![]() |
Indranatha Thenuwara - February 1
"ඡයාරූප ශිල්ප වෘත්තිය ස්ථාවරත්වය වගේ ම ඡායාරූප කලාව පැත්තෙනුත් අපි ඉන්නෙ, අපට කිට්ටු, නෑදෑයන් තරමට සමීප රටවලුත් එක්ක සන්සන්දනය කළාම ගොඩක් පහළ මට්ටමකයි. ඒකට හේතු ගොඩක් තියෙනව. 1. කටකමසෙයියාරුවක් නැතිව කියෙව්වාට අපි“ කියවන්නෙ“ නෑ. 2. අනිත් කෙනාගෙ හැම දෙයක් ම දිහා වපර ඇහෙන් බැලුවාට අපි “බලන්නෙ“ නෑ. ඒ නිසා ම දකින්නෙ නෑ. 3. කෙනෙකුට පහර ගහන්න එකතු උනාට අපි “එකමුතු“ නෑ. 4. සාමුහික වැඩක් කඩාකප්පල් කරන්න සමූහ වශයෙන් රොද බැන්දාට අපි “සාමුහික“ නෑ. 5. අපි ඉතිහාසය ගැන වර්ණනා කළාට ඉතිහාසය අගය කරන්නෙ නෑ. කොටින් ම කැමරාවෙ වීව් ෆයින්ඩරයක් තියෙන්නෙ ලෝකෙ දිහාව අලුතෙන් බලන්නනෙ. අනිත් හැම දෙයක් ම කළාට අපි ඒක කරන්නෙ නෑ...!! " .========================= .========================= මේ සංවාදය තේනුවර සමග පමණයි. අන් අයට වුවද එකඟව හෝ විරුද්ධව අදහස් දැක්විය හැකියි.. දෝෂාරොපණ හා අපහාස-උපහාසවලට අවකාශ නැත. -------------------------- තේනුවර සමග එකට ගැවසෙන විදියෙ සමීප ඇසුරක් නැතත් මොකක්දෝ ලොකු සමීප හිතවත්කමක් අපි අතර දැනෙන නිසා තේනුවරට අදාළව මේ ටික ලියන්න හිතුවා. ඉතිරි අයත් බ්ලොක් කරන්න වෙන්න පුලුවන් නිසා. තේනුවරගෙ ගෝලයන්ට පිළිතුරු ලියන්නෙ නැහැ... මම බ්ලොක් කරන්න කැමති නැහැ.. ඒත් කරන්න වෙනවා. බොහෝ දෙනක් මේ වනවිට බ්ලොක් කරලා තියනවා. ඔවුන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් කරන කියන දෙයින් මොන හානියක් වුණත් මම ඒ බර දරනවා. ඉහත දැක්වෙන තේනුවරගෙ ප්‍රකාශය කියවද්දි මටත් හිතුණ ප්‍රධානම දෙයක් තමයි මේ ප්‍රකාශ වැඩියෙන්ම අදාළ වෙන්නෙ තේනුවරගෙ ගෝලයන්ටම බව. පසුගිය දිනවල ඇතිවුණ ආර්ට් ගැලරි සිද්ධියෙදි තුන හා හතර ප්‍රකාශ දෙකම ඔවුන්ට බලපාන බව මගේ පුද්ගලික ආකල්පයයි. සත්‍යතාවය මොකක් වුවත් තවත් අයගේ ආකල්පයත් එයයි. මට පැහැදිලි තොරතුරු හා සාක්ෂි නැති නිසා මම ඔවුන්ට එහෙම චෝදනා කරන්නෙ නැහැ. .