Wednesday, September 25, 2013

ලුනු සහ ගම්මිරිස්

(අතුල සිරිවර්ධන මහතා විසින් TAG සංවාද හි පල කිරීම සඳහා එවන ලද්දකි)



Like · · Unfollow Post · Share · September 21
     22 hour

  • Nuthana ManawayaIndranatha ThenuwaraSajeewa Thotagamuwa and 150 others like this.
  • Chathura Panditha thawa tikak crop karoth moko?
  • Dasun Wanaguru නියමයි රසල් රාමුව...
    පින්තුරේ මුලික අරමුණ තවත් හොදට ග්‍රහණය වෙනවා රාමුවෙන්..
  • Razel Raslan මම හිතනවා චතුරට අවශ්‍ය පිළිතුර ලැබුනා කියලා..
  • Manel Gunathilake harima lassanayi......
  • Sri Lal Herath Photo ekakata wada meke thiyana heda thala nisa hari apuru chithayak wagei.
  • Athula Siriwardhane .
    වර්ණ හා සම්පිණ්ඩණය අතින්
    ඡායාරූපය අපූර්වයි..

    ඒත් බෝනික්කගෙ මුව තියන තැනත්
    දරුවගෙ අත තියන තැනත් මත
    ජුගුප්සා ජනක හැඟීමක් ඇති වෙනවා..
    ඔබේ අරමුණ ඒක නම් ඔබ සාර්ථකයි..
  • Gamini Ekanayaka හරිම අපූරුයි.මගෙ හදවත නැවතුනා දැනුනා !!!
  • ජනක බස්නායක මට නම් අතුල මහත්තයා පෙන්වන ජුජුබ්සාජනක හැඟීම කියන හැඟීම ගැන දැනෙන්නේ හරිම “හිරිකිතයක්“....
    ඒක හරියට දැල්ලෙක් එක්ක ගොළු බෙල්ලෙක් හැපුනා කියලා දැනුනා වගේ හැඟිමක්....
    මම හිතන්නෑ රසල්ගේ මුලික අදහස ඔය කියන මුව්මන්ට් එක හසුකරගැනීම කියලා....
    හය හතර නොතේරෙන ළදරුවෙක් ගැන දැනෙන කාලකණ්නි හැඟීම....
  • Sandesh Bandara awesome click
  • සොඳුරු සිත කවුරුවත් නොදැකපු දේ දැකපු අතුළ මහත්තය ගැන මට ඇති වෙන්නේ “ජුගුප්සාවක් “
  • Gamini Ekanayaka ගරා වැටුණු බව වහන්න පලිප්පු ලෑ සමාජ පසුබිමක ඊට එරෙහි අනාගත වාදී බැල්ම!!අහිමි කරන ලද පරපුරක ළමා වියට එරෙහි නිදහස් ඉරියව්ව...අනාගත මාතෘත්වය හෙවත් නව ලෝකය පිළිබද අරගලකාරී බලාපොරොත්තුව!!! ඒත් ඒ සියල්ලු අනාගතවාදී යහපතට එරෙහිව පින්තූරය පුරා දිවෙන අවිනිශ්චිත හා අනතුරුදායක බව !!! හරියට වර්තමාන සමාජය පවතින තැන එක රාමුවකට හින්දුවා වගේ!!! ජුගුප්සාජනක වෙනවානම් වෙන්නේ රූපය නෙවෙයි...දරුවාගේ ඉරියව්ව නෙවෙයි...ඉන් ප්ර්කාශිත සමාජ ක්රනමය..
  • Razel Raslan ඉස්තූති සියලුදෙනාගේ අදහස්වලට..
    Athula Siriwardhane මහතා, මගේ අරමුණ නම් එය නොවේ..
  • Athula Siriwardhane .
    ඡායාරූපයක් කියන්නෙ
    එක තැනක් දෙකක් නෙමෙයි..
    සමස්ත ඡායාරූපයමයි.

    මම උත්සාහ කරන්නෙ
    සමස්ත ඡායාරූපයම දකින්න
    ඇස හුරු කරගන්නයි..

    ඉතින්
    මට අන් අයට නොපෙනෙන දේ
    පෙනෙනවා.

    "වැඩිහිටියන් ලෙස නොකළ යුතු දෙයින්
    දරුවන් ඊටත් වඩා වැළකී සිටිය යුතුයි"
    කියන එක තමයි මගේ ආකල්පය.

    දරුවෙක් විශේෂ අයුරින් හැසිරෙනවා නම්
    වැඩිහිටියන් විමසිලිමත් විය යුතුයි.

