Saturday, September 6, 2014

ඉන්ද්‍රනාතගේ සාපය

 හෙන ඉල්ලීම, සාප කිරීම, කුණුහරුපයෙන් බැන වැදීම සපුරා තහනම් ය...!!



Kasun Madhawa වෙඩින්ස් වැඩි වැඩියෙන් ලැබේවා !!!!
Dasun Wanaguru අම්මපා වෙලාවට මුන් මේකේ නොම්බරේ දාලා නැහැ දැම්මනම් බලා ගන්න පුළුවන්
Jith Rathnayaka අයියො ඔයිටත් වඩා අඩුවෙන් මට පුලුවන්.. මගේ පොන් එකෙන් ගත්තා. ප්‍රින්ටරයෙන් ප්‍රින්ට් කරලා දුන්නා. මහ දෙයක් යෑ.. ඔය ගාන ගන්නවට හෙන ගහන්න ඕන. මගේ ගාන නම් 1500යි. බත් පාර්සලයක් ලැබුනා නම් හොදටම ඇති.
Kasun Madhawa වෙඩින් ෆොටෝග්‍රැෆර්ස්ලත් දැන් සමාජ සේවයට කැප වෙලා ඒකයි .... තව ටික දවසකනින් ඡන්දේ උනත් ඉල්ලන්න බැරි කමක් නෑ .... ඔහොම තමයි කැමරාවක් කොහෙන් හරි අහු උනාම එඩිටින් ටිකක් දැනගත්තම හිතන් ඉන්නේ සේරම දේවල් ටික අඩුවට කරන්න පුලුවන් කියලා .... අනේ මංදා මේවගේ මිනිස්සුත් ඉන්නවනේ ඉතින් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ
Rose Perera බජටි පැක් එකක්...
Thilina Wijesiri මේ ඉන්නේ මේක කරන හිඟන්නා. අනේ තියෙනවානන් කීය කීය හරි දෙන්න. මම මූව හොයාගත්තේ මේ ඇඩ් එක දැකලා. තාම මැසේජ් එක ටයිප් කරමින් ඉන්නේ. මීට වඩා හොඳයි රෙද්දක් එලාගෙන පාරේ සිංදු කිව්වනම්.
Chittahari Abhayanayaka විශේශඥ වෛද්‍ය උතුමෙක් ඉන්නවා චැනල් ගාස්තුව රුපියල් 300 - (1000 - 2000 අතර වෙද්දී ), එතුමා එහෙම කරන්නේ මිනිස්සු ගැන තිබෙන හැඟීම නිසා,එතුමා අඩු මිලට චැනල් කරනවා කියලා අනිත් අය බනිනවා නම් මම දැකලා නෑ. මේ ඇඩ් එක දාපු කෙනාට මේ ගානට කරන්න පුලුවන් නිසා කරනවා ඇති. ඒකේ වැරැද්දක් තියනවා කියලා මම හිතන්නේ නෑ. ඔහුට වැඩිම උනොත් මාසෙකට වෙඩින් 60ක් ලැබෙයි. ලංකාවේ මාසෙකට කීයක් වෙඩින් ගන්නවා ඇද්ද?
Rose Perera  මේක මේ මනුස්සයා කට්ටිය තමන් ලගට ගෙන්වාගන්ඩ දාපු උපක්‍රමයක් විදිහටයි මට හිතෙන්නේ..
ඇපල් මුදලාලි කෑගහන්නේ... සීයට පහයි සීයට පහයි කියලා නේ...
ලගට යන අය හැමෝම ගන්නේ රු.20 ඇපල් නෙවෙයි
Chittahari Abhayanayaka හැමෝටම වෙඩින් ෆොටෝස් වලට ලක්ශය දෙක වියදම් කරන්න පුලුවන්ද? මටනම් බැහැ (මම කතා කරන්නේ පාරොභොගිකයෙක් විදියට )එක එක ගනන් වලට එක එක කොලිටිවලට ෆොටෝස් ගන්න අය ඉන්නවනම් කොයිතරම් හොඳද?
Chatura Wijetunga මේකට කුනුහරුප කියල වැඩක් නෑ... මේක බලන හැමෝටම තේරෙන්න ඕන දේ තමයි මේ මනුස්සයගෙ බංකොලොත්භාවය. A/C කරපු ලොකු showroom වලත් රෙදි විකුනනවා. පොලේ ඇවිත් පාර අයිනෙ රෙදි විකුනන අයත් ඉන්නවා.(එහෙම අයට අපහාස කිරීමක් නොවේ. ඒ අය අතරේ හොද මිනිසුන් ඉන්නවා ) ඔය දෙපලෙන් ගන්න ඇදුම් වල කොලිටි වෙනසක් තියනවා. ගානෙත් ලොකු වෙනසක් තියනවා. කොලිටි වෙනස දැනෙන අය පොලෙන් රෙදි ගන්නෙ නෑ. මොකකින් හරි විලි වසා ගන්න ඕන අය ගානෙ වෙනස ගැන හිතල පොලෙන් රෙදි ගන්නව. එහෙමයි කියල ෂෝරූම් වලට බිස්නස් නැතිවෙන්නෙ නෑ. පොලේ බඩු විකුනන කෙනත් එදා වේල හරි හොයනව. මේ ගැනත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමයි. ඒත් මේක පොලේ බඩු විකුනනවට වඩා ගෞරවනීය (එසේ තිබූ) වෘත්තියක්. ඒක මේ විදියට බල්ලට යන එක ඉතාම කනගාටුදායකයි. නමුත් රට යන විදියත් එක්ක මේක නොවැලැක්විය හැකියි. ක්ෂේත්‍රයට අලුතින් එන පරම්පරාවට ගුරුහරුකම් දෙන ඔබ තුමන්ල අලුත් ලමයින්ට කියල දෙන්න මේක මේ විදියට බලු නොකර වැදගත් විදියට ඉදිරියටත් රැකගන්න විදිය.
Chittahari Abhayanayaka ෆෝටෝ ග්‍රැෆස්ලාගෙ කොලිටිය රැකෙන්නේ අය කරන ගාන මතද? මම හිතුවා ෆොටෝ එකේ නිර්මානාතමක බව උඩ කියලා
Chatura Wijetunga අග මුල මාරු කරගෙන. අය කරන ගාන තීරනය වෙන්නෙ තමුන්ට දෙන්න පුලුවන් කොලිටිය මත. ලෝකෙ කොහෙවත්, කිසිම වෘතියක අඩු මුදලට හොද දේ විකිනෙන්නෙ නෑ. එහෙම වෙන්නෙ සමාජ සේවයෙදි විතරයි.
