Sunday, November 10, 2013

Professional වැඩර්ලා

Galana gagaki jeewite
Galana gagaki jeewite


  • Oscar Nonis ජීවිතේ මල් - ෆොටෝ එක නම් පල් 

    Overexposed - no colors or details

  • U Rasta G Bandaragoda Oscar sir පොඩ්ඩක් කියලා දුන්න න්ම් අපිට මේ වගේ ෆොටො ගන්න හැටි හා එඩිට් කරන හැටි අපි ගොඩක් කැමැත්තෙන් ඉන්නේ ඉගෙන ගන්න

  • Oscar Nonis මේ වගේ ෆොටො ගන්න හැටි?

  • U Rasta G Bandaragoda ඔව් සෙටින්ග්ස් හා පසුව එඩිට් කරන විදිය ඔබට අනුව නම්

  • Oscar Nonis Will do another time - i'm ready to go out

  • U Rasta G Bandaragoda  we are waiting sir for lesson

  • Roshan Wijesinghe මම ඉතින් සුටිවට එඩිට් එකක් කරා
    හොඳනම් කියන්ඩ නරකනම් එත් කියන්ඩ


  • Miyuruhansi Sarathchandra mata meke loku setting ekak hadanna mama meka gatte DSLR ekakin nemeiOscar.Waraddak tiyenawanam hadaganna hati igena ganna kamati

  • Umanga Rathnayake Oscar Nonis මහත්තයෝ මම හිතන්නේ ඔබතුටමා ඉපදෙද්දීම ‍ෆොටෝ ෂොප් එක අතකින් දරාගෙන අනිත් අතෙන් අඩුම නිකොන් ඩී 4 එකක් හරි කැනන් 1 ඩී එක්ස් එකක් හරි අරන් උපදින්න ඇති...තමන් දන්නවනම් ඒ බව හරියට මිනිස්සුන්ට කියල දෙන්න...සජිත් දාපු දැන්වීමක ව්‍යාකරණ හරි නෑ කියපු ඔබතුමා..මෙහෙමද නවකයින් ඉදිරියේ භාෂාව හසුරවන්නේ?? අනිත් දේ තමා නොදන්න දෙයක් අහපුවම ඇයි මග ඇරල යන්නේ?? දක්ෂයෙක් උනාම ඔලුව උදුම්මවාගන්න ප්‍රවීණයින්ට වඩා පුංචි දෙයක් දන්න නිහතමානී මිනිස්සු වටිනවා.අපි මේ සමූහයට ආවේ නොදන්න දේ දැනගන්න...අන්තිමේට කියන්න තියෙන්නේ ඔබතුමා වචන හසුරවපු විදිහ නම් ඔබතුමාගේ විදිහටම කිව්වොත් හරිම පල්...ඒ පල් ගද වැඩියෙන් දැනෙන්නේ ඔබතුමා අති දක්ෂයෙක් නිසා (මාව බ්ලොක් කරාට කමක් නෑ) (ඇඩ්මින්වරුන් මේක අයින් කරත් කමක නෑ)

  • Ishara Dhanushka Miyuruhansi Sarathchandra ! oyage cam eka Digital ekka wenna athi mama hithanne.so, cam eken me kiyana setting kawadawath karanna wenna oyata. so, puluwankamak thiyenwanam Photoshop use karala eke > Image>Adjustment>Birightness kiyana eke oyage ahata galapena widihata podi wenasak kara ganna balanna. ethakota me pic eke oya kiyana colour wenasa hadaganna puluwan wei.

  • Miyuruhansi Sarathchandra Ishara Dhanushka ou mage camera eka nikon coolpix digital camera ekak

  • Ishara Dhanushka So, oya ehenam meka Photoshop, Picasa etc, wage software haraha edit karanna balanna !

  • Sandun M Fernando Miyuruhansi Sarathchandra ලොකු සෙටින්ස් හදන්න ඩී එස් එල් ආර් ඕනෙ නෑ.... හොද ඇහක්, හොද රසවින්දනයක්, හොද හදවතක් තිබ්බනම් ඇති... ගන්න හැම පොටෝ එකක් ම නිකන්ම දානවට වඩා කපල කොටල ගුණාත්මක බාවය වැඩි කරලම දාන්න උත්සහ කරන්න... තරහ ගන්න එකක් නෑ මන් හිතන්නෙ....?

  • Purnika Dewasirinarayana Sandun M Fernando yeah....gd idea bro....