    මගේ දරුවෙක් මෙවැනි දේ කරන විට
    මම ඔවුන් පැහැදිලිවම වලක්වනවා.
    ඒ වගේම
    ඇයට එය හුරුවුණේ කොහොමද
    කියන එකත් සොයා බලනවා.

    චූ බර නිසා..
    ආසාදනයක් නිසා..
    නැත්නම්
    අපයෝජනයක් නිසාත්
    අත එතැනට යන්න පුලුවන්.
    වෙනසක් නොදැනෙන තැනකට
    අත යන එක ස්වාභාවික නැහැ.
    එහෙම නැත්නම්
    ඒක ඇබ්බැහි කමක්.
    අපයෝජනයක් නිසා...

    දැන් මේ නිසාම..
    මම මගේ අවුරුදු පහේ දෝණි ගෙන්වලා
    මේ අක්ක හරි නංගි හරි ගැන
    හිතෙන්නෙ මොනවද කියල ඇහුවා.
    මම ඇහුවෙ එපමණයි.

    ඇය කරුණු දෙකක් කිව්වා.
    1. බබාට කිරි පොවනවා වගෙයි.
    2. චූ බර වෙලා වගෙයි.

    ඇයගෙ දැක්ම ගැන මට සතුටුයි.
  • Athula Siriwardhane .
    Gamini.. [[[ජුගුප්සාජනක වෙනවානම් වෙන්නේ රූපය නෙවෙයි...දරුවාගේ ඉරියව්ව නෙවෙයි...
    ඉන් ප්ර්කාශිත සමාජ ක්රමය..]]]
    සහ ඊට නිර්සංවේදී වැඩිහිටියන්...
  • Gamini Ekanayaka මගේ අදහසනම් මෙතැන සමස්ත දැක්ම කියන දේයි වැදගත්. මෙය දරුවාට මේ ඉරියව්වෙන් සිටීමට සූදානම් කර ගත් පින්තූරයකට වඩා ස්වභාවික ඉරියව්වක් බවට මගේ විශ්වාසයක් තියෙනවා.අනික මේ පින්තූරය දැන් කලා කෘතියක්.මෙතැනදී ශිල්පියා විසින් අපේක්සා නොකල හෝ ඔහු අපේක්ෂා කළ අරුත් අභිභවා නව අරුත් මතු වීම වැලැක්වීම නොහැකියි.එය හුදෙක් විචාරයේ සීමාවක් විතරක් නෙවෙයි. සමස්ත කෘතියෙන් මතුවන අදහස වඩා එක් එක් අංග වලින් මතුවන හුදෙකලා සංඥා වැදගත් වෙන්නේ නෑ. අතුල මහතා හරි.ඇය අපයෝජනය වෙලා වුවත් මට ඇය ඇගේ අපේක්ෂා හා අනාගතය තව කෙනෙකුට භාර දී "පිළිකුලයි" 'ජුගුප්සා ජනකයි' කියා අහක බැලිය නොහැකියි. තව දියණියකට මෙම වරද වීමෙන් වළකන (කිසිදු වර්ගයක තිරිසනෙක් වයස සම්පූර්ණ නොවූ ස්ත්‍රී සතුන් ලිංගික කාර්යයට යොදා නොගනී!! ආදී මිලේච්ඡයෝද එසේ නොකළාහුය) සංවේදනය හා ඥානනය සම්පාදනය කරන හෙයින් මට මෙය සත් කලා කෘතියකි.
  • Athula Kithsiri niyamai machan niyama sarthaka hasukaraganimak.........
  • Sithumini Rathnamalala නිර්මාණ ශිල්පියෙක් නිර්මාණයක් එළිදැක්වූ විට ඊට එකිනෙකින් වෙනස් අරුත් ගැන්වීම් විවිධ පසුබිම් වල විවිධ රසවිඳින්නන් අතින් ලැබෙනවා. නිර්මාණකරුට අවශ්‍ය වූ දෙයම ප්‍රක්ෂේපණය විය යුති යැයි සිතුවේ බොහොම පැරණි විචාර නිර්ණායකයන් යටතේ පමණයි. බහුවිධ අර්ථයන්ගේ ගැටුම කෘතියක වියමන විවරණය කරගැනීම පිණිස ඉතා වැදගත්.කලා කෘතියක් වෙනුවෙන් ඒ කතිකාව අවශ්‍යයි.Gamini Ekanayaka මහතාගේ අදහස අගය කරනවා.
