකිරවන සුලුයි.

    Athula Siriwardhane මහතා...

    මෙමෙ සමුහයේ කිසිවෙක් වරප්‍රසාද ලද්දො නොවෙති...
    දසුන් වරප්‍රසාද ඇත්තෙක් නොවේ....
    ඔහු තරගයක ජයග්‍රාහකයෙකු පමනයි....
    ඔහුට අත්තේද අන් සාමාජිකයන් සතු වරප්‍රසාද පමණයි....
    Admin වරු පවා සමූහය තුල කිසිම වරප්‍රසාදයක් බුක්ති නොව්දී....
    ඔවුන් කිසිවෙක් මේ ස්මූහය තුල වැටුප් නොලබයි....

    සියලු ඇඩ්මින් වරුන්ගේ වගකීම සමූහයෙ ගෞරවය රෑකීමයි.
  • Sajith Fernando ඒහෙම කිව්වේ තව මේ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යන්න අවශ්‍ය ඔක්සිජන් රැස් කරගැනීමට නොවේ.
  • Sajith Fernando මඳක් හැරී බලන්න මේ සංවාදය දෙස...
    හරිම බුද්ධිමත් මිනිස්සු ටිකක් එකිනෙකා කුලල්කා ගන්නවා වගේ මට පෙණෙන්නෙ. හරිම වටිනා අදහස් ගොන්නක් මැද්දේ අර පාර්ලිමේන්තුවේ පාවිච්චිවන වචනත් ගාවගෙන. 
    මේක මතක තියාගන්න,
    ඔබලා මේ රංගනයේ යෙදෙන්නේ තව ආදුනිකයන් රැසක් සිටින ස්ථානය
    කයි. මෙහි ඔබ එකිනෙකා අනුගමනය කරන, අනුකරණය කරන කෙතරම් පිරිසක් සිටිනවා ඇත්ද? ඒ අයට මෙ සංවාදය තුල ඔබ දී ඇති ආදර්ශ පිළිබඳ සෑහීමකට පත්විය හැකිද?
    තම තමන්ගේ මතය තුල එල්බගෙන සිටිමින් සංවාද කරන ඔබලා නවකයන් නිවැරදි කරන්නේ කෙසේද? ඔවුනුත් මෙවැනි සංවාද දෙස බලා සිටිමින් තමන් සතු ඕනෑම මතයක් නිවැරදි බව තහවුරු කරන්නට ඕනෑම ක්‍රමයක් භාවිතා කිරීමේ අවධානමක් ඇත. අපි මීට වඩා වගකීමෙන් ක‍ටයුතු කරමු. අපි වෙනුවෙන් විතරක් නෙවෙයි සමස්ථ ඡායාරූප කලාව හා එහි නියැලෙන අනාගත පරපුර වෙනුවෙන් අපි මීට වඩා ඉවසිලිවන්ත වෙමු.

    නම් වශයෙන් මම කිසිවකුට අවවාද කරන්න උත්සහ නොකරන්නේ මම විදුහල්පති චරිතය රඟදැක්වීමට අකමැති නිසාවෙනි. එහෙත් ඔබගේ අදහස් දැක්වීමේ නිදහස සීමාකිරීම පිණිස නොවුනත් අනාගත පරපුරේ යහපත පිණිස මම මේ කරුණු විද්වත් ඔබට මතක් කරමි.

