බුදු දහමෙ හරය, අරටුව
විද්‍යාවෙන් තහවුරු වෙනවා.
විද්‍යාව මෑතදී සොයාගත් සත්‍යතා
බුදු දහම තුළ වසර 2500ක් පැවතුණා.
කර්මය, පුනර්භවය ආදී අතු ඉති
තවම විද්‍යාවට ගෝචර වී නැහැ.
මෙතෙක් ගෝචර වූ කොටස
විද්‍යාවට එකඟයි.
විද්‍යාව මෑතදී සොයාගත් සත්‍යතා
බුදු දහම තුළ වසර 2500ක් පැවතුණා.
පංචස්කන්ධය ඉන් එකක්.
ඇස් කන් ආදී ඉඳුරන්
ස්පර්ශයෙදී ක්‍රියා කරන විදිය
විද්‍යාවෙන් විස්තර කරන ආකාරයටම
බුදුන් වහන්සේත් විස්තර කර තියනවා.
විද්‍යාවෙන් තහවුරු වෙනවා.
විද්‍යාව මෑතදී සොයාගත් සත්‍යතා
බුදු දහම තුළ වසර 2500ක් පැවතුණා.
කර්මය, පුනර්භවය ආදී අතු ඉති
තවම විද්‍යාවට ගෝචර වී නැහැ.
මෙතෙක් ගෝචර වූ කොටස
විද්‍යාවට එකඟයි.
විද්‍යාව මෑතදී සොයාගත් සත්‍යතා
බුදු දහම තුළ වසර 2500ක් පැවතුණා.
පංචස්කන්ධය ඉන් එකක්.
ඇස් කන් ආදී ඉඳුරන්
ස්පර්ශයෙදී ක්‍රියා කරන විදිය
විද්‍යාවෙන් විස්තර කරන ආකාරයටම
බුදුන් වහන්සේත් විස්තර කර තියනවා.
- Gimhana Wedage //බුදු දහමෙ හරය, අරටුව
විද්‍යාවෙන් තහවුරු වෙනවා.//
මම යනුවෙන් දෙයක් ඇතැයි සැලකීමම වැරදියි. ඇස, කන, දිව, ... මම යන සියල්ල පවතින්නේ සම්මුති වශයෙන් පමණයි. සම්මුතිය කියන්නේ විශ්වාසනීය කතන්දරයකට. නොමැති යතාර්ථයක් ඇතැයි යනුවෙන් සලකමින් කරනු ලබන පැහැදිලි කිරීම් මගින් බුදු දහමේ හරය තහවුරු වෙන්නේ කොහොමද? අතුල වචනයෙන් නැතිය කිව්වට, අවිඤ්ඤාණිකව විද්‍යාව අදහන බවකුයි පෙනෙන්න තියෙන්නේ. - Tharinda Divakara Gimhana //නොමැති යතාර්ථයක් ඇතැයි යනුවෙන්// අදහස් කරන්නේ කුමක් ද? ඔබගේ ප්‍රකාශය තේරුම් ගැනීමට තරම් මා සතු ප්‍රත්‍යක්ෂබව ප්‍රමාණවත් නැහැ. ඒ නිසා සරලව පැහැදිලි කරන්න...
- Tharinda Divakara ඩිලාන් චතුරංග බණ්ඩාර, වටිනා ලින්ක් එකක්!
ඉහත ලින්ක් එකෙන් පහත කරුණු පැහැදිලි වේ.
1. විශ්වය (හා එහි පැවැත්ම)
2. පෘථිවියමත ජීවීන් ගහනයවීමේ මුල් අවස්ථාව
(සමහරුන් මෙය මුල්ම ජීවීන්ගේ උපත යැයිද හඳුන්වයි, එය එසේම නොවේ)
3. ජීවීන්ගේ පරිණාමණය
6.පදාර්ථයේ මූලික අවස්ථා (ඝන ද්‍රව වායු) හා පදාර්ථය නොවන ශක්තිය
(නූතනයේ දී ශක්තිය සතුව අංශුමය “ස්වභාවයක්“ ඇතැයි පිළිගනී) .