    මම හිතන්නේ මේ දරුවා සිය වම් අත පාවිච්චි කරන්නේ තමන් ඇඳන් ඉන්න බුරුල් ඇඳුම පහලට ඒම ඇයට අපහසුවක් ඇති කරන බැවින් ඇඳුම ඇඟට තද කර ගන්න. සාරිය අඳින කාන්තාවනුත් ඔතැනින් සාරිය අල්ලාගෙන යනවා අපි කොතෙකුත් නිරීක්ෂණය කරනවා. බෝනික්කාගේ මුව තිබෙන්නේ කොතන දැයි ඇයට හැඟීමක් නැහැ. ඇය එය තමන්ට පහසු පරිද්දෙන් සිරුරට හිර කරගෙනයි ඉන්නේ.
    විවිධ ප්‍රේක්ෂකයින්ගේ විවිධ කියවීම් විවිධ සංකේතාර්ථ මතු කරන්න පිළිවන්. කලා කෘතියකින් සමාජ විවරණයක් වෙන්නේ ඒ විවිධ අර්ථ ගැටුනාම.
    මට නං මේ පින්තුරය හරි වටිනා එකක් .
  • Manoj Asanka හොද කතිකාවතක් ගොඩනගපු ඡායාරූපයක්.this is "Photo Talk"
  • Razel Raslan ඉස්තූති..
  • Nuthana Manawaya .
    ළමයෙක් බෝනික්කෙන් ඔහොම තියන් ඉන්න එක වරදක් නෙවේ
    ඒ වගේම අනිත් අතෙත් වරදක් නැහැ
    ඕක වරදක් විදියට් ළමා සමාජය තුල කිසිම දරුවෙක් දකින්නේ නැහැ
    වරද දකින්නේ දුෂිත වැඩිහිටි හිත
  • Indranatha Thenuwara ඇඟිලි ඉරීමේ සිට කුඩා දරුවන් යම් යම් ක්‍රියාකාරකම් මගින් ඔවුන් මේ කරන්නේ කුමක්දැයි නොදැන, ලිංගික උත්තේජයන් ලබන බව වෛද්‍ය විශේෂඥ මතයයි. ඒවන ක්‍රයාවක් දඬුවමක් මගින් නැවැත්වීමට උත්සාහ කළොත් එය දරුවාගේ යට තුළ නිදන් ගත වන්නේ උත්තේජනයත් සමග දැණු වේදනාවත් එක්කයි.
    ඔවුන් වැඩි විය පත් වන විට කුඩා කාලයේ නොදැන කළ දේ දැන් සක්‍රිය වන්නේ අර වේදනාවත් සමගයි. එවන් දරුවන් විකෘති වින්දනයන් ප්‍රිය කරන්න පෙළඹෙනව. එක්කෝ පිටස්තරයෙක් වේදනාවට පත් කිරීමෙන්, නැතිනම් තමන් ම වේදනාවට පත් වීමෙන්.
    නමුත් මේ කියන මේ සමාජ විද්‍යාත්මක කතිකාවත මේ පින්තූරයෙන් ඉස්මතු වන්නෙ නැහැ ඒ ආකාරයෙන් බැලුවොත් මිසක..
    මේ දරුවාට වඩා හොඳින් වැඩුණු, දැන උගත්, මෝසතරකාර, ආඩම්බර, විනීත කාන්තාවන් බහුතරයක් දෙනා සාරිය අල්ලං යන්නෙ එතැනට යටින් තියෙන දෙයක් වැටෙයි වගේනෙ..!!!විශේෂයෙන් වැස්ස දවස්වල..!!
    මමනම් බැලුවෙ මේ පින්තූරය ක්‍රොප් කරල, මීට වඩා ලොකු වටිනාකමක් දෙන්න පුලුවන්ද කියලයි.
    ඒකනම් තාම බැරි උනා.
  • Indranatha Thenuwara තව එක දෙයක් කියන්න අමතක උනා. මේ පින්තූරෙ ඇහැ ගැටුණු සැණින් ක්ලික් කරල ඉවරවෙලා තව ටිකක් ඉවසගෙන, කැමරාව මානාගෙන හිටියානම්, “කුණු කරවල රස“ නැති ව ග්‍රහණය කර ගන්න තිබුනා නේද..?
  • Athula Siriwardhane .
    මම කියන්නෙත් තේනුවර
    අන්තිමට කියන දේ තමයි.
    ඡායාරූප ශිල්පියා
    ඡායාරූපයක් ගනිද්දි
    සමස්තය බැලිය යුතුයි..

    මේ තියන විදිය නිවැරදියි
    කියල යමෙක් හිතනවා නම්
    ඒ අයට සහ මේ ඡායාරූපයට
    මම ඒ කියන දේ අදාළ නැහැ.

