Monday, September 23, 2013

ඉගෙන ගනිමු - Crop කිරීමෙන් ඔබ්බට



ඡායාරූප ශිල්පියෙක් යනු ක්‍රොප් කරන්නෙකි.

ඔහුගේ විශිෂ්ඨත්වය රැඳී ඇත්තේ
මූලික වශයෙන්ම
ක්‍රොප් කිරීමට ඔහු දක්වන
ශක්‍යතාව මතය.
ඔව්
නැහැ




  • Anushka Eranga ඡායාරූපයද ක්‍රොප් කරගත්තකි. පසුවද එය නැවතත් ක්‍රොප් කරගත හැක.
  • Dinesh Deckker If you cannot decide the frame before you take the picture whats the point of being a photographer???

    Mainly you MUST decide the frame through the viewfinder. To make it better later while processing you can crop. but it MUST be minimal.

    If you crop a picture into a stamp size whats the point?
  • Athula Siriwardhane .
    ක්‍රොප් කිරීම කියන්නෙ
    "ඡායාරූපයක්‍ අවශ්‍ය රාමුව තීරණය කිරීම" 
    කියල ගනිමු..
  • Dinesh Deckker අතුල... හුඟ දවසකින් කොහොමද සැප සනීප එහෙම?
  • Vishma Kasun ක්‍රොප් කිරීම කියන්නෙ
    "ඡායාරූපයක්‍ අවශ්‍ය රාමුව තීරණය කිරීම" 
    කියල ගනිමු..

    ehema nam sir, answer eka ow kiyana eka aniwaryen
  • Sajeewa Thotagamuwa ඔව් කැමරාවෙ රාමුවට.. පෙනෙන දර්ශනයෙන් කොටසක් රිංගවා ගන්න එක දක්ෂතාවයක් මනා සංකලනයක් යුක්තව (ක්‍රොප් කිරීම කියන්නෙ
    "ඡායාරූපයක්‍ අවශ්‍ය රාමුව තීරණය කිරීම" 
    කියල ගනිමු..)
  • Kaveena Seneviratne ඡායාරූප ශිල්පියෙක් යනු ක්‍රොප් කරන්නෙක් උවත් ක්‍රොප් කරන්නෙක් යනු ඡායාරූප ශිල්පියෙක් නෙවෙ.
    එම නිසා ක්‍රොප් කිරීමට ඔහු දක්වන දක්‍යතාව මත ඔහුගේ විශිෂ්ඨත්වය රැඳී නොපවතී. 
    ඡායාරූපයක්‍ ගන්නා අවස්ථාවෙදීම අවශ්‍ය රාමුව තීරණය කිරීම විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙකුගේ දක්‍යතාවයයි.
  • Dinesh Deckker Kaveena Seneviratne 100% Correct. 
    Most are පොතේ ගුරෝ එහෙමත් නැත්නම් වෙන්ඩ photographers ලා.
  • Dinesh Deckker අතුල "king of crop" 
    දාන්නකො අනේ බලන්න ඔයාගේ විශිෂ්ට චායාරූප ටිකක්.
    ඔයා crop කරලා පුරුදු උන විදිහට ඔයා ලඟ තියෙන්න ඕනේ සුපිරි frames ටිකක්. 
  • Binara Sampath ඡායාරූපයක්‍ ගන්නේ අපිට පෙනෙන නොපෙනෙන පරිසරයෙන් පෙනෙන රාමුව කැමරාවෙන් ක්‍රොප් කරල  එම නිසා මම හිතන්නේ ඡායාරූප ශිල්පියෙක් ක්‍රොප් කිරීමට දක්ෂ විය යුතුයි. 
  • Athula Siriwardhane .
    Dinesh Deckker 
    මේ Photo Talk නොවන බව 
    ඔබ මතක තබා ගත යුතුයි.

    ඔබ වැන්නන්ගෙන් හිංසාවට පත්වූවන්ද
    මෙහි ඇඩ්මින් වරුන් අතර ඉන්නා බවත්
    ඔබ මතක තබා ගන්න.

    ඔබ ශීලාචාර ලේස 
    සංවාදයට සහභාගි නොවන්නේ නම්
    ඔවුන් ඔබ වෙනුවෙන් ක්‍රියා නොකළත්
    මම ඔබ බ්ලොක් කරනවා. 
  • Dinesh Deckker අනේ ඕන දෙයක් කරන්න... මට මොකෝ...
    Photo Talk උනත් Art Gallery උනත් මට කමක් නැහැ.

    මම කියන්න හදන්නේ ඔබතුමා අනුන්ගේ පින්තුර wholesale crop කරන එකේ දාන්නකො බලන්න පින්තුර 2-3 ක් ඔබ ඒවගෙන් ලබා ගත් දැනුම ඔබේ ගෝල බාලයන්ට පේන්නත් එක්ක. ඔබේ පින්තුර බලලා එතකොට ඉගෙන ගන්න පුළුවන් නේ... 
  • Dinesh Deckker "ඔබ වැන්නන්ගෙන් හිංසාවට පත්වූවන්ද
    මෙහි ඇඩ්මින් වරුන් අතර ඉන්නා බවත්
    ඔබ මතක තබා ගන්න."

    ඇයි මම මොකද කලේ?
  • Athula Siriwardhane .
    ක්‍රොප් කරද්දි...
    ඡායාරූප ශිල්පියා
    අනවශ්‍ය දේත් අවශ්‍ය දේත්
    වෙන්කරගන්න කොහොමද?
  • Sajeewa Thotagamuwa චායරූපයෙ අන්තර්ගතයට සිදු කරන බලපෑම්..
    අනව්ශ්‍ය රේඛා.. සහ වර්ණ
    හැඩ..
  • Athula Siriwardhane අනවශ්‍ය දේ
  • Athula Siriwardhane අවශ්‍ය දේ....?
  • Anushka Eranga අහල තියෙන ප්‍රශ්ණයට උත්තරය මොකක්ද ?
  • Sajeewa Thotagamuwa ප්‍රධාන අරමුණ ඉස්මතු වීම අවහිර කරන දේවල්.. සමහර වෙලාවට පසුබිමෙහි පවතින රේඛා.. හැඩ...වර්ණ..
  • Athula Siriwardhane .
    ඡායාරූපයකින්
    ප්‍රධානවශයෙන්ම පිළිබිඹුවන්නේ
    ඡායාරූපය ගත් ඡායාරූපශිල්පියාමය.

