Thursday, July 3, 2014

තාක්ෂණික වහල් බවෙන් මිදෙන්න



  • 10 hrs · Like · 1
  • Sajith Fernando රේඛා ටික විතරක් දකින්න...
    මාරයි
    10 hrs · Like · 2
  • Kaveen Manishka Kariyawasam මෙන්න ඉරි ටික,
    Sajith අයියෙ.
    Thats the reason i posted it here. 
    9 hrs · Like · 2
  • Dileepa Wattegama reka tika samaga arthaya thawa mathu karanna tharam Kaveen daksai....
    9 hrs · Like · 1
  • Kaveen Manishka Kariyawasam Athula Sirගෙ බ්ලොග් එක තුලින් ලබපු දැනුම තමයි.
    9 hrs · Like · 1
  • Kaveen Manishka Kariyawasam ස්තුතියි සජිත් අයියෙ,දිලීප අයියෙ.
    9 hrs · Like
  • Oscar Nonis ඉරි ටික නම් හොඳයි - ෆොටෝ එක නම් අන්තිමයි 

    Focus වෙලා තියෙන්නේ පිඟානේ යට දාරය - මාළු ටික out of focus + overexposed - ඇතිලිය ඇතුලේ කළුම කළුයි. පිඟාන අපිරිසිදුයි - වලඳේ උඩ ගැට්ට ෆොටෝ එකේ ඉහළ දාරයටම වෙලා 

    මෙතැන වැදගත් විය යුත්තේ හාල්මැස්සන් සහ වළඳ - ඉරි රටා පසුවට
    9 hrs · Like · 3
  • Dinusha Deshapriya Samaratunga ගන්න ඕන හැමදේ හැමදේම බුද්ධියෙන් ගන්න .
    9 hrs · Like · 1
  • Kaveen Manishka Kariyawasam ජන්ගමයෙන් ගත්තෙ.,.
    9 hrs · Like
  • Kaveen Manishka Kariyawasam ඔරිජිනල් එක
    9 hrs · Like · 1
  • Kaveen Manishka Kariyawasam Oscar මහතාගේ උපදෙස් බෙහෙවින් අගය කරමි .හොඳින් උත්සාහ කරමි
    9 hrs · Like
  • Oscar Nonis ඉරි රටා වැදගත් වන්නේ විශේෂයෙන් Fine Art photography වලදියි - Food Photography කිරීමේදී මුල් තැන දිය යුත්තේ තමන් පෙන්වන දෙය සහ ඒ ආශ්‍රිත වටපිටාව 

    ජංගම දුරකතනවලින් වඩා හොඳ ෆොටෝගන්න පුළුවන් උත්සහ කරනවා නම්
    8 hrs · Like · 6
  • Dinusha Deshapriya Samaratunga Oscar mahathmaya meka kohomada phone eken
    8 hrs · Like · 1
  • Kaveen Manishka Kariyawasam ඇත්තටම food photography කියලා හිතාගෙන නෙවයි Oscar මහත්මයා මම ගත්තේ....ඔව් පිලිගන්නවා,,,,වැරදි අඩුපාඩු සියල්ලම...
    8 hrs · Like · 2
  • Oscar Nonis ඕකේ focus වෙලා තියෙන්නේ පපඩම - බිත්තරේ focus වුනා නම් තමයි හොද - බත් බෙදලා තියෙන විදිහත් පිළිවෙල මදි වගේ 

    කෙලින්ම උඩින් ගත්තා නම් වටිනවා - crop එකෙත් පොඩි අවුලක් තියෙනවා
    8 hrs · Like · 4
  • Dinusha Deshapriya Samaratunga සුවදැල් බත නිසා කැටි වැඩියි. ඔව් බිත්තර කහමදය Focus වුනානම් හොඳයි තමයි. ක්‍රොප් කලේ නෑ.
    8 hrs · Like · 2
  • Oscar Nonis Crop කිරීම හෝ Frame කිරීම - පෙනෙන සීමාව
    8 hrs · Like · 4
  • Dinusha Deshapriya Samaratunga Ow eya piliganwa oscar ...
    8 hrs · Like · 1
  • Dinusha Deshapriya Samaratunga පපඩමා Focus වුනේ මම කන්න ආසමදේ පපඩම් නිසා.
    8 hrs · Like
  • Dinusha Deshapriya Samaratunga Any type of cock tail ?
    8 hrs · Like
  • Kaveen Manishka Kariyawasam එකනම් නියමයි....
    8 hrs · Like
  • Kaveen Manishka Kariyawasam හැමදාම Art photography ගැන විතරක් හීන දකින මට තවත් පැත්තක් හිතන්න විවර කරාට....
    8 hrs · Like · 1
  • Kaveen Manishka Kariyawasam මේකනම් ගොඩ කාලෙකට කලින් ගත්තේ
    8 hrs · Like · 1
  • Dinusha Deshapriya Samaratunga Udin watila thiyna aloka darawa badawak wage
    8 hrs · Like · 1
  • Mayantha Perera Last cmnt eke paththak over exposure....digiya use karanwa nm ,over exposure nm point ekk dekk under tyala try karanna
    8 hrs · Like · 1
  • Mayantha Perera Mata samaharu ekka awl tynwa...but brow iri walata photo gahanna epa...aha hondai kiyana wdhata photo gahanna........