    මේ තියන විදිය වැරදියි
    කියල යමෙක් හිතනවා නම්
    ඒ අයට සහ මේ ඡායාරූපයට
    මම ඒ කියන දේ අදාළයි.
  • Athula Siriwardhane Sithumini Rathnamalala[[[ නිර්මාණ ශිල්පියෙක් නිර්මාණයක් එළිදැක්වූ විට ඊට එකිනෙකින් වෙනස් අරුත් ගැන්වීම් විවිධ පසුබිම් වල විවිධ රසවිඳින්නන් අතින් ලැබෙනවා. නිර්මාණකරුට අවශ්‍ය වූ දෙයම ප්‍රක්ෂේපණය විය යුති යැයි සිතුවේ බොහොම පැරණි විචාර නිර්ණායකයන් යටතේ පමණයි. බහුවිධ අර්ථයන්ගේ ගැටුම කෘතියක වියමන විවරණය කරගැනීම පිණිස ඉතා වැදගත්.කලා කෘතියක් වෙනුවෙන් ඒ කතිකාව අවශ්‍යයි.]]]

    සමස්තයක් විදියට මේ අදහසට එකඟයි.

    ඒත් රස විඳින්නා හා විචාරකයා
    මොන කතිකාවතක් ගොඩ නැගුවත්
    පරිණත කලාකරුවෙකුට
    තමන් යන මග පැහැදිලි විය යුතුයි.

    කිසියම් කෘතියක්
    නිෂ්පාදකයාගේ
    කණා ෂොට් එකක් වුවහොත්
    රසිකයන් හා විචාරකයන්
    කණා මුට්ටිය බිඳින්නන් වීමයි
    එහි ප්‍රතිඵලය විය හැක්කේ.

    බොහෝ විට
    බිඳින්නට මුට්ටියක්
    ඇත්තෙම නැහැ.
  • Athula Siriwardhane Indranatha Thenuwara [[[ඇඟිලි ඉරීමේ සිට කුඩා දරුවන් යම් යම් ක්‍රියාකාරකම් මගින් ඔවුන් මේ කරන්නේ කුමක්දැයි නොදැන, ලිංගික උත්තේජයන් ලබන බව වෛද්‍ය විශේෂඥ මතයයි.]]]

    සමාජය ඉදිරියේ නොකලයුතු
    කටේ අත දැමීම,
    නාසය හෑරීම වැනිදේ
    වැඩිහිටියන් වළක්වනවා..
    බෝනික්කා ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන්..
    ඒත් චූ බර නිසා හෝ
    අත තියා ගත්තොත්
    ඒ අත ඉවත් කරගන්නැයි කියන්නට
    වැඩිහිටියන් පැකිලෙනවා
    කියල මම හිතනවා.

    ලිංගිකත්වය කියන්නෙ
    ස්වභාව ධර්මයේ
    මූලික අවශ්‍යතාවයක්.

    ඒ ලිංගිකත්වය
    තමන්ගේ උපරිම තෘප්තියක් හා
    රසාස්වාදයක් දෙන සම්පතක් විදියට
    ඒකට වහල් වෙලා
    දරුවෙක් තුළ ලිංගිකත්වය දැකීම
    වැඩිහිටියන්ට පවක් වෙලා
    කියලයි මට හිතෙන්නෙ.

    දරුවාත් තමන්ගෙ පාරෙම එන
    තවත් සත්වයෙක් බව
    ඔවුන් හිතන්නෙ නැහැ.
    අපි තෘප්තිමත් වෙන්න හෝ
    ඉගෙනගන්න බලාගෙන කරපු
    හැම දෙයක්ම
    දරුවාත් කරන්න ඉඩ තියනවා.
    ඔවුන් ඊටත් එහා යන්න පුලුවන්.
    මේ චාරයක් නැති,
    සිහිය නැති, නිහීන වර්තමානය තුළ
    අඩු වයසින්ම ජීවිතේ වටිනාකම
    සෝදා පාලුවෙන්න පුලුවන්.
    එහෙම වෙනවා අපි දකිනවා.

    සදාචාරය ගැන හැඟීම නැති වුණොත්
    නොමග ගොස් ගබ්සා කරගන්නට
    එයින් මියැදෙන්නට පවා
    ඉඩ ඇති බව කියන්නට
    අද දරුවන් කුඩා නැහැ.

    විරුද්ධ ලිංගික ඇසුර වැරදුණොත්
    ගබ්සාවකින්, මරණයෙන්
    ජීවිතය නැති විය හැකි බව
    දහමෙදි නිරය ගැන කියා දෙනවා වගේ
    මගේ අවුරුදු හතේ සහ පහේ දරුවන්ට
    මම කියාදී තියෙනවා.

