Thursday, September 26, 2013

වර්ණනා

.
නවක ඡායාරූප ශිල්පීන්ට
හොඳ ඡායාරූපයක් ගන්න බෑ කියල
මේක තුට්ටුවක වැඩක් නෑ...
මෙහි ගතයුත්තක් නෑ..
ආදී වශයෙන් දොස් කීම හරිද?

අනිත් අතට.. පට්ට මැක්සා කියමින්
හේතු රහිතව බොරු වර්ණනාව හරිද?

කළයුතු නිවැරදි දේ කුමක්ද?


https://www.facebook.com/groups/artgallerysl/permalink/168517540005435/

  • Upul Nelundeniya හිතට දැනෙන දේ කෙලින්ම කිව්වනම් හරි.
    අඩුපාඩු පෙන්නනවා වගේම ඒවාට විසදුම් පෙන්නවන්න පුළුවන් නම් හොඳයි... බොරු වර්ණනා වලට වැඩියනම් ඒක කාටත් වටිනවා.
  • Gayal Chamin අන්න හරි .. අදහස් පල කරනකොට ටිකක් සංයමයක් තිබුනොත් හොදයි කියලෛ මට හිතෙන්නේ.. මධ්‍යස්තව අදහස් පල කරනවනම් හොදයි.. හැබැයි වැරදි තැන වැරදි කිය දෙන්න ඕනි...  හී... පට්ට මැක්සා.. එල.... ඕවගෙන් එකිනෙකාගෙ රසවින්දනය අපිට මනාවට මැන් ගන්න පුලුවන් අතුල සර්,
  • Gimhana Wedage මෙවන් සමුහ තුල Comments සහ Likes බහුතරයක් පලවන්නේ
    1. හිතවත් කම් ඇති කර ගැනීමට
    2. තම හිතවත් කම වැඩි දියුණු කර ගැනීමට.
    3. යම් කිසි පුද්ගලික වාසියක් බලාපොරොත්තුවෙන්
    4. අදාළ පුද්ගලයාගේ උදහසට ලක් වේ යන බිය නිසා

    5. Like කරන පින්තුරය අයිතිකරු, තමන් වාසි බලාපොරොත්තු වන අයගේ උදහසට දැනටමත් ලක් වී ඇතිද යන්න

    ආදී වූ මෙකී නොකී හේතු රාශියක් මුල් කර ගෙන වේ. එම නිසා සියල්ල ගැන මැදහත් සිතින් (තම තමන්ට සාපේක්ෂව) බැලීම නුවණට හුරුය.
  • Prasad Padmasanka Everyone can throw things at you you just pick the flowers to decorate n building blocks for your palace.. Leave the lousy comments to others to digest.
  • Chathuruka Ranawaka තමන්ට දැනෙන පින්තූරෙකට අර විදියෙ කමෙන්ට් හරි ලයික් හරි කරාට කමක් නෑ මම හිතන්නෙ.... 
    නම නොබලා පිතූරෙ බලල ඒ දේ කරානම් හරි කියන එක තමයි මගේ අදහස....
    නම බලල ලයික් හරි කමෙන්ට් හරි කරනව කියන්නෙ පුද්ගලික වාසියක් බලාපොරොත්තු වෙනව කියන එකයි....
    නමට කලින් පින්තූරෙ බලන්න.... 
  • Gimhana Wedage අනිවාර්යෙන් චතුරුක, නම හංගලා පල කරන විදියක් තියෙනවනම් ගොඩක් දුරට (100% ක් නැතත්) බලා ගන්න පුළුවන්.
  • Chathuruka Ranawaka අනිවාර්යයෙන්ම ගිම්හාන අයියෙ... නම බලල ලයික් කමෙන්ට් කරන එක ඉස්සර ගෲප් වල ඉදන්ම තිබුන දෙයක්.... 
    Aashiqui2 ෆිල්ම් එකේ කියනව බඩගින්නෙ ඉන්න කෙනෙක්ටයි රොටියක් දෙන්න ඕන කෑම ගොඩක් තියන කෙනාට නෙමෙයි කියල.... 
    නවක හොද ඡායාරූප ශිල්පියෙක්ට අපි දාන කමෙන්ට් එක 
    ලයි එක ගොඩක් වටිනව....
    නම බලල කමෙන්ට් ලයික් කරද්දි නවකයො ඉබේටම හැලෙනව... 
    වෙන්න ඕන දේ තමයි පුලුවන් හැම වෙලාවෙම අඩුපාඩු පෙන්නල දෙන එක.... නැතුව වැරදි තියන නවකයගෙ පින්තූරෙ නොසලකා හැරල ජනප්‍රිය කෙනාගෙ හරි තමන්ගෙ හිතවතාගෙ හරි ප්‍රවීනයගෙ හරි පින්තූරෙට විතරක් ලයික් කමෙන්ට් කරන එක නෙමෙයි....
  • Tag Admi හොඳ මාතෘකාවක්
    මම බොහෝ ඡායාරූපවලට කොමෙන්ට් කරන නිසා 
    මේ අවස්ථාව යොදාගන්නවා 
    මගේ අදහස් ඔබට ඉදිරිපත් කරන්න.

