Friday, January 3, 2014

මිත්‍යාවට එරෙහිව


'මිත්‍යාවට එරෙහි' වෙන්න කලින් මිත්‍යාව මොකක්ද කියලා දැන ගන්න ඕනේ.

මිත්‍යාව කියන්නේ අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන දේවල්ද?
මහසෝනා කියන්නේ මිත්‍යාවක්ද?

අපිට ඉස්කෝලේ විද්‍යාවට උගන්වන දේවල් මිත්‍යා නෙමෙයිද?
Like ·  ·  · Stop Notifications · December 16, 2013 at 11:26am
  • 5 people like this.
  • Janith Chamara බොහෝ විට මිත්‍යාව කියන්නෙ ඔප්පු කල නොහැකි කතාවලටය පාසල් වල ආගම සම්බන්ධ දේ හරුනු විට උගන්වන්නෙ ඔප්පුකල හැකි සාක්ෂි සහිත දේ ගැනය.
  • Gimhana Wedage අපිට අපේ ඉන්ද්‍රිය අත්දැකීම් කොතරම් නම් විශ්වාස කරන්න පුලුවන්ද?
    විද්‍යාව ගොඩ නැගෙන්නේ අපේ ඉන්ද්‍රිය අත්දැකීම් මුලික කර ගෙනයි.

    මහසෝනා මිත්‍යාවක් ලෙස බැහැර කරන්නත්, ඉලෙක්ට්‍රෝන 'පවතින' බවට තදින් පිලිගන්නත් අපි පෙළඹෙන්නේ ඇයි.

    ඉලෙක්ට්‍රෝන පවතින බව ඔප්පු කරන්න පුළුවන්ද? අවම වශයෙන් කවුරුන් හෝ එසේ ඔප්පු කර තිබේද?
  • Gimhana Wedage විද්‍යාව කියන්නේ කතන්දර ගොඩකට. ඊට එහා දෙයක් ඒකෙ නෑ. අපේ ඉන්ද්‍රිය අත්දැකීම් විස්තර කිරීමට (හෝ පැහැදිලි කිරීමට) යම් යම් අය විසින් ගෙතූ කතන්දර සමූහයක් තමයි විද්‍යාව කියන්නේ.

    මේ කතන්දරයට පැහැදිලි කරන්න බැරි තැනක් තිබෙන විට සිදු වන්නේ වෙනත් අයෙකු විසින් වෙනස් කතන්දරයක් ගෙතීමයි.

    ඒ අර්ථයෙන් මහසෝනා කියන්නෙත් යම් කිසි දෙයක් පැහැදිලි කර ගැනීමට ගෙතූ කතාවක්.
  • Rd Kularathna හැබැයි ඒ ගෙතු කතන්දර වලින් ලොකය වෙනස් වෙලාතියෙනවා නෙද ?
  • Prashantha Walisundara Gimhana Wedage මහසෝනා ගහලා මැරිලා කියලා ලෝකේ කොහේ හරි මරණ පරීක්ෂණයක දී ඔප්පුවෙලා තියෙනවා ද?
  • Gimhana Wedage ඔප්පු කරනවා කියන දෙයින් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

    මහසෝනා ගහලා මැරුණා වගේම මහසෝනා ගහලා ලෙඩ වුණා කියලත් සමහරු විශ්වාස කරනවා.

    හරියට විද්‍යාව 'ඉගෙන ගත්තු' අපි ගුරුත්වාකර්ෂණය නිසා පොල් ගෙඩි බිමට වැටෙනවා කියලා විශ්වාස කරනවා වගේම තමයි.
  • Gimhana Wedage Prashantha Walisundara, පොල් ගෙඩි (නැතිනම් ඇපල්) බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියලාකවුරු හරි 'ඔප්පු කරලා' තියෙනවද?
  • Rd Kularathna Gimhana Wedage--- ඔබට සහ කිප දෙනෙකුට අනුව විද්‍යාව කියන්නෙ කතන්දර ගොඩකට වෙන්න පුලුවන්.. හැබැයි මුලු ලොකයම වෙනස් වන්නෙත් වෙනස් වෙලා තියෙන්නේත් මෙ කතන්දර ගොඩකට පින් ස්ද්ධ වෙන්න ..
  • Gimhana Wedage කුලරත්න මහතාගේ ප්‍රශ්නයට මම පසුව එන්නම්. මම කියන දේ තුල තියෙන හරය නෙමෙයි ඔබතුමා ප්‍රශ්න කරන්නේ.

    ඔබතුමාගේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ඔව්ද නැද්ද කියන එක මත මා පවසන දෙයට පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප වීමක් සිදු වන්නේ නෑ.
  • Gimhana Wedage අපි මහසෝනා ප්‍රතික්ෂේප කරන්නත්, ගුරුත්වාකර්ෂණය පිලිගන්නත් හේතුව කුමක්ද?
    ඔබලාගේ අවංක අදහස දැන ගන්න කැමතියි.
  • Prashantha Walisundara Gimhana Wedage මම අදහස් කළේ මහසෝනා ගැසීම නිසා මිය ගිය බව මරණ පරීක්ෂණයක දී මරණ පරීක්ෂකවරයා විසින් පවසා ඇති ද යන්න යි? මම ඔබෙන් එක ප‍්‍රශ්නයක් අහන්නම්, ඝෘජු පිලිතුරක් අවශ්‍යයි. මහසෝනා නම් යමෙක් ඇති බවත් ඔහු ගැසීම නිසා මිය යා හැකි බවත් ඔබ විශ්වාස කරනවා ද?
  • Janith Chamara ඉලෙක්ට්‍රෝන පැවත්ම කැතෝඩ කිරණ නළ ආදී පරීක්ෂණ වලින් පෙන්වන්න පුලුවන් ඒත් මහසොනගේ පැවත්ම එසේ පෙන්විය හැකිද
  • Gimhana Wedage 1. මරණ පරීක්ෂකවරයා යනුවෙන් ඔබ අදහස් කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව තීරණයක් ලබා දෙන වෘත්තිකයෙක් විය යුතුය. එවන් අයෙකු කෙසේවත් "මහසෝනා ගැසීම නිසා මිය ගිය බවක්" නොපවසනු ඇත.

    2. මහසෝනා යනුවෙන් යමෙක් නොමැත යන්න මාගේ පිළිගැනීමයි. එපමණක් නොව ගුරුත්වාකර්ෂණය යනුවෙන් දෙයක් නොපවතින බවත් මගේ පිළිගැනීමයි.

    3. මගේ ඉහත කොමෙන්ටුවේ ප්‍රශ්නයටවත් පිළිතුරක් දෙන්නේනම් ඔබට ගොඩක් ස්තුතියි.
  • Prashantha Walisundara Gimhana Wedage ඔබ පිළි ගන්නවා මහසෝනා යනුවෙන් යමෙක් නැතිව ඇති කියලා. එතකොට එහෙම කෙනෙක් නැතිනම් එහෙම කෙනෙක් ගහලා මිය යා නොහැකි බවත් ඔබට පිළි ගන්න සිද්ධ වෙනවා නේද?
  • Gimhana Wedage //ඉලෙක්ට්‍රෝන පැවත්ම කැතෝඩ කිරණ නළ ආදී පරීක්ෂණ වලින් පෙන්වන්න පුලුවන් ඒත් මහසොනගේ පැවත්ම එසේ පෙන්විය හැකිද//

    නැහැ ජනිත්, ඔබට (හෝ එවන් පරීක්ෂණයක් කරන්නෙකුට) එමගින් ඉලෙක්ට්‍රෝන 'පවතින' බවක් පෙන්විය නොහැක. ඉලෙක්ට්‍රෝන නිසා මෙවන් දෙයක් සිදු වන්නේය යනුවෙන් එම පරීක්ෂණය කරන අය ඔබට පවසනු ඇත. එමගින් ඉලෙක්ට්‍රෝන වල පැවැත්ම තහවුරු නොවේ.

    විද්‍යාවේදී කරන්නේ (කල හැක්කේ) අපේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් පැහැදිලි කිරීමට යම් කතාවක් නිර්මාණය කිරීම පමණි. විද්‍යාවේදී කිසිවක් සොයා ගන්නවා නොවේ. සිදු වන්නේ යමක් (විශ්වාසනීය ආකෘතියක්) නිර්මාණය කිරීමයි.

    නොපවතින මහසෝනා පෙන්වන්න බැරි ලෙසින්ම, නොපවතින ඉලෙක්ට්‍රොනත් පෙන්විය නොහැක.
  • Gimhana Wedage Prashantha Walisundara, මම ඔබට පිළිතුර දෙන්න කලින් කියන්න, ගුරුත්වාකර්ෂණය කියා දෙයක් පවතින බව ඔබ පිලි ගන්නවාද කියා.
  • Prashantha Walisundara Gimhana Wedage මෙහෙමයි හැමදේම පටලවාගන්න ගියොත් එකක් ගැනවත් හරියට කතා බහ කරන්න බැරි වෙනවා. ඉස්සෙල්ලාම මහසොනා ගැන කතා කරලා පසුව අනිත් ඒවාට එමමු.
  • Prashantha Walisundara Gimhana Wedage ඔබ පිළි ගන්නවා මහසෝනා යනුවෙන් යමෙක් නැතිව ඇති කියලා. එතකොට එහෙම කෙනෙක් නැතිනම් එහෙම කෙනෙක් ගහලා මිය යා නොහැකි බවත් ඔබට පිළි ගන්න සිද්ධ වෙනවා නේද?
  • Gimhana Wedage මම හදන්නේ පටලවන්න නෙමෙයි. ප්‍රශාන්ත, මම පැනයක් නැගුවේ ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් දීමට අවශ්‍ය කරුණු ඉස්මතු කර ගැනීමටයි.

    කරුණාකර පිළිතුරක් දෙන්න.
  • Prashantha Walisundara මමත් හදන්ෙන් ඒ්කමයි, මම අහපු ෙද්ට ඝජු පිලිතුරක් ෙදනවා නම් කෘතඥ ෙවනවා
  • Gimhana Wedage ඔබ මගේ ප්‍රශ්න එකකටවත් පිළිතුරක් දුන්නේ නෑ. මම ඔබේ පැනයට පිළිතුරක් දෙනවා. එයට මග පාදා ගැනීමටයි එම පැනය නැගුවේ. අවසන් වශයෙන් හෝ ඔබ එයට පිළිතුරක් දෙන්න කැමතිද?

    අකමැතිනම්, උපකල්පන කිහිපයක් මත පිහිටා හෝ මම පිළිතුරු දෙන්නම්.
  • Gimhana Wedage මම ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වන්නේ මාගේ පිළිතුරට අවශ්‍ය කරුණක් ගොනු කර ගැනීමටයි. ඔබ පිළිතුරු නොදී සිටින හේතුව මා හට පැහැදිලි නැත.

    කෙසේ වෙතත්, ඔබ මට කලින් පිළිතුරු නොදෙන බවවත්, අවම වශයෙන් පැවසිය යුතුයි.
  • Prashantha Walisundara //අකමැතිනම්, උපකල්පන කිහිපයක් මත පිහිටා හෝ මම පිළිතුරු දෙන්නම්.// ඔව් ඔබ ෙම් විධියට කරන්න
  • Gimhana Wedage ඔබේ පැනයට පිළිතුර :
    ගුරුත්වාකර්ෂණය නොපවතින ලෙසින් මහසෝනා ද නොපවතී.
    ගුරුත්වයට හසුවුණු පොල් බිමට වැටෙන පරිද්දෙන්, මහසෝනා ගැසූ අය මිය යති.

    මගේ ප්‍රශ්නවලට පිලිතුරුත් සමග ඔබගේ ඉතිරි පැන ඉදිරිපත් කිරීම වඩා සුදුසුයි.
  • Prashantha Walisundara මහසෝනා යනුවෙන් යමෙක් නැතැයි යන්න ඔබ පිළි ගන්නා බව ඔබ කියලා තියනවානේ. එහෙනම් මහසෝනෙක් ගහලා කෙනෙක් මිය යා නොහැකි බවත් ඔබට පිළි ගන්න සිද්ධ වෙනවානේ. ඒත් එක්කම මහසෝනා වැනි මිත්‍යා භූත බලවේග විශ්වාස කරන පිරිසක් සමාජයේ සිටින බවත් ඔබට පිළි ගන්න සිද්ධ වෙනවානේ. 