  • Oscar Nonis උමංග - මම ඉපදෙද්දී මගේ ඇඟේ නුල්පොටක්වත් තිබිලා නැහැ මගේ අම්මා තාත්තා කියන විදිහට

    මම මියුරුහන්සිගේ ෆොටෝ එකට පල කිව්වේ එක පල් හින්දා - මල් කියන්න බහ එකේ එතරම් වටිනාකමක් හෝ උසස් තත්වයක් නොතිබුන හින්දා - ඔයාගේ Wax museum ෆොටෝ ටික නම් පලේ පල් - ඔබ වැනි කෙන
    ෙක් එවැනි දෙයක් ප්‍රසිද්ධ කළා කියා විශ්වාස කරන්නත් බැහැ. එකක් කොළ පාටයි - තව එකක් රෝස පාටයි - තව එකක් දුඹුරු පාටයි. 

    මම හිතුවා මොකද ඔයා ඔය වැනි ප්‍රකාශයක් කලේ කියලා - මොකද මේක ඔයාගේ නොවන හින්දා - සමහරවිට ඔයාගේ නොවන ඔයාගෙම එකක් කියලා හිතාගෙන ඉන්නවාද දන්නෙත් නැහැ මියුරුහන්සිගේ ෆොටෝ එකට මම දක්වමු ප්‍රතිචාරයට ඔයාට ඔච්චර මල පැන්නේ මොකද කියා මම දන්නේ නැහැ - මම වැරදි කිව්වේ මියුරුහන්සිගේ ෆොටෝ එකට මිසක් මියුරුහන්සිට නෙවෙයි

    ඔයාගේ කටුස්සෝ පින්තුර ගැන මම සහ තේනුවර සංවාදයේ යෙදුනා - එකේ සිදුවී ඇති වැරැද්ද පෙන්නලා දෙන්න ඔරිජිනල් එක එවන්න කියලා තුන් හතර සැරයක්ම ඉල්ලීම් කළා - නමුත් කිසිම ප්‍රතිචාරයක් නැහැ - වැඩි දෙනෙක් වැල නොකැඩී හොඳයි කියද්දී මම විතරයි ඒවායේ සහ වෙනත් අයගේ එවල වැරදි පෙන්වලා දුන්නේ.

    මගේ වචන හැසිරවීම - භාවිතය - හැදියාව - මගේ ඔළුව උදුම්මාගැනීම හෝ වෙනත් මගේ පුද්ගලික දේවල් හෝ ක්‍රියාකාරකම් ගැන විවිධ ප්‍රකාශකිරීමේ සදාචාරාත්මක අයිතියක් ඔබට නැහැ. මගේ දේ අයිති මටයි - මම කව්ද සහ කරන්නේ කුමක්ද කියා මා හොඳින් දන්නවා - මම ඉඳහිට හෝ මෙහි එන්නේ සජිත්ගේ ඉල්ලීම නිසා. මම මෙයින් ලබන දෙයක් නැහැ ඉඳහිට හෝ පුංචි උපදෙසක් දීමෙන් ලබන ආත්ම තෘප්තියාවත් නැහැ ඔබ වැනි අයගේ ඉහත ප්‍රකාශ සහ අනිත් අය වැඩිදෙනෙක් ඔහේ බාන කඩාගෙන යන හරක් රැළක්සේ යන හින්දා 

    මට මගේ රැකියාව - විනෝදාංශ සහ වෙනත් දේ වෙත යොදවන කාලයෙන් බිඳක් හෝ මම මෙහි ගෙවන්නේ මමත් ලංකාවේ ඉපදුන නිසා - මම ගුරුවරයෙක් නෙමේ - ජයරුපකරණයේ යෙදෙන්නේ එය මගේ රැකියාවට සම්බන්ද දෙයක් සහ විනෝදාංශයක් ලෙසයි - මම දන්නා දෙය බොහොම ටිකයි - නොදන්නා දෙය හුඟයි. මගේ දිගුකාලීන අත්දැකීම් සහ පුහුණුවීම් වෙනස්. මට මගේමවූ පොදු දල්මක් සහ ප්‍රමිතියක් තියෙනවා. ඒ නිසා මම බාල බොළඳ දේ සහ ප්‍රමිතියක් හෝ වටිනාකමක් නැති දේ ප්‍රතික්ෂේප කරනවා 

    මම දන්නා තරමින් වෘත්තීය ජායරුපශිල්පින් ලෙස මෙහි ඉන්නේ දෙතුන් දෙනයි - වැඩි දෙනෙක් නවකයෝ සහ ආදුනික අය - වැඩිදෙනෙක් පළකරන්නේ හිතාමතා නොගත්ත ෆොටෝ. මගේ යුතුකමක් හෝ රාජකාරියක් කියා දෙයක් නැහැ - එය ඇත්තේ ඇඩ්මින්වරුන් අතයි.