    නවකයන් බොහෝ වැරදි කරනවා. 
    එලෙස වැරදි කරන්නන් අතර මමත් නවකයෙක්. 
    ඒ වැරදි දුටුවහම කිපෙන ප්‍රවීණයො ඉන්නවා. 
    ඒ සමහරවිට ඔවුන් මේ ක්ෂේත්‍රයට ඇති ආදරය නිසා විය යුතුයි. 
    ඒ ආදරය නිසාම නවකයන් අතින් සිදුවන වැරදි දකිද්දී ඔවුන් අතින් 
    ටිකක් රළු වචන පිටවනවා විය හැකියි. 
    මා කල වරදකට ඒ වගේ රළු විදිහේ පිළිතුරක් ලැබුනත් 
    මම ඒ ගැන කලබල වන්නේ නැහැ. 
    එහෙම වුනා නම් මම අද මෙතන නැහැ. 
    මොකද මගේ මුල් යුගයේ මටත් එවැනිම අදහසක් ලැබුනා. 
    ඒත් මම මගේ අඩුපාඩුව නිවැරදිකරගත්තා මිසක් 
    මගේ ගමන අත්හැර දැමුවේ නැහැ. 
    ඒත් මම ටිකක් අකමැතියි ඒ වගේ රළු අදහස් දැක්වීම් වලට. 
    මේ සමූහය ආරම්භ කිරීමට ඒක එක හේතුවක් වුනා. 
    ප්‍රවීණයෙක්ගෙ රළු අදහස් දැක්වීමකින් 
    නවකයෙක්ගේ උනන්දුව අඩු වනවාට මම කැමති නැහැ. 

    ඒ වගේම අර කියපු පට්ට, මැක්සා වැනි අරුත්සුන් අදහස් දැක්වීම් වලටත් වැඩි කැමැත්තක් නැහැ. 
    ඒත් එය මේ සමූහය තුල ගැටළුවක් වී නැහැ. 
    එවැනි කොමෙන්ට් මේ සමූහය තුල ලැබෙන්නෙ ඉතා සුළුවශයෙන්. මොකද අප සතුව ඉන්න සාමාජිකයන් බුද්ධිමත්. 
    මෙහි නීති රීති කිසිවක් නැතුවත් 
    ඔවුන් දේශේ හැටියට වාසේ හොඳින් දන්නවා.
    අපි කිසිවෙකුට සීමා පනවලා නැහැ 
    දිනකට ඵල කල හැකි ඡායාරූප සංඛ්‍යාව පිළිබඳ. 
    ඒත් කවුරුත් කාටවත් හිරිහැරයක් නොවෙන්න 
    තමන්ට අයිති නිදහස බුක්ති විඳිනවා දැකීම 
    මට ඉමහත් සතුටක්. 
    ඒතරම් විනයක් මෙවැනි සමූහයක් තුල පවත්වාගෙන යාමට ලැබීම වාසනාවක්. 

    අපි අන්තර්ජාලයෙන් සොයාගත් ජෝකර්ලා සිටින ෆොටෝ කොමෙන්ට් වලට අවස්ථාව දෙන්නෙ නැහැ. 
    අපි ඒවා ඉවත් කරනවා.
    හේතුව එකක් ඵල වුනහම 
    එය සීමාව ඉක්මවා යන්න අවස්ථාව තියෙන නිසා.

    ගිම්හාන මහත්මයා හිතනවද 
    මම පුද්ගලිකව ඔබ සඳහන්කල රාමුව තුල සිට 
    කොමෙන්ට් කරන්නෙක් කියලා..
    අදහස් දැනගන්න කැමතියි. 
    මොකද එහෙම වෙනවා නම් 
    නිවැරදි කරගත යුතු දේ තියෙනවා මා සතුවත්.

    මෙතෙක් රකුසු චරිත රඟදැක්වූ සමහර සමූහවල 
    ඇඩ්මින්වරු මෑතක සිට මේ තත්වය අවබෝධ කරගෙන 
    බැටළුහම් පොරවාගෙන සිටිනවා 
    එය හොඳ ප්‍රවණතාවයක්.
    රකුසුගති දුරුවේවා!
    නවකයන්ට අතදෙන ප්‍රවීණයන්
    බිහිවේවා!
  • AV Hertz wasiyata hoaiya .....
  • Gimhana Wedage "මෙතෙක් රකුසු චරිත රඟදැක්වූ සමහර සමූහවල 
    ඇඩ්මින්වරු මෑතක සිට මේ තත්වය අවබෝධ කරගෙන 
    බැටළුහම් පොරවාගෙන සිටිනවා 
    එය හොඳ ප්‍රවණතාවයක්."