Chittahari Abhayanayaka රුපියල් 300 චැනල් කරන විශේශඥ වෛද්‍ය උතුමාගේ නම් කිසිම කොලිටි අඩුවීමක් නෑ
එතුමා තීරනය කරලා තියනවා මට ජීවත් වෙන්න ඕන මුදල මෙපමනයි කියලා, ඒ අනුව තමයි ගාන
U Rasta G Bandaragoda Respect to this man
Professional Services
0774308817, 0778997682
ක්ශේත්‍රයේ වටිනාකම නොදත් හරක් හට මාගේ ප්‍රණාමය.....
( මට එන වැඩත් මූට දීලා දැම්ම නම් කිසිම මහන්සියක් නැතුව වැඩේ කලාටත් වඩා ළාභයි, මොකද කරන්නේ කියලා බැලුවේ      )
චතුෂ තුෂර කුමාර ඒ මනුස්සයට ඒ ගානට කරන්න පුළුවන් නම් කරපුවාවේ. මොනවා හරි ලාභයක් ඇතිවනේ කරනවා ඇත්තේ.. මූල්‍යමය ලාභය අඩු උනත් මේ හරහා හැදෙන කන්ටෑක්ට්ස් මෑන්ව තැනකට ගෙනියාවි... බිස්නස් කියන්නේ ඒකාධිකාරයම නෙවෙයි. අවධානම් දේවල් තමා වැඩිම ලාභ උපදවලා තියෙන්නේ මේ ලෝකේ...
කොහොම උනත් වැඩක් කරගන්න යන කෙනා මෙයාගේ කලින් ඇල්බම් එහෙම බලලා මිසක් ආවට ගියාට වැඩ බාර දෙන්නේ නැතිව ඇති නෙව.. අනික ඉතිං තරඟකාරීත්වය කියන්නේ පාර්භෝගිකයින්ගේ පැත්තෙන් බොහෝම සුභදායක කාරණයක්...
හැබැයි අර උඩ තැනක කවුද මංදා කියලා තිබුනා මේක පොලේ බඩු විකුණන එකට වඩා මොකක්ද මංදා මහා එකක් තියෙන එකක්ය කියලා... මට තේරෙන්නේ නැහැ දෙකේ තියෙන වෙනස ව්‍යාපාරයක් හැටියට ගත්තම... දෙකේම කරන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් යම් ලාභයක් ඇතිව විකිණීම.. ආට් එක ගැන කිව්වමනං ඒකෙයි මේකෙයි දෙකේම කලාවක් තියෙනවා එකිනෙකට වෙනස්... හැබැයි පොලේ වෙළෙන්දට වඩා මෙතනදී ලාභ ප්‍රතිශතය වැඩියි කියන එකනං පැහැදිලියි.. තරඟකාරීත්වය නිසා ඒක අඩු වීමනං අවුලක් තමා.. හැබැයි හැම දේම ගණන් අඩු වෙන්න කියලා බලං ඉන්න අපි අපේ දේ අඩු වෙන පොටක් පෑදුනාම මල පැනලා දඟලනවා..
Chittahari Abhayanayaka ශ්‍රමය විතරක් පාවිච්cඉ කරන රැකියා නෑ, මම කියපු වෛද්‍ය උතුමත් චැනල් කරන්න යන්න පෙට්‍රල් ගහනවා, කාර් එකක් පාවිච්චි කරනවා, පොත් ගන්න ඕන, කොන්ෆරන්ස් යන්න ඕන, එවගේ සමහර මිනිස්සු ඉන්නවා තමනෙග ගාන යම් මට්ටමකට වඩා අඩුවෙන් තියා ගන්න,
අනිත් අය ඉන්නවා ඉල්ලුම වැඩි කරගන්න අඩු ගානට කරන අය
ඒ වගේ අයත් ඉන්න ඕනම් රුපියල් ලක්ශය්ක් දෙකක් වියදම් කරන්න බැරි අයට සේවය සමපයන්න
වෙඩින් ඡායාරූප ශිල්පීන්ගේ කොලිටි එක අඩු වෙන්නේ ගාන අඩුවෙන් ගත්තාමද කියලා ඔවුන්ම තීරනය කරන ඕන, මම නම් දැකලා තියෙන්නේ වෙඩින් එකට ඇවිත් හැසිරෙන විදියෙන් ගොඩක් ම කොලිටි එක බහිනවා කියලා ලොකු ගනන් ගත්තත්, ඒ ගැන මොකුත් කරන්න අදහසක් නැද්ද කොලිටිය තියා ගන්න
Ranga Manohara මෙතන වැඩි දෙනෙක් කෑ ගහන අය ජෝඩුව ගේ මගුල් මුද්ද උගස් කර හෝ "සුපිරි ස්ටෝරි බුක්" ඇගේ ගහන අය නිසා මෙවැනි දැන්වීම් හෘද රෝග වලට හේතු විය හැක.
Raviprabha Antony Jayatunge මගෙ පොඩි ad එකට මෙච්චර ඉක්මනට මෙච්චර හොඳ ඉහල ප්‍රතිචාරයක් හම්බ වෙයි කියල මම හිතුවෙම නෑ. සර් ට පින් මේ වගෙ නොමිලෙ ප්‍රචාරයක් ලබා දෙනවට...
මෙතන කමෙන්ට් කරලා තියෙන සමහරක් අය ගැන දුක හිතෙනවා... ඔබතුමන්ලගෙ service එකයි business එකයි හොඳ නම් ඔබතුමන්ලට හොඳ base එකක් කීර්තිනාමයක් තියෙනවා නම් ඇයි මේ පොඩි පොඩි දේවල් වලට කලබල වෙන්නෙ... ඔබතුමන්ලගෙ බංකොලොත්භාවය නේද ඔය ප්‍රදර්ශනය කරන්නේ...
Rose Perera Chatura පොලේ ඇපල් විකුණන කතාව කීවේ මාර්කටින් ගැන උදාහරණයකට මිසක්.. ඡායාරූපකරණය ඇපල් විකුණන එකට සමාන කරේ නෑ...
හැබැයි ඉතිං එහෙම සමාන කරා කියලා මහලොකු වෙනසකුත්නෑ..
Dineth Mallikarachchy Indranatha Thenuwara මට තේරෙන්නේ නෑ ගාන අඩු වීම විතරක් මිනිහෙකුට බනින්න හේතුවක් වෙන්නේ කොහොමද කියල....මේ කියල තියෙන හැම දෙයක්ම ඇත්ත වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි......නමුත් මේ කිසි කෙනෙක් ඒක සහතිකේට දැනගෙන නෙවෙයි කතා කරන්නේ.....මෙහෙම හොඳද.......
Rose Perera සමාජ යථාර්තයත් එක්කයි අපේ හැම දෙයක්ම ගොඩනැගෙන්ඩ ඔන
විවාහ ලියාපදිංචියට දෙන්ඩ රු5000 නැතුව කසාදෙ ලියාපදිංචි කරන්නේ නැතුව පවුල් කන උදවිය අද ලංකාවේ ඉන්නවා කීවොත් විශ්වාස කරනවාද?