    බාහිර ලක්ෂණ නොපෙන්වා හෘද රෝග වැනි රෝගවලින් මිය ගියහම අතීතයේ මේවා විශ්වාස කළා මහසෝනා ගැහුවා, වැනි මොකක් හෝ භූත බලවේගවලින් මෙවැනි දේ වුණා කියලා. ඇඟ පොඞ්ඩක් නිල් වුණහම හිතන්නේ මහසෝනගේ පාරවල් කියලා. මීට ශතවර්ෂ ගාණකට කලින් මරණ පරීක්ෂකවරයෙක්ගෙන් ඇහුවනම් සමහර විට ඔහු මිය ගිහිල්ලා තියෙන්නේ මහසෝනා ගහලා කියලා කියන්න ඉඩ තිබුණා. එහෙත් අද ඇත්ත හොයාගෙන තියනවා. ඇයි අපි තවත් ශතවර්ෂ ගාණක් ආපස්සට යන්න හදන්නේ? අපිට සමාජයක් විධියට අලූත් දැනුම මත ඉදිරියට යන්න බැරි ඇයි?
  • Gimhana Wedage ප්‍රශාන්ත, ඔබට මම පවසන දේ පැහැදිලි නෑ වගෙයි.

    මහසෝනා විශ්වාස කරන අය සහ ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අය අතර ඔවුන්ගේ විශ්වාස සම්බන්ධයෙන් මා හට වෙනසක් නැත. මහසෝනාට නොමැති ගාම්භීර බවක් ඔබ ගුරුත්වාකර්ශනයේ දකිනවා. එයයි මම ප්‍රශ්න කරන්නේ. මට පිළිතුරු නොලබෙන්නෙත් එයටයි.
  • Prashantha Walisundara අභ්‍යාවකාශ ගත කරපු මිනිස්සු පාවෙන්නේ ඇයි? පෘථිවි ගෝලයේ ඉන්න මිනිස්සු පානොවෙන්නේ ඇයි? හදට ගියපු මිනිස්සු උඩින් පැන පැන දුවන්නේ අයි? ඔබට මේ දේවල් තේරුම් ගන්න බැරිද?
  • Gimhana Wedage ඔබම පැහැදිලි කරන්න බලන්න.
  • Gimhana Wedage ඔබ මෙය පැහැදිලි කරන්නේ ගුරුත්වාකර්ශනයෙන්ද?
  • Prashantha Walisundara ගුරුත්වාකර්ශන කිරන දහරාවලින් කිරණයක් අල්ලා ගත්ත දවසට මම ඔබට තැපැල් කර එවන්නම්... මෝඩ ප‍්‍රශ්න අහන්න එපා යාළුවා... ඔබෙයි, මගෙයි කාලය අපරාෙද්
  • Gimhana Wedage ඔබ තදින් ගුරුත්වාකර්ෂණය විශ්වාස කරනවා.

    නිව්ටන් මීට වසර 250 කට පමණ පෙර තමයි ඔය කතන්දරය ගොඩ නැගුවේ. එම කතන්දරය යොදා ගෙන හඳට රොකට් පවා යවන්න පුළුවන්. නමුත් එම කතන්දරය මගින් පැහැදිලි කරන්න බැරි දේ ඒමට තිබුනා. එහි අඩුපාඩු ගොඩක් තිබුනා.

    ඊට පසුව අයින්ස්ටයින් විසින් බිමට ඇපල් වැටෙන්නේ වෙනත් හේතුවක් නිසා බව පැවසුවා. ඔහු ගුරුත්වාකර්ෂණය ප්‍රතික්ෂේප කළා. ඔහු සඳහන් කළේ අවකාශ කාලයේ වක්‍රතාව අනුව එය සිදුවන බවකුයි. ඔබ නොදන්නවා උනාට නවීන විද්‍යාවෙන් ගුරුත්වාකර්ෂණය බැහැර කරලා ගොඩක් කල්.

    මගේ කාලය කෙසේ වෙතත් ඔබේ කාලය අපතේ යන නිසා නවතින්නම්.
  • Prashantha Walisundara අපේ සමහරු ඉන්නවා බටහිර කියපුවහම නිකං අබිං වගේ. එහෙත් අපි මේ පාවිච්චි කරන කොම්පුයුටරේ, අන්තර්ජාලය වගේ සියල්ල ම එන්නේ බටහිරින් බව හිතන්න කැමති නැහැ. අඩුම ගානේ අපේ රටේ එක කී බොඞ් එකක්වත් නිෂ්පාදනය කරනවාද? බටහිරට බැන බැන වුන්ගේ දේවල් ම පාවිච්චි කරනවා. බොරු දේශපේ‍්‍රමීත්වයක් එක්ක එන කුහකත්වයක් ඕතන තියෙන්නේ.
  • Gimhana Wedage මේ වගේ කුඩා සංවාදයක තියෙන අදහස්වත් ඔබට නිරවුල්ව අවබෝධ කර ගන්න බැරි හැඩයි.

    දැන් ඒක පාරටම බටහිර, අබිං, දේශපේ‍්‍රමීත්වය, කුහකත්වය වගේ දේවල් වලට ඔබ මාරු උනා.

    මම මතු කල කරුණු වලට ඔබට පිළිතුරු දෙන්න බැරි ඇයි.හරවත් සංවාදයකට ඉඩ ඇතැයි යන විශ්වාසයෙනුයි මම මේ සමුහයට එක් වුණේ.
  • Gimhana Wedage ඔබ මෙතෙක් තදින් එල්බ සිටි ගුරුත්වාකර්ෂණය අමු බොරුවක් බව දැන්වත් වැටහුනාද?
    මහසෝනා විශ්වාස කරන්නවුන්ගේ සහ ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන ඔබේ වෙනසක් නොමැති බව මේ සංවාදය බලන අයට පැහැදිලියි. දෙදෙනාම නොමැති, නොදකින, නොදැනෙන දෙයක් විස්වාස කරන්නවුන් වේ.
  • Gimhana Wedage මිනිස්සු ලෙඩ වුනාම ඒක පැහැදිලි කර ගන්න හදා ගත්තු කතන්දරයක් තමයි මහසෝනා කියන්නේ. ඇපල් බිමට වැටෙනවා දැකපු නිව්ටන් ඒක පැහැදිලි කරන්න ගෙතුවේ කතාවක්. එහෙම නැතිව නිව්ටන් පැවතුනු යතාර්ථයක් සොයා ගත්තා නොවෙයි. තව ටික කාලෙකින් අයින්ස්ටයින්ගේ කතන්දරය වෙනුවට වෙනත් කතන්දරයක් එයි.

    විද්‍යාවේ කතන්දර වල පසුබිම ඕකයි. අපි මහා ලොකු දේවල් විදියට හිතන ඉන්නේ අමු බොරු ගොඩකට. එහෙව් අපි මහසෝනට නක්කලේ දානවා.
  • Prashantha Walisundara ඔය හැම එකේ ම කතන්දර තියනවා. අපි මෙතන ඉස්මතු කරන්න ඕන, එහෙම නැතිනම් මේ ගෲප් එකට අදාළ ව කතා බහ කරන්න ඕන සමාජය වෙළාගෙන තියන, මිත්‍යා දෘෂ්ටික අදහස්වලින් මිනිසුන් නොමග යාමෙන් ආරක්ෂා කිරීම යි.

    උදාහරණ විධියට ආවේස වීම කියලා නොදියුනු සමාජයේ සිට පැවත එන මානසික රෝගයට බලිතොවිල්කාරයන් ළඟට නොගොස් රෝහලට ගොස් විධිමත් මනෝවෛද්‍ය ප‍්‍රතිකාර ගන්න සමාජයක් සැකසීමයි අපි කළ යුත්තේ. බිරිඳගේ/ස්වාමියාගේ අනියම් සම්බන්ධතා නවත්වන්න දේවාල ගානේ ගොස් කන්නලව්කරමින් සබ්බ සකලමනාව ම කපුවන්ට පූජා කරන පිරිස වෙනුවට ඊට අවශ්‍ය විද්‍යානුකූල පියවර ගන්න පුළුවන් සමාජයක් වෙනුවෙනුයි අපි කටයුතු කළ යුත්තේ. මෙකෙක්හරි ජෝතිශ්‍යකාරයෙක් හිතට ආපු දේවල් කිව්ව පලියට දෙයියෝ බලන්න ලක්ෂ ගණන් කතරගම වැනි දේවාල පසුපස දුවන සමාජය වෙනස් කරන්න යි අපි කටයුතු කළ යුත්තේ. 

    එහෙම නැතිව බටහිර බොරු, බටහිර ප‍්‍රතිකාර බොරු කියන බොළද තර්කවලින් වැඩක් නැහැ. එදා සමාජයේ තිබුණ හොදම මානසික ප‍්‍රතිකාර ඒවා වෙන්න පුළුවන්. එහෙත් අද ඉන් එහා යමක් හොයා ගෙන තියනවා නම් ඒක පිළි ගන්න මැලිවීම මෝඩ ක‍්‍රියාවක් හැර වෙන කුමක්ද?
  • Rd Kularathna විද්‍යාව දවසින් දවස වෙනස් වෙනවා තමයි. නමුත් අපි ඒ්ක අල්ලගෙන මහසොන් සංකල්පය වගෙ ඒකකුත් අසත්‍යක්නොවෙ යන්නට තර්ක ගෙන ඒම විහිලුවක්... තව ඒකක් තමයි විද්‍යාවෙ මෙ වගෙ වෙනස් වන තැන් ෙදකතුනක් අල්ලෙගන ඒ්කම තර්කයට ගෙ ඒ්ම සුදුසු නැ .....විදයාවෙ වෙනස් නොවු දෙවල් කොච්චර තියෙනවද ?
  • Rd Kularathna මෙ නලින්ද සිල්වා මහත්තයා වපුරපුවා....ප්‍රශ්න නගන්න කියලා දිලා තියෙනවා.....උත්තර දෙන්න කියල දිලා නැ
  • Rd Kularathna තර්ක කරනවා ...ඒවා තාර්කිකයි තමයි.. හැබැයි යතාර්තවාදි නැ
  • Gimhana Wedage මෙහි මා ගෙන හැර දැක්වූ කරුණු කෙනෙකුට දෙතුන් වරක් වුව බලන්න පුළුවන්නේ. මේක වාචික සංවාදයක් නෙමෙයිනේ. එහෙම තියෙද්දිත්, පුළුවන් තරම් සරලම වචන යොදලත් මම කියන දේ වැරදියට තේරුම් ගන්නේ ඇයි.

    "බටහිර තියෙන්නේ බොරු. පෙරදිග ඒවා තමයි ඇත්ත. මහසෝනා බොරු නෙමෙයි."

    මම මෙහෙම දේවල් කියපු විදියටද තේරුම් යන්නේ? නැවත කියවලා බලන්න මොන වැකියෙන්ද එහෙම දෙයක් දැනෙන්නේ කියලා.

    මේ අදහස් මගේ අදහස් කුලරත්න මහතා. කවුරු වැපිරුවාද කියන ඒක වැදගත් නෑ. තවමත් මම අහපු දේවල් වලට උත්තර නොදී, මම පිළිතුරු නොදුන්නැයි චෝදනා කරනවා.

    විද්‍යාවේ තියෙන තැන් දෙක තුනක් නෙමෙයි, සියල්ලම මේ වගෙයි. ඒක එහෙම නොවුනා නම් තමයි පුදුමය වෙන්නේ. විද්‍යාවේ තියෙන්නේ එක් සංකල්පයකින් තවත් එකක් පැහැදිලි කිරීම. මුලික සංකල්ප ටික අර්ථ දැක්වෙන්නේ නෑ.

    මෙහි මා ගෙන හැර පාන්නේ විද්‍යාවේ සංකල්ප බැහැර කිරීම නොවේ. එහි තිබෙන ස්වරූපය ගෙනහැර දැක්වීමයි. අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවුණු පමණින් යම් සංකල්පයක් මිත්‍යා ලෙස බැහැර කිරීමේ තිබෙන වරදයි මා පෙන්වා දෙන්නේ. එලෙස බැහැර කරන අපි, විද්‍යාවේ තිබෙන එවන් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප හිස් මුදුනින් පිලි ගැනීමයි මා විවේචනය කරන්නේ. මා උදාහරණ ලෙස දැක්වුයේ ඔබලා හිස් මුදුනින් පිළිගත්, නමුත් විද්‍යාවෙන් පවා ප්‍රතික්ෂේප වූ සංකල්පයකි. අනෙක් සංකල්පත් ඊට වඩා දේ නොවේ.
  • Gimhana Wedage මේ සංකල්ප වලින් වැඩ ගැනීමයි විද්‍යාවේදී කරන්නේ. මහසෝනා කියන්නෙත් සංකල්පයක්. එකෙනුත් වැඩ ගන්න පුළුවන්. ඉන් එහා දෙයක් මහසෝනාගේ නෑ.
    මහසෝනා මිත්‍යාව ලෙස බැහැර කරන ගමන්, ඉලෙක්ට්‍රෝන යථාර්ථය විදියට ගැනීම වැරදියි. මට නම් ඔය දෙකම මිත්‍යා. නැතිනම් අවිද්‍යා.
  • Gimhana Wedage //උදාහරණ විධියට ආවේස වීම කියලා නොදියුනු සමාජයේ සිට පැවත එන මානසික රෝගයට බලිතොවිල්කාරයන් ළඟට නොගොස් රෝහලට ගොස් විධිමත් මනෝවෛද්‍ය ප‍්‍රතිකාර ගන්න සමාජයක් සැකසීමයි අපි කළ යුත්තේ. බිරිඳගේ/ස්වාමියාගේ අනියම් සම්බන්ධතා නවත්වන්න දේවාල ගානේ ගොස් කන්නලව්කරමින් සබ්බ සකලමනාව ම කපුවන්ට පූජා කරන පිරිස වෙනුවට ඊට අවශ්‍ය විද්‍යානුකූල පියවර ගන්න පුළුවන් සමාජයක් වෙනුවෙනුයි අපි කටයුතු කළ යුත්තේ. මෙකෙක්හරි ජෝතිශ්‍යකාරයෙක් හිතට ආපු දේවල් කිව්ව පලියට දෙයියෝ බලන්න ලක්ෂ ගණන් කතරගම වැනි දේවාල පසුපස දුවන සමාජය වෙනස් කරන්න යි අපි කටයුතු කළ යුත්තේ. //

    මේක ඇවිල්ලා වෙන ප්‍රශ්නයක්නේ. බොරුවෙන් වංචාවෙන් මුදල් හොයන හොරු පිලිබඳ ප්‍රශ්නයක්.