    Oya iri kalith break wenna one bro

    apith aluthen kiyala deyak karanta epai bn..... Juzt thnk a one mnt abut that
    8 hrs · Like · 1
  • Mayantha Perera **pa.li
    mm porak nowemi,esee veemata datha kami
    8 hrs · Like · 1
  • Athula Siriwardhane .
    කවීන් තුළ සිටින
    කලාකරුවාට ගරු කරනවා.
    ඔස්කාර් කියන දේත් ඇත්තක් තියනවා.
    ඒත් මේ හැකියාවන් දෙකට
    වටිනා කම් දෙකක් තියනවා.

    එක දොරටුවක් ඉතාම පටුයි.
    ඇතුළුවෙන පිරිසත් අඩුයි.
    කවීන් ඉන් එක්කෙනෙක්.

    අනික් දොරටුව පුළුල්.
    ඇතුළුවන අය
    ඕනතරම් ඉන්නවා.

    කවීන් මේ රාමුව
    සකස් කරගත්තාට පසුව
    ඔස්කාර් කියන අඩුපාඩු නැතුව
    ඡායාරූපය ගන්න හැකියාව ඇති
    තාක්ෂණික දැනුම ඇති ශිල්පීන්
    දහස් ගාණක් සොයා ගන්න පුලුවන්.
    මේ රාමුව මේ වගේ දකින්න
    හැකියාවක් තියන ඡායාරූප ශිල්පීන්
    කී දෙනෙක් ඔබලාට නම් කළ හැකිද?
    7 hrs · Like · 3
  • Athula Siriwardhane .
    මා හිතවත්
    විලාසිතා ඡායාරූප ශිල්පියෙකු වන මෙත්තසේන
    වරක් ඔහුගෙ අත්දැකීමක්
    මා සමග කීවේය.
    ඔහු ඒ අත්දැකීම කීවේ
    කවර ආකාරයේ හැඟීමකින්දැයි
    මට මතක නැත,
    එහෙත් කල් යාමේදී
    මුලු මහත් ඡායාරූප ශිල්පී ක්ෂේත්‍රයම
    කිසියම් සරල වර්ගීකරණයකට බඳුන් කිරීමට
    එම අත්දැකීමට ශක්තිය ඇති බව මට හැඟින.
    විදේශීය සඟරාවක
    විලාසිතා ඡායාරූප මාලාවක්
    ලංකාව පසුබිම් කරගෙන ඡායාරූප ගතකිරීමට
    යැස්මින් ගෞරි නම් නිරූපිකාව සමග පැමිණි
    දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වෙනුවෙන්
    ඔහුගේ සම්බන්ධීකරකයෙකු ලෙස වැඩ කරන්නට
    මගේ මිත්‍රයාට අවස්ථාව ලැබිණ.
    ඔවුහු කොළඹ සහ
    මහනුවර ප්‍රදේශවල
    රූ ගත කිරීම් වල යෙදුණෝය.

    නිරූපිකාව සහ ඡායාරූප ශිල්පියාට අමතරව
    තවත් ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකු
    එම කණ්ඩායමට අයත් වූහ.
    එම ඡායාරූප ශිල්පියා වෙනුවෙන්
    ආලෝකය පිරික්සමින්,
    ආලෝකය නිසි පරිදි සකසමින්
    එම අවස්ථාවේ පවතින ආලෝකයට ගැලපෙන අයුරින්
    තාක්ෂණික ක්‍රම වේදයන්ට අනුව
    ඡායාරූපය ගැනීමට සුදුසු තත්වයට
    කැමරාව පත් කරන්නේ ඔහුගේ සහායකයින්ය.
    අනාවරණය කාච විවරය ආදිය
    නිසි ලෙස සකසා දුන් කැමරාව අතට ගන්නා
    ප්‍රධාන ඡායාරූප ශිල්පියා
    රාමුව නිසි ලෙස සකසා ඡායාරූප ගනියි.
    ඔහු කරන්නේ එපමණෙකි.