බොහොම අමාරුවෙන් මංගල්ලයක් කරගන්න උදවියට ඇල්බම් අකැපද?
Waruna Sudantha Herath ඉතින් ඔය ප්‍රශ්ණවලට උත්තර හොයා ගන්න බැරිවුනොත් එයා ෆීල්ඩ් එකෙන් එළියට යයි.. අනිවාර්යෙන් වෙන්න ඕන එහෙමනෙ.. එහෙම නැතුව එයාට අනිත් අයට වඩා අඩුවෙන් කරගන්න පුළුවන් විදිහෙ ක්‍රම හොයාගත්තොත් දිගටම රැඳිලා ඉඳියි.. ඒත් මට තීන ප්‍රශ්ණෙ තමයි මෙතනදි ඇත්තටම ඔය හැමෝම කලබල වෙන්නේ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් නොලැබෙයි කියන බයටද නැත්නම් වෙන දේකටද කියන එක..
චතුෂ තුෂර කුමාර ස්ටූඩියෝ එකක් කෙලින්ම නැතිව ඒත් වෘත්තීය හැටියට ඡායාරූපකරණයේ යෙදෙන පෞද්ගලික ඡායාරූප ශිල්පීන්ගෙන් සේවය ලබා ගැනීමත් හරි අවධානම් නේද ඒ කියන්නේ..? දැන් මෙතන ඔය මේකට විරුද්ධව කතා කරපු හැමෝම ස්ටූඩියෝ තියෙන අය වෙන්න ඇති.. හා ඒක පැත්තකින් තියමු...
පොලේ වෙළදාම් කරන එකාට ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා.. ඌ අල ලූණු හරි චීත්ත හරි විකුණන්නේ එතැනම තව ඒ වගේම කට්ටිය බර ගානක් ඉද්දී.. සමහර විට පොල පුරාම ගාන එකයි.. ඒත් ඒකා කොහොම හරි බඩු ටික විකුණන්න ඕන... අඩුවට දීලා යන්න උගේ බාප්පගේ පුතා නැහැ බලාගෙන කෝ කෝ දියං මං ගන්නං කියලා.. අනික එහෙම දීලා දැම්මොත් ඌ පහුවදාට බිස්නස් කරන්නේ කාගෙන් අරංද..? තමුන්ගේ වෘත්තීය විතරක් අති විශිෂ්ඨයි.. අනිත්වා දෙකයි පණහේ කියලා හිතං ඉන්න උත්තමයින්ටනං ඉතිං කියන්න තියෙන්නේ සොරිම තමා කියලා... ඡායාරූප ශිල්පියාට පොලේ වෙළදාමත් වෙළෙන්දට ඡායාරූප ශිල්පයත් දීලා බලන්න වෙයි දෙකේ බැරි අමාරුකං තේරුං ගන්න...
Dineth Mallikarachchy මෙතන සිටින චායාරූප කරුවන් බොහෝ දෙනෙක් පෞද්ගලික බස් සංගමයේ සභාපතිටත් වඩා අන්තය........
Dineth Mallikarachchy Indranatha Thenuwara ඔබට නීතිමය හෝ සදාචාරමය හැකියාවක් තියෙනවද වෙන කෙනෙක්ගේ දැන්වීමක් මෙහෙම පල කරන්න.ඔබ පන්ති සඳහා ..පල කරන දැන්වීමක් මෙහෙම දැම්මොත් මොකද හිතන්නේ.....
Sudu Banda බණ්ඩාරනායකලා,සේනානායකලා වගේ රදල පන්තියේ අය පිටරට ගිහිල්ලා ඉංගිරිසියෙන් ඉගෙන ගෙන ඇවිල්ලා. බංඩලාගේ කොල්ලන්ට ඉංගිරිසි ඉගෙන ගන්න අවශ්‍ය නැහැ කියලා ඒ කාලේ සිංහල රාජ්‍ය භාෂාව කරලා තමන්ට පහලින් ඉන්න පිරිස එම තත්තවයෙන්ම ඉන්න විදිහට කටයුතු සංවිධානය කලා. ඒ කාලේ තමන්ගේ පැලැන්තිය ආරක්ෂා කර ගන්න නොයෙක් විදිහේ තර්ක විතරක් ගෙනාවා. තාමත් එකේ ආදීණව තියෙනවා අපේ සමාජයට. ඡායාරූපකරනයෙත් තාම ඉන්නවා පිරිසක් තමුන් තමයි එහි අයිතිකාරයින් කියලා හිතාගෙන ඉන්න. ඒක හේතු තියෙනවා ඒය ඉස්සර ඉතාමත් සුලු පිරිසටක සීමා වෙච්ච රැකියාවක් වූ නිසා. අපේ ඉන්ද්‍රානාථ තේනුවර Indranatha Thenuwara ) ලාල් හෑගොඩ වගේ අය තමයි මෙම වෘත්තිය බොහෝ පිරිස් අතරට සමාජගත කලේ. ඒ වගේම තාක්ෂණයේ සිඝ්‍ර දියුනුවත් සමග තත්වයෙන් උසස් භාණ්ඩ ඉතාමත් අඩු මුදලකට වෙලදපොලට නිකුත් වුනා බොහෝ පිරිස් රැකියාවක් විදහටම නොවුනත් විනෝදානශයක් විදිහටත් ඡායාරූපකරණයට යොමු වුනා. විවෘත ආර්ථිකයේ ඇති හොද පැතිතඩක් තමයි තරගකාරිත්වයත් සමග එහි ප්‍රතිලාභ පාරිබෝගිකයට ලැබෙන එක. ඒ තුළ තත්වයෙන් උසස් මිලෙන් අඩු දේවල් වලට දිගු කාළිණ පැවැත්මක් තියෙනවා. මෙය ඡායාරුපකරණයටත් පොදුයි. එම නිසා මේ ගැන වැඩිය තර්ක විතර්ක කරන එකේ ප්‍රතිපලයක් නැහැ අවශ්‍ය වන්නේ තම සේවාවේ ගුණාත්මකභාවය සාධාරණ මිලක් මත පවත්වාගෙන යාමයි..........!!
Indranatha Thenuwara @Raviprabha Antony Jayatunge ගේ මේ ඇඩ් එක මගින් අද ලංකාවේ පවතින එක්තරා ඛේදවාචකයක් කතා කරන්නටවත් ලැබීම ගැන පළමුවෙන් ඹ ඔහුට ස්තූතියි.
මෙහි අදහස් පළ කොට ඇති අයට අනුව මට ස්ටූඩියෝවක් නැත. කරන්නට අදහසකුත් නැත.