    මෙහෙම හිතන්න. වෙදකම් කරන හොර දොස්තරලා කොච්චර ඉන්නවද? ඒකට විසඳුම බටහිර වෛද්‍ය විද්‍යාව තහනම් කරන එක නෙමෙයි. විද්‍යාත්මක දේවල් වලින් මිනිසුන් මුලා කරන, රවටන අය ඕන තරම් ඉන්නවා. ඒ වගේම තමයි බලි තොවිල් කරනවා කියලා බොරු කරන අයත් ඉන්නවා. හොරාව අල්ලන්නේ නැතිව, හොරා යොදා ගන්නා දැනුම් පද්ධතියට පහර දීම වැරදියි.
  • Nayana Priyankara ඔබ කියන කතාව හරි.අපි අඩුම තරමෙ මිනිස්සු මයා කාරයො කියල පිච්චුවෙ නැහැ නෙ. අපි යමක් පිලිගන්නකොට ඒක බටහිරද පෙරදිගද යන්න වදගත් නැහැ.යකුන් වැහුනම බටහිර වෛද්යවරයින් පාවිච්චි කරන විදිය යකදුරන් පාවිච්චි කරන විදියට වඩ ඉක්මන් සහ සාර්තකයි නෙ.කැඩුම් බිදුම් වලට සින්හල බෙහෙත් සාර්තකයි නෙ. වඩා සාර්තක ක්‍රමය පාවිච්චි කරහම හරිනෙ
  • Gimhana Wedage මේක බටහිර පෙරදිග ප්‍රශ්නයක් කර ගෙන තියෙන්නේ. හොඳම උදාහරණය රජරට වකුගඩු රෝගය. ඒකට හේතුව හෝ ප්‍රතිකර්මය බටහිර වෛද්‍ය විද්‍යාවට තවම නෑ. අපේ පාරම්පරික වෙදුන් ළඟ එයට ප්‍රතිකර්ම තිබෙන බව දැන ගන්න ලැබෙනවා විවිධ පුවත් වලින්.

    විද්‍යාවෙන් ඇස් අන්ධ උනාම මෙවන් ප්‍රතිකාර විධි, විකාර හෝ මිත්‍යා ලෙස බැහැර කෙරෙනවා. කිසිදු සොයා බැලීමකින් තොරවම.

    බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ඉක්මන් සුවය ලැබෙනවා කියන්නේ මතයක් විතරයිනේ. මෙහෙමයි. එක පහසුවෙන් වෙළඳ පොලෙන් ලබා ගන්න පුළුවන්. කලබලකාරී සමාජයේ ඉන්න අපි කවුරුත් කැමතියි, පහසුවෙන් 'ගෙදර යන ගමන්' ප්‍රතිකාර ගන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. එකේදී ප්‍රතිකාර කරන්නේ ලෙඩේට. ලෙඩාට නෙමෙයි. ලෙඩේ හොඳ වුනාට ලෙඩාට මොනවා වෙනවද කියලා අපි කවුරුත් දන්නේ නෑ.
  • Nayana Priyankara ඔබ කියන ඔය සාම්ප්‍රදායික ක්‍රමයෙ සාර්තක භාවය ඉතාම අඩුයි. ඔනෙ තරම් බලි තොවිල් කරල සනීප නොවුනු අය ඉන්නවා. නමුත් වෛද්ය විද්යාවෙ ඕක සරලව සනීප කරන්න පුලුවන් ලෙඩක්
  • Gimhana Wedage වෛද්‍ය විද්‍යාවෙන් සනීප කරන්න බැරි වෙන අවස්ථා කොච්චර නම් තියෙනවද? ලෙඩේ දෙක වෙන අවස්ථාත් තියෙනවනේ. ඒ වගේම තමයි බලි තොවිල් කරන්න ගිහින් ලෙඩ්ඩු මැරෙන්නෙත්.

    හොඳ කකුල වෙනුවට වැරදි කකුල කපපු අවස්ථා, ආවුධ ඇඟ ඇතුලේ තියෙද්දී මහපු අවස්ථා වගේ වැරදිත් තියෙනවා. ඒවා ඉතින් ප්‍රතිකාර ක්‍රමයේ වැරැද්ද නෙමෙයි.

    අපි පිටරටින් එන දේ දොහොත් මුදුනින් පිළිගන්නවද, හොඳට හොයල බලලා පිළිගන්නවද කියන දේ තමයි වැදගත් වෙන්නේ. විද්‍යාව ටිකක් ඉගෙන ගත්තම ඊට වඩා දෙයක් නැති වෙනවා. ඒක ඇවිල්ලා අපිට උගන්නන විදියේ වැරැද්ද. ඉස්කෝලේ යන කාලේ පටන් ගන්න ඔය වැරැද්ද ඔලුවෙන් අයින් කරන්න හරි අමාරුයි. කලා විෂයන් කරලා වැඩක් නෑ, විද්‍යා විෂයන් කරන අය තමයි වැඩ කාරයෝ කියලනේ කවුරුත් හිතන්නේ. ඉස්කෝලේ යන කාලෙදීම සිද්ධ වෙන වැරැද්ද ඕකයි. 

    විද්‍යා ගුරුවරයාම තමයි මුලික වැරැද්ද කරන්නේ. මහසෝනාව හෑල්ලු කරමින් අපිට ඉලෙක්ට්‍රෝන ගැන උගන්නන්නේ නැද්ද? හොඳට මතක් කරලා බලන්න.
  • Prashantha Walisundara Wedagee බටහිර ඖෂධ නිසා ලෙඩ රෝග සුව වෙනවා සේ ම වෙනත් රෝග ඇතිවීමේ හැකියාව පවතින බවත් බටහිර විද්‍යාවේ ම පිළි ගන්න සත්‍යයක්... ඒ නිසා ආයුරුවේද වැනි ස්වාභාවික දේ උපයෝගි කරගෙන කරන ප‍්‍රතිකාරවලට බොහෝ දෙනකුගේ ඇල්මක් තියනවා. ඒක හොද දෙයක්. හැබැයි හැම දේට ම ඒ න්‍යය ගලප්පන්න බැරිබවත් ඔබ තේරැම් ගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා.
  • Prashantha Walisundara රජරට වකුගඩු රෝගයට බටහිර ප්‍රතිකර්ම නොමැතිබවත්, සාම්ප්‍රදායික ප්‍රතිකර්ම ඇති බවට ඔබ පුවත්පත්වලින් දුටු බවත් කියනවා. ඕක තමයි අවුල. පුවත්පත්වල ඇතැම් මාධවේදීන් ඉන්නවා හැගීමක් ආපු පලියට ඔහේ ලියනවා. ඔය දකුණු පළාතේ ඉන්න වෙද නෝනා කෙනෙක් ව මාධ්‍ය විසින් පසුගිය දවස්වල හොදට මාකට් කළානේ. ගිය සතියේ මම දැක්කා ඒ නෝනා කියලා තියනවා ඒඩ්ස් රෝගය නිට්ටාවට සුව කරන්න පුළුවන් බෙහෙතක් හොයලා තියනවා කියලා. හැබැයි කිසිම විනිවිදභාවයක්න් ඒ තොරතුරැ පවසන්නේ නැහැ. තව ටික දවසකින් කියන්න බැරි නැහැ මැරිච්ච අයවත් නැවත ජීවත් කරවන්න පුලුවන් කියලා. මේවා හිස් මුදුනින් පිලි ගන්න අයට ඉතින් දෙයියන්ගෙම පිහිටයි.
  • Prashantha Walisundara මම ඔබට මුළිනුත් මේක සදහන් කළා. ඔබට මතක ද අර එක් ජෝතිශකාරයෙක් කිව්ව පලියට මොකෙක්ද දෙයියෙක් එනවා කියලා දෙයියා බලන්න මිනිස්සු (හරක්)ලක්ෂ ගාණක් කතරගමට ගියා කියලා. ඔබට මතක ද පහුගිය දවස්වල අංගොඩ පැත්තේ කැළුම් කියලා වෙදෙක් ලංකාදීප පත්තරෙන් හොදට මාකට් කළා. අන්තිමට ඔය වෙදා නිසා අංගොඩට ආපු මිනිස්සු හසුරැවන එකත් පොලිසියට ප්‍රශ්නයක් වුණා. ඇස් පෙන්නේ නැති මිනිස්සු ඇස් පෙන්න ගත්තා, පිලිකා රෝගීන් බලාගෙන ඉද්දි සුව වුණා වගේ දේවල් සජීවිව ඔය පත්තරේ ලියලා තිබුණා. දැන් ඒ මනුස්සයා අන්න හිරේ.. කිසිම විචාර බුද්ධියක් නැතිව මිනිසුන් හැල්මේ දුවනවා.
  • Nipuna Wanninayake බටහිර ඒව මිත්‍යාය පෙරදිග ඒන්ද්‍රියන්ට පේන්නැති ඒව මිත්‍යා නෙමේය කියනෙ නලීන් ද සිල්වලා වගේ උන්...
    මිත්‍යාව යනු මොකක්ද කියා ඉස්සෙල්ලා දැනගන්න Gimhana Wedage. මිත්‍යාවක් යනු කරන ප්‍රකාෂයට සාධක ඉදිරිපත් කල නොහැකි දෙයක්, පර්යේෂනාත්මකව ඔප්පු කර පෙන්විය නොහැකි දෙයක්...

    ලංකාවේ මහසෝනා වගේම බටහිර සීයුස් දෙවියොත් මිත්‍යා තමා.. ලංකාවේ/ ඉන්දියාවෙ කේන්දර වගේම යුරෝපයේ තියෙන "ටොරට් කාඩ් රීඩින්" නම් පේන අසීමේ ක්‍රමයත් මිත්‍යාවක්.. හැබැයි පර්යේෂනාත්මකව ඔප්පු කල හැකි විද්‍යුත්චුම්බක තරංක, ඉලෙක්ට්‍රෝන යනු අපේ ඇසට නොපෙනුනත් මිත්‍යාවක් නෙමේක්...
  • Nipuna Wanninayake ඉලෙක්ට්‍රෝනය අසට පේන්නෙ නැතිවුනත් එහෙම දෙයක් තියෙනවා කියා පර්යේෂනාත්මකව පෙන්විය හැකි සාධක තියෙනවා... මහසෝනා වගේ ගොන්පාට් වලට එහෙම සාධක නෑ

    http://www.youtube.com/watch?v=YTAC1wMrVPk
    www.youtube.com
    Basic breakdown of the cathode ray tube experiment performed by J. J. Thomson in...See More
  • Gimhana Wedage මම ප්‍රශාන්තට දුන්නු අවසන් පිළිතුර ඔහු කියෙව්වද කියන එකත් සැකයි. වංචාවෙන් මුදල් හොයන අය පිලිබඳ ප්‍රශ්නය ඔහු නැවත නගනවා. ඔහු මා ලියන දේ හොඳින් නොකියවන බව මුල පටන්ම පෙන්වනවා. මෙවන් කුඩා වපසරියක කරුණු වත් කියවා තේරුම් නොගන්නා ඔහු මිත්‍යාවන්ට එරෙහි වන්නේ කොහොමද කියන එක ඔහුට කෙසේ වෙතත් මට නම් ප්‍රශ්නයක්.

