Friday, March 20, 2015

මහින්ද



මහින්දවාදී කඳවුරෙන් දැඩිව පහර වදින්න පුළුවන් කාරණයක් කියන්න යන්නෙ.
අනවශ්‍ය විදියට මහින්දවාදී වෙලා, මහින්ද වන්දනාවකට යන එක ඉතාම භයානකයි. 2010-2015 මහින්ද ප්‍රයෝජනයට ගත්තෙම ඔය වන්දනාව. මහින්දවාදී කඳවුර තුල අපිට ස්වයං විවේචනයක් තියෙන්න ඕන. මහින්දව හරියට අඳුර ගන්නත් ඕන. මහින්ද කියන්නෙත් දක්ෂ ශූර පොලිටිකල් ඇනිමල් කෙනෙක්. කොඩිය අතට දීල දැන් ඔයා කරගෙන යන්න කියල බාර දෙන්න පුළුවන් කෙනෙක් නන් නෙමෙයි.
විමල් කිව්ව වගේ, මහින්ද කියන්නෙ නමක් නෙමෙයි රටක්. ඒක ප්‍රවාහයක්. අවශ්‍ය වෙන්නෙ ප්‍රවාහයේ මතයට මහින්දව නම්මවා ගැනීම. ප්‍රවාහය හයිජැක් කරගෙන මහින්දට ෆ්‍රි රන් එකක් දීම නෙමෙයි.
මට මේ වීඩියෝ එකෙන් ඉතාම පැහැදිලියි මෙතන යට ඩීල් දේශපාලනයක් තියෙනව කියලා. මහින්ද රනිල් අතර ඩීල් එකක් නැහැ කියල එක විටම මම නන් බැහැර කරන්නෙ නෑ. යූ එන් පී එකත් එක්ක ඩීල් එකක් ගහනව කියන තැන ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් බලන්න. ඩීල් සම්බන්ධ ඡෝදනාවකට පිළිතුරු දෙන කෙනෙක්ගෙ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් කොහොම වෙන්න ඕනද කියල හිතන්න.
ඒ කොහොම උනත් මහින්ද ඇර වෙන විකල්පයක් මේ වෙලාවෙ නෑ. නමුත් අපි ඉන්න ඕන අර ප්‍රවාහය ඇතුලත මිසක් මහින්ද ගාව නෙමෙයි. මහින්ද ප්‍රවාහයට ගන්නව මිසක් ප්‍රවාහය මහින්දට පාව දීල වැඩක් වෙන්නෙ නෑ.
බනින අයට දැන් මයික්‍රෆෝනය බාරයි.

Former President Mahinda Rajapaksa, speaking to reporters at the Sri Abayaramaya Temple in Narahenpita, says that he has received more than enough invitation...
YOUTUBE.COM

  • Prasad Srinika Pinnaduwage මහින්ද ආවත් 
    රටේ නීතිය - ඉතා හොදින් තියෙන්න ඕන
    විදේශ සේවාව - professional විදිහට කෙරෙන්න ඔන.