දෙවනුව දැන් ආණ්ඩුවෙන් වෙඩින්ව පින්තූර ගසා දීම තහනම් කළත් මට ප්‍රශ්නයක් නැත. මන්ද මම දැන් වෙඩින් බාර ගන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් නිසා ය. ඒවායිනුත් වැඩි හරියක් කරන්නේ නොමිලයේ ය. ඒ මගේ හිතවතුන්ගේ දුවා දරුවන් මගේ ද දුවා සහ දරුවා ලෙසින් මට හිතෙන නිසා ය.
මම මුලින් ම වෙඩිමක පින්තූර ගත්තේ ද නොමිලයේ ය. ඒ 1980දී ය. ඒ වෙඩිම කළ නිසාවෙන් ඒ පවුලේවත්, ඔවුන්ගේ සනුහරයේවත් කිසිවකුගේ වෙඩින් මට ලැබුනේ නැ. නමුත් එයා ලව්වා අපේ ඒවත් කර දෙන්නට පුලුවන්දැයි ඇසූ අසන්නන්ගේ ඉල්ලීම් ගැනනම් මම දැන සිටියෙමි.
1980දි අපේ ගේ පිටි පස්සේ ඇති කණාටු පොල් ගස් දෙක තුනේ නැග පොල් කඩන සිරිපාල අය කළ ගාස්තුව වූයේ රුපියලකි. ඊට අමතර ව බැල ගෙඩියක් ද ගත්තේ ය. 1995දී මම රු. 18,000කට වෙඩින් කරන කාලේ පොල් ගස් නැගීමට අය කළේ රු. 10කි. ඒත් ඒ මනුස්සයා ඇඳගෙන ආව්ද අර මුලින් මා දුටු ඇඳුම් ම ය. ආවේද පයිනි..!
ඊටත් අමතර ව කකුළට දා ගන්නා වළල්ලට ලණු ඉල්ලා ගත්තේ ද, පිහිය සහ කඹය සැපයූවේ ද අප ය.
2005 දී පමණ රු. 90,000ට වෙඩින් කරන කාලේ පොල් ගස් නගින සිරිපාල එය රු. 100 දක්වා වැඩි කර ගත්තේ ය. අද ගානනම් මම දන්නේ නැත.
නමුත් ඔහු කවරදාකවත් ලොකු ඉල්ලුමක් තිබුණත් ගනං අඩු කළේ නැත.
තරගයක් දෙන්නට වෙන එවුන් ඒ රස්සාවට ආවේද නැත.
Indranatha Thenuwara අද මට වෙඩින් නොඑන්නේ මගේ පින්තූර කොලිටි නැති නිසාත්, මම අප්ඩේට් වී නැති නිසාත්යැයි මම උපකල්පනය කරන අතර ම, අලුත් එවුන් මේකට ඇවිත් අපේ බඩේ පාර ගැහුවා කියා බෑඟිරි ගගා කෑකොස්සන් ගසන පුරුද්දකුත් මට නැත. නමුත් මම අලුත් පරම්පරාවක් ම හදා ඇති අතර, සමහරවිට ඔවුන් අතරින් එකෙක් දෙන්නෙක් ද මේ වගේ ම වැඩ කරනවා වෙන්නටත් පුලුවන.
Indranatha Thenuwara ගණුදෙනු කරුවන් ගැන කියනවානම් ගිය අවුරුද්දේ මගේ අත්දැකීමක් කිව යුතු ය. ඇමරිකාවෙ පදිංචි මගේ නිත්‍ය ගණුදෙනුකරුවකුගේ වෙඩිමක් ද කරන්නට මට සිදු විය. වෙඩින් එක පිට ගණනාවක් ම කර ඇති නිසා මෙවර ඉතා අඩු පැකේජයක් ඔවුන් ඉල්ලා සිටි අතර එය 8 13 ආකාරයේ වුවද කම් නැතැයි කියා සිටියේ ය. එනිසා මම මට හැකි ආකාරයට එය රු. 49,500කට කරන්නට පොරොන්දු වීමි. වෙඩිම තිබුනේ ගෝල්ෆේස් හෝටලයේ ලොකු ම ශාලාවේ ය. වියදම් කරන්නට අර තරම් අමාරු අය, ගෝල්ෆේස් එකේ සිට මෝදර පල්ලියට යාමට ලිමොසින් දෙකක් ලබාගෙන තිබූ අතර, එහි වියදම රු. 120,000ක් ය කියා මා සමග කීවේද මහා උජාරුවෙන් ය.
Indranatha Thenuwara වෙඩින් ස්ටෝරි බුක්වලට වෙන දේ කුමක්දැයි කියා මම අතින් වියදම් කොට ලීෆ්ලට් එකක් බෙදුවේ ද 2006දී ය. ඒක යළි මෙහි ලිවිය යුතු ය කියා මට සිතුනත් ඊට මට කාලවේලාවක් නැත. පුලුවන් කමක් තිබුනොත් ස්කෑන් කොට හෝ පළ කරන්නට සිතමි.
Real Machan වචනයක් ලියන්න කියල තියන නිසා මටත් පොඩි මෙව්ව එකක් දැනුන මේක කියවද්දි..
ගලදාරි එකේ වගේම පැල්පත් වලත් කොල්ලො කෙල්ලො කසාද බඳිනව .. ක්ෂේස්ත්‍රයේ ගුණාත්මක බාවය රඳා පවතින්නෙ සුපිරි මිල ගනන් වල නෙමේ ඒ කෙ නිරත වෙන මිනිස්සුන්ගෙ හදවත් වල. මටනම් අපේ ගමේ ආයුර්වේද වෙද මහත්තය රුපියල් සීයට දෙන කසාය බෝතලෙත් නවලෝකෙ බෙහෙත් තුන්ඩුවත් දෙකම වටිනව. වෛද්්‍ය ක්ශේස්ත්‍රය උතුම් වෙන්නෙ ඒ කෙ ගනන් නිසා නෙමේ අපිට දැනෙන සුවය නිසා.. අපි චයිනීස් ෆෝන් උස්සන් එන්නෙ ඒක ඔරිජිනල් ඒ ව තරම් හොඳ නෑ කියල දැන දැන, නමුත් අපිට ලොකු එකක් ගන්න සල්ලි නැත්තං මොනව කරන්නද,,? ඕනෑම ක්ශේස්ත්‍රයක් පාරිබෝගික අවශ්යතා ඕනෑම මට්ටමකින් තෘප්තිමත් කරන්න පුලුවං විදියට හැඩ ගැහෙන එක මම දකින්නෙ ඒ කෙ දියුනුවක් විදියට.. මිනිස්සුන්ට උදාහරන සහිතව මේ ගානට මේක කලොත් මේක නැති වෙනව මේ ගුණාත්මක බාවය අඩු වෙනව කියල අපි වගේ ඡායාරූප ගැන දැනුමක් නැති අයට පෙන්නන්න පුලුවන්නම් වටිනව, මේක අරම ඇති මෙහෙම ඇති කියල අඳුරේ ගල් ගහන එක කළා කරුවන්ට යුතු නෑ කියලයි මගේ හැඟීම.