    ලිංගිකත්වය ගැන
    දරුවන්ට කියාදෙන්න අවශ්‍ය නැහැ.
    ස්වභාව ධර්මය ඒ ඉව ඔහුට දී තිබෙනවා.
    ඒ ඉව උත්තේජනය කිරීම
    ලිංගිකව නොවුණත්
    කායික ස්පර්ශය මගින්
    දෙමාපියන්ගේ පටන්
    දරුවාට අත පෙවිය හැකි
    හැම වැඩිහිටියෙකුගෙන්ම පාහේ
    නොමඳව සිදු වෙනවා.
    ලිංගිකව වුණත්
    කරදරයක් වෙනතුරුම
    දැනගන්නට බැරි තරම් දුර
    සමාජය දරුවන් අරන් ගිහින්.

    පියාත්, සොහොයුරාත් අතින්
    කාලයක් තිස්සේ අපයෝජනය වුණ
    දස හැවිරිදි දැරියක් ගැන
    රාජාංගනයෙන් වාර්තා වුණා.

    මේ කියවන ඔබේ දරුවා
    කවරෙකු අතින් හෝ
    ලිංගිකව අපයෝජනය නොවේයැයි
    ඔබට සහතිකද?

    ලිංගිකත්වයේ හානිකර පැත්ත ගැන
    හිරි ඔතප් වශයෙන්
    සොබාදහමෙන් ලැබුණ ඉව
    අදාන්ත වැඩිහිටියන්ගෙ අවිචාරවත්,
    කාමුක හැසිරීම් නිසා
    අද යුගයේ කුඩා දරුවන් තුළින්
    ළමා වියේදිම ගිළිහෙනවා.

    ලිංගිකත්වය මරුවැලක් විය හැකිබව
    කුඩා දරුවන්ට කියා දිය යුතුයි.

    ඔවුන්ගේ දිවිය රැකගැනීමේ වගකීම
    හැකි ඉක්මණින් ඔවුන්ටම පැවරිය යුතුයි..
  • Sameera Liyanage kuda daruwekuge photo ekak dakin wedihitiyange kunuharupa hitha comments walin pene
  • Razel Raslan Athula Siriwardhane මහතා [[[කිසියම් කෘතියක්
    නිෂ්පාදකයාගේ
    කණා ෂොට් එකක් වුවහොත්
    රසිකයන් හා විචාරකයන්
    කණා මුට්ටිය බිඳින්නන් වීමයි
    එහි ප්‍රතිඵලය විය හැක්කේ]]]

    Athula Siriwardhane මහතා හිතන්නේ මේ තවත් එක කණා පාරක් කියාද?
  • Athula Siriwardhane .
    රස්ලාන්ගෙ මේ ඡායාරූපයත්
    බොහෝ දුරට
    කණා ශොට් එකක් තමයි.

    ඒත් මම හිතන විදියට
    අපි කරන
    අපි දකින බොහෝ නිර්මාණ තියෙන්නෙ
    කණා ෂොට් එකත්
    කලාකෘතියත් අතරයි.
    අපේ ඡායාරූපයක්
    අනෙක් ඡායාරූප අතර කැපී පෙනෙන්නෙ
    එහි කණා ෂොට් ගතිය අඩු නම් තමයි.

    අපි දන්න දේත්, අපි ලබල තියන පුහුණුවත්,
    අපේ ආම්පන්නත්,
    අපිට ලැබෙන හෝ හදාගන්න අවස්ථාවත්
    ආදී වශයෙන් බොහෝ දේ වල
    පොදු ගුණාකාරයක් තමයි,
    ඡායාරූපයක් කියන්නෙ.

    ඡායාරූපයක්
    කණා ෂොට් එකක් නොවන්නට නම්
    ඡායාරූප ශිල්පියා බොහෝ දේ
    ප්‍රගුණ කළ යුතුයි.
    ඡායාරූපය නොවෙයි
    දියුණු කළයුත්තෙ.
    ශිල්පියා සහ ඔහුගෙ දැක්මයි
    දියුණු විය යුත්තෙ.
    දැක්ම ඡායාරූපයට නගන්න
    තාක්ෂණයත් අවශ්‍යයි.

    මේ දේවල් අපි කොයි තරම් දුරට
    දැනුවත්ව යොදාගත්තාද කියන එක මත
    අපෙ කෘතියෙ කණාෂොට් බව
    අඩු වැඩි වෙනවා.

    ඡායාරූපය කියන්නෙ අතුරුඵලයක්.