    දෙශපාලන පලිගැනීම් - නැති වෙන්න ඕන.
    මුදල් අමාත්යාන්ශය වගෙ භාරදූර අමාත්යාන්ශ, එවායෙ නිපුන - සිරා බුවාලට කරන්න දෙන්න ඕන.
    දැනට සපෝට් කලත් - ඔය සරණ, මුතුහෙට්ටි, ... වගේ චරිත වලට - ශෝ දාන්න දෙන්න හොඳ නෑ. 
    බැසිල් වගෙ හොර උගුඩුවන්, නෑයො වුනත් අතේ දුරින් තියා ගන්න ඕන.
    පුතාලා හරියකට ඉන්දන්න ඕන (පිස්සු කෙලින්න දෙන්නෙ නැතුව)
    කිසිම බුවෙක්ට ( තමුන්ද ඇතුලුව) - සුදුසුකම් රහිත නෑයො ඉහල නිල වලට දාන්න නොදෙන්න ඕන.
    ලද පලමු ඇසුරෙන්, ඉඩම්/පොලිස් බලය 13න් අයින් කරන්න ඕන.
    මේ ආන්ඩුවෙන් කරපු හොනඳ වැඩ continue කරන්න ඔන. ඊටත් වඩා හොඳින් කල හැකි උපක්‍රම බලන්න ඕන.
    6 hrs · Unlike · 10
  • Shanaka Liyanage අනිවාර්යයෙන්. මහින්ද කියන්නේ බාස් විතරයි. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොඩ දාල දෙන්නම් කියල මීට ඉස්සෙල්ල වැඩේ සම්පූර්ණයෙන්ම අනපු බාස්ලට වැඩේ බාර දීපු එක. අපට ඉක්මනට අමතක වෙනවනේ.
    6 hrs · Like · 2
  • Prasad Srinika Pinnaduwage // අපට ඉක්මනට අමතක වෙනවනේ.//
    පිරුබා ගේ පළමු නියමය.
    6 hrs · Like · 1
  • Supipi Malwatta Exactly!
    6 hrs · Like
  • Namal Udalamatta මහින්ද පහුගිය කාලේ ජාතිකවාදීන් කියන දේවල් ඇහුවේ නෑ. හැබැයි සුද්දොයි බමුණොයි ගහන පදේට නැටුවෙත් නෑ. අපි එක අමතක කරලා දෙක ගැන හිතලා මේ වෙලාවේ මහින්ද වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ දැන් පාලනය අපි කියන දේ නාහන අතර සුද්දෝ බමුණෝ කියන දේ අහන නිසා. මහින්ද කියන්නේ පහුරක් විතරයි. පහුර ඕන ගඟෙන් එතෙරවෙන්න විතරයිනේ. එතෙරවෙලා පහුර කරේ තියන් යන්න උවමනා නෑ. ඒ වගේ ම එතෙර වන තුරු පහුර ආරක්ෂා කරගැනීමත් වැදගත්. මොකද මේ වෙලාවේ මේ පහුර හැර වෙන හොඳ පහුරක් නෑ. ඒකෙන් කියන්නේ නෑ මහින්ද මෝටර් බෝට්ටුවක් කියලා. ජාතිකවාදීන්ගේ වගකීම පහුර නිසි තැනට රැගෙන යෑම.
    6 hrs · Edited · Like · 12
  • Rasanga Samarasinghe පුදගලයන්ට වඩා ඔවුන් පසු පස සිටින හා ඔවුන්ව මෙහෙයවන දෙශ්පාලන බලවෙග හා ප්‍රවාහයනුයි අපි හදුනාගත යුත්තෙ ..මහින්ද උනත් සිරිසෙනගෙ තෑන හිටියනම මිට වඩ්ඩ ලොකු වෙනසක් මන් නම් හිතන්නෙ නෑහෑ
    6 hrs · Like · 1
  • Venura Geeganage මහින්ද රට හොඳට කරනව නම්, ගිය අවුරුදු 5 ඕනි තරම් අවස්ථා තිබ්බ. නමුත් ඒවා පැහැර හරිය. මහින්දව විශ්වාස කරන එක මෝඩ වැඩක්. ඒත් වෙන විකල්පයක් නැහැ මේ වෙලාවේ.

    /// මහින්ද ප්‍රවාහයට ගන්නව මිසක් ප්‍රවාහය මහින්දට පාව දීල වැඩක් වෙන්නෙ නෑ. ///

    මහින්ද ප්‍රවාහයට ගන්න පැලැනක් තියෙනවද?
    5 hrs · Like · 1
  • Nalin Subasinghe මම නම් හිතන්නෙ නෑ මහින්ද සහ රනිල් අතර ඩීල් එකක් තියෙනවා කියලා. නමුත් මහින්ද ආපහු දේශපාලනේට එන එක රනිල් ට වාසියි. රනිල් ගේ ඊළඟ දේශපාලන ඉලක්කය මෛත්‍රිපාල සහ ඔහු පසුපස සිටින හෙළ උරුමය + රාජිත කල්ලියේ බලය අඩු කිරීම. ඒක කරන්න පුළුවන් හොඳම විදිය මහින්ද නැවත දේශපාලනයට ගෙන ඒම. ඒ නිසා රනිල් මහින්දට මුකුත් කරන එකක් නෑ වගේම මහින්දව ආපහු දේශපාලනයට ගේන එක ෆැසිලිටේට් කරාවි. මහින්දට දැන් තියෙන්නෙ ලැබිච්ච චාන්ස් එකෙන් ප්‍රයෝජනය ගන්න. 