Indranatha Thenuwara ලංකාවේ වෙඩින් මාකට් එකට කෙළවූයේ ම බ්‍රයිඩල් ෆෙයාකාරයන්, වෙබ් සයිට් කාරයන් සහ මංගල සඟරා කාරයන්ය.
ඒ අලුතෙන් නිර්මාණය වූ වෙළෙඳපොලක ඌරන් කැකුණු තලන විට වළිකුකුළන්ට ජය මගුල් වන නිසා ය. අන්තිමට උනුත් නැත. අරුනුත් නැත.
සාමාන්‍යෙයන් මම මෑතක සිට බ්‍රයිඩල් ෆෙයා බලන්න යන්නේ නැත. එහෙත් එක් අවස්ථාවකදී එවන් ඉලව්වකට මට යන්නට සිද්ද විය. එහි ඡායාරූප ශිල්පීන් 32 දෙනෙකු ස්ටෝල් දමා තිබුණු අතර, ඔවුනතර මහා සීතල යුද්දධයක් ද ඇති වී තිබුණි. ඒ අතරේ එක් වීඩියෝ ශිල්පියෙක් “හෝම් කමිං එක නොමිලේ“ කියා ලොකු බැනරයක් දමා තිබුණේ ය. ඉලව්වට ගොඩ වෙද්දී ම දෙතුන් දෙනෙක් ම මේ ගැන මට කියා සිටියත්, මට ඉන් අවැඩක් නොවන නිසා මම කිසියක් නොකියන්නට තීරණය කළෙමි. නමුත් අර ස්ටෝල් එක දුටු විට මගේ ඇතුලේ ඉන්නා සතා අවදි විය. ..! ඒ මා හැමදාම කියන..“වැඩකට ගියාම තමන්ට ඉස්සරහිනුත්, තමන්ට පිටිපස්සෙනුත් තව දහසක් දෙනෙක් හුස්ම ගන්න හඬ තමන්ට ඇහෙන්න ඕන..!“ කියන පඩත්තර කතාව නිසයි..!! මං හිතන්නෙ Dineth Mallikarachchy ට එහෙම ඇහෙන්නේ නැතුවා වෙන්නට පුලුවන.
මම ඔහු හා කතා කළෙමි. නමුත් අදටත් ඔහුට වීඩියෝ බර ගණනක් ලැබී නැති වගනම් ඉන්තේරුවෙන් ම දනිමි.
Dineth Mallikarachchy Indranatha Thenuwaraඔබට නීතිමය හෝ සදාචාරමය හැකියාවක් තියෙනවද වෙන කෙනෙක්ගේ දැන්වීමක් මෙහෙම පල කරන්න.ඔබ පන්ති සඳහා ..පල කරන දැන්වීමක් මෙහෙම දැම්මොත් මොකද හිතන්නේ....
Indranatha Thenuwara Dineth Mallikarachchy මම බුද්ධිමය දේපල පනත සහ නීතිය ගැන හොදට දන්නව. එකෙ තියෙන හිලකින්නෙ මේ ප්‍රෙයා්ජනේ ගන්නෙ...!!!
Indranatha Thenuwara ඒ වගේ ම එයාටත් මට විරුද්ධ ව ඇක්ෂන් එකක් ගන්න බැහැ. මොකද එයා පළ කරල තියෙන්නෙත් එයා ගත්තු පින්තූරයක් නොවන නිසා...!!
Indranatha Thenuwara මොකක්හරි අවලං පක්ෂෙකට ඡන්දෙ දානවට වඩා, තව කෙනෙකුට ඡන්ද දාන්න කියන එක වැරදියිනෙ...
ඒ අනුව මේ ඇඩ් එක වැරදියි.
Indranatha Thenuwara දැං අපි ගණන් බලමු.
දැනට මම පාවිච්චි කරන කැමරා හතරම මට ලැබුනෙ කිසි වියදමක් නැති ව. ඒත් මම ඒවට තක්සේරු වටිනාකමක් එකතු කරනවා.
ඒ අනුව වෙඩින් එකක පින්තූර ගන්න කැමරාවට සහ උපාංගවලට අවම රු. 10,500ක රෙන්ට් එකක් වෙන් කරන්න ඕන....See More
Indranatha Thenuwara රටක ගෞරවණීය වෘත්තියක් බාල්දු කිරීමට එරෙහිවත්, තවක් ඒ වෘත්තියේ නියැලෙන්නන් ගැන කතා කර කර මගේ කාලය නාස්ති කර ගන්නවාටත්, අනෙක් අය ගැන හිතනවාටත් වඩා මං මගේ පුතා ගැන හිතන්න එපැයි.
එයා මග එනව ස්ලිට් එකේ ඉඳං. ඉතිං එයාවත් අරං ගෙදර යන්න එපැයි...
Sanka Vidanagama සමහරු කස්ටමර්ස්ලා අද්දගන්න ඔහොම දානවා. ඒත් එතනින් එහාට නානාප්‍රකාර කතාවලින් ගනන් වැඩිකරනවා.
මගේ යාළුවෝ කීප දෙනෙකුත් ඔහෙම අයට අහුවුනා. සමහරු ගැලවුනා. ඒත් ගොඩාක් දෙනා විදවනවා. මොකද ෆොටෝ කොලිටි එක බොහොම ප්‍රාථමික මට්ටමේ නිසා. කොටින්ම කිව්වොත් ඩිරෙක්ට් ෆ්ලෑෂ් කරාම එන හෙවනැල්ල පිටින්ම ඇල්බම් එක දෙන්නේ.
Gimhana Wedage මේවට යන ගනන් හිලව් ගැන මම දන්නේ නෑ. නමුත් ඉන්ද්‍රනාත විසින්ම ගනන් හිලව් ටික හදලා දාලා තියෙන්නේ. ඒ ගනන් වල හැටියට ඕනෙනං 35 කට මේක කරලා කෙනෙකුට ලාබයක් තියා ගන්නත් පුළුවන්.
අනිත් දේ ආම්පන්න වලට 10500 ක දාලානේ. මේ මනුස්සයා කීය දීලා හරි ඔය ආම්පන්න දැනටමත් අරගෙන නම් තියෙන්නේ ඒ ගාන මේකට නොදා ඉන්න පුළුවන්.
මේක ඇවිල්ලා මාකටින් ප්‍රමෝෂන් එකක්. ඒක ගැන මෙලෝ හසරක් හිතන්නේ නැතිව ගොඩක් අදහස් දක්වලා තියෙන්නේ.
මේක වෙළඳ දැන්වීමක්. ඉන්ද්‍රනාත කරන වැඩේ සදාචාරාත්මකද කියන දේ මගෙත් ඔලුවට ආවා. ඒකත් කමක් නෑ කියමු. camera.lk එකෙන් බඩු අරන් වොරන්ටි ගන්න යන අයට ඇස් පනාපිට වෙන දේ ගැන නම් ඉන්ද්‍රනාත කවදාවත් කතා කරයි කියලා හිතන කෙනෙක් ඉන්නවද මෙතන.