    ඡායාරූප ශිල්පියාගේ රුචිකත්වය,
    ඔහුගේ සිහිය,
    අරමුණ පැහැදිලිව දැකීමට ඇති හැකියාව,
    අරමුණට අදාළව ඒ අවට ඇති බොහෝ දේ
    අරමුණ සමග එකවරම දැකීමේ හැකියාව,
    ඔහු බලන කෝණය,
    සමීප, මධ්‍යම හෝ දූර රූපීය බව,
    සුන්දරත්වය දැකීම -
    එනම් වර්ණ , රේඛා, හැඩතල ආදියෙහි
    අන්‍යෝන්‍ය රිද්මය විඳීමට හා
    සිතින් දැකීමට ඔහු තුළ ඇති හැකියාව,
    ඡායාරූප ශිල්පියාගේගේ දරා සිටීමේ හැකියාව,
    ජීවිතය දෙස ඔහු බලන ආකාරය,
    ඔහු හොඳ නරක දකින ආකාරය,
    ඔහුගේ මානව දයාව හෝ දුෂ්ඨ කම ආදියත්
    මේ සියල්ලටම වඩා
    ඔහුට රසිකයා පිළිබඳ ඇති ගෞරවය හා විශ්වාසයත්
    ඔහුගේ ඡායාරූපයෙන් පිළිබිඹු වෙයි.

    මේ සියල්ල මත තමයි,
    ක්‍රොප් කිරීම රඳා පවතින්නෙ..
  • Charith Gunarathna Mata hitena widiyata Crop karanna one wenne expect karapu widiyata ganna bari wuna photo ekak. Hama photo ekama crop karot eke resolution wenas wenawa.
    Hoda photographers la ( Nat Geo ) ganne one shot ekai, thats the perfect and one and only shot !
    Crop karama photo eke wadak nathi wenawa
  • Athula Siriwardhane .
    ක්‍රොප් කිරීම කියන්නෙ
    "ඡායාරූපයක්‍ අවශ්‍ය රාමුව තීරණය කිරීම"
  • Sajith Fernando ඉතාම හරවත් සංවාදයක් ඇතිවී තිබෙනවා
    ඒත් එහි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ 
    කාගේවත් සිත් රිදීම නොවේ
    සමහර අදහස් දැක්වීම් වලදී එවැනි අවස්ථා
    ඇති වී තිබෙන බව අපගේ සාමූහික මතයයි
    එලෙස කවර හෝ සාමාජිකයකුගේ සිත් රිදීමක්
    ඇතිවිනි නම් ඒ පිළිබඳව අපි කණගාටු වෙමු.

    The ART Gallery 
    තුල ඇති සුන්දරත්වය තව දුරටත් පවත්වාගෙන යාමට
    සහය දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු
    ස්තූතියි!
  • Sumudu Mahesh Sanjaya මට පොඩි ගැටලුවක් තියනව මෙතන සමහර විට මම නොදන්නා කම විය හැකියි
    වත්මන් චායාරුප ශිල්පියා යනු සංස්කරන ශිල්පියෙක්ද 
    චායාරුප කරනය යනු සංස්කරනයද 

    චායාරුප ශිල්පියාට තමන් හසුකරගන්නා රාමුව කලින් මනසින් දැකියයුතු නොවේද 
    එසේ මනසින් දකිනා නිවරදිම රාමුව තෙවන් ඇසින් හසුකරගැනීමට දක්ෂ චායාරුප ශිල්පියෙකුට නොහැකිද චායාරුප 
    ශිල්පය යනු එය නොවේද

    වර්ණ හා ආලෝකය භාවිතා කරන කැමරාව තුලින්ම යම් සංස්කරනයක් වියහැක
    නමුත් පවතින තත්ව යටතේ නිවරදිම දසුන අසුකරගැනීම වර්ණ හා අලෝකය පාලනය කරගැනීම චායාරුප ශිල්පියා සතු වගකීම නොවේද 
    (උ.ද-අඩුආලෝක තත්වයකදී කැමරාවේ ලබාදීඇති පහසුකම් තුලින් චායාරුපය ගැනීම හා චායාරුපය එම ආලෝකයෙන්ම ගෙන සංස්කරනය කිරීම)

    වටිනා චායාරුපයක් ගැනීමේදි සිදුවු යම් අතපසු විමක් නවිරදි කිරීමටද
    නැතිනම් සැමචායරුපයක්ම සංස්කරනය තුලින් ජීවයක් දීමටද
    සංස්කරන මෘදුකාන්ග නිපදවීඇත්තේ

    එසේනම් සෑම චාරුපයකම ඉරමන විසදන්නේ සංස්කරන මල්ලී නම්
    වත්මන් චායාරුප ශිල්පියගේ වගකීම කුමක්ද
  • Athula Siriwardhane .
    මට පෙනෙන විදියට
    සුමුදුට තියන ප්‍රශ්නය
    සංස්කරණ මල්ලිගේ 
    පිහිට පැතීමට සිදුවීමයි.

    ඔබ සංස්කරණය කරනවා නම්
    ඔබ දුටු චිත්ත රූපයත්
    ඔබ ගත් ඡායාරූපයත් අතර
    කැමරාවෙන් ඇතිකළ පරතරය
    ඔබටම සංස්කරණයෙන් 
    පියවා ගන්න පුලුවන්.

    ඔබ ඔය යන විදියට
    සංස්කරණය කරන ශිල්පීන් සමග 
    තරඟ කළොත්
    ඔබ පරදිනවා.

    ඒ පරාජය 
    ඔබ ජයක් ලෙස හිතනවා නම්
    ඔය ගැන හිතන්න අවශ්‍ය නැහැ.
  • Athula Siriwardhane .
    බොහෝ විට
    සංස්කරණය ප්‍රතික්ෂේප කරන්නෙ
    සංස්කරණය නොදන්නා
    ඡායාරූප ශිල්පීන්..
    ඔවුන් කළ යුතු හොඳම දේ
    හැකි ඉක්මණින්
    සංස්කරණය ඉගෙනීමයි.

    ඩිජිටල් එන්නත් කලින්
    ඡායාරූප ශිල්පීන්
    ඡායාරූප මුද්‍රණයේදී
    සිදුරු සහිත කාඩ්බෝඩ්, 
    පුලුන් ගුලි ආදිය ආධාරයෙන්
    ස්ංස්කරණය කළා.

    ඒත් බොහෝ නවකයන්
    සංස්කරණය තුලින්
    හොඳ ඡායාරූප බාල කිරීම
    සංවේගජනකයි.

    ශිල්පියා එක්කෙනෙක් නම්
    කැමරාවෙන් ක්‍රොප් කළත්
    පරිගණකයෙන් ක්‍රොප් කළත්
    තීරණ ගැනීමෙ වෙනසක් නැහැ.

    අවස්ථාව වෙනස්.

    එකක් ත්‍රිමාණ දර්ශනයක් හරහා
    ගලා යන කාලයෙන්
    මොහොතක්.
    අනික එසේ නතර කරගත් 
    ද්විමාන මොහොතක්..
  • Janaka Wijekoon නැහැ ඡායාරූප ශිල්පියා කියන්නෙ හොඳ ක්‍රොප් කාරයෙක්ම නොවෙයි... නමුත් ක්‍රොපින් ගැන ඔහු හට හොඳ අවබෝදයක් තිබිය යුතුමයි...මාගෙ දැනුමේ හැටියට..