    මහින්ද මොනව කළත් බලය වෙනුවෙන් රට පාවල දෙන කෙනෙක් නෙවෙයි කියලා පහුගිය ඡන්දෙන් ඔප්පු කළා. මේ වෙලාවේ රටට තියෙන හොඳම දේශපාලන විකල්පය මහින්ද. දැන් නිකන් මහින්දගෙ අතන හොඳයි, මෙතන නරකයි කියලා සමබර දේශපාලන විවේචන ඉදිරිපත් කරලා විදග්ධ වෙන්න ඕන නෑ. කරන්න තියෙන්නේ කොහොම හරි මහින්දව නැවත බලයට ගේන්න කටයුතු කරන එක සහ මහින්ද වෙනුවෙන් මේ වෙලාවේ පෙනී ඉන්න විමල්+දිනේෂ්+ගම්මන්පිල සහ ඔවුන් වටේ ඉන්න අයගෙන් පාර්ලිමේන්තුව පුරවන එක.
    5 hrs · Like · 10
  • Charitha Kariyawasam "ඒ නිසා රනිල් මහින්දට මුකුත් කරන එකක් නෑ වගේම මහින්දව ආපහු දේශපාලනයට ගේන එක ෆැසිලිටේට් කරාවි"

    මම කියන ඩීල් එක මෙන්න මේක. මට සාක්කි නෑ. නමුත් මගෙ ඉව කියනව මෙතන ඩීල් එකක් තියෙනවා කියලා. මම වැරදි වෙන්න පුළුවන්.


    මහින්ද ෆන්ඩමෙන්ටලි ජාතිකවාදී කියල මම හිතන්නෙ නෑ. දැනට පොලිටිකලි ජාතිවාදී වෙලා පස්සෙ ෆන්ඩමෙන්ටලි වෙන සතෙක් උනොත් කියන අනතුරයි මට පෙන්නන්න ඕන උනේ. අන්ධ වන්දනාවෙ ගිහින් අමාරුවෙ වැටෙන්නෙ නැතුව.
    5 hrs · Like · 2
  • Nalin Subasinghe මහින්ද තමන් ජාතිකවාදියෙක් කියලා කොහෙවත් කියලා තියෙනවද?
    5 hrs · Like
  • Charitha Kariyawasam "දැන් නිකන් මහින්දගෙ අතන හොඳයි, මෙතන නරකයි කියලා සමබර දේශපාලන විවේචන ඉදිරිපත් කරලා විදග්ධ වෙන්න ඕන නෑ"

    මම ඡන්දෙට කලින් කලේ ඕක ( ඒ කාලෙ බැනුනුත් අහගෙන ). රෙදි නැතුව මහින්දට කඩේ ගිය එක. නමුත් මේ වෙලාවෙ මහින්දට කොන්දේසි විරහිතවම සහය දක්වන්න ඕන නැහැ කියන මතයෙයි මම ඉන්නෙ. සමබර වෙන්න ඕන නැහැ. නමුත් මහින්ද කන්ට්‍රොල් කරන්නම වෙනවා. නැත්තන් මහින්දත් ආස 2010-2015 මහින්දට මිසක් 2005-2009 මහින්දට නෙමෙයි.
    5 hrs · Like · 3
  • Charitha Kariyawasam "මහින්ද තමන් ජාතිකවාදියෙක් කියලා කොහෙවත් කියලා තියෙනවද?"