    //. ගිය සතියේ මම දැක්කා ඒ නෝනා කියලා තියනවා ඒඩ්ස් රෝගය නිට්ටාවට සුව කරන්න පුළුවන් බෙහෙතක් හොයලා තියනවා කියලා. හැබැයි කිසිම විනිවිදභාවයක්න් ඒ තොරතුරැ පවසන්නේ නැහැ.//

    ප්‍රශාන්ත කරන්නේ ගෙදර ඉඳන් පත්තරේ බලන එකනේ. ඔහු නිගමනයට එන්නේ පත්තරේ තොරතුරු වලින්ම නේ. පත්තරේ බලන හැමෝම ඔහුගේ නිගමනයට නොඒමයි ඔහුගේ ප්‍රශ්නය. ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු පත්තරේ පලවෙනකම් ඉන්නවා වගෙයි. විනිවිදහාවය නැතිනම් කරන්න ඕනේ හමුවෙලා සොයා බලන එකයි. දැනට කී දෙනෙක් සුව උනාද? කී දෙනෙක් අමාරුවේ වැටුනද? ඔය මොකවත් හොයන්නේ නැතිව ඔහු යන්නම් වාලේ නිගමන වලට එනවා. වෙද නෝනා හමු වෙන්න යන අය ඔහුට වඩා අඩියක් හෝ ඉන්නේ ඉදිරියෙන්.
  • Gimhana Wedage //බටහිර ඒව මිත්‍යාය පෙරදිග ඒන්ද්‍රියන්ට පේන්නැති ඒව මිත්‍යා නෙමේය කියනෙ නලීන් ද සිල්වලා වගේ උන්...//

    ශිෂ්ට විදියට මනුස්සයෙකුට කතා කරන්න ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා, විද්‍යාව ඉගෙන ගන්න එකට වඩා.

    නලින්ද සිල්වා ගැන කියපු හින්දා මේ ටික කියන්නම්. ඔබ ඔහු පවසන දේ තේරුම අරන් නෑ. (මේ කුඩා සංවාදයේ මම කියන වාක්‍ය කිහිපය සම්පුර්ණයෙන් කණපිට අරුතින් තේරුම් ගන්න ඔබලා, ඔහු පවසන දේ තේරුම් නොගැනීම සාධාරණයි.) නලින්ද සිල්වා කියන්නේ විද්‍යාව හොඳින් පරතෙරටම ඉගෙන ගන්න කියලයි. උඩින ටිකක් අතපත ගාලා මදි බවයි ඔහු කියන්නේ. පරතෙරටම ඉගෙන ගන්න විටයි හොඳින්ම අඩු පාඩු පෙනෙන්න ගන්නේ.

    කැතෝඩ නල පරීක්ෂණය කරන අයවත් ඉලෙක්ට්‍රෝන දැකලා තියෙනවද? යම් කිසි සිද්ධියක් ඉලෙක්ට්‍රෝන (නොදකින/නොපෙනෙන/නොදැනෙන) කියන දේ හින්දා වෙනවා කියන එකයි කියන්නේ (කියන්න පුළුවන් කම තියෙන්නේ). ඒක සංකල්පයක්.
    විද්‍යුත් චුම්භක තරංග කියන්නේ සංකල්පයක්. විද්‍යුත් ක්ෂේත්‍ර, චුම්භක ක්ෂේත්‍ර කියන්නෙත් සංකල්ප. අපේ ඉන්ද්‍රියන්ට දැනෙන සමහර දේවල් පැහැදිලි කිරීමට තනා ගත් ආකෘති පමණයි. ඔය සංකල්ප යථාර්තය විදියට දකින්නේ විද්‍යාව ටිකක් ඉගෙන ගත්තු අයයි. වැඩි දුර ඉගෙන නොගත් අයට එහි යථා ස්වභාවය (එනම් මැජික් එකක් නොවන බව) පැහැදිලි කර දීම තරමක් අපහසු කටයුත්තක්.
  • Gimhana Wedage අපේ ඉන්ද්‍රියන්ට දැනෙන්නේ හෝ පෙනෙන්නේ යථාර්තය නොවේ. අපිට තියෙන්නේ අඩු ලුහුඬු කම් වලින් පිරුණු ඉන්ද්‍රිය පද්ධතියක්. අපි දකින ලෝකය ඇත්තටම පවතිනවා කියන එක තමයි මුලිකම මිත්‍යාව.

    අපිට චුම්භක ක්ෂේත්‍රය දැනෙන ඉන්ද්‍රියක් තිබුනානම් මොනවා වෙයිද? අපි දකින හඳ ඔය විදියටම දකීවිද? කාන්දම් කෑල්ලක් ඔය විදියටම පෙනෙයිද?
    ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය දැනෙන ඉන්ද්‍රියක් තිබුනානම් මොනවා වෙයිද? එවන් ඉන්ද්‍රිය පිහිටා නැත්තේ අපේ වාසනාවටද අවාසනාවටද යන්න මට නොතේරේ.
  • Gimhana Wedage "ඇවැත්නි, මේ බඹයක් පමණ වූ සඥ්ඥාවක් සහ මනසක් සහිත වූ ශරීරය තුලම ලෝකයත්, ලෝකයට හේතුවත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ මාර්ගයත් පණවමි" - බුදුන් වහන්සේ
  • Prashantha Walisundara Gimhana Wedage ඔබ සැම විට ම කතාබහ කරන්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරැ ය යන පූර්ව මතයේ ඉදගෙනයි. ඔබ හිතාමතාම මේ සාකච්චාව ඒ පැත්ත්ට ඇදගෙන යන්න හදනවා. මම ඔබ නගන ඇතැම් ප්‍රශ්නවලට හිතාමතාම පිලිතුරැ නොදී මේ ගෲප් එකට අදාළ කරැණු කාරණා ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරන්නෙත් ඒකයි. ඔහොම දවස් ගණන් තර්ක කර ඉන්න පුළුවන්, හැබැයි වැඩක් නැහැ. පේනවානේ ඔබ දැඩි ලෙස අදහන නලින්ද සිල්වා මහත්තයා වෙලා තියන දේ. හැමදාම තර්ක කර කර ඉන්නවා මෙලෝ යකෙකුට වැඩක් නැහැ.
  • Gimhana Wedage //ඔබ සැම විට ම කතාබහ කරන්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරැ ය යන පූර්ව මතයේ ඉදගෙනයි. ඔබ හිතාමතාම මේ සාකච්චාව ඒ පැත්ත්ට ඇදගෙන යන්න හදනවා//

    ඔබයි මං ගැන ඉන්නෙත් පුර්ව මතයක. 
    බටහිර විතරක් නෙමෙයි ප්‍රශාන්ත, සියළු විද්‍යාවන් අවිද්‍යා විදියටයි මම සලකන්නේ. මිත්‍යාවට එරෙහි වෙද්දී ඒ ගැන කතා නොකර බඩුමිල ගැන කතා කරන්න කියලද ඔබ කියන්නේ.

    // මම ඔබ නගන ඇතැම් ප්‍රශ්නවලට හිතාමතාම පිලිතුරැ නොදී මේ ගෲප් එකට අදාළ කරැණු කාරණා ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරන්නෙත් ඒකයි.//
    ඔබ කළේ වංචාවක්. ඔබ පිළිතුරු දෙන්නනම් මට පිළිතුරු දෙන්න කියලා ඔබ ඉල්ලා සිටියා. දැන් කියන්නේ වෙන දෙයක්. පිළිතුරු නැති උනාමත් ඔහොම කියන අය ඉන්නවා. ඔබ අයිති මේ දෙකෙන් කොයිකටද දන්නේ නෑ.

    // ඔහොම දවස් ගණන් තර්ක කර ඉන්න පුළුවන්, හැබැයි වැඩක් නැහැ. පේනවානේ ඔබ දැඩි ලෙස අදහන නලින්ද සිල්වා මහත්තයා වෙලා තියන දේ. හැමදාම තර්ක කර කර ඉන්නවා මෙලෝ යකෙකුට වැඩක් නැහැ.//
    වැරදි දෙයක් හරි විදියට සලකන එකද 'වැඩකට ඇති' දේ වෙන්නේ. අනිත් එක මම සිල්වා මහත්තයව අදහනවා කියලා ඔබ නිගමනයට එන අයුරින්ම තමයි ඔබ මිත්‍යා පිලිබඳ නිගමන වලට එන්නෙත්. සිල්වා මහත්තයා මෙලෝ යකෙකුට වැඩක් තියෙනවද නැද්ද කියන එක මෙතන මාත් එක්ක කතා කරලා මෙලෝ යකෙකුට වැඩක් තියෙනවද?

    මිත්‍යාවෙන් තොර සුබ අනාගතයක් !
  • Nipuna Wanninayake නලීන්ද සිල්වා කියන අවුරුදු ගනනක් තිස්සේ සිංහල ජාතිවාද අවුස්සමින්, (විද්‍යාව බොරුයි කියමින් නමුත් කිසිදින විද්‍යාව අහලකින් තැබිය හැකි තරමේ මතවාදයක් ඉදිරිපත් නොකල ) රටේ කොටසක් මුග්ධයින් බවට පත්කල තැනැත්තා ඔලුව උඩ තබාගෙන සිටින Gimhana Wedage ගැන ඇත්තේ අනුකම්පාවක් පමනි..

    70 ගනන් වලින් පසු එක පර්යේෂන පත්‍රිකාවක් එලිනොදැක්වූ නලියා විද්‍යාව පරතෙරට ඉගෙන ගෙනඇතැයි කීම හතර හිනා යන කතාවකි..
  • Nipuna Wanninayake ඉලෙක්ට්‍රෝන ඇසින් දැකිය නොහැකිවීම මගින් ඉලෙක්ට්‍රෝන යනු හුදෙක් කතාන්දරයක් යැයි පැවසීම මුග්ධකමකි... ඉලෙක්ට්‍රෝන (හෝ ඔබට අවෂ්‍ය වෙන ඔනාම නමකින් හදුන්වාගතහැකි ) යමක් පවතින බව පර්යේෂනාත්මකව ඔප්පු කොට පෙන්විය හැක.. නමුත් මහසෝනා වැනි දේ එසේ කිසිදිනක ඔප්පුකොට පෙන්විය නොහැක.... එනයින් ඒවා මිත්‍යාවක්ම වේ....
    මට නිර්වානය/ කර්මය වැනි දේගැනත් කීමට ඇත්තේ ඊට සමාන දෙයකි...
  • Rd Kularathna http://www.youtube.com/watch?v=0rocNtnD-yI
    www.youtube.com
    A clip from the series 'The Elegent Universe' regarding some aspects of General ...See More
  • Chanthaka De Mel නලියා විසින් මොළ සෝදන ලද තවත් මැට්ටෙකු හඳුනා ගතිමි.
  • Rd Kularathna මෙ සංවාදය මෙතෙක් සුහද ශිලිව ගිය ඒකක් ..ඒ ගුනය නැති කරන ඒකට මම විරුද්ධයි...
  • Chanthaka De Mel සම්පූර්ණ ඇත්ත. මගේ ශෝකය ප්‍රකාශ කර සංවාදශීලී භාෂාවෙන් කියමි.

    නලින් ද සිල්වා නැමැති තක්කඩියා විසින් පසුගිය දශක කිහිපය මුළුල්ලේ මේ රටට කරන ලද විශාලම අපරාධය විශාල පිරිසකගේ මොළ සෝදා ඔවුන් කිසිම විචාර බුද්ධියක් නැති, තමන්ට කියා යමක් හිතා ගන්නට මොළයක් නැති, නලින් ද සිල්වාගේම විකාර තර්ක පුනරුච්චාරණය කිරීම මිස වෙන කිසිවක් නොදන්නා ගිරවුන් පිරිසක් බෝ කිරීමය. මෙය World War Z සිතුවම් පටයේ සීඝ්‍රයෙන් පැතිර යන වෛරසයක් මඟින් මිනිසුන් zombiesලා බවට පත් කිරීමක් වැනිය. නලින් ද සිල්වා විසින් මෙසේ zombiesලා බවට පත් කරනු ලැබූ ගිරවු ඉන්පසු තමන් කියන්නේ කරන්නේ මොනවාද කිසිම සිහියක් නැතිව මළ විකාරයෙන් දොඩවති. මෙහි එන ගිරවාද එවැන්නකු මිස වෙනකකු නොවේ. 

    අප මේ ගිරවුන් සමඟ වාද කරමින් අපේ කාලය නාස්ති කරන්නේ ඇයිද? අප ඔවුන්ගේ මහා ශාස්තෘවරයා වන නලින් ද සිල්වා සමඟ නොගැටෙන්නේ මන්ද?
  • Nipuna Wanninayake අප මේ ගිරවුන් සමඟ වාද කරමින් අපේ කාලය නාස්ති කරන්නේ ඇයිද? අප ඔවුන්ගේ මහා ශාස්තෘවරයා වන නලින් ද සිල්වා සමඟ නොගැටෙන්නේ මන්ද?

    නලින්ට අනුව අපේ "බුද්ධිය" උගේ එකට වඩා අඩුයිලු. (අපේ විතරක් නෙමේ විෂ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්‍ය නිර්මාල් ගෙ බුද්ධියත් එහෙමලු ) 
    පොර තමුන්ට වඩා "බුද්ධියෙන් අඩු උන් එක්ක" වාද කරන්න යන්නෙත් නෑලු. ඉතින් කොහෙ ගැටෙන්නද.. 