(ආපෝ, තේජෝ, වායේ, පඨවි) - Ranga Deshapriya සියලු දුෂ්ටිවාද බුදුන් වහන්සේ බැහැර කලේ
"තදපි පස්ස පච්චයා"("එයද ස්පර්ශ ප්‍රත්‍යයෙන්" ) යන එකම බුදු වදනින්ය
බුදු දහම මග පෙන්වන්නේ ස්පර්ශ (පස්ස) නිරෝධයටයි.
ස්පර්ශය(පස්ස) අවිද්‍යා ප්‍රත්‍යයෙනි.
"නුතන විද්‍යාව" ද අවිද්‍යා ප්‍රත්‍යයෙනි. - Jeevan Tharanga Jothirathne සත්‍ය මොන විදියට ප්‍රකාශ කලත් සත්‍ය එකයි. බුදු දහම හා බටහිර විද්‍යාව යනු එකිනෙකට විරුද්ධ 2ක් නොව, සහෝදරවරු 2ක් වැනි දෙයකි.
- Jeevan Tharanga Jothirathne if we describe Lord Buddha from western science aspect, He is a researcher, who research about how human mind behave and how human responded to outside stimuli, and found that it is all relative. He proved it by using him self, and he pass his knowledge for his student as well as he has done lot of service to social sciences.
- Gimhana Wedage Tharinda, මම යනුවෙන් දෙයක් ඇතැයි සැලකීමම මුලික වරදකි. අප එතනින් නොනැවතී බාහිර ලෝකය වශයෙන් වූ යමක පැවැත්මක්ද හඳුනා ගන්නෙමු. විද්‍යාවෙන් කෙරෙන්නේ මෙලෙස හඳුනා ගන්නා වූ මම සහ බාහිර ලෝකය (එනම් මූලික වැරැද්ද) පැහැදිලි කිරීමයි.
මම යනුවෙන් දෙයක් ඇතැයි සැලකීමම අවිද්‍යාවක් වූ දර්ශනයක හරය (හෝ අරටුව), මම යනුවෙන් දෙයක් ඇතැයි සලකමින් කරනු ලබන පැහැදිලි කිරීම් (එනම් විද්‍යාව යනුවෙන් හඳුන්වන දෙයින්) මගින් තහවුරු වන්නේ යැයි කීම ඉතාමත් පරස්පර වූ ප්‍රකාශයකි. - Athula Siriwardhane .
මම කියා කෙනෙක් නැතැයි කීම
පරමාර්ථ සත්‍යයකි.
කයත් මනසත් වශයෙන් ගත් කල
රහත් වෙන තුරුම
විද්‍යාවත් සමග
ඉදිරියට යා හැකිය.
රහත් නොවුණ කෙනෙකුට
මම යැයි කියා කෙනෙක්
නැතැයි කිව නොහැක. - Jeevan Tharanga Jothirathne Since he is a genius he and he is not taunted by other outside reasons he could think of how might other systems such as universe, our body, nature in observation based unbiased explanations.
- Athula Siriwardhane .
මමයැයි කියා කෙනෙක් ඇතැයි කීම
රහත් කෙනෙකුට හැර
අන් කිසිවෙකුටත් වරදක් නොවේ.
මමයැයි කියා කෙනෙක් නැතැයි කීම
රහත් කෙනෙකුට හැර
අන් කෙනෙකුට වරදක් වන්නේ
ඔහු ප්‍රත්‍යක්ෂයෙන් තොරව
කතා කරන හෙයිනි.
