Sunday, September 29, 2013

කැකිල්ලේ

මම මෙච්චර කාලයක් පෝස්ට් එකක් දැම්මෙ සතුටින්.හැබැයි අද එහෙම නැහැ.ටික දවසක ඉදල අනෙකුත් සමුහවල තියෙන සහ ඒවා විනාසකරපු අනවශ්‍යතර්ක සහ කමන්ට් යුද්ද මෙතනත් පටන් අරගෙන නිසයි මේක දාන්න හිතුනෙ.මේක තමන්ගෙ ඡායාරූප ප්‍රදර්ශනය කරන ස්තානයකට පමනක් සීමාකරගන්න.එකිනෙකා අතර තර්කකරගන්න තමන්ගෙ මතය අනෙකාට බලෙන් පටවන්න අනිත් පුද්ගලයන්ට පහර දෙන්න මෙතන බාවිතාකරන්න ගියොත් මේකටත් වෙන්නෙ අනිත් සමූහවලට උන දෙයමයි. ඒක නිසා වහාම සාමාජිකයින් තමගෙ සවයං විනයක් හදාගන්න. ඒක නැති හැම වෙලාවකම ඇඩ්මින්වරුන් ක්‍රියාත්මක වියයුතුයි.නිදහස වල්බූරු නොවියයුතුයි. හැරමිටිය වනන්න තියෙන නිදහස අනෙකාගේ නාසය කෙලෙවරින් අවසන්වනබව සියල්ලෝම මතක තබාගත්යුතුයි.අනික එවැනි අවස්තාවන් දුරදිග නොයවා ක්‍රියාත්මකවීම ඇඩ්මින්වරුනගේ වගකීමක් බවත් මතක්කිරීමට කැමතී. ආයිත් මෙවැනි පොස්ට් එකක් මට දැමීමට සිදුනොවේවායි මා පතමි.තර්ක කරන්නම ඔනිනම් තමන්ගෙ වෝල් ඒකේ ඒ දේකරන්න.
Unlike ·  · Unfollow Post ·  · September 20 at 8:21pm
  • Gimhana Wedage "හැරමිටිය වනන්න තියෙන නිදහස අනෙකාගේ නාසය කෙලෙවරින් අවසන්වනබව සියල්ලෝම මතක තබාගත්යුතුයි"
  • Sajith Fernando අපි කිසිවකුගෙ නිදහස සීමා කරන්න කැමති නැහැ
    ඒත් ඒ නිදහස අවභාවිතා කරන්න ගියොත් 
    සීමා පනවන්න වෙනවා...
    එහෙම වුනොත් මේ සමූහයත්
    සාම්ප්‍රදායික සමූහයක් වෙනවා

    එහෙම වුන දවසක මම මේ සමූහයෙන් ඉවත් වෙනවා
    මොකද එදාට මම අසාර්ථක නායකයෙක් වෙනවා
  • Gimhana Wedage මේ සමූහයේ ඉන්න ගොඩක් දෙනෙක් සජිත්ව හඳුනන්නේ (පුද්ගලික හැඳුනුම නොවේ) නැති බව පැහැදිලියි.

    මම මෙහෙම කියන්නම්. 
    සජිත් කියන්නේ සංකල්පයක්. ඔහු විශාල තොරණක් ඉදි කරලා තියෙනවා ඉතා කෙටි කලකින්. ඔහු ඉන්නේ තොරණ පිටුපස.

    පාට පාට දිලිසෙන ලයිට් වලට වශී වූ පිරිසකුත් ඉන්නවා.
    තොරණේ චිත්‍ර වලට, කතාවට, ඇහෙන සින්දු/විරිදු ආදී දේ වලට ඇදී ආපු පිරිසකුත් ඉන්නවා.
    තොරණ නැගලා යන බව පේන හින්දා දාලා යන්න ලෝබ කමට ඉන්න අයත් සිටිනවා.
    මෙකී නොකී බොහොමයක් දේ මෙතැන තියෙනවා.

    ඉතින් මේ වගේ තැනක විවිධ කල්ලි ගොඩ නැගීම ඉබේම සිදු වෙනවා.

    තොරණේ ඉස්සරහා මොනවා උනත්, සජිත් කියන සංකල්පය වෙනස් වෙන්නේ නෑ. කවුරු හරි මේ තොරණ ගලවා ගෙන ගියත්, සංකල්පය එහෙමම තියෙනවා.

    තොරණ වැඩ කරන්න, එලිය වෙන්න, අන්න ඒ සංකල්පය නැතුව බෑ. සංකල්පයට, තොරණක් තිබුනත් එකයි, නැතත් එකයි.

No comments:

Post a Comment