    සංවාද තුලදී එකිනෙකා ගැටෙන්න උත්සහ කරන්න එපා. එමගින් සිදුවන්නේ අපි ඔබට තනා දුන් වේදිකාව කිලිටි වීම හා සමූයහ හසුරුවන්නන්ට අනිසි බරක් දැරීමට සිදුවීමයි. කවීණා පැටලී ඇත්තේ එවැනි අවස්ථාවකයි. ඇයගෙන් යම් සිත්තැවුලක් ඔබට සිදුවිණි නම් ඒ පිළිබඳ මම කණගාටුව ප්‍රකාෂ කරමි. ඇයද මම වගේම තවමත් මෙවැනි තනතුරක වගකීමෙන් මැසිරෙන ආකාරය ඉගෙනිමින් සිටියි.
  • Sajith Fernando දෙවැනි කරුණ අදහස් ප්‍රකාෂ කිරීමේදී එක් එක් සාමාජිකයන් හැඳන්වීමට සත්තුන්ගෙ නම් පාවිච්චි කරන්න එපා. එය සතුන්ට කරන අපහාසයකි. ඒ වගේම එලෙස සිදු කිරීම ඔබලාට යහපත් නොවේ. ඔබලාම ඉන් අපකීර්තියට පත් වේ. මම මෙහි සිටින බොහෝ දෙනෙක් තරම් උගත් නොවෙමි. ඒත් මම මිනිස්සු වෙනුවෙන් සතුන්ගේ නම් භාවිතාකලේ අන්තිමට පහ වසරේදී විය යුතුය. ඒත් උත්තරීතර පාර්ලිමේන්තුවේ නම් ඒ සඳහා අවසර තියෙනවලු. ඔබලාට එලෙස එකිනෙකා ඇමතීමේදී සතුන්ගේ නම් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසී පාර්ලිමේන්තු බලතල භාවිතා කරමින් එය සිදුකල හැකිය. ඒත් දේශපාලකයෙක් යන පාරකවත් මම නොයමි.
  • Athula Siriwardhane .
    සජිත්...
    කවුරු ඇඩ්මින් වුණත්,
    කවුරු සාමාජිකයන් වුණත්
    The Art Galleryත්..

    තවත් ෆේස්බුක් සමූහයක් පමණයි.

    ෆේස්බුක් සමූහවල 
    සාමාජිකයන්ට හා ඇඩ්මින්වරුන්ට
    ෆේස්බුක් වෙතින් ලබාදුන් 
    වරප්‍රසාද තියනවා.

    සාමාජිකයන්ගේ
    අදහස් දැක්වීමේ නිදහස 
    ඇඩ්මින්වරුන් රිසි පරිදි පාලනය කිරීමට
    ඇඩ්මින්වරුන්ට නිදහසක් නැහැ.

    ඔවුන්ට ඇත්තේ අවස්ථා දෙකයි.
    1, කමෙන්ට් මකා දැමීම
    2, සාමාජිකයා ඉවත්කිරීම.

    මේ හැර වෙනත් මාර්ග වලින්
    සාමාජිකයන් පාලනය කිරීමට
    උත්සාහ කිරීමෙන්
    බොහෝදුරට වන්නේ
    බලා ඉන්නා සාමාජිකයන් කලකිරීමයි.

    සංවාදවලදී ප්‍රශ්න ඇතිවෙනවා.
    සංවරභාවය නැතිකරගන්නා සාමාජිකයන් කෙරෙහි
    දැඩිව සිටීම ඇඩ්මින් වරුන්ගේ යුතුකමක්.

    ඇඩ්මින් කෙනෙකු වූ පමණින්
    ඔහු අපක්ෂපාතී වන්නේ නැහැ.
    දබර කරගන්නා අය
    සමථයකට පත් කිරීම හැර
    සමූහය උසාවියක් කරගැනීම
    ඇඩ්මින්වරුන්ට ගැලපෙන්නේ නැහැ.

    අවසාන වශයෙන් එකක් ඇසිය යුතුයි..
    සුහද හමුවට පැමිණුන අය සහ
    නොපැමිණුන සාමාජිකයන්ට සැලකීමේදී
    ප්‍රායෝගිකව හෝ ආකල්පමය ලෙස
    වෙනසක් තියනවාද?