ඔහුට වඩා විද්‍යාඥයා නිවැරදිය. - Jeevan Tharanga Jothirathne and most of those explanations are matched today's discoveries, what western people always tried to do is to prove the existence of God, and on the way they are finding the reality. Even great scientist Einstein found from his equation that universe is expanding, since he was convinced the universe made by god isnt changing he add some constant to it and showed universe isnt. but later when Hubble experimentally proved universe is expanding, Einstein has said it was the greatest mistake he ever done.
- Athula Siriwardhane .
බුදුන් වහන්සේ පංචස්කන්ධය විස්තර කරද්දී
විද්‍යාඥයෙකුට වඩා වෙනස් නොවෙයි.
ඇස් කන් ආදී ඉඳුරන්
ස්පර්ශයෙදී ක්‍රියා කරන විදිය
විද්‍යාවෙන් විස්තර කරන ආකාරයටම
බුදුන් වහන්සේත් විස්තර කර තියනවා.
චක්‌ඛුඤ්‌ච පටිච්‌ච
රූපෙ ච උප්‌පජ්‌ජති
චක්‌ඛුවිඤ්‌ඤාණං,
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො;
1, චක්‌ඛු = ඇසත්,
2, රූපෙ = රූපයත්,
3, චක්‌ඛුවිඤ්‌ඤාණං, = රූප හඳුනා ගැනීමට,
ග්‍රහණය කිරීමට ඇසට ඇති හැකියාවත්
කියන තුනම එකතු වෙලා
ස්පර්ශය හැදෙනවා.
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො
= විද්‍යාත්මක විග්‍රහය.
රුපයක් දකින්නේ
අපේ දෘෂ්ටික බාහිකයෙන්,
එයින් ගොඩ නගන රූපය,
ඒ අසලම ඇති
දෘෂ්ටික මතකය සඳහන් බාහිකයෙන්
එම රූපය අඳුනගන්නවා. - Athula Siriwardhane .
ගිම්හානගේ තර්කය අනුව
බුදුන් වහන්සේත් වැරදියි.
උන්වහන්සේ නිවැරදි නම්
විද්‍යාඥයාටත් මමත්වයෙන් තොරව වුණත්
ස්පර්ශයේ සිට විඥ්ඥාණය දක්වා
කායිකව සිදුවෙන දේ කියන්න පුලුවන්..
මේ දෙක එකිනෙකට අනුගත විය යුතුයි. - Jeevan Tharanga Jothirathne Even the greatest brains in the world are still wants to prove that their mystical believes that they were taught as children are true.
- Gimhana Wedage මම මෙහෙම ඇහුවොත්...
පොල් බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හින්දද? ඒක ඔබට ප්‍රත්‍යක්ෂයෙන් දැනෙනවද? - Jeevan Tharanga Jothirathne I think the explanations gave by Buddha things other than his specialty are his views on that matter, bit most are true since he has independent view, but they are not researched facts.
- Jeevan Tharanga Jothirathne gracity according to Newton is a force, it is like I am pulling u Gimhana, but according to Einstein the space and time push you to the ground, it is not the groun that pulling you
- Athula Siriwardhane .
සතෙකුට ගුරුත්වාකර්ෂණය විඳින්න බැහැ.
සාමාන්‍ය මිනිසාටත් බැහැ..
කය පිළිබඳව සිහිය තියෙන්න ඕනෙ. - Gimhana Wedage අයින්ස්ටයින්ට අනුව පොළොවට පොල් (හෝ ඇපල්) වැටෙන්නේ අවකාශ කාල වක්‍රතාවය නිසයි. නිවටන්ගේ ගුරුත්වාකර්ෂණ කතාන්දරය ඔහු ප්‍රතික්ෂේප කලා.
- Jeevan Tharanga Jothirathne when you put a mass in space (space consits of space and also time) the mass bends space and time, it is like when put a iron ball on a cushion it make a dip. that mass does not do anything but becos of that curvature you are pushed to the ground
- Jeevan Tharanga Jothirathne I do not clearly understand this picture, I mentioned here becos these two views about gravity might help us understand what it is
- Athula Siriwardhane .