    සැබෑ ප්‍රතිඵලය නම්
    ඡායාරූප ශිල්පියාගෙ වර්ධනයයි.
  • Indranatha Thenuwara කණා ෂොට් එකක් කවරදාවත් කලා කෘතියක් තියා නිර්මාණයක්වත් වන්නෙ නැහැ.
    මේ පින්තූරය ඉතාම පැහැදිලි ව කණා ෂොට් එකක් නෙමෙයි.
    ඒ වගේ ම නිවැරදි මොහොතෙ ක්ලික් කළ විශිෂ්ට නිර්මාණයකුත් නෙමෙයි.
    ඡායාරූප ශිල්පියා අසුරු සැණින් යමක් ග්‍රහණය කර ගන්නට තරම් වේගවත්, දක්ෂ, අයෙක් වෙනවා වගේ ම, තමන්ට අවශ්‍ය මොහොත උදාවන තෙක් අවුරුදු ගණනක් උනත් කල් මරන්නට හැකි අතිශය ඉවසිලි වන්තයකුත් විය යුතුයි.
    ඒ වගේ ම තමන් ගත් පින්තූරය තමන් කළින් දැකිය හැකි කෙනෙකුත් විය යුතුයි.
    මේ පින්තූරෙදි රස්ලාන් වේගවත් උනා. නමුත් ඉවසුවේ නැහැ..!
    එහෙම උනාට ඒක කණා ෂොට් එකක් නෙමෙයි.

    අඩු තරමින් මේ පින්තූරෙ මේ දේ නොතිබුණානනම් අතුලට මාගල් වගේ ලියන්න මොකවත් මත් නැති වෙනවනෙ..!
    ඒක තමයි කතිකාවත කියන්නෙ.
    එක්කො පින්තූරය ගැන කතා කරනවා.
    නැතිනම් පින්තූරයේ යටි පෙල අරුත කතා කරනවා.
    එහෙමත් නැතිනම් ඒ මතින් හාත් පසින් ම වෙනස් කතාවක් ගොඩ නංවා ගන්නත් පුලුවනි.
    23 hours ago · Like · 5
  • Sameera Liyanage hats off sir!
  • Praneeth Rodrigo Razel Raslan අර පුන්චි කෙල්ල මේ කතා "වල්" දන්නවනම් ජීවිතේට උඹට ඔය පින්තූරේ ගන්න දෙන්නේ නෑ...
    23 hours ago · Like · 1
  • Razel Raslan කණා ෂොට් කියලා මම දකින්නේ වාහනයකින් හරි, කෝච්චියකින් හරි, ඇවිදන් යනගමන් හරි ෂොට් 500- 600 විතර එක දිගට ගහගෙන ගෙදර ගිහින් එවලින් 10 වත් හරිවිදියට තෝරාගන්න දගලන ඒවාටයි..

    මම පින්තූරය ගන්න හිතුවේ මම දැක්ක විවිද වර්ණයන් නිසාත්.. කඩයක වහල තුලින් ඒ ලමයව පෙනෙන අන්දමත් නිසයි.. මම ගත්තේ පින්තූර දෙකයි.. කණාවට ඔබාගෙන ඔබගෙන යන පුරුද්දක් මගේ නෑ.. ළමයා කෙලින් බලාගෙන ඉන්න එකකුත්.. කැමරාව දිහා හැරිලා බලාගෙන ඉන්න විදියේ එකකුයි මට ඕනේ උනේ..

    මගේ වැරැද්ද කියලා මම හිතන්නේ මම ඒ වෙලාවෙත් අවදානය යොමුකළේ ඒ කුඩා දරුවාගේ මුහුණ හා රාමුව සකස් කරගැනීමයි.. කා දිහත් මම කතාකරන්නේ ඇස් දෙක දිහා බලාගෙනයි..
    23 hours ago · Like · 2
  • Athula Siriwardhane .
    කෘතිය ගැන හොඳින් කෙරුණු සංවාදය
    කෘතියෙන් පිට පැනගෙන
    සුපුරුදු Photo-Talk සංවාදයක් බවට
    පරිවර්තනය වෙන බව පෙනෙනවා.
  • Indranatha Thenuwara මෙන්න මේ මගේ පින්තූරයනම් කණා ෂොට් එකක්.
    හැබැයි ඒක කණා උනාට මේ පින්තූරය ගන්න පාදක වෙච්ච කතාබහ අතිශයින් වැදගත් හරවත් විවාදයක්...!!
    https://www.facebook.com/photo.php...
  • Razel Raslan මතකයි ඒ කතාව..
  • Athula Siriwardhane .
    කණා ෂොට් එකක් නොවන ඡායාරූපයක්..
    --------------------------------------
    යුසුෆ් කර්ශ් ඡායාරූපයක් ගන්නට පෙර
    තමන් ඡායාරූපයට නගන චරිතය
    ඔහුගෙ හැසිරීම් රටා, විනෝදාංශ ආදිය
    හොඳින් හදාරා සූදානම් වෙන කෙනෙක්.

    චර්චිල් කෝප ගැන්වීම නම්
    කර්ශ් ලොකු පූර්ව සූදානම් වීමකින්
    හිතා මතා කළ දෙයක් නොවෙයි.