    සමාන්‍යයෙන්
    සෑම දක්ෂ ඡායාරූප ශිල්පියෙකුම
    මේ කාර්යයන් දෙකම
    තමා විසින්ම කර ගන්නෝය.
    සෑම අදක්ෂ ඡායාරූප ශිල්පියෙකුම
    සහයකයින්ගේ කාර්යය
    අදක්ෂ ලෙස, සාමාන්‍ය ලෙස හෝ
    ඉතා දක්ෂ අන්දමින් කර ගන්නෝය.
    ඔවුන් අදක්ශ ඡායාරූප ශිල්පීන් වන්නේ
    අර ඡායාරූප ශිල්පියා කළ දේ
    ඔවුන්ට කර ගන්නට බැරි නිසාවෙනි.

    කොතරම් හොඳින්
    අවස්ථාවට ගැලපෙන අයුරින්
    කැමරාව සකස් කරගන්නට
    යම් ඡායාරූප ශිල්පියෙකු දක්ෂ වුවද
    කැමරාවේ දසුන් කවුලුවෙන්
    දකින දර්ශනයෙහි
    අනවශ්‍ය දේ කැපී ඉවතට යන ලෙසත්,
    ඒ දර්ශනයෙහි, වර්ණ, හැඩතල, රේඛා ආදිය
    රිද්මයකට අනුකූලව මතුකරගෙන
    එහි සුන්දරත්වය නිරූපනය කරන්නටත්
    ඔහුට නොහැකිනම්
    ඔහුගේ ඡායාරූපය
    මනා ආලෝක තත්වයෙන් යුතු
    නීරස දසුනක් වනු ඇත.

    ඡායාරූප ශිල්පියෙකු ලෙස කෙනෙකු
    තාක්ෂණික භාශා ඥාණයෙන් කෙළ පැමිණියද
    ඔහු එම භාෂාවෙන් ඉදිරිපත් කරන
    දෘෂ්‍යමය ප්‍රකාශනයෙන්
    අප තුළ කිසියම් සසල වීමක් නොවන්නේ නම්
    ඔහුගේ ප්‍රකාශනය අපට අදාළ නොවේ.

    තාක්ෂණික ගුණාත්මක භාවය
    ඡායාරූපයක් මනින
    ප්‍රධාන මිනුම් දණ්ඩ ලෙස සලකන
    බොහෝ ඡායාරූප ශිල්පීන්
    සිය ඡායාරූප වලට ලැබෙන
    ඇල්මැරුණු ප්‍රතිචාර වලින්
    විමතියට පත්වෙති.

    තාක්ෂණික වශයෙන් දුර්වල ඡායාරූපයක්
    සම්භාවනාවට පාත්‍ර වනු දකින ඔවුහු
    ඊටත් වඩා විමතියට පත්වෙති.

    කැමරාව කරන්නේ 
    ඡායාරූපය සටහන් කරගැන්මය. 

    එහි සටහන් වන්නේ කුමක්දැයි
    තීරණය කරන්නේ ඡායාරූප ශිල්පියායි.

    ඔහුගේ ඡායාරූපයේ අගය රඳා පවත්නේ
    ඡායාරූපය වශයෙන් 
    ඔහු සටහන් කරගන්නට තීරණය කරන
    රූපයෙහි අගය මතය.

    මා ඉහතකී
    ඡායාරූප ශිල්පියාගේ සහායකයින්
    ඔහුට කරදෙන දේ ඉගෙන ගන්නට..
    කැමරාව කරන්නේ කුමක්දැයි ඉගෙන ගන්නට
    ජීවිතයම ගත කරන බොහෝ ඡායාරූප ශිල්පීහු
    කැමරාව කරන දේ නිසි පරිදි සිදුවන්නට
    තමා කළයුතු කුමක්දැයි නොදනිති.
    http://ridmasankalana.blogspot.com/2013/03/blog-post_21.html
    7 hrs · Like · 3
  • Kaveen Manishka Kariyawasam Mayantha, යමක් ඉක්මවා යන්න ,මුලින්ම ඒ දේ හරියට ඉගෙන ගන්න ඕනි කියලයි මම හිතන්නේ....නීතිය රීතිය හැමදෙයක්ම....රීතියක් බිඳින්න එකෙන් සුන්දරත්වයක් මතුකරන්න පුළුවන් වෙන්නේ දක්ෂයෙක්ට විතරයි....නැත්නම් රීතිය බිඳින නවකයාත් ,පොරත් අතර වෙනසක් නැතුව යනවා....
    7 hrs · Like · 2
  • Mayantha Perera Pili gan na. @ manishka
    7 hrs · Like · 1
  • Mayantha Perera Api mulinma balanna oone ee hama nirmanayakma neethi reethi matha karapuwada kiyala...umbai maai danna art wala eeka tybba...