අයින්ස්ටයින් මනසින් දුටු
අවකාශ කාල වක්‍රතාවට වඩා
මට මගේ කයට දැනෙන
ගුරුත්වාකර්ෂණය
පිළිගන්න පුලුවන්.. - Jeevan Tharanga Jothirathne time and space are two bound objects, without time there wont be anything
- Gimhana Wedage අයින්ස්ටයින්ගේ පැහැදිලි කිරීමත් තවත් එක් කතන්දරයක් විතරයි. ඉදිරියේදී වෙනත් කතන්දරයක් ආදේශ වෙයි.
අපි දැන් ආපහු ට්‍රැක් එකට එන්න බලමු.
මම යනුවෙන් දෙයක් ඇතැයි සැලකීම වරදක්ය කියන්න ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕනෙද තවමත්? - Gimhana Wedage ඔබේ කයට දැනෙන්නේ ගුරුත්වාකර්ෂණය නොවෙයි. ගුරුත්වාකර්ෂණය කියන්නේ නිව්ටන් ගොතපු කතාවක් විතරයි. ටිකක් නිස්කලංකව කල්පනා කලොත් අවුල පැහැදිලි වෙයි.
- Jeevan Tharanga Jothirathne nothing exist without time, in this moment there is no time, so in reality nothing exists, it is the past that tells us something is there
- Athula Siriwardhane .
මම යනුවෙන් දෙයක් නැතැයි
බුදුන් වහන්සේ කියන නිසා
ශ්‍රද්ධාවෙන් අදහන්නත් පුලුවන්.
නැත්නම් විදසුන් වඩා මොහොතින් මොහොත
ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන්..
ඒ ප්‍රත්‍යක්ෂය පූර්ණ වෙන්නෙ
රහත් වුණාමයි.. - Gimhana Wedage මම ඒක ශ්‍රද්ධාවෙන් අදහනවා නොවෙයි. එම කතාන්දරය (එනම් මම යනුවෙන් දෙයක් නැතිය යන්න) මා හට විසංවාද අවම වූ කතාන්දරයයි.
- Gimhana Wedage ඇවැත්නි, මේ බඹයක් පමණ වූ සඥ්ඥාව හා මනසක් සහිත වූ ශරීරය තුලම,
ලෝකයත්, ලෝකයට හේතුවත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ මාර්ගයත් පණවමි. - Gimhana Wedage යමක් විමසා බැලීමට තර්කය කියලා කියන්න පුළුවන්. එම නිසා විමසා බලා පිලි නොගන්න කියන්න වෙනවද?
(මේකත් තවත් තර්කයක් , ) - Athula Siriwardhane .
ලෝකයත්, ලෝකයට හේතුවත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ මාර්ගයත් පණවමි.
මේ බුදුන් වහන්සේගේ කියමනක් නොවෙයි නේද? - Athula Siriwardhane .
මම අනෙක් අයගේ
අරුත් දැක්වීම් ගන්නේ නැහැ ගිම්හාන.
මම පිළිගන්නේ මෙයයි.
දුක,
දුකට හේතුව,
දුක නිරෝධය,
දුක නිරෝධ මාර්ගය - Gimhana Wedage බුදු දහමේ හරය තහවුරු කරන්න ගුරුත්වාකර්ෂණය අවශ්‍ය නෑ. මට මූලික වශයෙන් පෙන්වා දෙන්න අවශ්‍ය වුනේ එයයි.
- Athula Siriwardhane .
විද්‍යාව අනුව ගියාම
මනෝ ලෝක වල දහම හොයන අයට
කායානුපස්සනාව, වේදනානුපස්සනාවෙ
අගය වැටහෙනවා.
මම ඒ දෙකෙහි අගය දැනගත්තෙ
විද්‍යාව නිසයි. - Athula Siriwardhane .