    (මෙන්න මේක තමා උතුරේ ජනවාර්ගික ප්‍රෂ්නය ගැන වාදයකට එන්න කියා ආචාර්‍ය නිර්මාල් දේවසිරි නලීන්ට අභියෝග කලහම දුන්නු උත්තරේ )
  • Chanthaka De Mel නලින් ද සිල්වාගේ මොළ ශෝධනයට හසුවී ගිරවුන් බවට පත් වන්නන්ගේ පොදු ලක්ෂණ කිහිපයක් මම දැනටමත් නිරීක්ෂණය කර ඇත්තෙමි. මොවුන් හඳුනා ගැනීමේ පහසුව තකා ඒවා මෙහි ඉදිරිපත් කරමි. 

    1. ඔවුන් බොහෝ විට කුඩා පාසලකින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට කොළඹ පාසලකට ඇතුළත් වූ පිරිස්ය.
    2. 100% ක්ම වාගේ (හෝ කිට්ටුවෙන්) ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තිබේ.
    3. අමු මෝඩයෝම නොවෙති. විෂය දැනුම තිබේ. හැබැයි ලෝකාවබෝධය අවමය. නිදහස් චින්තයනක් නැත.
    4. ඔවුනතුරින් සැලකිය යුතු පිරිසක් මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. හෝ ලබමින් සිටිති. SLIIT එකේ සෙට් එකක් ද ඇත. නමුත් මේ අධ්‍යාපන ආයතන වලින් පවා ඔවුන්ගේ බුද්ධි වර්ධනයක් වී ඇති බැව් නොපෙණේ.
    5. වෙනත් විෂයයන් (උදා: ආර්ථික විද්‍යාව, ජීව විද්‍යාව) ගැන කිසිම අවබෝධයක් නැත. ලෝකයේ සියළු දේ පාලනය වන්නේ කොන්ටම් විද්‍යාවෙන්ය සිතති.
    6. රැකියාව කරන්නේ බොහෝ විට පරිගණක ක්ෂේත්‍රයේය.
  • Nipuna Wanninayake 7. දැඩි සිංහලබෞද්ධ ජාතිකවාදීන් වෙති.
    8. බටහිර රටවල් ගැන දැඩි අප්‍රසාදයක සිටී.. නමුත් බටහිර රටක සොයාගත් තාක්ෂනය පාවිච්චි කොට රැකියාව කරන අතර චීනය වැනි පෙරදිග රටකට නොව ඇමරිකාව/ එංගලන්තය වැනි බටහිර රටවලටම යාමට උත්සහා කරයි..
    9. අපට අයිතිව තිබූ 'මහා සිරා දෙයක්' සුද්දන් අපෙන් පැහැර ගෙන ගොස් ඇතැයිද, ඇමරිකාවේ සිට ඉන්දියාව දක්වාම සුද්දන්, දෙමලුන්, ඉන්දියානුවන් (සමහරායෙකුට අනුව මුස්ලිමුන්ද ) සිංහලබෞද්ධයාගේ මෙව්වෙකට කෙලවන්නටම දිවා රෑ නොතකා බලාසිටීයැයි සිතයි..
    10. ගංගොඩවිල සෝම හා අනගාරික ධර්මපාල මේ අයගේ සුපර්ස්ටාර්ලාය...
  • Dazz Script Gimhana Wedage
         ඕවට අර්තකථන හොයන්ඩ නහින්නෑතුව මිත්‍යාවක්ද නෑද්ද කියල ඈහුවනම් දන්න මිනිහෙක්ගෙන් එයා කියන්නෙ නේද?? අර්ථකතනද වෑදගත් මිත්‍යාවෙන් වෑලකෙන එකද.. ඉස්කෝලෙට උගන්නන දේවල් මිත්‍යාව කියල උබ ඉගෙන නොගෙන ඉන්නෙ නෑනේ.. එහෙම කරලත් බෑනේ. ඈත්ත මොකද්ද කියල හිතේ තියන් මිත්‍යාව හරි ඉගෙනගෙන විභාගෙ හොඳට කරහන් කියලා මම අමුතුවෙන් කියන්ඩෝන්නෑනේ.. මොකෝ උබ මොන්ටිසූරි නෙමෙයිනේ 
  • Dazz Script Gimhana Wedage """ඉලෙක්ට්‍රෝන පවතින බව ඔප්පු කරන්න පුළුවන්ද? ""
    .
    මේව ඕලෙවල් වල කෲක්ස් නලය ගෑන ඉගනගත්ත උබ අපි අහන්ඩෝන ප්‍රශ්ණයක්ද බන්??.. කෑතෝඩ කිරණ චුම්භක ක්ශේත්‍රයක් මත අපගමණය වෙනව කියල කියල දෙන්නේ හිච්චි කාලෙදි නේද...??
  • Dazz Script Gimhana Wedage """"පොල් ගෙඩි (නැතිනම් ඇපල්) බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියලාකවුරු හරි 'ඔප්පු කරලා' තියෙනවද?"""
    .
    අනේ මන්ද බන් උබනම්.. නිව්ටන් කියපු දේට අමතරව බුදුහාමුදුරුවො හරි වෙන ආගමික නායකයෙක් හරි ඔප්පු කරල හරි කියල හරි තියෙද ඒ ආකර්ෂනය මොකද්ද කියලා??? 
    .
    ගුරුත්වයක් (ස්කන්ධයක්) කෙරෙහි දක්වන ආකර්ශනය ස්කන්ධයක් සහිත හෑම වස්තුවකටම අදාලයි...      උබට කාන්දමකුයි ඈනේකුයි දීලා කාන්දම ඈනේට ආකර්ෂනය වෙනවද නෑද්ද කියල හොයන්ඩ කියල කිව්වොත් උබට ඒක කොරන්ඩ බෑයිද බන්?? මාලිමාවේ ලෝක ගෝලයේ එක ද්‍රෑවයක් පෑත්තටම ඒකෙ එක කට්ටක් කෑර කෙන්නේ මහසෝන කට්ට කරකෝන හින්දද
  • Dazz Script Gimhana Wedage මචන්?? මහසෝනා කියන එකා මිනිහෙක් විශ්වාස කරන්නේ ඒම එකෙක් පෙනුනොත් හරි ඒම නෑත්තම් සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් සිදු උනොත්.. ඒම නේද?? 
    .
    ඉතින් සුදු පුතේ ඒම හොල්මන් දෑකල මෑරෙන්ඩ දඟලන උන්ට හිස්ටීරියා කියන රෝගය කියලා මනෝ විද්‍යාව කියල (ඒම එකක් තියෙනව ලෝකෙ ඈහ්  ) එකකින් අනාවර්ණය කරගෙන තියෙනවා... ඒක හෑලුසීමියා.ඒ කියල්ලේ මිනිහට පේන්නේ සම්පූර්ණයෙන් මෑව්නු ලෝකයක්.... මෝහන ප්‍රතිකාර මගින් ඒක සුව කරන්ඩ පුළුවන්..
    .
    දෑන් උබ කියපන් මහ සෝනට කරන්ඩ පුලුවන් එක හපන් කමක්?? මමනම් ඒම එව්ව අහල නෑ.. ඉතින් ඔය මහසෝනා කියල චරිතයක් නෑ...
    .
    අනික සුදූ අර මහසෝන ගෑහුව කියල ඈඟිලි පාරවල් හිටිනව කියන්නේ.. අන්න ඒ සීන් එක වෙන්නේ මිනිහෙක් උගෙ බෙල්ල අසාමාන්‍ය වේගෙකින් එක පෑත්තකින් තව පෑත්තකට් හරවපුහාම ලේ නහර වල බ්ලොක් වෙලාද කොහෙද වෙන සීන් එකක්.. මට හරියට මතක නෑ ඕන්නම් අහල කියන්නම් 
  • Dazz Script අනේ මන්ද බන් උබව ගොඩගන්ඩ අමාරුයි   
  • Ritigala Jayasena ඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල් ගෙඩි න්‍යාය යටතේ, නලින්ද සිල්වා ඇදුරාගේ ඒ ඒ ගිරවුන්ට ඒ ඒ ප්‍රතිචාර දීම යෙහෙකි. මින් ඇතමුන් සහමුලින්ම ගිරවුන්ය, එහෙත් නලින් ගේ විකල්ප ලෝක දැක්ම (නලින්ගේ කීවාට නලින්ගේම නොවේ, බටහිර සංධර්හය තුලද මේ කතිකාව මේ අයුරින්ම ඇත) සැහෙන දුරකට අවබෝධ කරගත් හා නූතනනත්වය තුල ඇති අවිඥානීක ලෝක දැක්මද සෑහෙන පමනට ග්‍රහනය කරගත්, ඒ දෙක සසඳා බැලිය හැකි පුද්ගලයෝද වෙති. Gimhana Wedage එවන් පුද්ගලයෙක්දැයි නොදනිමි. හුදු ගිරවෙක් නම් දැනට මේ සංවාදයේ ඔහුට එදිරිව ඉදිරිපත්වූ ප්‍රති-තර්ක (මා එතරම් අගය කොට නොසැලකුවද) ප්‍රමාණවත්ය. කෙසේ නමුත් නලින් ගේ සැබෑ ගෝලයන් හට මාගේ යම් ගෞරවයක් ඇත. එවැන්නත් අරභයා මා විසින් ලියූ සංක්ෂිප්ත ප්‍රතිචාරයක් මෙතැන වේ.

    https://www.facebook.com/notes/ritigala-jayasena/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF/575219662539652
    මෙය නිර්-ආගමික බ්ලොග් අඩවියේ පලකිරීම සඳහා සැකසුනකි....   අන්වර්ථ නාමයකින් පෙනී ස...See More
  • Rd Kularathna Gimhana Wedage ගෙ අදහස්වලට මම ගරු කරනවා. යම් තාර්කික බවක් පවත්වාගෙන අාවා.... හැබැයි //ඇවැත්නි, මේ බඹයක් පමණ වූ සඥ්ඥාවක් සහ මනසක් සහිත වූ ශරීරය තුලම ලෝකයත්, ලෝකයට හේතුවත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ මාර්ගයත් පණවමි" - බුදුන් වහන්සේ/// යන බුදු දහම පදනම් කරගත් තර්ක බව මුල සිටම පෙනෙන්නට තියෙනවා.
  • Dazz Script       තර්ක??? අනේ මිනිහ ඒවයින් තුනෙන් දෙකක් අහන්නෑ ඌ ඉස්කෝලෙ ගිහින් පීරියඩ් කට් නොකරනම් 
  • Dazz Script Janith Wimukthike ගොබිලො... බලපන්කෝ මේ කොමෙන්ටු මුල ඉඳන්... වහ කන ගමන් ගිනි හියාන ලෝකාන්තෙන් පල්ලට පයින්ඩ හිතෙනවෝයි   
  • Janith Wimukthike Dazz Script දැක්ක සුදු පුතේ,ජොබ නිවාඩු දාල දවසක් අරන් කියවන්න ඕනේ..අනික බැහැල ඉන්න විද්වත් මණ්ඩලේ හැටියට ඕක කොහොමත් ඉවරයක් නෑ බං...මොනා උනත් ඔය වගේ මති මතාන්තර නැතිම කරන්න අමාරුයි.හැබැයි දුක උගත් කියන මෝඩයෝ, නූගත් ( පාසල් අධ්‍යාපනය අඩුවෙන් ලද ) අයට වඩා මෝඩ විදිහට ඒව විස්වාස කරන එක...
  • Janith Wimukthike chinthaka de mel ( hats off machan, suppa kathaawa)
    . ඔවුන් බොහෝ විට කුඩා පාසලකින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට කොළඹ පාසලකට ඇතුළත් වූ පිරිස්ය.
    2. 100% ක්ම වාගේ (හෝ කිට්ටුවෙන්) ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තිබේ.
    3. අමු මෝඩයෝම නොවෙති. විෂය දැනුම තිබේ. හැබැයි ලෝකාවබෝධය අවමය. නිදහස් චින්තයනක් නැත.
    4. ඔවුනතුරින් සැලකිය යුතු පිරිසක් මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. හෝ ලබමින් සිටිති. SLIIT එකේ සෙට් එකක් ද ඇත. නමුත් මේ අධ්‍යාපන ආයතන වලින් පවා ඔවුන්ගේ බුද්ධි වර්ධනයක් වී ඇති බැව් නොපෙණේ.
    5. වෙනත් විෂයයන් (උදා: ආර්ථික විද්‍යාව, ජීව විද්‍යාව) ගැන කිසිම අවබෝධයක් නැත. ලෝකයේ සියළු දේ පාලනය වන්නේ කොන්ටම් විද්‍යාවෙන්ය සිතති.
    6. රැකියාව කරන්නේ බොහෝ විට පරිගණක ක්ෂේත්‍රයේය.
  • Dazz Script නලීන් කියන්නෙ කව්ද බන් 
  • Thilanka Edirisinghe ප්‍රශාන්ත, ඔබට මම පවසන දේ පැහැදිලි නෑ වගෙයි.