Kasun Madhawa අනේ ගිම්හාන මහත්තයෝ මොකද්ද මේ කතාවේ තේරුම ? '' camera.lk එකෙන් බඩු අරන් වොරන්ටි ගන්න යන අයට ඇස් පනාපිට වෙන දේ ගැන නම් ඉන්ද්‍රනාත කවදාවත් කතා කරයි කියලා හිතන කෙනෙක් ඉන්නවද මෙතන. '' මෙතන ආර්ට් ගැලරි එක නෙමේ ගොන් පාර්ට් දන්න
Thilina Wijesiri LOL gimhan kiyana charithe mokakda kiyala hamoma dannawa Kasun Malli...  owa dakke na wage hitu. kalabala nowee
Sameera Rukshan Mendis ගිම්හාන් කියන්නෙ තමන්ගෙ නිරුවත් හකරැල්ලගෙ ෆොටෝ එකක් විතරක් ජීවිතේටම ගත්ත එකම ෆොටෝ එක වෙච්ච ඡායාරූපසිප්පියෙක්. ලොල් හැත්තෑවයි දසම පහයි ( රවුමක් ඇතුලෙ සී බයි Kasun Madhawa )
John Shanaka Silva මෙම විවාදය ඉහලින් කියපු කතාවක් සම්බන්දයෙන්: දොස්තර කෙනෙකු තමන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ ඡායාරූපකරණය සඳහා වියදම් කරන මුදලට වඩා අධික මුදලකි. නමුත් ලෙඩක් හැදිලා ඉස්ප්‍රිතාලයට යනකොට ඔය ඡායාරූප ශිල්පියෝම නහයෙන් අඬනවා ගෙවන්න තියෙන මුදලට. හොයල බලනවා ලාබෙට එම වැඩේම මොන ඉස්ප්‍රිතාලයෙන්ද කරගන්න පුළුවන් කියා. සමහර වෙලාවට පිං ඉස්ප්‍රිතාලයෙන්ද වැඩේ කරගන්නවා.
සල්ලි වියදම් කරලා කැමරා ගත්ත පලියට යමෙක් wedding photographer වෙන්නේ නැහැ. මටත් Canon 7D, 50D, සහ XTi සමග ලෙන්ස් හැට හුටාහමාරක් තියෙනවා. ඔය argument එක හැටියට එහෙම නම් මමත් wedding Photographer කෙනෙක්.  Bill Gates සහ Steve Jobs මරු software ලියා ලොකු කොම්පැනි බිහිකරලා ඒ software වලට හොඳ ගණන් අය කල පලියට ගෙදර ගැරේජ් එකේ පොඩි software ලියන කබ්බොන්ට බැහැ gates සහ Jobs ගේ ගණන් අය කරන්න. ලංකාවේ සමස්තයක් හැටියට පුළුවන් හෝ බැරි හෝ කමක් නැහැ, තව කවුරු හරි ගානක් අය කරපු පලියට සියළු සකල ජනතාවටම ඒ ගානම අය කරන්න බැහැ. (try කරයි, නමුත් බැහැ). ඔය නහර පුප්පගෙන කෑගහන කට්ටියෙන් කියෙන් කීදෙනාද සල්ලි ගෙවල Photoshop, Lightroom මිලදී ගත්තේ? කී දෙනෙක් හොරෙන් බාගත්තාද? පළමු ගල ගසන්න පුළුවන් වැරදි නැති කෙනාට පමණි. ඔහොම තමයි ලංකාවේ කාර් වලත් මිල ඉහල ගිහින් තියෙන්නේ. කවුරැ හරි බූවෙක් අවුරුදු 20 පරණ ලදරමක් මිලියන 3කට වික්ක පලියට, අනික් දවසේ ඉඳන් ඔක්කොම ලදරන් (පිට රටවල් වල සල්ලි දීල වත් ඇදගෙන යන්නේ නැති වාහන) මෙහෙ ඉන්න ගොන් බූරුවෝ මිලියන ගණන් දීල ගන්නවා.
යමෙක් සාදාරන අයකිරීමක් කරනවානම් (ඒක ඒ මනුස්සයට පාඩු නොවී කරන්න පුලුවන්නම්) ඒකට කටුව ගහන්න හෝ ගරහන්න හෝ අපි කවුද. ෆ්‍රෙඩී සිල්වා ගයපු ගීතයක් මතක් වෙනවා. "අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා, තමන් දන්නා දේ හරියට කරපන් කීය හඬා."
Niroshan Mahawaduge තරඟකාරීත්වය සහ අනෙකාට කෙලවීම යනු දෙකකි..
අද ව්‍යාපාර ක්ෂේත්‍රයේ බිදවැටීමට මේ වගේ දේවල් ගොඩක්ම බලපානවා
තරගකාරීත්වය ඇතිවෙන්න ඕන අනෙකාට වඩා වැඩි සේවයක්
වැඩි වටිනාකමක් සහිත භාණ්ඩයක් පාරිභෝගිකයෙකුට දීමෙනුයි
අනෙකාට වඩා සේවාව උසස් ලෙසත් වටිනා ලෙසත් සිත් ඇදගන්න ලෙසත් පවත්වාගෙන යාම තරඟකාරීත්වයට හේතුවේ.
එසේ නොමැතිව අනෙකාගේ ව්‍යාපාරය බංකොලොත් කර තමන්ගේ ව්‍යාපාරය දියුනුකරගනීමටනම් ඕන තරම් මේ වගේ කුට උපක්‍රම තීනවා.
මංගල ඡායාරූපකරණයේදී එය ව්‍යාපාරයක්!!
එහෙම නැත්නම් එය සමාජ සේවයක් නෙවෙයි!!
ඕනෑම ක්ෂේත්‍රයකට වටිනාකමක් තියෙනවා
ඒක ආරක්ෂා කරන්න ඒ ක්ෂේත්‍රයේ නියැලෙන කෙනාට උවමනාවක් තීන්න ඕන ඒ කෙනා දිගටම මේ ක්ෂේත්‍රයේ නියලෙනවානම්.
ඕනෑම සේවයකට භාණ්ඩයකට යම්කිසි පවතින මිලක් තිබුනම ඒක ක්ෂේත්‍රයේ පැවත්මට බලපානවා.
තමන් කරන රැකියාවට ආදරයක් තීනවානම් ඒ රැකියාව දිගටම කරගෙන යන්න ඕනෙනම් මේ වගේ අඩු ගණන් වලට මේ දේවල් කරන්නේ නැහැ.
තමන්ට නිකන් දෙයක් ලැබුනත් ඒ නිකන් ලැබුණු දේ තව කව්රුහරි විකුණලා ජිවත්වෙනවානම් යම්කිසි මුදලකට ඒ මුදලට කිට්ටු මුදලකට ඒ දේ විකුනනවානම් කවදාවත් කෙනෙක්ගේ හෝ ක්ෂේත්‍රයේ පැවැත්මට ඒක බලපෑමක් නැහැ!
මේ දේ ගැන කතාකරන්න අයිතිය තියෙන්නේ wedding photography කරන අයට මිසක් අනිත් අයට නෙවෙයි!
තමන්ගේ රැකියාවේ ස්ථාවරත්වය ගැන අනාගත අස්ථාවර බව මේ දේවල් වලින් පේනකොට කටපියාගෙන ඉන්න ඒක නෙවෙයි කරන්න ඕනේ.
මේක ගොඩක් හොඳ දෙයක් ලඟදි බඳින්න ඉන්න පාරිභෝගිකයෙකුට නම්.
මේ ගැන හොඳ කියල comments දාන කිසි කෙනෙක් කැමතිද තමන් කරන රස්සාව තුට්ටු දෙකට වැටෙනවට?
අන්න ඒ අයිතිය ගැන තමයි මේ wedding photography කරන අය කතාකරන්නේ..
තව එකෙක් පාගාගෙන තව එකෙක් වට්ටලා පාරිභෝගිකයෙකුට සහනයක් දීල ලබන දියුණුවෙන් වැඩක් නැහැ .ඕනෑම ක්ෂේත්‍රයක මෙහෙම අය ඉන්නවා ...........
එම්.එස්. දයාසේන ඡායාරූප ශිල්පය නිසියාකාරව ඉගෙන ගෙන ඒක තමන්ගේ ජීවනෝපාය කරගත් බොහෝ දෙනෙක්ට තාක්ෂණයේ පිහිටෙන් වෘත්තිය(යැයි කියා ගන්නා) ඡායාරූප ශිල්පීන් නිසා සිදුවු දෙය මෙතන අදහස් දක්වල තියෙන අය දන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. ඒ වගේම සමහරු සදාචාරය ගැන කියල තිබුනා. ඒ වගේම සමහරු ඉන්ද්‍රනාත් මහත්මයා ගැන ද්වේශයෙන් කතා කරලත් තියෙනවා. මම එතුමාගේ ගෝලයෙක් නොවුනත් එතුමාට ගොඩක් ගරු කරන කෙනෙක්. ක්ශේෂ්ත්‍රය පිළිබඳ කිසිම දෙයක් නොදන්න කෙනෙක් .............. ˝ආම්පන්න වලට 10500 ක දාලානේ. මේ මනුස්සයා කීය දීලා හරි ඔය ආම්පන්න දැනටමත් අරගෙන නම් තියෙන්නේ ඒ ගාන මේකට නොදා ඉන්න පුළුවන්.˝ කියල කියල තියෙනවා. එතකොට මේ ආම්පන්න සදාකල් පාවිච්චි කරන්න පුලුවන් කියල හිතාගෙනද දන්නනෙ නෑ මෙහෙම කියල තියෙන්නේ.අනික හදිසියේවත් උපකරන ක්‍රියාවිරහිත වුනාම අලුතෙන් ගන්න සල්ලි දෙන්නේ පොලීසියෙන්ද...?කොහොම උනත් කියන්න තියෙන්නේ තාක්ෂණයත් එක්ක මේ ක්ශේෂ්ත්‍රයට රිංගපු කැමරාකාරයින් මේක බාල්දු කරල විනාශ කරල දැම්ම කියන එකයි. තව කියන්න දේවල් නම් එමටයි. ඒත් අනේ මන්දා...  තව කී දෙනෙක් ගේ හිත් රිදෙයිද දන්නේ නෑ අප්පා....
U Rasta G Bandaragoda  Sameera  api nm kaala enne ara Gimhanaya ge hekarellage pic ekak thiyenawa yako award winnig ekak ehema kiyanna epa , uu ara group ekakath reeela awith dn a ken elawala hathara wate hath pole ga gannawa parissamen u gen    
Sameera Rukshan Mendis mata sure natthe oya gimhan kiyanne ara h100 ekada kiyala
Gimhana Wedage හෙන ඉල්ලීම, සාප කිරීම, කුණුහරුපයෙන් බැන වැදීම සපුරා තහනම් ය...!!
දැන් ඔය ඔක්කොම ටික එන්නේ මටනේ. මේ මහදැනමුත්තන්ට දැන් 25000 හාදයාව අමතක වෙලා,  
අනේ ගොනෝ මං උඹ වගේ හරක් පැටියෙක් දැකලා නේ මේ බුකියට ආපු දවසේ ඉඳන්ම.......
සමාවෙයන් මෙහෙම කියලම නෑ එකෙක්ටවත් අද වෙනකම්, ඒත් නොකියා වැඩකුත් නෑ, සමාවෙයන් කියන්න තියෙන එක කියවෙනවා මූණට
සිරාවටම මං දැකපු හොඳම බුකියේ හොඳම මෝඩයා උඹ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න
Indranatha Thenuwara පොඩි පොඩි ප්‍රශ්නවලට පොඩි පොඩි පිළිතුරු..!
අපේ Chittahari Abhayanayaka දොස්තර නෝනා ලාල් හැගොඩ සර්ගෙ ප්‍රකාශයක් උපුටා දක්වල තිබුනා. ඒ කතා හරි. නමුත් මා දන්නා තරමින්නම් හැගොඩ සර් කිසිම කෙනෙකුට කියල සහ උගන්වල නැහැ අතින් කාල හරක් බලන රස්සා කරන්නය කියල සහ තුට්‍ටු දෙකට වටිනා කලාවක්, වෘත්තියක් පාවල දෙන්නය කියල.
Dineth Mallikarachchy අහල තිබුන මම මුලින්ම අය කරපු ගාන...මම ඉස්සෙල්ලාම වෙඩින් එක කළේ නොමිලෙ කියල කිව්වනෙ. දෙවෙනි එක කළේ 1979 අවුරුද්දෙදි රු. 6,000කට. ඒ කාලෙ මට මතක හැටියට ඩොලර් එක රු. 12යි. මගෙ ගුරු පඩිය රු. 479යි. සීනි රාත්තලක් සත 72යි. හාල් සේරුවක් ශත 70යි. වැල්ලවත්තෙ ඉඳන් කොටහේනට බස් ගාස්තුව සත 35යි..!!! ‍ෆිල්ම් රෝලක් රු. 4.25යි. ෆොටෝ ප්‍රින්ටින් පේපර් පැකට් එකක් රු33 සත 33යි..!!