    අපි ඉගෙනීමෙන් හෝ අත්දැකීමෙන් යම්කිසි දැනුමක් ලබාගන්න ඕනෑ - හැම ෆොටෝ එකක්ම ෆොටෝෂොප් මගින් ගොඩදාගන්න හිතනවා නම් ඔහු ජායරුපශිල්පියෙක් නෙවෙයි - අඩුම තරමින් දෙයක් කිරීම හොඳයි මුල් නිර්මාණය සහ අවසන් ප්‍රතිඵලය අනුව . ෆොටෝෂොප් මගින් කලහැකිදේ අසීමිතයි - නමුත් තමන්ගේ නිර්මාණයට අනුව යායුතු සීමාව තමන් දැනගතයුතුයි 

    ලංකාවේ ජායරුපකරණය ඉගෙනගන්නට හෝ උපදෙස් ගන්නට ඇති අවස්ථා අඩුබව මට දැනෙනවා - හොඳ වෙළඳපොළක් නැතිබවත් - හොඳ රසිකත්වයක් හෝ ඇගයීමක් නැතිබවත් දන්නවා - නමුත් ලෝකයේ පවතින දෙය සහ ඇති අවස්ථා ගැන මට හොඳ වැටහීමක් තියෙනවා 

    මම කලින් කියා ඇති පරිදි මම වැඩසටහන් කීපයක් කරන්න බලාපොරොත්තුවෙන් යම්කිසි සැලසුමක් සකස්කරමින් ඉන්නේ ඒ නිසයි

    මාව බ්ලොක් කරාට කමක් නෑ - ඇඩ්මින්වරුන් මේක අයින් කරත් කමක නෑ කියා ඔබ ප්‍රකාශයක් කර ඇත්තේද ඔබ වැරදි බව ඔබ දන්නා නිසයි - තමන් කළ යුත්තේ තමුන්ගේ වැරදි අඩුපාඩු හදාගැනීම මිස අනුන්ගේ ක්‍රියාකාරකම් හෙළාදැකීම නොවෙයි


  • Sanka Vidanagama Camerawe shutter eka click kalama wadina hama ekakma photo ekak nam thamai.
    Eth api apima hithala balanna ona awankawa ratata loketa pennanna tharam rasayak thama thaman dhana pinthoore tiyenawada kiyala.
    Mama hithanne oya mulinma karanna ona photography kiyana eka kalawak widihata igena ganna ekai. Obata suba anagathayak!

  • Jayasingha Sameera M. Shanka Sandun M Fernando. ගේ අදහසට ගොඩක් වටිනව. එ අදහසට 100% මාත් එකගයි. එයයි විය යුත්තේ... මගෙ අදහස, තමන් ලන්ග තියෙන සම්පත් අනුව ගන්න ජායරුපයක ගුනාත්මක බාවය වෙනස් වෙනව.... එ නිසා ඒක තරමකින් හරි මග හරවා ගන්න වෙනත් software 1ක පිහිට පතන්න වෙනව, හැම වෙලාවෙම නොවුනත. මේක මම "3rd EYE" රුණකන්ද වැඩ මුලුවෙදි ඉගෙන ගත්ත දෙයක්. - අපි තවත් ගෙනෙක් ගේ ජායරුපයක් විවෙචනය කරන්න කලින් අපි ඒ කෙනගෙන් අහල බලන්න ඔන , එ ජායරුපය ගන්න මොන මොන උපකරණද බවිතා කරේ කියලා.... අන්න ඉට පස්සෙ අපිට පුලුවන් එයගෙ ජායරුපයට අදහසක් , යොජනවක් හෝ වරැද්දක් පෙන්නල දෙන්න... එහෙම නතුව අපි අපිට තියෙන කැමරා උපකරණ එක්ක සහ අපි එතන හිටියනම් අපි ගන්නෙ මෙන්න මෙ වගෙ photo 1k කියල හිතාගෙන , වෙන කෙනෙක්ගෙ ජායරුපයක් මනින එක වරඩ් කියලයි මට හිතෙන්නෙ...

  • Oscar Nonis ප්‍රශ්නය කැමරාව හෝ උපකරණ නෙවෙයි - තමන් කැමරාව හෝ දුරකථනය භාවිතා ආකාරය. ඒ වගේම තමන් සිහිත් දකින දර්ශනය.