    1) බොන්චි කඩල කිරට උයන්න අපි බොන්චි කරලම ගන්නෙ නැහැ.. ඒ වගේම තමා බොන්චි කරල වංගෙඩියෙ දාල කොටල ගන්නව වගේ චූටියට කඩන්නෙත් නැහැ...

    බොන්චි කරල හරි ගානට කඩල ගන්න ඕනි.. ඒතකොට තමා දැක්මට ප්‍රිය සහ කෑමට ප්‍රිය කියන දෙකම අපිට දැනෙන්නෙ. ඡායාරූපයක ක්‍රොප් 1ත් ඒ වගේ තම මට දැනෙන්නෙ.. මං වටහාගෙන ඉන්නෙ..

    2) බොන්චි හරි ගානට කඩල වතුර දාල ලිප තිබ්බට කන්න පුලුවන් බොන්චි ව්‍යාන්ජනයක් ලැබෙන්නෙත් නැහැ.. උවමනා ගානට මිරිස්, තුන පහ, කහ, රම්පෙ කරපිංචා වැටුනහම නැවතත් දැක්මට ප්‍රිය සහ කෑමට ප්‍රිය කියන තත්වයට අපිට බොන්චි ව්‍යාන්ජනය ලැබෙන්නෙ. ඒවගේ තමා අපිට ඡායාරූපයක අන්තිම ඒලිදැක්විම කියන දේ තමා මා අවබොධ කරගෙන තියෙනෙ..

    වර්ණ, රේඛා සම්බන්ධයන්, හැඩතල හැසිරවීම්, වස්තු ස්තානගත කිරීම් ඇතුලු එකී මෙකී නොකී සෑම දෙයක්ම අවසාන ප්‍රතිපලයට දායක වනව.. ඡායාරූප ශිල්පියෙක් ඒ හැමදෙයක් ගැනම අවබෝධයකින් කටයුතු කළ යුතුමයි..

    ඔය දෙකම හරි හරියට හරි අනුපාතයට නැතිනං මෙලෝ රහක් නැහැ.. ඡායාරූපයත් ඒවගෙ තමා.. ඒක අපිට දැනෙන්න ඕනි.. අපිට හැඟෙන්න ඕනි.. අපි කාටවත් කන්න දෙන්න කලින් අපි ලුනු මිරිස් රහ බලල කන්න දෙන්න ඕනි..  
  • Sumudu Mahesh Sanjaya අතූල මහත්තයෝ මම මේ සංවාදෙට එකතූවුනේ හරවත් සංවාදයක් කියලයි මම නම් මොලෝක සංසාරයක් දන්නැ මහත්තයො මම එක දෙයක් ඔබගෙන් අහනව මගේ පලකිරීමතූල ඔබවහෝ වෙනත් අයෙක්ව මා විසින් අභියෝගයකට ලක්කලාද
  • Sameera Rodrigo " ඡායාරූප ශිල්පියෙක් යනු ක්‍රොප් කරන්නෙකි."

    අතුල මහන්මයා, 
    ඔබ මෙයින් අදහස් කරන්නෙ
    ඡායාරූප ශිල්පියා යම් ඡායාරූපයක් ගන්නා අවස්ථාවේම
    නිසි ආකාරයට රාමු කරන්නා යන්න නේද?
  • Athula Siriwardhane .
    කැමරාවෙන් කරන්නෙ 
    පළවෙනි ක්‍රොප් කිරීම සමීර.
    ඒ රාමුවෙ දිග පළල තීරණය කරන්නෙ
    අපිට ඕන වුණත් අපිට අවශ්‍ය දේ
    දිගෙන් හෝ පළලින් සීමා කරද්දි
    අනිත් දෙපැත්තෙන් අනවශ්‍ය දේ 
    තියෙන්නෙ පුළුවන්.
    පරිගණකය තුලින් හෝ
    සමහර කැමරා වලින්
    දෙවනුවත් ක්‍රොප් කරන්න පුලුවන්.

    ලෝකෙ ඕනම කෙනෙකුට
    තමන්ගෙම රාමුවකට
    දෙවෙනි අවස්ථාවක් තියෙද්දි
    පළවෙනි අවස්ථාවෙ
    අනුන් හදල දුන්න රාමුවකට
    කොටු වෙන්නෙ ඇයි.
  • Athula Siriwardhane .
    මම කියපු දේවල් වලින්
    සුමුදුට අහිතක් කරන්න හිතුවෙ නැහැ.
    ඔබ වැරදියට තේරුම් අරන් වගෙයි..
  • Sameera Rodrigo ඇයි බොහෝ දෙනෙක් "නැහැ" කියන්නේ?
  • Athula Siriwardhane .
    මේ ඡායාරූපයෙ ක්‍රොප් දෙක
    සසඳා බලන විට
    එකක ඇති අනිකෙහි නැති
    හොඳ ලක්ෂණ මොනවාද?

    මේ දෙකෙන් කොයික ගත්තත්
    ලොකු වෙනසක් නැද්ද?

    ඔබට එසේ සසඳා බලා
    තීරණයක් ගන්නට සඳහා ඇති හැකියාව
    ඔබ ඡායාරූපයක් ගන්නා විට
    අවශ්‍ය දේ තෝරා ගැනීමටත්
    පසුව ක්‍රොප් කරද්දිත් බලපානවාද?.