    මහසෝනා විශ්වාස කරන අය සහ ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අය අතර ඔවුන්ගේ විශ්වාස සම්බන්ධයෙන් මා හට වෙනසක් නැත. මහසෝනාට නොමැති ගාම්භීර බවක් ඔබ ගුරුත්වාකර්ශනයේ දකිනවා. එයයි මම ප්‍රශ්න කරන්නේ. මට පිළිතුරු නොලබෙන්නෙත් එයටයි.// පිළිතුරැ නොලැබෙනවා නෙමේ පිළිතුරැ භාර ගැනීමට ඇති අකමැත්ත මට නම් පේන්නේ,,
  • Janaka Edirisinghe Gimhana Wedage // අපිට අපේ ඉන්ද්රිය අත්දැකීම් කොතරම් නම් විශ්වාස කරන්න පුලුවන්ද?
    විද්යාව ගොඩ නැගෙන්නේ අපේ ඉන්ද්රිය අත්දැකීම් මුලික කර ගෙනයි.//
    ///විද්යාව කියන්නේ කතන්දර ගොඩකට. ඊට එහා දෙයක් ඒකෙ නෑ. අපේ ඉන්ද්රිය අත්දැකීම් විස්තර කිරීමට (හෝ පැහැදිලි කිරීමට) යම් යම් අය විසින් ගෙතූ කතන්දර සමූහයක් තමයි විද්යාව කියන්නේ.///

    ////අපේ ඉන්ද්රියන්ට දැනෙන්නේ හෝ පෙනෙන්නේ යථාර්තය නොවේ. අපිට තියෙන්නේ අඩු ලුහුඬු කම් වලින් පිරුණු ඉන්ද්රිය පද්ධතියක්. අපි දකින ලෝකය ඇත්තටම පවතිනවා කියන එක තමයි මුලිකම මිත්යාව.////

    මට මේක ටිකක් පැටලිලි සහිතයි.. ඔබ කියන විදියට, විද්යාව පිලිගත නොහැකියි. ඒ එය අපේ දුර්වල ඉන්ද්රිය අත්දැකීම් මූලිකව බිහිවන නිසා.. එසේම මහසෝනාද පිලිගත නොහැක. එසේ නම් මේවාට පරිබාහිරව ඉන්ද්රිය අත්දැකීම් මූලික කර නොගන්නා යතාර්ථය පසක් කරදෙනු ලබන දැනුමක්, ක්‍රමවේදයක් තිබිය යුතු වේ. ඒසේ නම් එම දැනුම අපේ දුර්වල ඉන්ද්රිය අත්දැකීම් මූලික කරනොගෙන ලබාගන්නා විදිය පැහැදිලි කරන මෙන් ඉල්ලමි.
  • Dazz Script       මූ බීල කියෝනවා... එක්කො ඉස්කෝලෙ ගිහින් නෑ
  • Thilanka Edirisinghe ගාමිණී මහතා// ඒ වගේම තමයි බලි තොවිල් කරනවා කියලා බොරු කරන අයත් ඉන්නවා.// හරි ඔබතුමා මේ කියන විදියට බලි තොවිල් කියල ඇත්තට කරන අයත් ඉන්නවා කියල ගම්‍ය වෙනවානේ.. ඔබතුමාට හම්බ වෙලා තියෙනවද එහෙම අය.?? මගේ මතයත් මනෝවිද්‍යාත්මක මතයත් බලි තොවිල් කියන්නේ අවිධිමත් මනෝ චිකිත්සක ක්‍රමවේද කියන එක..එතනින් එහාට දෙයක් නෑ.. සරළ මානසික අබාධ කිහිපයක් සුව කිරීමත් මානසික තත්වයෙන් දුර්වල මිනිහෙකුට ප්‍රභල මානසික ඇනවුම් දීමත් හැරැණුකොට බලි තොවිල් වලින් කලහැකි භෞතික වෙනස්කමක් නෑ..ඔබ වැන්නන් ඔබ සිංහල දැණුම් පද්ධතිය කියා උඩ තබාගෙන ඔවැනි දේවල් වර්ණනා කිරීමෙන් වන්නේ කපටි කට්ටඬියන්ට අහිංසක ජීවිත බිලි වීමයි..
  • Gimhana Wedage කිසිදු සංයමයක්, විනයක්, විචාරයක් නොමැති බහුතර පිරිසක් සිටින සමුහයකටයි මම සම්බන්ධ උනේ. ඒ අතුරින් ප්‍රශාන්ත, කුලරත්න, ජානක සහ තිලංකගේ තිබෙන සංයමය නිසා නැවත ප්‍රතිචාර දක්වන්න සිතුවා.

    මම ඉදිරිපත් කරන කරුණු කියවා බලා ඒවා ප්‍රශ්න කිරීම ගැන ජානකට බෙහෙවින් ස්තුතියි. මෙවන් සමුහයක සිදු විය යුත්තේ එයයි. ප්‍රතිවිරුද්ධ මත ඉවසීමෙන් සංයමයෙන් යුතුව විමසීම අතින් ජානක බොහෝ ඉදිරියෙන් ඉන්නවා.

    අපි සියල්ල ග්‍රහණය කරන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතියෙන්. ඊට අමතරව මනසත් එයට සහභාගී වෙනවා. අපි භෞතික වශයෙන් 'දකින' ලෝකය මනස හා ඉන්ද්‍රිය පද්ධතිය මගින් නිර්මාණය කර ගන්නා වූ දෙයකි. 

    අපි හිටියත් නැතත් මේ ලෝකය තිබෙනවාද? මේක අහන්නත් දෙයක්ද කියලා ඔබ පවසනවා නොඅනුමානයි. අපේ මනස හා ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්වායත්ත වූ ලෝකයක් තිබෙන බව, මනස හා ඉන්ද්‍රිය පද්ධතියෙන් තොරව පෙන්වන්න පුළුවන්ද? මා පවසන සියල්ලේ හරය එයයි.
  • Dazz Script      සන්වර ??? අනේ මන්ද ඉතින් ඈ... මම උබට උබේ ඉලෙට්‍රෝන කේස් ටිකට උත්තර දුන්නා... කොහොමත් උබට ආයෙ පිලිතුරු දෙන්ඩ දෙයක් නෑ 
  • Gimhana Wedage ඉන්ද්‍රජාලිකයෙක් විසින් මිනිසෙක්ව පෙට්ටියකට දමා කෑලි වලට කපන අයුරු ඔබ දැක ඇතිවා නොඅනුමානයි. මෙම ඇස් බැන්දුමට සමහරු රැවටෙති. ඇස් පනා පිට කෑලි වලට කැපී යන අයුරු ඔවුන් දකිති. නමුත් මෙය ඇස් බැන්දුමක් බව සමහරු දනිති. එහි ඇතුලාන්තය ඔවුන්ට වැටහේ. නමුත් ඇතුලාන්තය තේරුම් ගත නොහැකි අය (මෙයට රැවටී සිටින අය) නොරැවටුණු අයට සමච්චල් කරති. ඇස් පනාපිට පෙනී පෙනී කැපෙද්දීත්, එහෙම කැපෙන බව නොදකින්නේ මෝඩයෝ බවත් පවසති.
  • Dazz Script වටේ ගියපු උදාහරණ වෑඩක් නෑ පුතා.. කොහෙවත් යන බයිලයක් ඈරල ඒකට මේක සමාන කරන්ඩ කාට බෑයිද?? ඉන්ද්‍රියන් 5හ ගෑන උබ ගෑන තියෙන අවිශ්වාසය වෙන උන්ට නෑ... ඒකයි වෙනස.. උබ ඉලෙක්ට්‍රෝනයක් ඈහෑට දෑක්කෙ නෑ කියලා ඒක එහෙම නෙවෙයි කියන්නෙ කොහොමද මෙච්චර මේ විදුලියක් කියල දෙයක් මිනිසට ඕනෙ හෑටියට පරිහරණය කරනකොට???
  • Gimhana Wedage ඉන්ද්‍රජාලිකයා කෑලි වලට කපන බව පෙනුනාට ඒක එහෙම නෙමෙයි කියන ඒක තේරුම ගන්න ලේසියි.
    නමුත් අපි 'දකින' ලෝකය, දකින ලෙසින්ම පවතින්නේ නැති බව තේරුම් ගන්න ඒක ඒ වගේ ලේසි නෑ.

    චුට්ටක් හිතලා බලන්න ගුරුත්වාකර්ශ්න ක්ෂේත්‍රය දැනෙන ඉන්ද්‍රියයක් අපිට තිබුනා නම් අපිට වස්තු මොන වගේ පෙනෙයිද කියලා. ඒවායේ සීමාව ස්පර්ශයට දැනෙන සීමාවට වඩා ලොකු වෙලා පෙනෙයිද?

    බුදුන් වහන්සේ පවා දේශනා කලේ මේ අඩුලුහුඩුකම් සහිත ඉන්ද්‍රිය පද්ධතිය හා මනස තුලම, මේ ලෝකය රඳා පවතිනවා කියලයි.
  • Dazz Script """චුට්ටක් හිතලා බලන්න ගුරුත්වාකර්ශ්න ක්ෂේත්‍රය දැනෙන ඉන්ද්‍රියයක් අපිට තිබුනා නම් අපිට වස්තු මොන වගේ පෙනෙයිද කියලා.""" ගුරුත්වාකර්‍ශනය දෑනෙන ඉන්ද්‍රියක් තිබුනනම් ඒක පේන්න විදියක් නෑ.. දෑනෙනව මිසක්.. අනික ඈස් දෙකෙන් පෙනීම ලෑබෙන නිසා පෙනෙන දේවල් ඒ විදියටම පේනවා.... විද්‍යාව කියන්නෙ පිටින් බලල නිගමනයකට එලබෙන කෙහෙල් මලක් නෙමෙයි.... ඒක හින්දා මෑජික් එකේදි මිහිහව කපනව වගේ පෙනුනට විද්‍යාවෙන් පිටින් පේන දේ ඈත්ත කියල පිලි ගන්නෑ... අපිට පුලුවන් ඒ පෙට්ටිය පරික්ෂා කරල බලන්ඩ.. ලෝකයේ දෙකට කෑපිච්ච මිනිහෙක් ජීවත් වෙන්නෙ නෑ... මොලයක් තියෙන මිනිහෙක් තෙරුම් ගන්නවා මිනිහව කපනව නෙමෙයි වෙන මොනයම් හෝ දෙයක් කියලා... හරි සරලයි
  • Dazz Script උදාහරණය හොඳයි සාමාන්‍ය මිනිස්සුන්ට.. මොකද දකින දෙයින් තේරුම් ගන්නෙ සාමාන්‍ය මිනිස්සු මිසක් විද්‍යාව නෙමෙයි
  • Gimhana Wedage වවුලට ලෝකය පෙනෙන්නේ කන් දෙකෙන්.
    මේ fake account ඒකෙන් ඉන්න මනුස්සය දැන් කියයි, වවුලට ලෝකය පෙනෙන්නේ නෑ, ඇහෙනවා විතරයි කියලා. 
  • Dazz Script ක්‍රිකට් මෑච් එකකදි වටේට චලන කෑමරා තියෙනවා.. සිව්ම් චලනයක් උනත් ඒකෙ ෆ්‍රේම් රේට් එක අදික නිසා ග්‍රහනය කරගන්න පුලුවන්... සාමාන්‍ය මිනිහෙකුට පේන්නෙ රනව්ට් එකක් වගේ වෙන්ඩ පුළුවන්.. හෑබෑයි චලන කෑමරාවෙන් ඒ දර්ශනය දකින මිනිහට තේරෙනවා ඒක නොට් අව්ට් කියලා.... විද්‍යාවක් කියන්නෙ හෑම මගුලම තියෙන ඉන්ද්‍රියන් ටික විතරක් උපයෝගී කරගෙන තීරන ගන්න දෙයක් නෙමෙයි.... දිව්නු කරන ලද උපකරණ වලට සාමාන්‍ය මිනිහෙකුට පුලුවන් දේට වඩා දෙයක් කරන්ඩ පුලුවන්
  • Dazz Script ඈස කියන උපාන්ගයෙන් කරන ක්‍රියාවට පෙනීම කියල කියනවනම් කිසියම් ගුරුත්වය පේනව කියන එක සාධාරණ නෑ නේද?? ග්‍රහණය කර ගෑනීම කියන වචනේ පොදුවේ භාවිත කරහන්.... මෙතන සින්හල භාශාව ගෑන ප්‍රශ්නයක් උබටයි මටයි නෑ.. ඒක හින්දා විද්‍යාව බොරුයි කියන එක හේතුවක් ඉදිරිපත් කරහන්.. මරාගත්තත් දුක නෑ 
  • Dazz Script ගුරුත්වයක ආකර්ශනය ගෑන කතා කරොත් උබට වඩා මුහුදු යන මාළු කාරය දන්නව බන්... මිනිහගෙන් අහපන් වඩදිය බාදිය ගෑන 
  • Gimhana Wedage //ඒසේ නම් එම දැනුම අපේ දුර්වල ඉන්ද්රිය අත්දැකීම් මූලික කරනොගෙන ලබාගන්නා විදිය පැහැදිලි කරන මෙන් ඉල්ලමි.//

    අපිට මේකෙන් ගැලවීමක් නෑ ජානක. බුදු හාමුදුරුවෝ දේශනා කරපු මාර්ගයේ විතරයි මම විශ්වාස කරන ගැලවීම තියෙන්නේ.