    එසේ සිතීම මේ සමූහය තුළ පාපයක් නම්
    එසේ ඇතැයි ආකල්පයක් මාතුළ ඇති බවට
    මා පාපෝච්චාරණය කරනවා.
    පසු තැවෙන්නේ නැහැ.
  • Sajith Fernando අතුල මහත්මයාට මම කෙටි පිළිතුරක් දෙන්නම්.
    ඇත්තෙන්ම එය ප්‍රශ්නයක් පිළිතුරකට වඩා...
    ඔබ දන්න සජිත් ඔබ ඇසූ ප්‍රශ්නයට 
    මුහුණදිය හැකි ආකාරය මෙතෙක් 
    ඔහු එවැනි සංකීර්ණ අවස්ථා වලට 

    මුහුණ දුන් ආකාරයට වඩා වෙනස් විය හැකිද? 
    මා කිසිවකු වෙනුවෙන් කඩේ යනු ඔබ දැක තිබේද? 
    සුහද හමුවට පැමිණි හා නොපැමිණි අය ලෙස 
    මම මිණුම් දණ්ඩක් භාවිතා කරන කෙනෙක් වග 
    ඔබට පෙණෙනවාද?
  • තුෂාර පල්ලියගුරුගේ Sajith Fernando දෙවැනි කරුණ අදහස් ප්‍රකාෂ කිරීමේදී එක් එක් සාමාජිකයන් හැඳන්වීමට සත්තුන්ගෙ නම් පාවිච්චි කරන්න එපා. එය සතුන්ට කරන අපහාසයකි.!!!!! Sajitha සොයුර එකඝය්  අපිට මින් ඉදිරියටවත් හරවත් සන්වාද බලපොරොත්තු වියහැකිනම් අවකෑපෙන හර සුන් බොලද විහිලුවෙන් එහා ගිය මේ සමූහය පුරා එක්වී ආදුනික සාමජිකයන්ට එය යම් පාලමක් වේවි..!!
  • Sajith Fernando මිත්‍රවරුණී මම ඔබ කිසිවකුට පක්ෂපාතී නොවෙමි. කොටින්ම ආර්ට් ගැලරියටද පක්ෂපාතී නොවෙමි. එය වැරදි මගක යන්නේ නම් එය නිවැරදි කිරීම මගේ වගකීම ලෙස සලකමි. ඇඩ්මින්වරුන් වරදක් කරන්නේ නම් ඔවුන් නිවැරදි කිරීමටද මම පසුබට නොවෙමි.
    මන්ද එලෙස අඩ්මින්වරු සිය බලතල පෙන්වමින
    ් සාමාජිකයන් පිඩාවට පත් කරන අවස්ථාවල ඊට විරුද්ධව හඬ නගන සාමාජිකයන් මඩින්නට අදාල සමූහවල සියළුම ඇඩ්මින්වරු එක්වී කැම්පේන් කරනු මම අත්විඳ ඇත්තෙමි. එවැනි වාතාවරනයක් මේ සමූහය තුල ඇති නොකිරීම අරමුණයි
  • Sajith Fernando ස්තූතියි තුෂාර මහත්මයා.
  • Athula Siriwardhane Sajith Fernando[[[ දෙවැනි කරුණ අදහස් ප්‍රකාෂ කිරීමේදී එක් එක් සාමාජිකයන් හැඳන්වීමට සත්තුන්ගෙ නම් පාවිච්චි කරන්න එපා. එය සතුන්ට කරන අපහාසයකි.]]]
    True
  • Gimhana Wedage සුහද හමුවට පැමිණුන අය සහ
    නොපැමිණුන සාමාජිකයන්ට සැලකීමේදී
    වෙනසක් තවම නොදුටුවෙමි.
  • Gimhana Wedage මේකත් කැම්පේන් එකේම කෑල්ලක් සජිත්, 
  • Athula Siriwardhane .
    ඇඩ්මින් කෙනෙකු ලෙස
    සජිත්ගේ හැසිරීම ප්‍රසංශනීයයි..

    නම් වශයෙන් නොකියා දොස් දැක්වීමත්

    ඉතාම අගය කළ යුතුයි.
    එවිට තොප්පිය ගැලපෙන හැමෝම දාගනීවි.

    සමූහයක තිබිය යුතු 
    මූලිකම දෙය සංවර බවයි.
    සංවරබව කියන්නේ
    අනික් අය වියරු වැටෙන නිසා
    ගොලුවෙක් මෙන් සිටීම නෙමෙයි.
    සංවරව අදහස් ප්‍රකාශ කිරීමයි.