  • Sumudu Mahesh Sanjaya අනේ නැ අතූල මහත්තයෝ හැබැයි මම අහපු දේ තේරම්ගත්ත වැරදියි කියලයි මට හිතූනේ මෙතූවක් කාලෙකට මෙම සමුහයතූල ගැටලුවකට පිලිතූරු ඇහුවම මෙහි ඇඩ්මින්ල විශේෂයෙන් පිලිතූරු දීමේදි සංගමයක් තබුන මම මෙච්චර කාලෙකට සමුහ තූල වැඩිය චායාරුප පලකලේ නැ නමුත් මෙම සමුහය තූල වු සංගමය හා ඔවුන්ගේ සුහද ශීලිත්වය නිසා මම මෙම සමුහයට බෙහෙවින් ඇලුමිකලා Sajith Kaveena Sameera Weerasiri වැන්නන් මෙන් මම හිතූව ඔබ තූමාගවත් එම ගුනාංග තියෙයි කියල එමනිසා මම බලා පොරොත්තූවුනේ ඔබතූමාගෙන් එහෙම නෙමෙයි සුමුදු මෙන්න මෙහෙමයි මෙකවෙන්නේ කියල ඔබගේ පැහැදිලි කිරීමයි මොකද මම ඇහුවේ ප්‍රෂ්ණ කීපයක් මා කොතනකවත් සීයට සීයක් සිංස්කරනය හොදනෑකිවුාව නැ මාගේ ප්‍රෂ්ණ වලට ඔබග් පිලිතූර උපහාසයනම් මෙම සමුහය තුලවු ගුනිත්මක භාවය පිලිබද කනගාටුවන අතර එබ ප්‍රවීනයෙක් නම් ඔබගේ පිලිතූරු සැපයිම සම්බන්දව අතිශය කනගාටුවෙමි මම මෙම සංවාදයෙන් ඉවත්වෙන අතර ප්‍රවීන චායාරුප ශිල්පි අතූල මහත්මාට සුතූති
  • Sameera Rodrigo මේ පිංතූරය මීට වඩා ලංවී කැමරාවෙන්ම රාමුවට ගන්න තිබුනා නොවේද?
  • Sajith Fernando සංවාද අත්‍යවශ්‍යයි
    එතුලින් අපි ඉගෙනගන්නා දේ බොහෝයි
    සුමුදුට සිත් තැවුලක් ඇති වුනා නම්
    සමූහය වෙනුවෙන් මම කණගාටුව ප්‍රකාෂ කරනවා
    ඔබත් අපිට ඉතා වැදගත් සාමාජිකයෙක් බව
    මතක් කරනවා
  • Sameera Rodrigo සඡිත් මහත්මයාගේ අදහස් කෝ? 
  • Athula Siriwardhane .
    Sumudu...
    මට පෙනෙන විදියට
    සුමුදුට තියන ප්‍රශ්නය
    සංස්කරණ මල්ලිගේ
    පිහිට පැතීමට සිදුවීමයි...කියල මම කිව්වෙ
    ඔබත් එම වචනයම
    උපයෝගී කර ගෙන තිබුණ නිසයි.

    ඔබ එසේ ප්‍රකාශ කළේ උපහාසයෙන්ද?

    එහෙම නම්
    ඔබේ උපහාසාත්මක වචනය
    මා පාවිච්චි කිරීමෙන්
    ඔබ මුලින්ම ට්‍රැක් එක පැන්නා 
    කියා මට හිතෙනවා.

    ඒ හැරෙන්න 
    මම දන්නා තරමින්
    කිවයුතු දේ තමයි කිව්වෙ.

    ඔබ සංස්කරණය කරනවා නම්
    ඔබ දුටු චිත්ත රූපයත්
    ඔබ ගත් ඡායාරූපයත් අතර
    කැමරාවෙන් ඇතිකළ පරතරය
    ඔබටම සංස්කරණයෙන්
    පියවා ගන්න පුලුවන්.

    ඔබ සංස්කරණය කරනවා නම් 
    සිදුවෙන දේ තමයි ඒ.

    ඔබ ඔය යන විදියට
    සංස්කරණය කරන ශිල්පීන් සමග
    තරඟ කළොත්
    ඔබ පරදිනවා.

    ඒ ඔවුන් ඔබ නතරවෙන තැන
    පසුකොට ඉදිරියට යන නිසා.
    ඔබේ ඡායාරූපයක්
    ඔබම සංස්කරණය කරලා
    දෙකම තරණ්ණ්ගයකට ඉදිරිපත් කළොත්
    ඔබ සංස්කරණයට දක්ෂ නම්
    දෙවැන්න දිනනවා.

    සංස්කරණය නොකර 
    ඡායාරූප ගැනීමෙන්ම 
    ඔබ තෘප්තිමත් වෙනවා නම්
    ඔබට ඒ පරාජය ජයක්...
    මට වුණත් එහෙමයි.
    ඒ හින්දා ඒ පරාජය
    ඔබ ජයක් ලෙස හිතනවා නම්
    ඔය ගැන හිතන්න අවශ්‍ය නැහැ.
  • Athula Siriwardhane .
    Sameera Rodrigo [[[මේ පිංතූරය මීට වඩා ලංවී කැමරාවෙන්ම රාමුවට ගන්න තිබුනා නොවේද?]]]
    Lee Jefreesගෙ මුල් රාමුවත් 
    හරි හතරැස් රාමුවක්
    ඒකත් කැමරාවෙ රාමුව නෙමෙයි.


    ළං වී ගත යුත්තෙ
    පෙන්වන්න අවශ්‍ය වෙන්නෙ 
    ඒ රාමුව නම්...
  • Sumudu Mahesh Sanjaya Athula Siriwardhane .
    බොහෝ විට
    සංස්කරණය ප්‍රතික්ෂේප කරන්නෙ
    සංස්කරණය නොදන්නා
    ඡායාරූප ශිල්පීන්..

    ඔවුන් කළ යුතු හොඳම දේ
    හැකි ඉක්මණින්
    සංස්කරණය ඉගෙනීමයි
  • Sumudu Mahesh Sanjaya සමිර කිවුවේ ඔබ පෙන්වාදීඇති චායාරුපයේ ඔබ ක්‍රොප් කර ඇති කොටස ලංවී ගතහැකි බවයි එසේනම් චායාරුප ශිල්පියාට හරි දැක්මක් තිබුනනම් තමන්ගේ චායාරුපය ගැන එහු ට ක්‍රොප් කරන්න වුවමනාවක් නැ
  • Asitha Sonal Jayasinghe Athula Siriwardhane මහත්මයා ඇයි ඔබ එහෙම පවසන්නෙ....?
    ජයාරූප ශිල්පියාගේ දක්ශ තාව රැදිලා තියෙන්නෙ ක්‍රොප් කීරිම තුලද(පරිගණකය මගින්) නැතිනම් මනාව කැමරවා හසුරවා ජයරූපය හසුකර ගන්න එකද..?
    • Athula Siriwardhane .
      Sumudu..
      බොහෝ විට
      සංස්කරණය ප්‍රතික්ෂේප කරන්නෙ
      සංස්කරණය නොදන්නා

      ඡායාරූප ශිල්පීන්..
      ඔවුන් කළ යුතු හොඳම දේ
      හැකි ඉක්මණින්
      සංස්කරණය ඉගෙනීමයි..

      පළමුව මේ මගේ අත්දැකීමයි.

      දෙවනුව මේ ඔබට දුන් පිළිතුරක් නොවෙයි..
      වෙනම ප්‍රකාශයක්.

      තුන්වෙනුව 
      ඔබ සංස්කරණය දන්නවාද නැද්ද කියා 
      මම තවම දන්නෙ නැහැ.
      දන්නෙ නැත්නම් 
      යම් දුරකටවත් ඉගෙන ගෙන
      නැවත හිතා බලන්න.