    මේක ඇත්තනම් මම ගොඩක් කැමතියි. මා සහභාගී වූ බොහෝ සංවාද ඇති වී තිබෙන්නේ ඇඩ්මින්ලාගේ රකුසු ස්වභාවය විවේචනය කිරීමටයි.

    විවේචනයෙන් පසුව මට සිදු වූ දේ කිව යුතු නොවේ. 
  • Gimhana Wedage ඔබගේ comment වල අරමුණ කාටත් පැහැදිලියි සජිත්. ඔබ අවංකව යමක් කරන තාක්, අන අයගේ අගය කිරීම් හෝ විවේචන ගැන තැකිය යුතු නොවන බව මගේ හැගීමයි.
  • Tharinda Divakara කළ යුතු නිවැරදි දේ වන්නේ අලුත් ක්‍රම අත්හදා බලමින් ඡායාරූප ගැනීමයි.
  • Dimuth Perera තමන්ගේ චායරුපය market කර ගැනීම සදහා තමන්ගේ හිතවතුන්ගේ photo වලට පොඩි තල්ලුවක් දීම ස්වභාවික මිනිස් ගතියක් මම දකින විදියට 
    නිවැරදි ක්‍රියාවක් කියල කියනවා නම් නෙවෙයි 

    අතුල, සජිත් වගේ කිහිප දෙනෙකු පමණක් මේ ප්‍රවණතාවයෙන් මිදිලා ඉන්න බව නම් පැහැදිලිව පෙනෙනව
    ා 
    (සමාවෙන්න ඕනේ මම හැම දෙනෙකු ගැනම හදාරලා නැහැ) 

    මට මේ චායාරුප සමාජ වල කිසිදු හිතවතෙක් නැති නිසා මට බැදීමකින් තොරව දකින්න පුළුවන් කියල දැනට විශ්වාශයක් තියනවා (මම මේ කලාව නොදන්නා එක පැත්තකින් තිබ්බොත්)
  • Dimuth Perera තව දෙයක් කියන්න ඕනේ පුද්ගලික පණිවිඩ මගින් තමන්ගේ photo එකට comment දම්මවා ගැනීමත් ඉතින් නැතිව නෙවයි 

    කිසිදු හිතවතෙකු නැති මටත් ඒවා ලැබිලා තියනවා
  • Asela Chandimal Weerawardana වරද්ද කිලින්ම කියලා දීම් යහපත්ය, ඉගන ගන්න අයකුට එය වැදගත්
  • Gimhana Wedage comment, like අරගන්න සමහර අය පුද්ගලයින් tag කිරීමත් කරනවා.
  • Asantha Aeroshana matath ehema likes danna massages awa,,,,,,competition ekak kiwwa nisa math demma.............passe mathak une Super Star programmes!!!!!........demme 2nekta witharai!!!!1 
  • Athula Siriwardhane Tag Admi[[[ප්‍රවීණයෙක්ගෙ රළු අදහස් දැක්වීමකින්
    නවකයෙක්ගේ උනන්දුව අඩු වනවාට මම කැමති නැහැ. ]]]
  • AV Hertz thaman praweenai kiyala kiyaganna ayagen thamai prassne ea aya nawakayanta field ekata enna denne na,koi field eketh me de thiyenawa, namuth dakshathawayen ihawaha ya haki nawakayan seegrayen field ekata enawa eka walakwanna ba,
  • Athula Siriwardhane .
    ලංකාවෙ තියන දුර්මතයක් සහ
    ඉතාම නරක පුරුද්දක් තමයි
    අන් අයව හෙළා දැකල
    තමන්ගෙ ප්‍රතිරූපය පුම්බා ගැනීම.