    ප්‍රශ්නෙත් එහෙම කියල නැති එකම නේද?
    5 hrs · Like
  • Nalin Subasinghe ඇත්තටම 2005-2009 මහින්ද සහ 2010-2015 මහින්ද අතර වෙනස් කමක් තිබුනද? මට නම් හිතෙන්නෙ ඔය මහින්දලා දෙන්නම එකයි. මිනිස්සු මහින්දව දැකපු විදිය වෙනස් වුනා ගොඩක් 2009න් පස්සෙ. ලොකු දේවල් බලාපොරොත්තු වුනා. ඒවා ඉටු නොවුන තැන මහින්දට බනින්න පටන් ගත්තා.
    5 hrs · Edited · Like · 1
  • Charitha Kariyawasam මිනිස්සු දැකපු විදියෙත් වෙනසක් උනා. නමුත් 2010-2015 මහින්ද ටිකක් අත්තනෝමතික උන ගතියක් නැද්ද්? ජාතිකවාදීන්ට නන් ඇහුන්කන් දුන්නෙම නෑ. වසන්ත බණ්ඩාරල, ගුණදාස අමරසේකරල ගනන් ගත්තෙම නෑ. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවො පවා කළකිරිල හිටියෙ. 2010-2015 දිව්වෙ නාමල් චින්තනය කියලයි මට හිතෙන්නෙ. එහෙම නැද්ද?
    5 hrs · Like · 2
  • Nalin Subasinghe කලිනුත් එහෙමයි නේද ගොඩක් දුරට? ඒක පෙනුනෙ නැත්තෙ ඔහු යුද්ධය සාර්ථකව කරගෙන ගිය නිසා.
    5 hrs · Like · 3
  • Charitha Kariyawasam කලින් නන් එහෙම ලක්ෂණ මම දැක්කෙ නෑ. දළදා මාළිගාව ඉස්සරහ රේස් පදින වගේ වැඩ වලට 2005-2010 මහින්ද විරුද්ධ වෙන්න ඉඩ තිබුණා කියලයි මට හිතෙන්නෙ. මහින්ද හැබිචොල් උනේ 2010න් පස්සෙ වටේ ඉන්න සෙට් එක මහින්ද රජෙක් කරන්න හදපු එකෙන්. ප්‍රශස්ති වැඩි වෙච්ච නිසා. මම දකින්නෙ එහෙමයි.
    5 hrs · Like · 4
  • Isuru Arunabha Randenikumara මහින්ද කරන්නෙ මහින්දට හිතෙන එක මට තේරෙන විදියට. අපි කල යුත්තේ මහින්දට ඒ දේ හිතෙන දැනෙන විදියට කටයුතු කිරීම. මහින්ද කියන්නෙ ජාතිකවාදියෙක් නෙවෙයි. ඒ නිසා ඔහුව ජාතිකවාදී අදහස් වලින් පෝශනය කිරීම කල යුත්තක්. අපේ ඊළඟ ටාගට් එක විය යුත්තේ ඒකීය බව රැකගන්නා දේශීය නිශ්පාදනයෙන් සපිරුනු ආර්ථිකයක්.
    5 hrs · Like · 1
  • Charitha Kariyawasam "අපි කල යුත්තේ මහින්දට ඒ දේ හිතෙන දැනෙන විදියට කටයුතු කිරීම. මහින්ද කියන්නෙ ජාතිකවාදියෙක් නෙවෙයි. ඒ නිසා ඔහුව ජාතිකවාදී අදහස් වලින් පෝශනය කිරීම කල යුත්තක්."

    ඔව්. නමුත් 2010-2015 මහින්ද අපිට ඕකට ඉඩ දුන්නද? 2005-2010 මහින්ද ඉඩ දුන්නා. 2010-2015 මහින්ද කියන්නෙ නාමල්මයි කියලයි මට හිතෙන්නෙ.
    5 hrs · Like · 1
  • Charitha Kariyawasam "මහින්ද මොනව කළත් බලය වෙනුවෙන් රට පාවල දෙන කෙනෙක් නෙවෙයි කියලා පහුගිය ඡන්දෙන් ඔප්පු කළා. මේ වෙලාවේ රටට තියෙන හොඳම දේශපාලන විකල්පය මහින්ද. දැන් නිකන් මහින්දගෙ අතන හොඳයි, මෙතන නරකයි කියලා සමබර දේශපාලන විවේචන ඉදිරිපත් කරලා විදග්ධ වෙන්න ඕන නෑ. කරන්න තියෙන්නේ කොහොම හරි මහින්දව නැවත බලයට ගේන්න කටයුතු කරන එක සහ මහින්ද වෙනුවෙන් මේ වෙලාවේ පෙනී ඉන්න විමල්+දිනේෂ්+ගම්මන්පිල සහ ඔවුන් වටේ ඉන්න අයගෙන් පාර්ලිමේන්තුව පුරවන එක."