      හතර වෙනුව 
      මා බොහෝ විට කියා කීවේ
      සංස්කරණය ඉගෙනගත් පසුත්
      සංස්කරණය ප්‍රතික්ෂේප කරන ශිල්පීන්
      ඉන්න නිසයි..
      ඔබත් එවැන්නෙක් විය හැකියි.

      සංස්කරණය නොදන්නා
      ඡායාරූප ශිල්පීන්කළ යුතු හොඳම දේ
      හැකි ඉක්මණින්
      සංස්කරණය ඉගෙනීමයි..
      ඒ මගේ මතය.

      ඔබ කියන්නෙ ඒ මතය වැරදියි කියාද?
      එහෙම නම් වැරදි ඇයි..

      ඉස්සර මිනිස්සු තැන් තැන් වලට ගිහින්
      බලාගෙන චිත්‍ර ඇන්දා..
      කැමරාව ආවා.
      ඡායාරූප ගත්තා.
      ඡායාරූප අරන් බලාගෙන ඇන්දා.
      දැන් ඡායාරූප අරන්
      පරිගණකයෙන් අඳිනවා.

      සමහර අය අතර මග නවතින්න පුලුවන්.

      ඒත් තමන්ට ඉදිරියෙන් තියන දෙයක් ගැන
      නිවැරදි තීරණයක් ගන්න නම්
      එතනටම ගිහින් බැලිය යුතුයි කියලයි
      මම හිතන්නෙ.
    • Athula Siriwardhane .
      Asitha..
      මනාව කැමරාව හසුරුවා 
      ඡායාරූපය හසුකර ගන්න එකත්
      මූලිකවම තමන් දකින දෙයින්

      තමන්ට අවශ්‍ය දේ 
      ක්‍රොප් කර ගැනීමක් නොවේද?

      ශිල්පියා එක්කෙනෙක් නම්
      කැමරාවෙන් ක්‍රොප් කළත්
      පරිගණකයෙන් ක්‍රොප් කළත්
      තීරණ ගැනීමෙ වෙනසක් නැහැ.

      අවස්ථාව වෙනස්.

      මනාව කැමරාව හසුරුවා 
      ඡායාරූපය හසුකර ගන්න එක 
      ත්‍රිමාණ දර්ශනයක් හරහා
      ගලා යන කාලයෙන්
      මොහොතක්.

      ඒ මොහොත අභියෝගාත්මකයි..
      දර්ශනයක් මග හැරෙන්න
      තත්පරයකින් කොටසක් ඇති.
      ගත්තට පස්සෙ
      ඕන කෙනෙකුට 
      ඕන දෙයක් කරන්න පුලුවන්.

      පරිගණකයෙන් ක්‍රොප් කරන්නෙ
      තමන් හෝ වෙනත් කෙනෙක්
      එසේ නතර කරගත්
      ද්විමාන මොහොතක්.
      ඒ අවස්ථාව 
      අර වගේ අභියෝගාත්මක නැහැ.

      වෙනත් අයගෙ හෝ ඡායාරූප
      ක්‍රොප් කිරීම හා සංස්කරණය 
      හොඳ අභ්‍යාසයක්..

      පරිගණකය තුලින් ක්‍රොප් කරන 
      ඡායාරූප ශිල්පීන්
      නැවත කැමරාව ගන්නෙ
      තමන්ගෙ හෝ අනුන්ගෙ ඡායාරූප
      ක්‍රොප් කිරීම හා 
      සංස්කරණය තුළින් ලබාගත්
      අමතර දැනුමක්ද සමගයි.

      ඔහු දුබල චරිතයක් ඇති
      ඡායාරූප ශිල්පියෙක් නම්
      පරිගණකය මත යැපෙමින් 
      තිබුණ දක්ෂතාවයත් 
      නැතිකරගන්නවා.

      ඔහු ප්‍රබල චරිතයක් ඇති
      ඡායාරූපශිල්පියෙක් නම්
      පරිගණකය මත යැපීම 
      අඩු කර ගන්නවා.

      .
    • Athula Siriwardhane ,
      Sumudu Mahesh Sanjaya [[[සමිර කිවුවේ ඔබ පෙන්වාදීඇති චායාරුපයේ ඔබ ක්‍රොප් කර ඇති කොටස ලංවී ගතහැකි බවයි එසේනම් චායාරුප ශිල්පියාට හරි දැක්මක් තිබුනනම් තමන්ගේ චායාරුපය ගැන ඔහු ට ක්‍රොප් කරන්න වුවමනාවක් නැ]]]

      ඔව් සුමුදු..
      ඔබ කියන හරි දැක්ම

      ඡායාරුප ශිල්පියා 
      ඡායාරූපය ගැනීමෙන් පසුව 
      පහළ වෙන්නත් පුලුවන් නේද?

      ඔබ මේ දකින රාමු 
      කැමරා රාමු නොවෙයි.
      මේ ඡායාරූපයේ හිමිකරු
      ලී ජෙෆ්‍රීස් 
      ඡායාරූපය ගත් පසු
      මෘදුකාංගයක් ඇසුරෙන්
      ඡායාරූපය වැඩි දියුණු කරන්නේ
      දෑසෙන් ප්‍රකට වෙන හැඟීම
      තීව්‍ර කරන්නටය.

      ලී ජෙෆ්‍රීස් තමන්ගෙ ඡායාරූප
      සංස්කරණය කිරීම ගැන 
      මෙහෙමයි කියන්නෙ.