ඒත් දෙයක් සිදුවෙද්දි ස්වාභාවිකව ඇතිවෙන ආකල්පය සාධාරණ සාක්ෂි රහිතව මට හෝ වෙනත් කෙනෙකුට වෙනස් කරන්න බැහැ, ගැලරියේ මෙහෙයුම පිටුපස තේනුවර ඉන්න ඇති කියා අදටත් මම සහ තවත් අය හිතනවා. හේතු මම ඉදිරියෙදි කියන්නම්. මම මෙහෙම කියන්නෙ තේනුවරට ඉන් නිදහස් වෙන්නත් මගේ හිත නිදහස් කරන්නත් මේ අවස්ථාව හොඳ නිසයි. ඔබ ඔවුන් පිටුපස හිටියත්, මෙහෙයුම දියත් කොට පාලනය කළත් මගේ පුද්ගලික අමනාපයක් නැහැ. නොසිටියා නම් සතුටු වෙනවා. 1, සිංහයා එක්ක ඌරා සටන් කරන්න ගියා වගේ අශූචි තවරගෙන එන්නෙ නැත්නම්, 2, නරියා හාවට කිව්වා වගේ හිංසා කිරීමේ පරමාර්ථයෙන් "මේ ගල මගේ" කියන්නෙත් නැත්නම් මාත් එක්ක තියන ඕනම ගැටළුවකට මිනිසුන් ලෙස කතා බහ කරගෙන හෝ වෙනත් තමන් කැමති උපක්‍රමයකින් තමන් කැමති විදියට විසඳුම් සොයාගන්න ඕනම කෙනෙකුට තියන අවකාශය තේනුවරටත් තියනවා. ඒ නිසා තේනුවර ගැලරියේ මෙහෙයුම පිටුපස සිටියා නම් මම දොස් කියන්නේ නැහැ. එතනදි මාව ගිම්හානත් සමග ඈඳා තිබුණ නිසා ඒ මෙහෙයුම මා අරබයාම ඇතිවූවක් කියන්නත් බැහැ. මා සමග පුද්ගලිකව අප්‍රසාදයෙන් සිටි අය ඒ අව්ස්ථාව ඔවුන්ගේ හිත සනසාගන්න ගිම්හාන ඉත්තෙක් කරගත්තා පමණයි. ගිම්හානත් සමග ඈඳීමෙන් අපි දෙදෙනාටම අනිකා කළ වැරදි වලටත් පහර කන්න සිදුවුණා. එසේ අපිට ගැසූ මඩ සියල්ල හවුලේ විඳ ගැනීමට සිදුවීමෙන් එවැනි අවස්ථාවන්ට මැදි නොවෙන්නට මම පාඩමක් ඉගෙනගත්තා. රවිප්රභාගෙ සිද්ධියෙදි එතනට ක්‍රියාකාරීව ඉදිරිපත් නොවී ඒ සංවාදය මගේ වෝල් එකට අරන් ගියේ ඒ අවබෝධය නිසයි. මේ ප්‍රකාශය පිළිබඳවත් මම මේ ටික කියන්න කැමැත්තෙන් හිටියා. මම මීට කලින් මෙතන කතා කළා නම් අර නාඩගමේ දෙවෙනි දර්ශනය මෙහි නටන්න මට සිදුවෙනවා. මට නැතත්, සාමාන්‍යයෙන් පොදුවේ තේනුවර චතුර ලෙස පිළිතුරු ලියන උපහාසාත්මක හා අපහාසාත්මක වාග් විලාශය පවතින වාතාවරණයක තේනුවරට විරුද්ධ පැත්තෙ ඉඳගෙන අනිත් අය කරන හරි හා වැරදි ප්‍රකාශ වලදි ඔවුන්ට තේනුවරගෙන් හා විශේෂයෙන්ම අදාන්ත ගෝලයන්ගෙන් එල්ල වෙන සාධාරණ හෝ අසාධාරණ ප්‍රහාරවලින් නිකරුණේ මඩ තවරාගන්න තියන සාධාරණ අකමැත්ත නිසාත් එයින් අපේ හිතවත්කම පළුදු කරගන්න තියන අකමැත්ත නිසාත් මම නිහඬව සිටියා. මේ සංවාදයට දායක