    නලින් මෙතන කියල තියෙන දේම තමයි මම ජනාධිපතිවරණයට කලින් කිව්වෙ. මට මතක විදියට අපි ඕක කතා කලේ නාමල්ගෙ හරි දර්ශනගෙ හරි වෝල් එකේ. නලින්, නාමල්, දර්ශන හිටියා මතකයි. මට හිතෙන්නෙ දැන් කරන්න ඕනත් ඒක. මේ වෙලාවෙ බැක් කරන්න ඕන විමල්+දිනේෂ්+ගම්මන්පිල තුන්බෑය. ඒ තුන්බෑය ඡන්දෙන් පස්සෙ හොද්දෙ ගොරක ගානට වැටෙන තත්වයකට තියෙන සියළුම අවස්ථා නැති කර ගන්න ඕන. ලංකාවෙ දේශපානයෙ ඩීල් මත දුවපු කාලයක් මීට වඩා නැහැ කියලයි මට හිතෙන්නෙ. සමහර විට මගේ අනියත බියක් වෙන්න පුළුවන්.
    5 hrs · Like · 2
  • Nalin Subasinghe // නැත්තන් මහින්දත් ආස 2010-2015 මහින්දට මිසක් 2005-2009 මහින්දට නෙමෙයි. //

    මමත් කලින් එහෙම තමයි හිතන් හිටියේ. නමුත් දැන් නම් ආපහු බලත්දි මට හිතෙන්නෙ මගේ නම් අදහස මහින්ද ගෙ එහෙම විශාල වෙනසක් වුනේ නෑ කියලයි 2009න් පස්සෙ. මර්වින් සිල්වා වගේ උන්ට පිස්සු
     කෙලින්න දුන්න එක එදා ඉඳන්ම තිබුනා. නමුත් ඒ කාලෙ යුද්ධය ගැන රටේම අවධානය යොමු වෙලයි තිබ්බෙ. 

    2009 යුද්ධ ජයග්‍රහණයෙන් පස්සෙ මිනිස්සු තුළ මහින්ද ගැන විශාල ප්‍රතිරූපයක් මැවුනා. ඒ ප්‍රතිරූපයයි ඔහුගෙ සැබෑ චරිතයයි අතර තිබුන වෙනස මිනිස්සුන්ට විශාල වෙලා පෙනෙන්න පටන් ගත්ත. උගත් මාධ්‍යමික ජනතාව තුළ තමයි ඕක වුනේ වැඩියෙන්ම. ගමේ මිනිස්සුන්ට එහෙම වෙලා නැහැ.
    4 hrs · Edited · Like · 1
  • Nalin Subasinghe මහින්ද ජාතිකවාදියෙක් නෙවෙයි. ඔහු එහෙම කියන්නෙත් නෑ මම දන්න තරමින්. මහින්ද සාමාන්‍ය දේශපාලඥයෙක්. නමුත් අනික් දේශපාලඥයන්ට නැති ජන විඤ්ඤාණයක් ඔහුට තියෙනවා. (අර ජැක්සන් ඇන්තනි ජනමූල විඤ්ඤාණයද මොකක්ද කියන්නෙත් ඒකම තමා මම හිතන්නෙ ). ඒකයි මිනිස්සු මහින්දට මෙච්චර ආදරේ. ඒක සමකාලීන අනිත් දේශපාලඥයන් තුළ පිහිටපු එකක් නෙවෙයි. 

    මහින්දගේ අනිත් සුවීශේෂ කාරණය බය නැති කම. තමන්ගේ දේශපාලන අනාගතය විතරක් නෙවෙයි ජීවිතය වෙනුවෙන් පවා රට බිල්ලට නොදුන්න එක. ඒ නිසා මහින්ද තමයි මේ වෙලාවේ අපට ඉන්න හොඳම විකල්පය. 