බුදු දහමෙ හරය, අරටුව
විද්‍යාවෙන් තහවුරු වෙනවා.//
/බුදු දහමේ හරය
තහවුරු කරන්න කිසිවක් අවශ්‍ය නෑ.// - Athula Siriwardhane .
බුදු දහමෙ හරය, අරටුව
තහවුරු කරන්න විද්‍යාව අවශ්‍ය නෑ..
ඒත්
විද්‍යාවෙන් තහවුරු වෙනවා. - Gimhana Wedage හෙටට ප්‍රශ්න :
මෙහෙම කිව්වොත් වැරදිද?
විද්‍යාවේ හරය (එහෙම දෙයක් තිබේනම්) බුදු දහමෙන් තහවුරු වෙනවා. - Gimhana Wedage හෙටට වැදගත්ම ප්‍රශ්න 3 :
http://tinyurl.com/olonjbo
මේ තියෙන්නේ බුදුන් දේශනා කරපු දේ නොවෙයිද?www.dhammasanghayana.org107. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. - Gimhana Wedage රෝහිතස්ස සූත්‍රය ඔන්ලයින් තියෙන තවත් තැනක් මේක.
http://www.thripitakaya.org/sutta/index/607www.thripitakaya.org107. සැවැත්නුවර -එකත්පසෙක සිටි රොහිතස්ස දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී... See More - Gimhana Wedage //මම අනෙක් අයගේ
අරුත් දැක්වීම් ගන්නේ නැහැ ගිම්හාන.
මම පිළිගන්නේ මෙයයි.
දුක,
දුකට හේතුව,
දුක නිරෝධය,
දුක නිරෝධ මාර්ගය// - Tharinda Divakara //මෙහෙම කිව්වොත් වැරදිද?
විද්‍යාවේ හරය (එහෙම දෙයක් තිබේනම්) බුදු දහමෙන් තහවුරු වෙනවා.//
//බුදු දහමෙ හරය, අරටුව
විද්‍යාවෙන් තහවුරු වෙනවා.//
මම විසංවාද කියල දේවල් අහල තියෙනවා
ගණිතයේදී ත් අපට ඇතැම් අවස්ථාවල විසංවාද හමුවනවා
ප්‍රයෝගික ලෝකයේ හොඳම විසංවාදය තමයි
“කිකිළිගෙන් බිත්තරය ද
බිත්තරයෙන් කිකිළිය ද යන්න“
දෙකම ඇත්ත.
නමුත්
එවැනි කාරණයක් ගැන සංවාදයේ යෙදීමේ
ඵලක් නැහැ.
නමුත් හොඳ සංවාදයක් පැවති බව නම් පෙනෙනවා. - Athula Siriwardhane .
Ekangayi Gimhana..
ඇවැත්නි, මම ලොව කෙළවරට නො පැමිණ දුක් කෙළවර කිරීමක් නො ම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝක සමුදයයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිණි පටිපදාවත් පණවමි.
-රෝහිතස්ස සූත්‍රය - Gimhana Wedage //කෙලෙස් සහිත සිතකින් ගන්නා නිගමන සත්‍ය වශයෙන් දක්වන්නේ කෙසේද ?//
කොහෙත්ම බෑ. අපේ නිගමන සියල්ල සම්මුති වශයෙන් පමණයි සත්‍ය වන්නේ. - Gimhana Wedage කිකිලිද බිත්තරේද කියන එක විසන්වාදයකට උදාහරණයක් නෙමෙයි. එහෙම බැලුවොත් පටිච්ච සමුප්පාදයත් විසංවාදයක් වෙනවා.
විසංවාද කියන්නේ එකිනෙකට පරස්පර පැහැදිලිකිරීම් වලට. කිකිලිගෙන් බිත්තරේ එනවා. බිත්තරෙන් කිකිළි එනවා. මේක චක්‍රීය තර්කයක්. විසංවාදයක් නෙමෙයි.
No comments:
Post a Comment