    But photography waladai ookama passe pannuwoth ummbe as dekata peni peni laksha gaanak patta frames miss wei...  umba eewa capture karan na ,mko neethi walata ee hadathale anugatha nathi niz

    lassana de karanna,eekata watina kamak tyei...

    Neethi reethi uda wada karanna gyoth mm hythan na marenna kalin umb eka honda photo ekkwath gani kiyala....

    Mko looke kisima deyak nishchithaya kiyala wdhakata wen na
    7 hrs · Like
  • Kaveen Manishka Kariyawasam හැඩතල දකින්න පුලුවන්නම් රිද්මය දකින්නපුලුවන්නම් ලස්සන දකින්න පුලුවන්නම් අවස්තාව මගඇරෙන්න පුලුවන්ද?
    7 hrs · Like · 2
  • Oscar Nonis නීති රිකි ක්‍රමවේද ඔක්කොම හොඳයි - නමුත් මොනවා කළත් ජායාරුපයේ ප්‍රමිතිය නැත්නම් ඒකෙන් වැඩක් නැහැ - ඒ වගේම එයින් ප්‍රකාශ වනදේට මුල් තැන දිය යුතුයි 

    ජායාරුපකරණයේ මුලිකමදේ නිවැරදි ලෙස expose කරගත් ජායාරුපයක් - ඒක නැත්නම් වෙන මොන දේ කිව්වත් වැඩක් නැහැ
    7 hrs · Like · 4
  • Mayantha Perera Theory eka gangaka athu paarak karagannawa misak maha gangawak kara gnna yanna epa, 
    7 hrs · Like
  • Mayantha Perera Mam thatamapu dee mr.oscar few words walin kiuwa.... 

    Respect
    7 hrs · Like
  • Kaveen Manishka Kariyawasam කන බොනදේ ජීවිතයට පෝෂණයක් මිසක් කනබෝන දේ ජීවිතයම වෙන්නේ නැහැ...නමුත් හොඳ පෝෂ්‍යදායී කෑම කනබොන කෙනාගේ ජීවිතයම සාර්ථක වෙනවා නේද?
    7 hrs · Like · 1
  • Kaveen Manishka Kariyawasam මම පිලිගන්නවා ඔස්කා මහත්මයා...මගේ ඒ අඩුපාඩු නොතිබුනානම් මේ සංවාදය මේ තරම් දේවල් මට ඉගෙනගන්න ලැබෙන්නේ නැහැ...ඒ නිසා මම සතුටුයි....
    7 hrs · Like · 1
  • Mayantha Perera Kaveen mm umbata mage camarawai,memory card ekai ,oonema nm speed light ekakui deela umbawa kotuwe boo gaha langa indn station eka langata eka parak ekkn ennam, umb neethi walata honda photo keeyak gahai da????

    Aai parak ee parem yanna neethi reethi tkakt amathaka karala camarawen thamanta karanna pluwan dee oluwe tya gena...umba ganna phto wala wenasak umbtm theerei
    6 hrs · Like
  • Mayantha Perera Umba or mama poshyadai kaama kaawa paliyata saarthaka wen na mola gediya nathnm bn....

    Neethi reethi walin pooshanaya wenna oone,wal math wenna epa kaveen

    onnama minis nirmanayak abibawa yanna pluwan
    6 hrs · Like
  • Kaveen Manishka Kariyawasam කවුද දරුවෝ නීති හිතහිත ඉන්නේ පාර පනිනකොට කවුද වම බලලා දකුණ බලලා ආයේ වම බලන්නේ? නෑ පොඩි කාලේ අපි ඒක ඉගෙනගන්නවා...ලොකුවෙනකොට අපි දන්නවා ඒක එහම කරන්න ඕනි නැහැ පාරේ වාහන නැත්නම් පනින්න පුළුවන් කියලා......
    6 hrs · Edited · Like
  • Kaveen Manishka Kariyawasam එත් පාර one way කරපු තැනක උනත් අපිට පුරුද්දත් එක්ක පාරේ දෙපැත්තම බැලෙන්නේ නැද්ද?
    6 hrs · Like
  • Kaveen Manishka Kariyawasam චැට් එකට එන්න.අපි කතා කරමු නිකන් කොමෙන්ට් කරලා ෆොටෝ එක උඩට ගන්න උවමනාවක් නෑ