වෙන ආකාරයෙන් තේනුවරත් පාඩම් ඉගෙන ගන්නා බව පෙනෙන නිසා මා සිතන දේ හිතවතෙකු ලෙස ප්‍රකාශ කරන්නට මා හිතුවා. තේනුවර ගුරුවරයෙකු ලෙස කරන සේවයෙන් සෑහීමකට පත්වෙලා ඉන්නවා නම් ඒ සිසුන් තමා වටා රොක්කර නොගන්නවා නම් බොහෝ ප්‍රශ්න මග හැරී යාවි. ඒත් ඒක ප්‍රායෝගික යෝජනාවක් නෙමෙයි. කෙනෙක් ජීවත්වෙන්නෙ තමන්ට ආවේණික ක්රමයකටයි. ඔවුන්ට තේනුවරටත්, තේනුවරට ඔවුනුත් අවශ්‍යයි. මෙහි අප ජීවත් වෙන්නෙ ඇසුරු කරන්නෙ වචන වලින් නිසා, තේනුවරත් වාචික සංවරය හදාගෙන ගෝලයන්ගෙත් වාචික සංවරය හැදුවොත් මෙම ගැටලු බොහෝ දුරට විසඳෙයි. වචන දෙපිට කැපෙන ආයුධ වගෙයි. එක වාක්‍යයකින් චරිතයක් ඝාතනය වෙන්න පුලුවන්. වරක් සේයාරූ කතාබහේ දියත් වූ පුද්ගල මූලික කුමන්ත්රණයකදි තේනුවරත් එම කුමන්ත්‍රණය අවස්ථාවෙ සිටිය බව කියැවුණා. වගකිවයුත්තා ඉවත්වී ඒ සිද්ධිය ගබ්සා වුණ නිසා සැකය ඉතිරි වෙලා සිද්ධිය යට ගියා. ගැලරියෙ සිදුවීමෙදි එම මෙහෙයුම පිටුපස තේනුවර ඉන්නවා කියා මමත් තව අයත් හිතුවා.. තමා කිසි සේත් සම්බන්ධව නොසිටි එම සිදුවීමට අප්‍රසාදය පළකරමින් තේනුවර එහි උච්ච අවස්ථාවක ඉවත්වීම නිතැතින්ම ඒ සිදුවීමට ඔහු බැඳ තබන සාධකයක් වුණා. සුදුසු අවස්ථාවක මා ඒ ගැන විමසුවත් තේනුවර නිහඬවම සිටියා. මා එසේ සිතන්නට හේතු දෙකක් තිබුණා. 1, මා අර මුලින් කී සේයාරූ කතාබහේ දියත් වූ පුද්ගල මූලික කුමන්ත්‍රණය වෙලාවෙ ඇතිවූ සැකයයි. 2, එම මෙහෙයුම දියත් කළ හා ඉදිරියට ගෙන ගිය අය බොහෝ දෙනෙක් හෝ සියල්ලන්ම තේනුවරගේ සමීපතමයන් හා සිසුන් වීමයි. එහෙත් තේනුවරගේ කිසිදු අනුදැනීමකින් තොරව වුවත් ඒ සිදුවීම් දෙකම ඒ ආකාරයෙන්ම සිදුවිය හැකි බව මා පිළිගන්නවා. එහෙම වුණා නම් මා සතුටු වෙනවා. තේනුවරගේ අනුදැනීම ඇතිව එවැනි මෙහෙයුමක් සිදු වුණත් අභියෝගයක් කොට සලකනවා විනා මම තේනුවරට දොස් කියන්නේ නැහැ. මගේම සොයුරු සොයුරියන් මට විරුද්ධව සාධාරණව කරන ප්‍රයෝග වලදි සහෝදරත්වය ඉත්තෙක් කරගෙන මිදෙන්න මා උත්සාහ කරන්නෙ නැහැ. මගේ භූමිකාව හැකිතාක් නිර්මලව හා සාධාරණව රඟපෑමයි, මා කළ යුත්තේ. මම කලිනුත් වරක් කී ලෙස තේනුවරගේ ගෝලයන්ගේ හැසිරීම් නිසා ඒ හැසිරීම්වලට එන ප්‍රතිචාර හොඳ වුවත්, නරක වුවත් නියමුවා ලෙස හැසිරෙන නිසා තේනුවරටත් දරාගන්න වෙනවා. තේනුවරගේ ගෝලයන්ගේ හැසිරීම නිසා ඔවුන් ඉන්නා පරිසරයකදී තේනුවරටත් මටත් හමුවෙන්නට හැකියාවක් නැති බව එවැනි අවස්ථා මා මගහරින විට ඔවුන්ගේ නම් ගම් සහිතවම මා තේනුවරට ප්‍රකාශ කර තියෙනවා. ඔවුන් සිටින තැනක තේනුවර හමුවීමෙන් ඇතිවෙන්නට අවකාශ ඇති වාතාවරණය බරපතල විසඳුම් සොයන්නට සිදුවෙන අසීරු තැනකට පත්වුණොත් ඒ හේතුවෙන් අපි අතර මේ තියන බැඳීම නැති නොවුණත් දුරස් වෙන්න පුළුවන්. එවැනි අසීරු අවස්ථාවක අප දෙපාර්ශවයට මැදිවී වඩාත්ම අපහසුවට පත්වන්නේ තේනුවරයි. මට ඔවුන් සමග පුද්ගලික අමනාපකම් නැති නිසා මා සිතින් විඳවන්නේ නැහැ. එහෙත් ඔවුන්ගේ මා සමග ඇති පුද්ගලික අමනාපකම් නොසලකා ඔවුන්ට Punchin bag එකක් වෙන්නත් බැහැ. තේනුවරගේ ගෝලයන්ගේ හොඳ හා නරක මත ඔවුන්ගේ නියමුවා ලෙස තේනුවර දෙස බලා සම්මාන හා අවමාන කරන පිරිසකගෙන් මා එක්කෙනෙක් පමනයි. සුරතලයට හෝ ප්‍රයෝජනය තකා අපි ගෙදර ඇති කරන සතෙක් නිදැල්ලේ ගොස් අසල්වාසීන්ට කරන දේවල් වලදී අපිට එන වගකීමෙන් මිදෙන්න අපට බැහැ. ගැලරියෙ සිදුවීමෙදි වාතාවරණය වෙනස් විදියක් වුනත් මම ඒ අත්දැකීම උපරිමයෙන් වින්දා. ගිම්හාන මගේ හිතවතෙක් හෝ වෙනත් අයුරකින් බැඳුණු කෙනෙක් නොවුණත් සමහර අදහස් හා ක්‍රියාකාරකම් සමපාත වීමෙන් අපි දෙදෙනාටම එකිනෙකාගේ එකඟ නොවෙන අදහස් හා ක්‍රියාකාරකම් වලටත් වන්දි ගෙවීමට සිදු වුණා. සිදුවීම හමාර වෙන විට මා ඊට උත්ප්‍රේරකයක් පමණක් වුණා. ගිම්හාන ඉවත්වුණා. ගිම්හාන ඉවත් කිරීමේ සිදුවීමට මාත් අනියම් ලෙස දායක වීම ගැන මට කම්පාවක් තියනවා. නැවත එළඹෙන අවස්ථාවක අහම්බෙන් ඉත්තෙක් නොවන්නට මා ප්‍රවේශම් වෙනවා. මෙතෙක් මා බැස නැති ඕනම වලකට, එහි තියෙන්නෙ අශූචි වුණත් පළවෙනි වරට බහින්න මම කැමතියි. අත්දැකීම ගත් පසු මොහොතක්වත් එහි රැඳෙන්න කැමති නැහැ. නැවත කවදාවත් ඊට බහින්න කැමතිත් නැහැ. නැවත වැටුණොත් එය මගේ පරාජයක් ලෙස සලකා මා එම පාඩම නැවත ඉගෙන ගන්නවා. |
No comments:
Post a Comment