    මහින්දගෙන් වෙන ලොකු ජාතිකත්වයන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට ජාතිකත්වයම පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. උදය+විමල්+දිනේශ් එකමුතුවෙන් යම්තාක් දුරට වෙයි කියල පේනවා. ඒක නිසා ඒ කට්ටිය වැඩියෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕන.
    5 hrs · Edited · Like · 1
  • Charitha Kariyawasam මට මෙතන තියෙන බය මේකයි.

    1) මහින්දට මිනිස්සු ආදරේ එක හරි. මහින්ද ආපිට මිනිස්සුන්ට ආදරේද?


    2) "තමන්ගේ දේශපාලන අනාගතය විතරක් නෙවෙයි ජීවිතය වෙනුවෙන් පවා රට බිල්ලට නොදුන්න එක. " 2010-2015 කාලෙ එහෙම උනාද?
    4 hrs · Like
  • Nalin Subasinghe 1. මහින්ද මිනිස්සුන්ට ආදරේ හෝ ආදරේ නෑ කියල කලු සුදු විදියට කියන්න බෑ. නමුත් මහින්දට මිනිස්සුන්ට සමීප වෙන්න පුළුවන් අනිත් අයට බැරි විදියට. එහෙම වෙන්න පුළුවන් අර ජනමූල විඤ්ඤාණයද මොකක්ද එක නිසා. 

    2. ඔව් එහෙම වුනා 2015 ඡන්දෙදි වුනේ ඒක නෙවෙයිද? මහින්ද ඔච්
    චර ලොකු ඩීල් කාරයෙක් නම් දෙමළ සන්ධානය, හරි මුස්ලිම් කොන්ග්‍රස් එක්ක හරි ඩීල් එකක් දාල බලයෙ ඉන්න තිබ්බනෙ. අනිත් අතට ඔච්චර ලොකු ඒකාධිපතියෙක් නම් හොර ඡන්ද දාල හරි, හමුදා බලයෙන් හරි බලයේ ඉන්න තිබ්බනේ. තමන්ගේ විතරක් නෙවෙයි පවුලේ ජීවිතත් අනතුරේ දාගෙන ඔහු නිදහස් හා සාධාරණ ඡන්දයක් තියලා ගෙදර ගියානෙ.
    4 hrs · Like · 5
  • Charitha Kariyawasam 1) මහින්ද මිනිස්සුන්ට සමීප වෙලා ඡන්දෙ අරගෙන අවභාවිතා කිරීමකුත් උනා නේද 2010-2015? ඡන්ද පදනම මත හරියට හිට ගත්තෙ නෑ. නොදැන උනා කියල මට හිතෙන්නෙ නෑ. උදාහරණ, කාර් රේස්, සරණ, මර්වින් වගේ පිස්සන්ට පිස්සු කෙලින්න දීම වගේ. මේකෙ කූඨ ප්‍රාප්තිය තමයි ඡන්දෙට සල්මන් ඛාන්වයි ජැක්ලීන්වයි ගෙන ඒම. තමන්ගෙ ජන පදනමෙන් ඈත් වීමේ.