    සරලව කිව්වොත්,
    මේ ලෝකය ඇති වෙන්නේ ඉන්ද්‍රිය හා මනස නිසයි.
    මේ ලෝකය නැති කරන මාර්ගය තිබෙන්නෙත් ඒ මතමයි.
  • Gimhana Wedage අපෙන් තොරව ලෝකයක් ඇති බව පිළිගැනීම තමයි මුලිකම මිත්‍යාව. සියළු විද්‍යාවන් ගොඩනැගෙන්නේ ඒ මිත්‍යාව මතයි.
  • Dazz Script මම කිව්වේ දිව්නු උපකරන උපයෝගී කරගන්නවා ඉන්ද්‍රියන් වල දුර්වල තා වලකන්ඩ... සින්හලත් තේරෙන්නෑද්ද මන්දා  ඈසේ දුර්වලතා කිව්වොත් සාමාන්‍ය මිනිහෙකුට පෑහෑදිලිව දකින්ඩ පුළුවන් අන්ශක 120 පරාසයක් පමණයි.. හෑබෑයි දිව්නු උපකරන එකක් හෝ කිහිපයක් මගින් (කෑමරා) අපිට මොනිටරේකින් අන්ශක 360ම උනත් බලාගන්ඩ හෑකියාව තියෙනවා.... ඈසේ පික්සල් ගාන 600 ගානක්.. මට මතක හෑටියට... අද තවම එච්චර පික්සල් ගානක් තියෙන කෑමරා නෑති උනත් දවසක ඈහේ මට්ටම පහු කරනවා... ඈසේ විභේදන බලය අඩු නිසා හා ඈසේ විශාලනය මදි නිසා අන්වීක්ශ යොදාගන්නවා.. ඒවයින් පේන දේ බොරු වෙන්නෙ කොහොමද?
  • Dazz Script        උබනම් ගොන් කමේ උපත බන්  සමාජයේ පවතින මිත්‍යා මතයක් නිසා නව සොයා ගෑනීමක් හෝ විද්‍යාවක් ඈති වෙන්ඩ පුළුවන්... ඒක විද්‍යාවේ සාමාන්‍ය කරය (ඔප්පු කිරීම) මිත්‍යාවක් කියන්නෙ කොහොමද??? අනේ මන්ද ඈ... පිටසක්වලයො ඉන්නවමයි කියලා විශ්වාස කරන්නේ උබල මිසක් විද්‍යාඥයො නෙමෙයි... ලොල්... උන් ඒම ඉන්නවනම් හොයාගන්ඩ ක්‍රම හෝ සාධක හොයනව මිසක් උබල වගේ පිලිමවලටයි එක එක සුරන්ගනා කතා කිය කිය එක එක ගොන් ආතල් ගන්නෙ නෑ
  • Gimhana Wedage repeating
    නමුත් අපි 'දකින' ලෝකය, දකින ලෙසින්ම පවතින්නේ නැති බව තේරුම් ගන්න ඒක ඒ වගේ ලේසි නෑ.
  • Gimhana Wedage මම විශ්වාස කරනවා ජානකට මගේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා.
  • Dazz Script හනේ මන්ද ඈ... මම නිකමට දෙයක් කියන්නම් """මචන් මිනිහෙකුට දෙයක් තේරුම් ගෑනීමටත් දෑනුමක් අවශ්‍ය වෙනවා..""" මට හිතාගන්ඩ බෑරි උබට තේරුම් නොයන හේතුව මොකද්ද කියලා... විද්‍යාවක් කියන්නේ ගෙදර ඉඳන් හිත හිත මේක මෙහෙම වෙන්ඩ බෑ කියනව නෙමෙයි.... පරික්ශන කරල තහවුරු කිරීමක්... අපි දකින ලෝකය එහෙම්මම තියෙනවා.. උබ කියන ලෝකෙනම් කොයි ලෝකෙ තියෙනවද කියන්ඩ දෙයියො තමා දන්නෙ ඈ     
  • Dazz Script ජානක 
  • Dazz Script මිත්‍යා මතයක් ඈත්තද නෑත්තද කියල දෑනගන්නේ ඒකෙ මතයේ තියෙන සාමාන්‍ය ලෝකයට ග්‍රහණය ඌ හේතුව මත.. දෑන් උබ කියනවනම් මචන් ලෝකේ X කියල වස්තුවක් තියෙනවා. ඒක ගෑන මොකුත් හරියට මමත් දන්නෑ කියලා ඒක වෙන එකෙක් හොයාගන්නෙ කොහොමද?? යක්කු කියල දෙයක් ඈති වෙලා තියෙන්නේ මිනිස්සුන්ට වෑහෙන නිසා..තොයිල් විශ්වාස කරන්නේ තොයිල් වලින් ඒව හොඳ කරන්ඩ පුලුවන් නිසා... එතකොට ඒ මිත්‍යා මතයෙ කියවෙන යකාට මිනිසෙකුට පෙනෙන වෙනසක් කරන්ඩ පුළුවන්... එහෙම පෙනෙන දේවල් ඔප්පු කරන්ඩ පුලුවන්... (දෑන් බෑරි උනත් ඉස්සරහට)
  • Nipuna Wanninayake ඉන්ද්‍රියන්ට පරිබාහිරව ලෝකය තියෙන නිසා තමා ඉන්ද්‍රියන්ට ග්‍රහනය නොවෙන විකිරන, විද්‍යුත් චුම්භක තරංග ආදියෙන් (නැතිනම් ඒ නම්වලින් හදුන්වන මොන මගුලක් හරි ) වැඩ ගන්න අද මිනිසා සමත්වෙලා තියෙන්නෙ. 
    "බුදුහාමුදුරුවො කීව" කියන එක මේ ලෝකය ඉන්ද්‍රියන්ගෙන් පරිබාහිරව නොපවතී කියන්න සාධකයක් නෙමේ...

    දැන් කියන්න එපා විද්‍යුත් චුම්බක තරංග කියන්නේ බටහිර විද්‍යාවෙ සංකල්පයක් විතරය එහෙම ඒව ලෝකෙ නෑය කියල..
  • Gimhana Wedage නිපුන, අපි හිතන්නේ, අපිට තදින් දැනෙන්නේ එහෙම තමයි. ලෝකය කියන්නේ අපිට පරිබාහිරව තිබෙන, අපි විසින් ග්‍රහණය කරන්නක් කියන එක තමයි අපිට ලේසියෙන්ම වැටහෙන විදිය. ලෝකය කියන්නේ අපේ ඉන්ද්‍රිය හා මනස විසින් නිර්මාණය කර ගනු ලබන්නක්. ඉන්ද්‍රිය කියන්නෙත් මනසේම නිර්මාණයක්. අවසානයේදී මනස කියන්නෙත් මනසේම නිර්මාණයක්.

    විද්‍යුත් චුම්භක තරංග පැත්තකින් තියමු. අපි ගමු අපිට පෙනෙන දැනෙන වස්තූන්. අපි අවට තියෙන පොත්, පැන්සල්, පුටු, මේස ගනිමු. අපි ඔය දකින පොත කියන්නේ අපේ මනස හා ඉන්ද්‍රිය පද්ධතියෙන් නිර්මාණය කරගනු ලබන්නක්. අපිට වඩා වෙනස් ඉන්ද්‍රිය පද්ධතියක් තියෙන සත්වයෙක් ඔය පොත 'දකින්නේ' අපි දකිනවට වඩා වෙනස් විදියකට.

    අපිට පෙනෙන දේවල් එලෙසින් නොපවතින බව තේරුම ගන්න එක, ඉන්ද්‍රජාලිකයා කරන මායාව තේරුම් ගන්න තරම් ලේසි නෑ. අනිත් කරුණ "බුදුහාමුදුරුවො කීව" කියන එක මේ දේවල් තහවුරු කරන්න තියෙන සාධකයක් නම් නෙමෙයි තමයි. ඒක ඔබට කලින් බුදුහාමුදුරුවොම තමයි කිව්වේ. (කවුරුවත් මට බුදුන් විසින් මොලය හෝදපු මැට්ටෙක් කියයිද දන්නේ නෑ,  )

    අපිට 'පෙනෙන' ලෝකය තමයි යථාර්තය කියලා ගන්න එක තමයි වරදින තැන. මම කියන දේ වරදවා තේරුම් ගන්න එපා. මම ඔබ සමග මෙලෙස සංවාදයේ යෙදෙන්නේ මමත් එලෙසින්ම ගන්න නිසා තමයි.
  • Chanthaka De Mel නලින් ද සිල්වාගේ මොළ ශෝධනයට හසුවී ගිරවුන් බවට පත් වන්නන්ගේ පොදු ලක්ෂණ කිහිපයක් මම දැනටමත් නිරීක්ෂණය කර ඇත්තෙමි. මොවුන් හඳුනා ගැනීමේ පහසුව තකා ඒවා මෙහි ඉදිරිපත් කරමි.

    1. ඔවුන් බොහෝ විට කුඩා පාසලකින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට කොළඹ පාසලකට ඇතුළත් වූ පිරිස්ය.
    2. 100% ක්ම වාගේ (හෝ කිට්ටුවෙන්) ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තිබේ.
    3. අමු මෝඩයෝම නොවෙති. විෂය දැනුම තිබේ. හැබැයි ලෝකාවබෝධය අවමය. නිදහස් චින්තයනක් නැත.
    4. ඔවුනතුරින් සැලකිය යුතු පිරිසක් මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. හෝ ලබමින් සිටිති. SLIIT එකේ සෙට් එකක් ද ඇත. නමුත් මේ අධ්‍යාපන ආයතන වලින් පවා ඔවුන්ගේ බුද්ධි වර්ධනයක් වී ඇති බැව් නොපෙණේ.
    5. වෙනත් විෂයයන් (උදා: ආර්ථික විද්‍යාව, ජීව විද්‍යාව) ගැන කිසිම අවබෝධයක් නැත. ලෝකයේ සියළු දේ පාලනය වන්නේ කොන්ටම් විද්‍යාවෙන්ය සිතති.
    6. රැකියාව කරන්නේ බොහෝ විට පරිගණක ක්ෂේත්‍රයේය.
  • Chanthaka De Mel තමන් නොදන්නා බව දන්නා කෙනෙකුට යමක් කියා දිය හැකිය. අඩුම ගණනේ තමන් නොදන්නා බව වත් නොදන්නා මැට්ටකුට යමක් කියා දීමට උත්සාහ දැරීම නිෂ්ඵලය.
  • Nipuna Wanninayake ලෝකය මායාවක්ව කියලා ඔබ හිතනවානම් එහෙම ඔබට හිතන්න අයිතිය තියෙනවා.. හැබැයි එහෙම ඔබට ඔප්පු කොට පෙන්වන්න බෑ Gimhana ... කිසිදු සාධකයක් නැතිව "මට මාර එකක් තේරෙනවා, උබල ඔක්කොම හිතාගෙන ඉන්නා ඒවා මායාවක්, අවුරුදු ගානකට කලින් හිටපු බුදු කෙනෙකුත් එහෙම කීවා" කීම නිකන් සිල්ලර තර්කයක් විතරයි...