    aniwaa hama deyakma abibawa yanna puluwan...ewagema anugatha wennath puluwan.
    6 hrs · Edited · Like
  • Mayantha Perera Habai umbt podi kale eeka kiyala deepu nza thaamath podi kale puruddat paara depaththam balanwa ne

    ''paare wahana nathnm ikmanatama maaru wenna''

    umb loku wela karanneth ara ugannapu eke anthima kaallane bn...ko umben aluth yamak awth na ne
    6 hrs · Like
  • Mayantha Perera Chat ekakt seema unoth ape waraddak dakin knk na
    6 hrs · Like · 1
  • Athula Siriwardhane .
    මම වෙළඳ ප්‍රචාරණය කරන කාලෙ
    මගේ හවුල් කරුවා
    මංගල ඡායාරූප ශිල්පියෙක්.
    ඔහුට ඡායාරූප හොඳට ගන්න පුලුවන්.
    ඒත් අපි ඒ සඳහා
    නෝනිස් අගය කරන විදියෙ
    වෘත්තීය ගුණාත්මකභාවය සෙව්වා.
    අපිට කෑම වර්ග වල ඡායාරූප අවශ්‍ය වුණා.
    නෝනිස් කියන විදියට
    හරියට වැඩේ කරගන්න ඕන වුණාම
    අපි කෙන්ට් එකට කෑම ටික අරන් ගිහින්
    සියල්ල අපිට අවශ්‍ය විදියට සකස් කළාම
    ඔවුන් ආලෝකය අපිට ඕන විදියට හදලා
    ඡායාරූපය අරන් දෙනවා.

    නෝනිස් කියන දේ 
    ඔවුන් ඉතා හොඳින් කරලා දුන්නා.
    ඔවුන් රු දෙදහසක් ගත්තා.

    නෝනිස් අගය කරන හැකියාවට 
    වටිනා කමක් තියනවා.

    සම්පිණ්ඩණයට වෙනම වටිනාකමක් තියනවා.

    ඒ දෙකම කරන්න පුලුවන් ඡායාරූප ශිල්පියෙකුට
    ඒ ඡායාරූපයටම රු පසළොස් දහසක්
    විසි දහසක් ගන්න පුලුවන් වෙයි.

    ඡායාරූප ශිල්පියාට
    සම්පිණ්ඩණය කළ නොහැකි නම්
    ඒ දේ ඔහුට කරල දෙන්න
    හැම ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකකම
    කලා අධ්‍යක්ෂකවරුන් ඉන්නවා.

    කලා අධ්‍යක්ෂකවරු කරන විදියට
    කවීන්ට මේ සැලැස්ම
    කොළේක වුණත් ඇඳලා දෙන්න පුලුවන්.
    ඕනම ස්ටුඩියෝ එකකින්
    ආලෝකය සකස් කරලා
    නෝනිස් සතුටු වෙන විදියට
    වැඩේ කරගන්න පුලුවන්.
    6 hrs · Edited · Like · 3
  • Athula Siriwardhane .
    කිසිම දක්ෂ, ප්‍රවීණ ශිල්පියෙක්
    හිතා මතා රීති බිඳින්නෙ නැහැ.
    ඇත්තටම ඔවුන් කොහොමවත්
    රීති බිඳින්නෙ නැහැ.
    ඔවුන් ඡායාරූප ගනිද්දි
    රීති හිතන්නෙත් නැහැ.
    රීති ගැන හිතන්නෙ නවක සිසුන්.
    ඔවුන් ඒ අවදිය මනාව පසු කළ නිසා
    ඔවුන්ට රීති ගැන හිතන්න ඕන නැහැ.

