Saturday, September 28, 2013

කලාව - ඉගෙන ගැනීම සහ ඉගැන්වීම

කලාව උගන්වන්න බැහැ .

ඒත්
දෙයක් කලාත්මක වෙද්දි
එහි තියන ගුණාංග උගන්වන්න පුලුවන්.

කලාමාධ්‍ය හදාරන අයට
දෙයක් කලාත්මක වෙද්දි
එහි තියන ගුණාංග
සෞන්දර්යය කියල උගන්වනවා.

ඒත් ලංකාවෙ අයට..
මොන පාප කර්මයක් නිසා හෝ
අයන්නෙ ඉඳල ඉගෙනගන්න එක
හුරු නෑ.

හැම කෙනෙක්ම හදන්නෙ
එක අඩියට සිරීපාදෙට නගින්න.
ඒ විදියට
හුඹහකටවත් නගින්න බැහැ.

කලාව පෝෂණය කරන්න පුලුවන්..
කලාව උගන්වන්න බැහැ.

හොඳ කලාත්මක ඇසක්, රසයක් තියන
නවකයන් දෙතුන් දෙනෙක්
මේ සමූහ වල ගැවසෙනවා.
ඔවුනට පෝෂණයක් නැහැ.

පෝෂණය වෙන්න හැදුවොත්
සමහරුන්ට ඒකත් ප්‍රශ්නයක්.

කලාව උගන්වන්න බැහැ.
කලාව පෝෂණය කරන්න පුලුවන්..

පොත් වල නෝට් ගහගෙන
කටපාඩම් කරන
ගිරාපෝතක චර්යාවෙන් නම්
කලාව ඉගෙන ගන්න බැහැ.
වර්ණ සිද්ධාන්ත, රීති ආදිය
ඉගෙන ගනිද්දි.. අභ්‍යාස කරද්දි
ඇස් පෑදෙනවා.

ඔවුන් තුල තියන
රසඥතාවයේ ප්‍රමාණයට
කලාව පිහිටනවා.




  • Dhanushka Induja හදවතින්ම එකගයි.... අතුල මහත්මයා
  • Açhålä Räjåpàkshá aththama kathawak.. 
  • Dineth Mallikarachchy කලාව උගන්වන්න බැහැ................????? කලාව උගන්වන්න පුළුවන්. සහ ඉතාම පිලිවලට ඉගැන්විය යුතු දෙයක් ලෙසයි දැන් පිළිගැනෙන්නේ....
  • Athula Siriwardhane .
    කලාව උගන්වන්න බැහැ . Dineth...
    ඒත්
    දෙයක් කලාත්මක වෙද්දි
    එහි තියන ගුණාංග උගන්වන්න පුලුවන්.
    10 hours ago · Like · 1
  • Asantha Aeroshana Kalwe gunanga uganwanawa kiyanne,,, kalawa uganwanawa kiyana ekama neda!!!
  • Tharinda Divakara කලාව ඇඟට එන දෙයක්, නමුත් යම් කලාවක් ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම අභ්‍යාසයෙන් පුහුණු වන්නත් පුළුවන්, කලා නිර්මාණ කරන්නත් පුළුවන්. නමුත් එකී කලාව හදාරන් නැතිව, කලාවගැන ඉගෙන ගත්තාම පමණක් හොඳ විචාරකයෙකුනම් වෙන්න පුළුවන්. 
  • Athula Siriwardhane Wichaarayath kalaawata awash\ya deyak.. 
  • Athula Siriwardhane .
    Asantha..
    නිවන් මග කියන්නෙත්
    අරි අටඟි මග කියන්නෙත්
    දෙකම එකයි.

    නිවනට මග උගන්වනවා කියන්නෙ
    නිවන උගන්වනවා කියන්නත් පුලුවන්.
    ඒත් ඇත්තටම
    අරි අටැඟි මග කියන්නෙ
    නිවනට මග ඉගැන්වීමයි..
    ඒ ගුණාංග ඉගෙන ගත් පමණින්
    නිවන් දකින්න බැහැ.
    ඒ ගුණ අට ක්‍රමක්‍රමයෙන්
    තමා තුල වගා කරගත යුතුයි.

    කලාවත් ඒ වගේමයි.
    ගුණාංග ඉගෙන ගෙන
    ක්‍රමක්‍රමයෙන්
    තමා තුළ වගාකර ගත යුතුයි.

No comments:

Post a Comment