    නවක වුණත් ප්‍රවීණ වුණත්
    ඒ රෝගයෙන් පෙළෙන්නන්ගෙන්
    චරිත විනිවිද දකින අය ඈත්වෙනවා,,,
    අවස්ථාව ලැබුණොත්
    ඒ රෝගයටම ගොදුරු වෙන අය
    ඔවුන් වටා ගැවසෙමින්
    පුහුණු වෙනවා.
  • Gimhana Wedage අද දවස තුල මේ කියන විදියේ පුද්ගලයින් කිහිප පලක්ම මේ සමුහය තුල මේ කියන ආකාරයෙන්ම හැසිරුනා.
  • Athula Siriwardhane මේ සමුහය තුල???? 
  • AV Hertz Athula Siriwardhane owe ea nisai internet sanskruthiyen nawakayan field ekata enne,
  • Tag Admi මම දැක්කේ නැහැ නවකයින් පීඩාවට පත්වෙන අවස්ථා මේ සමූහය තුල
  • Gimhana Wedage ඒක රඳා පවතින්නේ Admin ගේ පෞරුෂය මත.
    බෙලහීන ඇඩ්මින් කෙනෙක් ප්‍රශ්නකාරී නවකයින් මර්දනය කරනවා. ඔවුන් ඒක සාධාරණය කරන්නේ තමන් දැඩි තීරණ ගන්නවා කියමින්. ඇත්ත වශයෙන්ම ඒක බියගුළු බවක්. දැඩි තීරණය වන්නේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් වැරදි හදා ගනිමින් ඉදිරියට යන එකයි.
  • AV Hertz minisa wenaswana sului  prathipaththiwala ayukalaya heena una data okkoma reverse,
  • Dileepa Wattegama 90% ක් විතර මුහුනු පොතෙන්ම පින්තූරු ගන්න ඉගෙන ගත්ත කෙනෙක් හෑටියට මටත් තියෙනවා පොඩි අදහසක්. මට මුහුනු පොතේ වෑඩියෙන්ම උගන්වන හා මට අවන්කවම උපදෙස් දෙන කිසි කෙනෙක් මන් පුද්ගලිකව දන්නෑ. නමුත් ඒ මිනිස්සු මන් වෙනුවෙන් කාලය කෑප කරන හෑටි දෑක්කම මට පුදුමත් හිතෙනව. මෙතනදි අපි සෑහෙන කල්පන කරී වෙන්න ඕන ඒ මිනිසුන් හරියට අදුන ගන්න. නෑත්නම් වෑඩේ වරදිනවා. අත්තටම කෙනෙක් මට නොසෑහෙන්ට බනිද්දි පවා මාව දිරිගන්වන අය මේ සමූහ තුල ඉන්නවා. එතරම් මෙක හරි පින්වන්ත තෑනක් යන්නයි මගෙ මතය.මන්දයත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ගෙවත් පින්තූර ගහල නෑති මට, මගේ පින්තූරයක් වෙනුවෙන් ඔබාමගෙ පවා පින්තූර ගහන කෙනෙක් අඩු පාඩුවක් වෙනුවෙන් ඉතා තද ලෙස බෑන වෑදීමද සතුටක්, මොකද එහෙම කෙනෙක් කවදාවත් ගගකට ඉනි කපන්නෙ නෑති නිසා.......
  • Athula Siriwardhane .
    ඇඩ්මින් කෙනෙක් වුණත්
    ඡායාරූප ශිල්පියෙක් වුණත්
    රජ වුණත්
    මිනිස්සු අමුතුවෙන් හොඳ වෙන්නෙ නෑ. ගිම්හාන


    බාලයා බාලයෙක් බව 
    හොඳින්ම පැහැදිලි වෙන්නෙ
    බලය ලැබුණාමයි.

    මිනිහෙක් අඳුනගන්න නම්
    ඔහුට බලය දෙන්න
    කියල ලින්කන් කිව්වා.
    එවිට ඔහුත් අඳුන ගන්න පුලුවන්..
    තව ලොකු පිරිසකුත් දැන ගන්න පුලුවන්..
  • Gimhana Wedage දිලීප කියන්නේ ඔස්කා නෝනිස් ගැන වෙන්න ඕනේ. ඔහු ඔබාමාගේ පින්තුර ගත්තයි කියන එකේ වැදගත්කමක් අපිට නෑ. ඔහු අදහස් දක්වන විදිය කෙනෙකුට රළු බවක් දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් කියන්න තියෙන ටික හංගන්නේ නැතුව ඔහු කියලා ඇති. මා දන්නා තරමින් ඔහු ආවාට ගියාට දේවල් කියන්නේ නෑ. ඔබට ඔහුගේ (රළු හෝ) අවවාදයක් ලැබුනානම් ඒක වාසනාවක්.
  • Anushka Eranga ඔස්කාර් නෝනිස් ගේ ජයාරූප හොදයි, එතනින් එහා ගන්න නම් දෙයක් නැහැ.
  • Anushka Eranga දිලීප එක්ක මම එකගයි Dileepa 
  • AV Hertz owe ekanam aththa Anushka Eranga eya bhawithakarana equipment apata ganna wathkamak na ea wagema eyage thakshanika daneema labaganna lankawe thanakuth na ohuwa saha ohu wage thawath aya innawa lankawata nogalapena,, ea ape awasanawa wenna athi, mage adahasa parinatha danuma sahitha ayagen niyayn egenaganna ona thakshanyen pohosath ayagen thakshanika sahaya labagatha yuthui, a

No comments:

Post a Comment