    ඔහු මුලින් අළු බඳුන දික් කළ විට
    චර්චිල් සුරුට්ටුව තැබුවා නම්
    මේ ද්වේශය ඇතිවෙන්න හේතුවක් නැහැ.
    ----------------------------------------------
    1, කර්ශ් කලින් දින හැන්දෑවේ
    ඔහුගෙ උපකරණ සූදානම් කොට තිබුණා.
    -----------------------------------------------
    2, ඔහු සුරුට්ටුව නැතිව
    ඡායාරූපය ගන්නට
    කර්ශ් සැලසුම් කොට තියෙන්න ඇති..
    ඔහු අළු බඳුන දික් කළේ ඒ නිසයි.

    සුරුට්ටුව නැතිව ගන්නවා කියන තීරණය හැර
    "චර්චිල් ගේ සේයා රුව කෙබඳු විය යුතුද" යන්න ගැන
    ඒ වාතාවරණය තුළ
    කර්ශ්ට පාලනයක් තිබුණා කියන්න
    අපට බැහැ..

    3, සුරුට්ටුව ඇද ඉවත් කළ විට
    චර්චිල්ගේ ඇතිවෙන අප්‍රසාදය
    කලින් අනුමාන කිරීම
    මිනිස් චර්යාවන් පිළිබඳව කර්ශ්ගේ ඇති ඉව
    ප්‍රකට කෙරෙන කරුණක්...

    ඒ හැඟීම ඔහු සැලසුම් කළේ
    ඔහු අළු බඳුන දික් කළ විට
    චර්චිල් සුරුට්ටුව නොතැබුවාට පසුවයි.

    4, ඔහු කැමරාව, ආලෝකය ආදිය
    මනාව තියනවාද කියා
    පිරික්සුවේ ඒ මොහොත
    තීරණාත්මක බව දන්න නිසයි.

    5, ඔහු අළු බඳුන දික් කරන්නට පෙර
    චර්චිල් සුරුට්ටුව උරන තුරුත්
    ඔහු ඉවසුවා.

    6, ඔහු අනියම් ආකාරයෙන්
    චර්චිල්ව අධ්‍යක්ෂණය කළා..

    ඒ ශිල්පීය පරිචය සුවිශේෂයි.
    එය තාක්ෂණික දක්ෂතාවය මෙන්
    සුලබ දෙයක් නෙමෙයි.
    22 hours ago · Like · 2
  • Razel Raslan "චර්චිල් කෝප ගැන්වීම නම්
    කර්ශ් ලොකු පූර්ව සූදානම් වීමකින්
    හිතා මතා කළ දෙයක් නොවෙයි"

    හිතා මතා කළ දෙයක් නොවෙන දේවල් ?
  • Athula Siriwardhane .
    1, කර්ශ් කලින් දින හැන්දෑවේ
    ඔහුගෙ උපකරණ සූදානම් කොට තිබුණා.
    -----------------------------------------------
    2, ඔහු සුරුට්ටුව නැතිව
    ඡායාරූපය ගන්නට
    කර්ශ් සැලසුම් කොට තියෙන්න ඇති..
    ඔහු අළු බඳුන දික් කළේ ඒ නිසයි.
  • Athula Siriwardhane .
    මෙන්න කණා ෂොට් එක..
    22 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    ප්‍රශ්නය=
    මා අවනිර්මාණ ශීලී බව විශ්වාස කරමි.
    නර්තනය හා සිතුවම්කරණය හැර
    නිර්මාණ ශීලී විය හැකි දේවල් මොනවාද?
    මගේ නිර්මාණ ශීලී බව
    සොයා ගත හැක්කේ කෙසේද?
    --------------------------------------------------------------
    OSHO -නිර්මාණ ශීලී භාවය

    කිසිදු නිශ්චිත ක්‍රියාවලියකට අදාළ නොවේ.
    චිත්‍ර ශිල්පය, කවිය, නර්තනය, ගායනය.
    එය කිසිදු නිශ්චිත දෙයක් සමග සම්බන්ධයක් නැත.

    ඕනෑම දෙයක් නිර්මාණ ශීලී විය හැක.

    ඔබ එම ගුණය ක්‍රියාවලිය වෙත රැගෙන එයි.
    ක්‍රියාවලිය නිර්මාණශීලී හෝ අවනිර්මාණ ශීලී නොවේ.
    අවනිර්මාණ ශීලී ලෙස චිත්‍ර ඇඳිය හැක.
    ඔබට අවනිර්මාණ ශීලී ලෙස ගායනා කළ හැක.
    ඔබට නිර්මාණ ශීලී ලෙස පොළව ඇමදිය හැක.
    ඔබට නිර්මාණ ශීලී ලෙස අහාර පිසින්නට හැක.