    බයිසිකලයක් පදින්න ඉගෙන ගන්න
    පුංචි දරුවෙකුට සමබරතාවය ඉගෙනගන්න
    පිටිපස්සෙ පොඩි රෝද දෙක පහසුවක්.
    ඔහු පුරුදු වෙන කාලෙදි
    වංගුවක් ගනිද්දි
    හැඬලය හරවනවා.
    ඔහු පුරුදු වෙනකොට
    හැඬලය හරවන්න අවශ්‍ය නැහැ.
    බයිසිකලය නිතරම පැදලා පැදලා
    සමබර කරගත්ත දරුවාට
    පිටිපස්සෙ පොඩි රෝද දෙක අවශ්‍ය නැහැ.
    ඔහු සමබරතාවය බිඳලා
    වංගුව වඩාත් පහසුවෙන් ගන්නවා.
    ඔහුට වංගුවක් ගන්න ඕන වුණාම
    රෝද දෙක ඔහුට හිරිහැරයක්.
    ඔහු රෝද දෙක ගලවලා දාන්නෙ
    ඒ රෝද නැතුව සමබරතාවය රැකගන්න
    තව දුරටත් ඒ රෝද අවශ්‍ය නැති නිසයි.
    රෝද තියෙද්දි කරන්න බැරි දේවලුත්
    ඔහු දැන් රෝද නැතුව කරගන්නෙ
    රෝද දෙක ඇසුරෙන් ලබාගත්
    සමබරතාවය නිසයි.

    දක්ෂ ප්‍රවීණ ශිල්පීන් රීති ඉක්මවා යන්නෙ
    ඔවුන්ට රීති නැතුව
    සම්පිණ්ඩණය කරගන්න පුලුවන් නිසයි.
    එදා රීති වලින් කරගන්න බැරි වුණ දේත්
    ඔවුන් නව රීති මිශ්‍ර කරලා හදා ගන්නවා.

    මෝටර් සයිකලය බයිසිකලයෙ රීති
    බිඳලා හදාගත් දෙයක් නෙමෙයි.
    ඒ රීති ඉක්මවා ගිහින් හදාගත් දෙයක්.
    බයිසිකලයෙ රීතිත් ඒ තුළ තියනවා.

    කවීන්ගෙ රීතිවලට තියන ගෞරවය
    නෝනිස් තුළ ඇති නොවුණොත්
    නෝනිස් කියන තාක්ෂණික දක්ෂතාවය
    කවීන් හදා ගත් දවසට
    කවීන් නෝනිස්ට වඩා බොහෝ ඉදිරියෙන් ඉඳීවි.
    6 hrs · Like · 3
  • Athula Siriwardhane .
    මේ තියෙන්නෙ
    කවීන්ගෙ මුල් ඡායාරූපයෙ
    ප්‍රධාන හැඩ තල ටික.

    මේ සම්පිණ්ඩණය 
    කොහොම වුණත් ලස්සණයි.
    5 hrs · Like · 4
  • Thisara J. Udawela මේ පින්තුරේ ගැනීමේ කවීන්ගේ අරමුණ product photography නො වන බව මට නම් දුටු ගමන් පෙවුණා 
    5 hrs · Like · 2
  • Athula Siriwardhane .
    මොන විදියට වෙනස් කළත්
    මෙහි තියන සම්පිණ්ඩණයෙ අගය

    ඒ වෙනස්කම් ඉක්මවනවා.
    5 hrs · Like · 1
  • Athula Siriwardhane .
    මම කැමතියි නෝනිස්ගෙන් 
    සුහද ඉල්ලීමක් කරන්න.

    සම්පිණ්ඩණය නොසලකා සකස් කළ
    ප්‍රමිතියෙන් ඉතාම උසස් ඡායාරූපයකට
    මෙවැනි වෙනස් කම් කරල පෙන්වන්න කියල.
    5 hrs · Like · 1
  • Athula Siriwardhane .
    සුන්දර යුවතියක්
    වේශ නිරූපණයෙන් හැඩ ගැන්වීමත්

    විරූපී යුවතියක්
    වේශ නිරූපණයෙන් හැඩ ගැන්වීමත්
    අතර විශාල වෙනසක් තියනවා.
    වේශ නිරූපණයෙන් එහා දකින්න බැරි අය
    වේශ නිරූපණයට මුල් තැන දෙනවා.

    වේශ නිරූපණය නැතත්
    සුන්දර යුවතිය සිත් දිනා ගන්නවා.
    වේශ නිරූපණය නැහැ කියා
    ඇය හෙළා දැකීම වැරදියි.
    5 hrs · Like · 2
  • Thisara J. Udawela සංවාදය වැදගත්

1 comment:

  1. ඒකාලෙ පොටෝ ගෲප් සෑහෙන්න සරුවට තිබුණා.

    ReplyDelete