    මෙ වේදිකාව ඡායාරූප ශිල්පය පමණක් නොවෙයි..
    මිනිසුන් සමග හැසිරෙන හැටිත්
    ඉගෙන ගන්නට තැනක්.

    සජිත් පුද්ගලිකව අපක්ෂපාතී බවට 
    මට සැකයක්වත් නැහැ.
    ඒත් The Art Gallery කියන්නෙ සමූහයක්.
    සමූහය යන මාවතත් අපක්ෂපාතී විය යුතුයි.
    සුහද හමුවට හෝ වැඩමුළුවලට එන අයට
    ඒ අවස්ථාවලදී හැකි ඉහළම ආකාරයෙන් සලකන්න.
    ඒත් සමූහය තුළ හැසිරෙන විටදී
    තමන් පුද්ගලිකව හමුවුණු
    තමා හා සුහදව හැසුරුණු අයට
    විශේෂයක් නොක්‍රීම
    ඇඩ්මින් මඬුල්ලේම වගකීමක් කියා
    මා සිතනවා.

    මා ෆේස්බුක් වෙත එන්නේ
    දන්නා යමක් දෙන්නට හෝ
    නොදන්නා යමක් ගන්නටයි.
    ඒ හැරෙන්නට වෙනත් කිසිම අරමුණක් මට නැහැ.

    පුද්ගලයින් වශයෙන්
    මට වටින්නේ
    දන්නා යමක් දෙන අය සහ
    නොදන්නා යමක් ගන්නා අයයි.

    අන් අය සමග ඇසුරු කරන්නේ
    ප්‍රශ්නයක් ඇසුවොත්
    ගැටුණොත් විතරයි.

    මෙහි මට මිතුරන් හෝ සතුරන් 
    මගේ පැත්තෙන් නැහැ.
    තමන්ගේ කැමැත්තෙන් 
    මට මිතුරුකම් හා සතුරුකම් කරන අයත්
    මට මිතුරන් හෝ සතුරන් නොවෙයි.

    Facebook profile එකක් කියන්නෙ
    පුද්ගලයෙක් නොවෙයි..
    වෙස්මුහුණක් විතරයි..

    දන්නා යමක් දෙන්නට හෝ
    නොදන්නා යමක් ගන්නට දෙකටම
    උපරිම නිදහස ඇති නිසා
    මා හැසිරෙන සමූහ අතුරෙන්
    මගේ ප්‍රියතම සමූහයයි.

    මෙතෙක් මා දැක ඇති සජිත් 
    මට විශ්වාසයි. 
  • Asantha Aeroshana apa siyallanma me group eka thula wedi kalayak redee inne......mehi athi nidaghasa saha admin warun itha madyastha lesa kriya karana bawa sithana saha danna bewini............................................meweni anawashya geteem nithara athiweema,mamathwayen saha dweshayen comments demeema meweni thenaka sidu noviya uththaki...................group eka gunathmakawa pawathwa geneema semage samuhika wagakeemaki..........COLLECTIVE EFFORT!!!!
  • Athula Siriwardhane .
    ප්‍රශ්න ඇති නොවිය යුතුයි කියන්න බෑ අසන්ත.

    තමන්ට අදාළ නැත්නම්...
    තමන් සම්බන්ධ නැත්නම්

    බල්ලො පොරකනකොට අයින්වෙලා
    තමන්ගෙ ගමන යනව වගේ
    රණ්ඩුවෙන අයට රණ්ඩු වෙන්න 
    ඇරල අනික් අය සාමාන්‍ය විදියට
    හැසිරෙනව නම් හොඳයි.

    ප්‍රශ්නය ඇඩ්මින්ලා විසඳගනීවි..

    සමූහයක් එකතුවුණාම..
    සංවාදත් කරනව නම්
    ප්‍රශ්න ඇතිවෙනවා..
    විසඳුම් තියනවා නම්
    ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

No comments:

Post a Comment