      "ඇස් වල හැඟීම මතුවෙන විදියට
      ඡායාරූපය මූලික වශයෙන්ම
      DODGE සහ BURN මගින්
      සංස්කරණය කරනවා.
      මුලින්ම ඡායාරූපයක් ගන්න
      මා පෙළඹෙන්නෙ
      කෙනෙකුගෙ දෑස නිසයි.
      පින්තූරයක හැඟීම් පිළිබඳ
      සාධකය ත් එයයි.."
      ඔහු පැවසීය.
      -----------------------------------------------------------------
      "මම ආලෝකය සහ අඳුරෙන් සංස්කරණය කරන්නෙ
      හරියට ආගමික දෙයක් වගේ."
      -ලී ජෙෆ්‍රීස්
      -----------------------------------------------------------------
      http://ridmasankalana.blogspot.com/2012/11/lee-jefrees.html
  • Asitha Sonal Jayasinghe "ශිල්පියා එක්කෙනෙක් නම්
    කැමරාවෙන් ක්‍රොප් කළත්
    පරිගණකයෙන් ක්‍රොප් කළත්
    තීරණ ගැනීමෙ වෙනසක් නැහැ."
    මම නම් එ අදහසට එකග නෑ...මෙ මම දකින විදිහයි Athula Siriwardhaneමහත්මයා......
  • Sumudu Mahesh Sanjaya අන්න එක තමයි මමත් කියන්න වුසහ කරන්නේ මිනිසුන් 10ක් විතර යිඅන්න එක තමයි මමත් කියන්න වුසහ කරන්නේ මිනිසුන් 10ක් විතර යින්න චායාරුපයක් අරන් ක්‍රොප් කරල චායාරුප 10ක් හදල හොදම එක තෝරගන්න පුලුවන් ඔයවිදියට යමෙක් චායාරුපක් තූලින් චායාරුපයක් දකින එකද දක්ෂතාවය නැත්නම් දෙනතින් දැක තමන්ට අවශ්‍ය රාමුව හොයාගන්න එකද දක්ශතාවය ඔයවිදියට චායාරුප ශිල්පියා ගෙදර යිදල කාටහරි කැමරාව දීල අහුවෙනඅහුවෙන ටිකක් ගහපන් කියල චායාරුප තුලි තමන්ට අවශ රාමුව හොයාගන්න බැරියැ ජදිරියේදි එහෙනම් සංස්කරනය හොදින් ඉගෙනගත්තහම චායාරුප කරනය ඉතා පහසුවෙයි
  • Sumudu Mahesh Sanjaya අපිට ඔබ තූමාගේ චායාරුප ඇසුරින් නිදසුන් දක්වන්නකෝ
  • Athula Siriwardhane .
    සුමුදු..
    මගේ ඡායාරූප හොඳ නැති නිසා තමයි
    හොඳ ඡායාරූප ශිල්පීන්ගෙ ඡායාරූප වලින්
    ඉගෙන ගන්න මහන්සි වෙන්නෙ.


    මම උදාහරණ වලට ගන්නෙ
    මට වඩා ගව්ගාණක් 
    ඉදිරියෙන් ඉන්න අයගෙ ඡායාරූප.
  • Athula Siriwardhane .
    Asitha Sonal Jayasinghe [[["ශිල්පියා එක්කෙනෙක් නම්
    කැමරාවෙන් ක්‍රොප් කළත්
    පරිගණකයෙන් ක්‍රොප් කළත්
    තීරණ ගැනීමෙ වෙනසක් නැහැ."

    මම නම් එ අදහසට එකග නෑ.]]]

    ඒ ඇයි කියන්න පුලුවන්ද?

    1, ඡායාරූපය ගන්න කෙනාගේ 
    තීරණ ගැනීමෙ හැකියාව අනුව
    කැමරාවෙ තියන පහසුකම් වලින්
    ඔහුට අවශ්‍යදේ ඔහු කරගන්නවා.

    2, ඡායාරූපය ගන්න කෙනාගේ 
    තීරණ ගැනීමෙ හැකියාව අනුව
    පරිගණකයෙ තියන පහසුකම් වලින්
    ඔහුට අවශ්‍යදේ ඔහු කරගන්නවා.

    කැමරාවත් පරිගණකයත් වෙනස්..
    ඡායාරූපය ගන්න කෙනාත්
    ඔහුගෙ තීරණ ගැනීමෙ හැකියාවත් එකමයි.
  • Sumudu Mahesh Sanjaya මම කිවුවේ ඔබගේ චායාරු හොද නැති කතාවක් නෙමේනේ මතය ඔබගේ බදිරිපත් කලේ ඔබ එහෙනම් ඔබ සිතන විදිය ඔබගේ චායාරුපයේ මනාව සනිටුහන් වෙනව මම දැක ඇති ඔබගේ චායාරුපවල අශ්‍යරාමුව ඔබ කැමරාවෙන්ම අරන් තියෙනව ඒමට දැනිච්ච විදියද දන්නැනේ ඔයා ඒවත් ක්‍රොප් කරලද දන්නැති නිසයි කිවුවෙ
  • Athula Siriwardhane mama krop karanawa... Edit karanawaa.. Sumudu...
  • Sumudu Mahesh Sanjaya මාගේ සිතට දැනෙන ව්දියට චායාරුප ගන්නඑක තමයි මගේ පුරුද්ද ඒ මගේ චායාරුප කරනයේ ඇති එකම හීනය මගේ සතූට වනනිසා එම නිසා මාහට වුවමනාවුනා මේමුර ගල චායාරුපයේ සිරිකරන්න එය තමයි මාගේ මෙම චායාරුපයේ මුලික දැක්ම නමුත් කැමරාකාචයෙන් එය කල නොහැකි මෙවැනි අවස්ථාවක ඔබ ඔය කියන ක්‍රොප් කිරීම කරන්න සිදුවෙනවා ඒ මගේ මුලික දැක්ම ලබාගැනීමටයි නැකූව චායාරුපය තූලින් චායාරුපයක් දැක නිර්මානයක් කිරීමට නාවේ
  • Athula Siriwardhane .
    එඩිට් කරන්න දෙයක් නැති 
    ඡායාරූපයක් ගත්තම මමත් සතුටු වෙනවා.
    ඒත් ඒ විදියට කරන්න ගිහින්
    මග හැරුණු ඡායාරූප අනන්තයි..
  • Athula Siriwardhane .
    Sumudu Mahesh Sanjaya [[නමුත් කැමරාකාචයෙන් එය කල නොහැකි මෙවැනි අවස්ථාවක ඔබ ඔය කියන ක්‍රොප් කිරීම කරන්න සිදුවෙනවා ඒ මගේ මුලික දැක්ම ලබාගැනීමටයි ]]]
    "ශිල්පියා එක්කෙනෙක් නම්
    කැමරාවෙන් ක්‍රොප් කළත්
    පරිගණකයෙන් ක්‍රොප් කළත්

    තීරණ ගැනීමෙ වෙනසක් නැහැ."

    අවස්ථාව වෙනස්.

    මනාව කැමරාව හසුරුවා
    ඡායාරූපය හසුකර ගන්න එක
    ත්‍රිමාණ දර්ශනයක් හරහා
    ගලා යන කාලයෙන්
    මොහොතක්.

    ඒ මොහොත අභියෝගාත්මකයි..
    දර්ශනයක් මග හැරෙන්න
    තත්පරයකින් කොටසක් ඇති.
    ගත්තට පස්සෙ
    ඕන කෙනෙකුට
    ඕන දෙයක් කරන්න පුලුවන්.

    පරිගණකයෙන් ක්‍රොප් කරන්නෙ
    තමන් හෝ වෙනත් කෙනෙක්
    එසේ නතර කරගත්
    ද්විමාන මොහොතක්.
    ඒ අවස්ථාව
    අර වගේ අභියෝගාත්මක නැහැ.
  • Asitha Sonal Jayasinghe එතකොට එකෙන් කරන්නේ ජයාරූපය වෙනස් කර එක නෙම්ද...? ජයරූප ශිල්පියාගෙ දක්ශ තාව තියෙන්නේ කැමරාවෙන් හොදට හසු කර ගන්න එක මත නෙමේද.... පරිගනකයෙන් ඔන දෙයක් කරන්න පුලුවන්.... මම කියන්න එක ජයාරූපයට අසදාරණයක්....
  • Athula Siriwardhane .
    සුමුදුගෙ මුරගල ඡායාරූපයෙ
    පිටිපස ඉන්න මිනිසා
    මුරගලට බාධාවක් නොවේද?
    https://www.facebook.com/photo.php...