    2) පොයින්ට් ටේකන්. 
    මුස්ලිම් කොංග්‍රසයට නන් කොහොමවත් මහින්දට සපෝට් කරන්න බැරි තත්වයක් ඔවුන්ගෙ ඡන්ද පදනමින්ම ඇති වෙලා තිබුණේ. මුස්ලිම් පක්ෂ වල අධිපති මතය වැඩ කරන්නෙ යට ඉඳල ඉහළට. නමුත් දෙමළ පක්ෂවල සහය නොලැබීම කියන එකෙන් නලින් කියන ඔප්පු වෙනවා. දෙමළ පක්ෂවල මතය වැඩ කරන්නෙ උඩ ඉඳන් පහලට.
    ඔය ඒකාධ්පති කතාව නන් විකාරයක්. ඒව ගැන කතා කරන එකවත් තේරුමක් නෑ.
    4 hrs · Like
  • Madhawa Thilakarathne // නමුත් අපි ඉන්න ඕන අර ප්‍රවාහය ඇතුලත මිසක් මහින්ද ගාව නෙමෙයි. මහින්ද ප්‍රවාහයට ගන්නව මිසක් ප්‍රවාහය මහින්දට පාව දීල වැඩක් වෙන්නෙ නෑ. // 
    4 hrs · Like
  • Isuru Arunabha Randenikumara 2010-2015 මහින්ද ට ජාතිකවාදීන්ගෙන් කිසි බලපෑමක් එල්ල වුනේ නැහැ වගේම ජාතිකවාදීන් එක එක මත වල හිටියෙ. විමල් නිශ්පාදන ආර්ථිකයක් ගැන කියනකොට පාථලී කතා කරේ දැනුම් ආර්ථිකය. අනෙක විමල් පාඨලී එක වේදිකාවක හිටියෙත් නැහැ. ගන්න බැරිවෙලා තිබ්බ. මම හිතන්නෙ දැන් දිනේශ් , විමල්, ගම්මන්පිල එක වේදිකාවක සිටීම ජාතිකවාදින්ගේ සතුටට කරුනක් විය යුතුයි.
    අනෙක මහින්ද 2010-2015 දී හිතාගෙන ඉන්න ඇති 2015 ජනාධිපතිවරනය අමාරු වෙන එකක් නැහැ කියලා.හැමෝම තමන් එක්ක ඉන්නවා. වලකට වැටීම මොලේට හොඳයි කියනව වගේ මහින්දට දැන් තමාගේ සැබෑ මිතුරන් හතුරන් අඳුනා ගැනීමට අපහසු නැතුව ඇති.
    4 hrs · Like · 3
  • Isuru Arunabha Randenikumara විමල් ලා ගේ ජාතිකවාදිව දේශපාලනය කිරීම ගැන ප්‍රශ්න නැගුව නලින් ද සිල්වා මහත්මයත් ඒ වේදීකාව මත සිටීම තරම් ජාතිකවාදීන්ට තවත් සතුටක් ඇතැයි මම හිතන්නේ නැහැ
    4 hrs · Like · 2
  • Shami Mudunkotuwa Hariyata hari!!
    4 hrs · Like
  • Shirantha Chamara මහින්ද රනිල් ඩිල් එකක් මම පිළිගන්නේ නැහැ. ඩිල් එකක් කියන්නේ කුමන ක්‍රමයකින් හරි තම තමන්ගේ අදහස් තම තමන්ට ප්‍රකාශ කරගැනීමක් නේ. එක අවශ්‍ය ද? දෙන්නට ම මේ වෙලාවේ පොදු අවශ්‍යතා තියෙනවා. එක අපි හැමෝටම තේරෙන එකේ ඒ දෙන්නට තේරෙන්නේ නැද්ද? ඉතින් ඕක දෙන්නට දෙන්න කියාගන්න යාවි ද? 

    නිකම් මයිත්රිපාලව පරද්දල දාල දෝෂාභියෝගයක් ගෙන්න වගේ තමයි ඩිල් එකක් දානවා නම් දාන්න තියෙන්නේ. ඒවා චන්දෙට කලින් දාගන්න ඩිල් නෙමෙයිනේ. 

    කොහොම උනත් මහින්ද කියන්නේ මනුස්සයෙක්. දෙවිවරුන්ට වඩා මිනිස්සු හොඳයි. දෙයක් හදාගන්න පුළුවන් දෙවිවරුන්ට නෙමෙයි මිනිස්සුන්ට. මෙතන තියෙන්නේ අපේ වැරැද්ද. මහින්දව බලයට ගෙනාවොත් (වෙන්න ඉඩ වුනත් ) පහුවෙනිදා ඉදන්ම පාරේ බින්න බැහැගෙන හරි විකාර වැඩ නවත්තන්න ඕනේ. තුන් වෙනි බලවේගයක් හැටියට ඉන්න කොට ඕවයින් වැඩක් නැහැ. 

    බැනල ඉවරයි. මයික්රපොනය නැවතත් රතන හාමුදුරුවන්ට.
    2 hrs · Like · 1
  • Charitha Kariyawasam රතන හාමුදුරුවන්ට කලින් මම පොඩ්ඩක් මයික්‍රෆෝනය ගත්තා.

    "ඩිල් එකක් කියන්නේ කුමන ක්‍රමයකින් හරි තම තමන්ගේ අදහස් තම තමන්ට ප්‍රකාශ කරගැනීමක් නේ. එක අවශ්‍ය ද?"