    නිර්මාණ ශීලී බව
    ඔබ කරගෙන යන්නාවූ ක්‍රියාවලියට
    ඔබ ගෙන එන ගුණයයි.

    එය ආකල්පයකි. ඇතුළාන්ත මෙහෙයවීමකි..
    එහෙයින් සිහි තබාගත යුතු පළවෙනි දෙය නම්
    "නිර්මාණ ශීලී බව
    කිසිදු නිශ්චිත දේකට කොටු නොකරන්න" යන්නයි.

    ඔහු නිර්මාණ ශීලී නම් ඔහු කරන ඕනෑම දෙයක්,
    ඔහු ඇවිදින විට පවා, ඔහුගේ ඇවිදීම තුළ
    නිර්මාණ ශීලී බව දැකිය හැකිය.

    ඔහු නිහඬව හිඳගෙන කිසිවක්ම නොකර සිටියත් ,
    ඒ අක්‍රිය බව තුළ පවා නිර්මාණ ශීලී බව රැඳී ඇත.

    බෝ රුකක් මුල හිඳ කිසිවක් නොකර සිටින බුදුන් වහන්සේ
    ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම නිර්මාණ ශීලී මිනිසාය.

    නිර්මාණ ශීලී හෝ අවනිර්මාණ ශීලී වන්නේ ඔබ බව...
    පුද්ගලයා බව තේරුම් ගත් පසු ඔබේ ගැටලුව අතුරුදහන් වෙයි.
    -OSHO
  • Athula Siriwardhane .
    ඡායාරූපයක්
    කණා ෂොට් එකක් නොවන්නට නම්
    ඡායාරූප ශිල්පියා බොහෝ දේ
    ප්‍රගුණ කළ යුතුයි.
    ඡායාරූපය නොවෙයි
    දියුණු කළයුත්තෙ.
    ශිල්පියා සහ ඔහුගෙ දැක්මයි
    දියුණු විය යුත්තෙ.
    දැක්ම ඡායාරූපයට නගන්න
    තාක්ෂණයත් අවශ්‍යයි.

    මේ දේවල් අපි කොයි තරම් දුරට
    දැනුවත්ව යොදාගත්තාද කියන එක මත
    අපෙ කෘතියෙ කණාෂොට් බව
    අඩු වැඩි වෙනවා.
    22 hours ago · Like · 4
  • Nisal Thenuwara oya punchi kella thamange unanam kauruwath oka idiripath karaida.
  • Dasun Wanaguru දැනුයි මං මේක දැක්කේ....
    මේ කොමෙන්ට් ටික කියවත්දී පුදුම හිරිකිතයක් මට දැනුනේ....
    මං කරන්නද මේ වගේ දරුවෝ සීයලා,මාමාලා,බාප්පලා අතින් දුෂණය වෙන රටක්නේ මේක...
    11 hours ago · Unlike · 1
  • Sithumini Rathnamalala "කලාව" හෝ "කලාත්මක බව" සහ "නිර්මාණශිලිත්වය" යනු එකිනෙක හා දැඩිව බැඳී තුබුණත් ඒ එකක් නොව එකිනෙකින් වෙනස් සංකල්ප දෙකක් බව වටහා ගැනීම වටින්නේය.
    11 hours ago · Like · 2
  • Athula Siriwardhane සමහර ඡායාරූප ලස්සණයි සිතුමිණි..
  • Manel Gunathilake anee..ithin oya daruwa hithala oya vidiyata atha tiyaagena hitiya kiyamukoo..ithin mokakda warada?.tamunta tamange sareeraya atha tiyanna beri thenak thiyenawada?oya vidiyata hithana aya wedi nisa thamayi ada mee taram geenu lamayi duushaya wedi wela tiyennee.....samawenna onee medata pennata...eeye indala meewa kiyawala berima tenayi pennee....
  • Athula Siriwardhane .
    සුපුරුදු විදියට
    සිතුමිණි කියාවි "ඔබම සොයා ගන්න" කියල. 
    ඒත් මේ ප්‍රශ්නය ඇසිය යුතුයි.
    -------------------------------------------------------
    "කලාව" හෝ "කලාත්මක බව" සහ "නිර්මාණශිලිත්වය" යනු එකිනෙක හා දැඩිව බැඳී තුබුණත් ඒ එකක් නොව එකිනෙකින් වෙනස් සංකල්ප දෙකක් බව වටහා ගැනීම වටින්නේය කිව්වාට මදි සිතුමිණි..
    ඒ දෙක වෙනස් වෙන්නෙ කොහොමද?

No comments:

Post a Comment