  • Sumudu Mahesh Sanjaya පැහැදිලිවම බාදාවක් නිල්ෂට් ඒක සම්පුර්න අවදානය ගන්නවා ඒකනේ මම කිවුවෙ මට ඔනි මෙම මුරගල රාමුවට සිරකරන්න ඒකයි මම කිවුවෙ මෙවැනි අවස්ථාවක ක්‍රොප් කිරීම බවිතාකරන්න වෙනව හැබැයි මාගේ මුලික දැක්ම ලබාගැනීමට මාගේ මුලික දැක්මම මුරගල සිරකිරීමයි එහෙනම් මට වටේ වැඩක් නැ
  • Athula Siriwardhane .
    Sumudu Mahesh Sanjaya [[[[මාගේ මුලික දැක්මම මුරගල සිරකිරීමයි එහෙනම් මට වටේ වැඩක් නැ]]]]

    කැමරාවෙ රාමුවට අපි යටත් කියල
    මම මුලින්ම කිව්වෙ ඒකයි..

    -------------------------------------
    කැමරාවෙන් කරන්නෙ
    පළවෙනි ක්‍රොප් කිරීම සමීර.
    ඒ රාමුවෙ දිග පළල තීරණය කරන්නෙ
    අපිට ඕන වුණත් අපිට අවශ්‍ය දේ
    දිගෙන් හෝ පළලින් සීමා කරද්දි
    අනිත් දෙපැත්තෙන් අනවශ්‍ය දේ
    තියෙන්නෙ පුළුවන්.
    ---------------------------------------
    ඉහළිනුත් පහළිනුත් 
    ඔබට අවශ්‍ය දේ කළාට
    දෙපැත්තෙන් සහයෝගයක් නෑ.

    සංස්කරණය අවශ්‍ය ඒකට තමයි.

    කාරෙකෙන් පුලුවන් උපරිමය ගිහින්
    වතුරෙන් ඉතුරු ටික යන්න
    බෝට්ටුව ඕන වෙනවා.
  • Athula Siriwardhane .
    සුමුදුගෙ ඡායාරූපයෙන්
    මම තෝරාගන්න කොටස..

  • Miyuruhansi Sarathchandra mama dakina saha danna widiyata photography kiyanne kalawak.eken loku deyak me samajeta karanna puluwan.crop karanna dakshaweema matama kenek hoda photographer kenek wenne na.hoda photographer kenek wenna nam aniwaryenma hoda asak ,iwaseemak, wagema hoda hitakut tiyenna one.e nisa hoda crop ekak karapu pamanin kenek hoda photographer kenek wenne na
  • Sumudu Mahesh Sanjaya අතූල මහතාගේ ක්‍රොප් එක හොදයි එකෙ කිසිම ගැටලුවක් නැ හබැයි මගේ මුලික ඉලක්කය හා අදහසවුනේ මුරගලේ සමුපුර්න කැටයමම ගන්නඑක ඒක 
    කැමරා කාචයෙන් ගතනොහැකි හබැයි මේ ක්‍රොප් එක ගතහැකියි මෙවැනි අවස්ථා වලදි මෙලෙසකලයුතුයි 

    හැබැයි අතුල මහතා මම මුලින් කිවුවාමෙන් ම්ලික දැක්මක් තිබියයුතූයැයි කියන එක තමා මගේ මතය
  • Athula Siriwardhane .
    ඔව්.. සුමුදු දැක්කෙත් ගත්තෙත් 
    මුරගල බව පැහැදිලියි.
    ඇත්තටම අවට අවශ්‍ය නම්
    නිල් කමිසය හැඳගත් තැනැත්තා යනතුරු
    ඉන්න තිබුණා.
  • Athula Siriwardhane .
    සුමුදු කියන දේ මට අලුත්..
    කැමරාවෙ රාමුව නිශ්චිත නිසා
    මේ අවස්ථාවට මුහුණ දෙන්න වෙනවා කියල
    මම කලින් කිව්වට 

    ප්‍රායෝගික උදාහරණයක්
    තිබුණෙ නෑ.
  • Athula Siriwardhane .
    සුමුදු කියන්න බලන්න
    ඇයි ඔබ මුරගලට කැමති කියල..
  • Sumudu Mahesh Sanjaya මාගේ අරමුන වුයේ මෙයයි
  • Athula Siriwardhane ඇයි ඔබ මුරගලට කැමති
  • Sumudu Mahesh Sanjaya මම කලිනුත් කිවුවනේ මාචායාරුප ගන්නේ මගේ සිතට මා වැඩියෙන්ම ඇලුම්කරන්නේ සභාදහමට හා පුරාන නටබුන් වලට ඒවායේ මාගේ සිතට දුනෙන රාමුවක් දුටුවොත් මම ගන්නව
  • Sumudu Mahesh Sanjaya මුරගල සම්පුර්නයෙන් ගන්න ඔන වුනේ එය සතූ වටිනාකම එයට දෙන්න
  • Athula Siriwardhane .
    මුර ගල නටබුන් නිසා විතරද?
    ඔබට මෙහි ලස්සණක් පෙනෙන්නෙ නැද්ද.
    මම මුරගල් වල ඡායාරූපයක් හෙව්වා.
    මීට වඩා ලස්සණ එකක්

    මෙතෙක් හමුවුණේ නැහැ.

    මගේ ප්‍රශ්න හිරිහැරයක් කියල 
    හිතන්න එපා.
    මා කිවයුතු දෙයක්
    ඔබෙන් ගන්නයි මම හදන්නෙ..
    මට උදව් කරන්න.
  • Athula Siriwardhane .
    පැරණි නටබුන් ලෙස හැර
    ඔබට මුරගලෙහි 
    වෙනත් ලස්සණක් පෙනෙනවාද?
  • Sumudu Mahesh Sanjaya අතූල මහත්තයො මම කලාකාරයෙක් මට ත්රේන්නැ ඔබ දාන පලකිරීම් තේරුම් ගන්නැද්ද හරියට කියවන්නැද්ද කියල ( ඒවායේ මාගේ සිතට දුනෙන රාමුවක් දුටුවොත් මම ගන්නව) කියනඑකේ තේරුම ඔබ දකින්නේ කොහෙමෙද කැමරවාක් අතේ තියන මනුස්සයෙක්ට හිකට වදින රාමුවක් කියන්නේ මොකක්ද
  • Athula Siriwardhane .
    ඔබට හැම මුර ගලක්ම එකයිද?
  • Athula Siriwardhane .
    කැමරාවක් අතේ තියන මනුස්සයෙක්ට 
    හිතට වදින රාමුවක් කියන්නේ මොකක්ද
    කියන ප්‍රශ්නය තමයි මමත් අහන්නෙ. Sumudu...