    මම ඩීල් එක කිව්වෙ එහෙම එකක් නෙමෙයි. මම කිව්වෙ මෙතනදි එක්කො මම දිනයි නැත්තන් ඔයා දිනයි හැබැයි වෙන කාටවත් දිනන්න නොඳී ඉමු කියල කලින් කතා කරල සෙට් වෙලා දෙන්නට දෙන්නා ආරක්ෂා කරන්න උදව් කරන්න ගිවිස ගන්න එක. මහින්ද වෙනම ඉල්ලීමෙන් රනිල්ට වාසියි. මහින්ද දිනුවත්, ඩීල් එක අනුව මහින්දට තියෙන්නෙ රනිල්ට විපක්ෂ නායක කම ආරක්ෂා කරන්න උදව් කරල පැත්තකින් තියන්න. රනිල් දිනුවොත් මහින්දව ආරක්ෂා කරන අතරෙ මෛත්‍රිපාලගෙ බලය දුර්වල කර ගන්න පුළුවන්. බොරු බියක් වෙන්න පුළුවන්. හැබැයි මට මෙතන ඩීල් එකක් නන් ඉව වැටිල තියෙන්නෙ. 

    මයික්‍රෆෝනය නැවතත් කැමති කෙනෙක්ට
    1 hr · Like
  • Charitha Kariyawasam Isuru කියන කතාවට මම එකඟයි. විමල්+දිනේෂ්+ගම්මන්පිල+නලින්+අමරසේකර එකතු උන එක ලොකු දෙයක් තමයි. මම කියන බය ඕක නෙමෙයි. මම කියන බය, ඔය කට්ටිය රම්පෙ කරපිංච වෙලා නවතියිද කියන එකයි.
    1 hr · Like
  • Isuru Arunabha Randenikumara Nalin අයියා කියපු මහර දේවල් ඇත්ත. නමුත් මහින්ද හැමදාම එක වගේද? 2010 ජනාධිපතිවරනෙදි මහින්ද වටේ එකතු වුන පරපෝශිතයන් නිසා මහින්ද ජාතිකවාදීන් අමතක කරපු ගතිය පෙන්නුව. වසන්ත බන්ඩාර බලය සාකච්චාවට ඇවිත් ප්‍රතිපත්ති ප්‍රකශනය එලියට දැමීම පරක්කු කල බවත්, එයට බුද්ධිමතුන් ඇතුලත් කල කරුණු කපා කොටා ඉදිරිපත් කල බවත් චෝදනා එල්ල කලා. ඒව මහින්ද කරපු දේවල් නොවෙයි. මහින්ද වටේ ඉන්න අය කරපු දේවල්. 
    මම හිතන්නේ ඉදිරියේදී මහින්ද වටේ ඉන්න අය විය යුත්තේ ජාතිකවාදීන්. එතකොට රම්පේ කරපිංචා පුරස්නය එන එක්ක නැහැ
  • Charitha Kariyawasam ඒ දේ උනේ මහින්ද දැනුවත්වද නොදැනුවත්වද? මහින්ද දිමු වගේ අයෝබල කෙනෙක් අගමැති කරගත්තෙ ඇයි? මාලනී ෆොන්සේකල, කමළා රණතුංගල, සූරියප්පෙරුමල වගේ සීනි බෝල ජාතික ලයිස්තුවට දාගෙන වට කර ගත්තෙ ඇයි? මට නන් හිතුනෙ, පාලනය කරගන්න අමාරු විමල්ල චම්පිකල ඈත් කරල, ඔය වගේ සීනි බෝල ලං කරන් සුරතල් පාලනයක් ගෙනියන්න මහින්දට ඕන උනා කියලයි. දැන් ඒවගෙ පාඩුව විඳවනවා. නමුත් මහින්ද නොදැනුවත්ව ඔහොම උනා කියල නන් මට හිතෙන්නෙ නෑ. ඒකයි මම කියන්නෙ, ආපහු ඒ මහින්දම නොඑන තැනට මහින්දව තල්ලු කරන ගමන් තමයි මහින්දව ගෙන්න ගන්න ඕන. 2005 - 2010 මහින්ද.