    යථාර්තය කියන්නේ බුද්ධිමත්ම සත්වයා යන මිනිහාට සාපේක්ෂව පේන ලෝකය තමා...
  • Dazz Script        අනෙ අම්මප අහල පහල කන්දක්වත් තිබ්බනම් පයිනව ගිහින් පල්ලට... යකෝ.. මේසෙ උඩ පොතක් තියෙනම් ඒක තව මිනිහෙකුට වෙන විදියකට පේන්නෙ කොහොමද යකෝ උට වර්ණ අන්දතාවය අරි ඈසේ වෙන මොකක් හරි අව්ලක් නෑත්තම්... ගුලි කාලද බන් ඉන්නේ.. එක්කො උබහීනෙන් පේන එව්වද දොඩවන්නේ... උබලයෙ බුදුහාමුදුරුවො කියපුව අපිට වෑඩක්ද බන් අනික??? යකෝ,, උබට ඔය ශුවර් නෑ කියන රෙද්දවල් ශුවර් නෑත්තෙ උබ්ට විතරයි.. මේක ඉලෙක්ට්‍රෝන වලින් තරන්ග වලින් වෑඩ ගන්න ලෝකයක්... මූල ද්‍රව්‍යක උප පරමානුක අන්ශු බලන්ඩ බෑරු උනාට හිරොශිමා වලට සෑලසුම් කරපු බෝම්බෙ පුපුරන්ඩනම් උරේනියම් 238 ටනියුට්‍රෝනයකින් පහර දෙන්ඩෝනේ... යකෝ බෝම්බෙකට හරි ඒතරම් දිව්නු තාක්ශනයක් තියෙනවා නොපෙනෙන නිව්ට්‍රෝනෙකින් පහර දෙන්ඩ තරම්...
  • Dazz Script අනික දෑනගනින් තරන්ග නොපෙනුනාට x කිරණ හොයාගෙන අද ඒ කිරණ වලින් අස්ති පද්ධතිය බලන්ඩ පුලුවන්... ඒ විතරක් නෙමෙයි..රේඩාර් තරන්ග වලින් නෑව් බෝට්ටු ගන්න ප්‍රයෝජනේ.. උබේ දුර්වල රෙද්දෙ ඈහෑට නොපෙනෙන රෙද්දවල් වලින් අද මාලු අල්ලන උන් හෑතෑම්ම ගනන් දුරින් තියෙන නෑව ක් යන්නෙ කොයි දිශාවටද කියල දන්නවා.. එක කොලපාට තිරේකට ගන්ඩ තාක්ශනේය පුලුවන්.. නිකන් බයිල කියවන්නෑතුව ඉඳපන් බන්... උබ කියන අපේ දුර්වල ඉන්ද්‍රියන්ගෙන් බලාගන්ඩ බෑරි දේවල් මේ ලස්සනට බලාගන්නේ.. ඒවයින් වෑඩ කරන්නේ..
  • Dazz Script උබට තව කොච්චර කිව්වත් උබේ ඔය ඈවිල්ල තියෙන අන් දෙක නෑති වෙන්නෑ..ඒම ඔප්පු කරන්ඩ බෑ කියල සාධකයක් තියෙනවනම් පෑහෑදිලිව ඉදිරිපත් කරහන් නිකන් සාහිත්‍ය කුනුහරප දොඩවන්නෑතුව... නද්දෙකින් විතරක්.. විද්‍යාව කියන එක ලෝකය දකින සීමාවක් තියෙනව තමා හෑබෑයි සීමාව එන්ඩ එන්ඩ ඉක්මවා යනවා... උබ කියනවනම් මනසින් හරි වෙන මොකකින් හරි රෙද්දකින් විද්‍යාවෙන් බලන්ඩ බෑරි දේවල් කිව්ව කියලා.. අනේ උබලව හදන්ඩ බෑ කියල තමා මට කියන්ඩ තියෙන්නේ..  ඔය බුදු හාමුදුරුවො වගේ තව අනාවෑකි කාරයෙක් තමා ආතර් සී ක්ලාක් කියන්නේ.. මිනිහ කියන හෑම දෙයක් ම වගේ හරි ගිහින් තියෙනවා.. අනික ඌ අවෘදු 5න් 5ට වගේ අනාවෑකි කියලත් තියෙනවා.. දෑනගන්ඩෝනෙනම් උගෙ පොතක් ඈරන් කියෝපන්... උබල්ට කියන එව්වබීරි අලින්ට කුනුහරප කියනව වගේ     
  • Shanilka Ariyarathne Ritigala Jayasena --//සමස්ත ලෝක ධාතුවම මනසේ නිර්මාණයකි, මනසද මනසේ නිර්මාණයකි......... හැබැයි මම හිතන්නෙ "බුදුන්" කියන්නෙ මනසේ නිර්මාණයක් වෙන්නට බැහැ. 'බුදුන්' යනු බෞද්ධ මනස් විසින් පනවාගත් හුදු සම්මුතියකි වගේ කිව්වොත් අවුල් නේද? දන්නෙ නැති නිසා අහන්නෙ.//
  • Gimhana Wedage නිපුන, ඔබට හැකිද ලෝකය කියන්නේ අපෙන් තොරව (එනම් අපේ ඉන්ද්‍රිය හා මනසින් පරිබාහිරව) තිබෙන දෙයක් බව 'ඔප්පු කරන්න'. හැබැයි ඔබ එය කල යුතු වන්නේ ඉන්ද්‍රිය හා මනසින් තොරවයි. ඔබට නෙමෙයි, කිසිවකුට එය කල නොහැකියි.

    කෙනෙක් කියනවානම් ලෝකය කියන්නේ ඉන්ද්‍රිය හා මනසේ නිර්මාණයක් නෙමෙයි කියා, එය එසේ නොවන බව පෙන්විය යුතු වන්නේ ඉන්ද්‍රිය හා මනසින් තොරව විය යුතුයි නේද?
  • Chanthaka De Mel /නිපුන, ඔබට හැකිද ලෝකය කියන්නේ අපෙන් තොරව (එනම් අපේ ඉන්ද්‍රිය හා මනසින් පරිබාහිරව) තිබෙන දෙයක් බව 'ඔප්පු කරන්න'. හැබැයි ඔබ එය කල යුතු වන්නේ ඉන්ද්‍රිය හා මනසින් තොරවයි. ඔබට නෙමෙයි, කිසිවකුට එය කල නොහැකියි./

    මෙන්න නලින් ද සිල්වාගේ ගිරවුන්ගේ නොදැන්ම ගැන හොඳම් උදාහරණයක්. දැන් මෙයා මේ කතාව කියන්නේ මීට වසර 2.000 ගණනකට ඉහත ඇරිස්ටෝටල් මේ තර්කය බිඳපූ ආකාරය ගැන හාංකවිසියක් නොදැන. අනේ මන්දා මේ වගේ උන්ගේ මොළේ කොහේ තියෙනවද කියලා.
  • Chinthake Perera ඔය වගේ නලින් වාදී විතන්ඩ වාදීන්ට තාම තේරෙන්නේ නැතිව ඇති නලින් තාම ජීවත් වෙන්නෙ බටහිර කියන දැනුම විකුනගෙන කියලාවත්
  • Gimhana Wedage Chanthaka, ඔබ ඔය කියන දේ ඇරිස්ටෝටල් කලාය කියා මම හාන්කවිසියක් නොදනිමි. ඔබට බැරිද ඔහු කල ආකාරය පැහැදිලි කරන්න. අඩුම තරමින් link එකක් හෝ පල කරන්න.

    Chinthake, ජීවත් වීම සඳහා නලින් මොනවා විකුනනවාද යන්න මට වැදගත් නැත. මෙහි සිටින අය මොනවා විකුනනවාද යන්නත් මට වැදගත් නැත. මට වැදගත් වන්නේ ඔබ සැමගේ අදහස් පමණි. අපි අපේ අදහස් ගැන මිසක, එක් එක් අය කරන වෙළඳාම් ගැන කතා නොකර ඉමු. 
  • Dazz Script Gimhana Wedage         මම කිව්වෙ උබේ ගොන්කම අරින්ඩ බෑ කියලා... මේ කියල ඉවර උනා ආයෙ රෙද්දක් කියෝනවා.. ආයෙ කියල වෑඩක් නෑ උබට... උබ ඕනෙ රෙද්දක් හිතාගෙන ඒවිදියටම කොරම් පලයන්.... උබේ දරුවො ඒම ඉස්කෝලෙ යවනව නෙමෙයි ඔය මිත්‍යාව උගන්නන්ඩ... නද්දෙකින් මමත් උබට නෑහීගෙන කොමෙන්ටුවක් හරි දෑම්මනේ.... තූ:
  • Dazz Script @Chanthaka De Mel අඩේ දෑන් ඈති බන්... මේකට කට කෑඩෙනකම් කිව්වත් වෑඩක් නෑ... මූ කියන විදියට මුගෙ ගෙදර ඉන්න අම්ම තාත්තත් මිත්‍යාවක් වෙන්ඩ බෑරි නෑ 
  • Nipuna Wanninayake Gimhana Wedage - ඔබ කියන දේ මෝඩ තර්කයක්.. එඓද්‍රියෙන් තොර ලෝකය නැතිනම් ලෝකය හැමදාම එකම විදිහට තියෙන්න ඔනෑ. පහුගිය වසර දසදහස ගත්තත් මිනිස්සුන්ගෙ එංඉද්‍රිය පද්ධතිය වෙනස් වෙලා නෑ... (මහා වෙනසක් වෙලා නෑ )
    මොලයේ බර හෝ ක්‍රියාකාරෙත්වය වෙනස් වෙලා කියල හිතන්න සාධක නෑ.. ඒත් අද ලෝකයයි මීට වාසර දසදහසකට කලින් තිබ්බ ලොකයයි කොච්චර වෙනස්ද? 
    එතකොට ඒද්‍රියෙන් තොර ලෝකයක් නැතිනම් මිනිසා බිහිවෙන්න කලින් (ඩයිනෝසරයන්ගෙ කාලෙ ) ලෝකයක් තිබුනෙ නැද්ද? තිබුනනම් ඒක කාගේ මනසේ නිර්මානයක්ද?
  • Dazz Script ////////කෙනෙක් කියනවානම් ලෝකය කියන්නේ ඉන්ද්‍රිය හා මනසේ නිර්මාණයක් නෙමෙයි කියා, එය එසේ නොවන බව පෙන්විය යුතු වන්නේ ඉන්ද්‍රිය හා මනසින් තොරව විය යුතුයි නේද?///////
    .
    ගුලි කාලද බන් බුකියට එන්නේ???? මොනවා කියෝනවද දන්නෑ
  • Chinthake Perera විද්‍යාව කරා වූ රජ මාවතක් නොමැත. එහි දිදිදුලන මුදුනට ළඟා වීමට අවස්ථාවක් ඇත්තේ, එහි තියුණු ගිරි හෙල් ඔස්සේ වූ වෙහෙසකර නැග්මට බිය නොවන්නවුන්ට පමණි.
  • Chinthake Perera Gimhana , 1st i appreciate ur disciplines in a discussion. i would like have nice chat with u. before that pls read a book "ක්වන්ටම් ලොකයේ දයාලෙක්තික්ය" then read the general relativity and special relativity theories then we can have nice chat
  • Gimhana Wedage //එතකොට ඒද්‍රියෙන් තොර ලෝකයක් නැතිනම් මිනිසා බිහිවෙන්න කලින් (ඩයිනෝසරයන්ගෙ කාලෙ ) ලෝකයක් තිබුනෙ නැද්ද? තිබුනනම් ඒක කාගේ මනසේ නිර්මානයක්ද?//

    කාලය කියන්නෙත් අපි ගොඩ නගා ගන්නා සංකල්පයක් නිපුන.
  • Dazz Script         @chinthake perera... මූ ඕක කියෙව්ව නෙමෙයි විද්‍යාවක් මුට එබුවත් ගොන් කම අරින්ඩ බෑහ්  නයිස් චෑට දාලම බලාන්කෝ...
  • Nipuna Wanninayake ඔහොම සංකල්ප කතාව කියකියා ඔනෑම ප්‍රෂ්නයක් මග අරින්න පුලුවන් එහෙනම්... ඒක බාල තර්කයක්... උත්තරයක් දෙන්න අහපු එකට.. ලෝක ඉද්‍රීයන්ගේ නිර්මානයක් නම් ලෝකය වෙනස් වන්නේත් ඓද්‍රියන් වෙනස් නොවන්නේත් ඇයි? 
    එතකොට ඓන්ද්‍රියන්ට අසු නොවන, නමුත් උපකරණ වලට අසුවන දෑ (විද්‍යත් චුම්බක තරංග, විකිරණ ) පවතින්නේ ඇයි? 
    ඔය සංකලප උත්තරය බාල එකක්
  • Gimhana Wedage කාලය කියන එක සංකල්පයක් පමණක් වන්නේ මෙහෙමයි නිපුන.

    අපි අපේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්ෂව වස්තු නිර්මාණය කර ගන්නවා. පැන්සල, පොත, පුටුව, කාන්දම් කෑල්ල ආදී වශයෙන්. අපිට වඩා වෙනස් ඉන්ද්‍රිය තිබෙන සතුන් (එවැන්නන් සිටීනම්) මේ වස්තු මේ ආකාරයටම නිර්මාණය කර නොගනු
     ඇත. (උදා: ගුරුත්ව ක්ෂේත්‍රය දැනෙන අයෙක් වස්තු මීට වඩා විශාලවවත් දකිනු ඇත).

    මෙලෙස අපි නිර්මාණය කර ගන්නා වස්තු වෙනස්වීමකට ලක් වීම පැහැදිලි කර ගන්නේ කාලය කියන සංකල්පයෙන්. අපි වස්තු කියන සංකල්පය නිර්මාණය කර නොගන්න, කාලය නිර්මාණය නොවේ.
  • Gimhana Wedage මේ ලෝකයේ යථා ස්වභාවය අපිට අපේ ඉන්ද්‍රියන්ගෙන් හා මනසින් අවබෝධ කර ගන්න බෑ. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය හා මනස නැති කිරීමෙන් කියලා මම විශ්වාස කරනවා.

No comments:

Post a Comment