    එහෙම හිතට වදින්න පොදු හේතු නැද්ද?

    ඇයි මුරගල, සඳකඩ පහන,
    සමාධි පිළිමය බොහෝ දෙනෙක් ප්‍රිය කරන්නෙ.
  • Sumudu Mahesh Sanjaya දක්ෂකමරා ශිල්පියෙක්ට ඔය මුරගලම විවිද අර්ථද ගෙනෙන අනේක පැතිකඩ දකින්න පුලුවන් සැම මුරගලකම ව්ව්ද මත ඔස්සේ විවිදදේ දකින්න පුලුවන් ඔබගේ දෙවනි ප්‍රෂ්නයටනම් පිලිතූර මම හිතන්නේ ඔනිම පුද්ගලයෙක්ට පහසුවෙන්ම හිතට වදින චායාරුපයක් ගැනීමට හැකිවිම
  • Anushka Ginneliya දකින මිනිහ කැමරාවෙන් දැක්කත් එකයි.. පරිගණකයෙන් දැක්කත් එකයි. කොහොම කරත් තමන් සතු නිර්මාණාත්මක හැකියාව තමයි එලියට එන්නේ. කෙසේ හෝ වේවා අවසන් ප්‍රතිපලය විය යුත්තේ වඩාත් හොඳ නිර්මාණයක් එලිඅයට දැමීමයි.. එකට තමන්ගේ හැකියාවන් වගේම තාක්ශනය පාවිච්චි කිරීමේ වරදක් මං දකින්නේ නෑ.. නමුත් තාක්ශනයේ වහලෙක් නොවෙන්න අපි වග බලා ගත යුත්යි..
  • Sumudu Mahesh Sanjaya මැතෘකාවෙන් පිටවුනත් මෙහම කියන්නම් මොනවවුනත් මම හිතනව තාමත් අපේ සාරදර්ම බවුතරයක් අම්මල මවුකිරිත් එක්ක දරුවන්ට පොවනව සමාදියේ ඇති ශාන්ත භාවය සදකඩ පහනේ විශ්ෂටත්වය මුරලේ ඇති ශ්‍රි විභූනිය එතනට යන ඔනිකෙනෙක්ට දැනෙනව කුඩා තරුන මහලු ඔනිම කෙනෙක්ට මෙම ස්ථාන වලදි අපේකමක් දැනෙනව කැමරා ශිල්පියෙක් නෙමෙ ඔනිම කෙනෙක් චායාරුපයක් ආඩම්බරෙන් ගන්න පෙලබෙනව
  • Athula Siriwardhane .
    සුමුදු..
    ඒ ලස්සණ සිංහලයාට විතරක් සීමිතද?
    විදේශිකයන් දකින ලස්සණ කුමක්ද?
  • Sumudu Mahesh Sanjaya ඒ ගල් කැටයම් කලාවේ සුවද පිරිපුන් බව සුන්දරත්වය ඔනිම කෙනෙක්ට විදින්න පුලුන්
  • Athula Siriwardhane .
    ඇයි අද ඉන්න අයට ඒ හැකියාව නැත්තෙ.
  • Sumudu Mahesh Sanjaya ඔන්න ඔතනට එනව ඔබ කියුසංස්කරනය හා ක්‍රොප් කිරීම මොකද නුතන මිනිසා සතූ නිරිමාන හැකියාව තාක්ෂනයට යටවෙල රස වින්දනය බිංදුවට බැහැල නිර්මානයක් සොයායනවා වෙනුවට නිර්මානය ලගට ඒනකන් බලන්යින්න පුරුදුවලා එදා ඔහුගේ නිර්මාය ඔහු සිතේ මවාගන්ට ඇති එහි අවසන් ප්‍රථිපලය දකිනතූරු ඉවසීම ප්‍රගුන කරන්නට ඇති ඔනිම කලා කෘනියකට වඩාාවැදගත් වන්නේ ඉවසීම චායාරුප ශිල්පියාත් මෙන්න මේ ඉවසීම ප්‍රගුන කරනවානම් තමා බලාපොරොත්තූවන රාමුව ලැබෙන තෙක් සිටිවි ----------------------ස්තූති සම්මා සම්බුදු සරනයි
  • Nalaka Gunathilaka Naha..crop kiyanne eka kotasak witharai kiyalai mata nam hithenne.. Eka nikan game ekak wage..
  • Athula Siriwardhane .
    වක දෙක තිරිඟි තලය වගේ දේවල් වලින්
    කළේ මොකක්ද සුමුදු?
  • Nalaka Gunathilaka Original picture eka hariyata gatthama hithata danena sathuta crop karama enne ne wahe... Mata thiyenne kruthima hageemak..
  • Nalaka Gunathilaka Sama wenna.. Mudrana doshayak.. Phone eken type karana nisa samahara akuru waradiyata type wenawa. Oba hari... Mama adahas kare ''wage'' kiyala
  • Sameera Rodrigo (මගේම කොමෙන්ටුවක් නැවත කොපි කලෙමි)

    " ඡායාරූප ශිල්පියෙක් යනු ක්‍රොප් කරන්නෙකි."

    අතුල මහන්මයා,

    ඔබ මෙයින් අදහස් කරන්නෙ
    ඡායාරූප ශිල්පියා යම් ඡායාරූපයක් ගන්නා අවස්ථාවේම
    නිසි ආකාරයට රාමු කරන්නා යන්න නේද?

    ඔබගේ පිළිතුර "ඔව්" නම් මා තෝරන්නේද "ඔව්" පිළිතුරයි
    ඔබගේ පිළිතුර "නැහැ" නම් මා තෝරන්නේද "නැහැ" පිළිතුරයි

    මා විසින් ඔව් පිළිතුර තෝරා ඇත්තේ ඇයිදැයි ඔබට වැටහෙනු ඇත.

    පිංතූරයක් ගෙන "පසුව ක්‍රොප් කරනවා" කියා සිතීම
    විශිෂ්ඨත්වයක් කියා මා නොසිතමි.

    ක්‍රොප් කරන්නට උවමනා නැති පිංතූරය දුටු විට දැනෙන්නේ
    මහත් සතුටකි. (ඉතාම කලාතුරකින්)
  • Athula Siriwardhane .
    ඡායාරූප ශිල්පියා 
    යම් ඡායාරූපයක් ගන්නා අවස්ථාවේම 
    හෝ පසුව හෝ
    නිසි ආකාරයට රාමු කරන්නා ය

No comments:

Post a Comment