    ජායාරුපයක් විවේචනයට හෝ විචාරයට ලක්කළ යුත්තේ ජායරුපශිල්පිය භාවිතාකළ කැමරාව හෝ උපකරණ අනුව නොව ඉදිරිපත් කරන අවසන් නිර්මාණය මතයි.

  • Jayasingha Sameera M. Shanka Miyuruhansi Sarathchandra ගේ ජායරුපයට දාලා තියෙන Caption 1 ජායරුපයට ගැලපෙන්නෙ නෑ කියල හිටෙනවා.. මොකද, ජීවිතේ කියන්නෙ ගොඩක් හැල හැප්පීම්, දුක් කරදර තියෙන තැනක්... එත් මෙ ජායරුපයේ දිය පහරට ගලගෙන යන්න තියෙන බාධක අඩුයි කියල හිතෙනව ජීවිතෙත් එක්ක සසදද්දි... යොජනවක් විදියට මෙ දියපාරේ පුලුල් කොණී ජායරුපයක් තිබ්බනම් හොදයි කියල හිතෙනවා...

  • Jayasingha Sameera M. Shanka අනිත් දේ තමයි..., අපිට අපෙ ජායරුපයක තියන අඩුපාඩු පෙන්නෙ නැති තරම්... එත් වෙන කෙනෙක්ගෙ ජායරුපයක තියෙන අඩු පාඩු හොදට පෙනව... එක මනුස්ස ගතිය... ඒ දේ අනිතයට කොහොම උනත් මට නම් එහෙම ගතියක් තියෙනව... උදහරණයක් විදියට මගෙ ජායරුපයක් ගත්තොත් මෙ සමූහයෙ ඉන්න අයට අඩු පාඩු ගොඩක් පෙන්නල දෙන්න පුලුවන් වෙවි... එ නිස මම හිතන්නෙ අපි එක එක්කෙනාට චොදනා කර ගන්නවට වැඩිය අඩු පාඩු ඒ කෙනා අපහසුතවයට පත් නොවෙන විදියට සකච්චා කර ගන්නවනම් තමා වඩ හොන්ද....

  • Oscar Nonis තමන්ට තමන්ගේ අඩුපාඩු නොපෙනෙන්නේ කම්මැලිකම නිසා හෝ අනුන් ලෙසින් නොසිතන + නොදකින නිසා හෝ ආත්මාර්ථකාමිත්වය නිසා හෝ තමන්ගේ දැනුම හෝ රසිකත්වය අඩු නිසයි

  • Jayasingha Sameera M. Shanka Mr. Oscar Nonis, මෙතැනට කම්මැලි කම කියන එක ගැලපෙනව මදි වගේ කියල මට හිතෙනවා... එත් " අනුන් ලෙසින් නොසිතන + නොදකින නිසා සහ තමන්ගේ දැනුම හෝ රසිකත්වය අඩු බව " කියන එක නම් හරි ගොඩක් වෙලවට... ඒ කතාවට ඔබත් එක්ක 100 % එකගයි. " ආත්මාර්ථකාමිත්වය නිසා " කියන එකත් හැම වෙලවෙම ගන්න බෑ. එහෙම වෙන්න පුලුවන් දෙන්නෙක් තමගෙ ජායරුප 2 ක් මගේ එකයි වඩා හොද කියලා තමන්ගෙ photo 1 උඩට ගන්න දගලනව නම්... එතකොට නම් තමන්ගෙ photo 1e කොච්චර අඩු පාඩු තිබ්බත් එවා වහගන්න උත්සහ කරන නිසා.... ඒක නිසා තමයි මගේ මගේ කොමෙන්ටුවෙ මම දැම්මෙ " අපිට අපේ ජායරුපයක තියන අඩුපාඩු පෙන්නෙ නැති තරම්... එත් වෙන කෙනෙක්ගෙ ජායරුපයක තියෙන අඩු පාඩු හොදට පෙනව... එක මනුස්ස ගතිය..." කියල... අර ප්‍රස්තාව පිරුලකුත් තියෙන්නෙ " තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පෙනව කියලා..." ඔව්වා ඉස්සර මිනිස්සු කිව්වෙ කට කහනවට නොවෙයි නොවැ... එක තමා මනුස්ස ගතිය.....

  • Oscar Nonis කම්මැලිකම සහ අලසකම අනිවාර්යයෙන්ම දැනෙනවා - ආත්මාර්ථකාමිත්වය වරදක්


Gimhana Wedage උමංග ඔස්කාවත් බ්ලොක් කරලා වගෙයි. professional වැඩ කරුවෙක් වගෙයි.


This post has been removed

No comments:

Post a Comment