Raviprabha Antony Jayatunge චෝදනාවක් කරල තිබුන මෙහෙම...//මෙතන කමෙන්ට් කරලා තියෙන සමහරක් අය ගැන දුක හිතෙනවා... ඔබතුමන්ලගෙ service එකයි business එකයි හොඳ නම් ඔබතුමන්ලට හොඳ base එකක් කීර්තිනාමයක් තියෙනවා නම් ඇයි මේ පොඩි පොඩි දේවල් වලට කලබල වෙන්නෙ... ඔබතුමන්ලගෙ බංකොලොත්භාවය නේද ඔය ප්‍රදර්ශනය කරන්නේ... ////
එහෙම කියන්නෙ වෙඩින් එකක පින්තූර ගත්තු කෙනෙක් නෙමෙයි අඩු තරමින් ආරාධනා පත්‍රයවත් ලැබිල වෙඩින් හෝල් එකක් ඇත්ලට නොගිය කෙනෙකුයි..!!
මම ඔබෙන් ඉල්ලා සිටිනවා පුලුවන්නම් කරපු වෙඩින් එකක පින්තූර දෙක තුනක්වත් පෙන්වන්න කියල..!!
Indranatha Thenuwara Gimhana Wedage ඔයාටත් උත්තරයක් ඕනෙද..???
එක්කො ඕන නැහැ.. මළපහ කරන්න ගිය කෙනාට බඩ යන්නම දීල තියෙන වෙලේ..!!!
Gimhana Wedage සමීර සහ රස්ටා බානට අම්බානක තද වෙලා තියෙන්නේ camera.lk ගැන කියපු දේට වෙන්න ඕනේ.
Sameera Rukshan Mendis උඹට තද උනේ ඇයි කියපන්කො බන් එහෙනම් ඒ එල්.කේ එක එක්ක
Gimhana Wedage ඉන්ද්‍රනාත ඒ ගැන කටක් හොල්ලන්නෙ නම් නෑ තමයි. රෙද්දක් ඇඳන් කොහොම කියලා කරන්නද?
Sameera Rukshan Mendis මටනම් තදවෙලා නෑ බන්. රස්සාව සම්බන්ධ දේවලදි බොහොම ඉවසීමෙන් ඉන්නවා. වෙලාවට එතන මගෙ නොවුනෙ. එහෙම උනානම් දැනට කස්ටමර්ස්ලා දෙතුන් දෙනෙක් අම්බානකට කාලා, නොසෑහෙන ගානක් මගෙන් ජාතිය අමතගෙන. අනුන්ගෙ තැනක වැඩ කරන නිසා හරිම අමාරුවෙන් ඉවසන් ඉන්නවා. අනික දැන් මම ඩියුටි ඕෆ් වෙලාවනෙ. ඒ නිසා "කස්ටමර්ලාත් මනුශ‍‍යයෝය"තියරිය,
උඹ ලගදි සෝනි කැමරාවක් එහෙම ගත්තද?
U Rasta G Bandaragoda Gimhana Wedage  තද වෙන්නේ නැද්ද බන් අපේම තැනක තො රීලා (ගැලරියේ) ඒකත් වනසලා ගඳ ගස්සලා තොගේ තැන රී ගන්නේ නැතුව තව හත් පොලේ ගාද්දි............
උඹලගේ කුහක හිත්වලට කවදා හරි තේරෙයි ඔය කරන දේවල බරපතල කම ඒත් එදාට පරක්කුයි උඹ, කර්මය පස්සේන් එලව එලව හම්බෙයි
හැබැයි මොනවා උනත් පව් ඉතින්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ.
බාන එකතු වෙලා ගුරාවත් එක්කම නෑව්වා කොහොම හරි
Indranatha Thenuwara මම ඔයත් එක්ක ඒ ගැන කතා කරල නැහැනම් තමයි Gimhana Wedage..නමුත් මට ස්‍රිජුවම ආපු ගැටලු දෙකකට මම අනුෂ්ක එක්ක කතාකළා. මට එහෙම එයා එක්ක දඩිව කතා කරන්න පුලුවන් හේතු දෙකක්ම තියෙනව. එකක් මම අනුෂ්කව දන්නෙ පුංචි කාලෙ ඉඳන්. දෙක මම අනුෂ්කගේ නෑදෑ පරපුරම හොඳටම අඳුනනව..!!!
එයා ඒ දෙකටම බැකප් කැමරා දීල තිබුන. එහෙම නැතිව මම ඉස්සරහ ඉඳන් එන එන කෙනාගෙන් වොරන්ටි ගැන අහන්නද ගිම්හාන මට කියන්නෙ..?
U Rasta G Bandaragoda Gimhana Wedage ගුරාවත් , ගෝලයොවත් , කොම්පැනියක් වත් නෑවි නෑ බන් උඹ ගූ හැලියක් අදත් මෙතන ඇදගෙන නා ගත්තා , දුක කියන්නේ උඹට ඒක නොතේරෙන එක ........
මෛත්‍රි කරමි , හරකට උනත්
Indranatha Thenuwara Gimhana Wedage මේ කතාබහ යන්නෙCamera Lk වොරන්ටි ගැන නෙමෙයිනෙ . ඒ ගැන ප්‍රශ්න කරල වහාම මගෙ වෝල් එකේ පෝස්ට් එකක් දාන්න.අපි සේරම කෙලින්ම ඒ ගැන කතා කරමු..!!
Gimhana Wedage \\එහෙම නැතිව මම ඉස්සරහ ඉඳන් එන එන කෙනාගෙන් වොරන්ටි ගැන අහන්නද ගිම්හාන මට කියන්නෙ..?\\
අනේ නෑ. ගෙදර ඉඳං online ad දෙක තුනක් හොයා ගෙන වැඩේ දෙමු.
Gimhana Wedage සමහර සර්විස් ස්ටේෂන් වල බොඩි වොෂ් කරනවා රු.200 ට. බයිසිකලයක් හෝද ගන්නත් බෑ ඒ ගානට. සමහර තැන වල එක කරන වෙලාවට කියන්නේ happy hours කියලා. එයාලා එහෙම කරන්නේ ඇයි?
U Rasta G Bandaragoda වැරදි නම් සමාවෙයන් දාස්වාරයක් ,Gimhana Wedage
උඹ අතුල ගේ නෑදෑයෙක්ද දුරින් හරි ??? ඒ මිනිහටත් ඒ කියන දේවල් විතරයි හරි කොච්චර තේරුම් කරත් ඇදගෙන නාගන්න එකමයි කරන්නේ , පින්තූරයක් කියන්නේ තත්පරේකින් පංගුවකින් එකක සිදුවීමක් බව නොපිලි ගන්නා එක්තරා පිස්සෙක් වගේ කෙනෙක් .... දැන් අර ඇල්කේ අනම් මනම් කියාගෙනත් උඹත් ඒක ඔප්පු කරා
වෙනස තියෙන්නෙ නිකන් නාන එකයි ගූ නාන එකයි විතරයි බොලාලා දෙන්නගේ
Gimhana Wedage ගුරාගේ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් කොටන්න එපා රස්ටා
Indranatha Thenuwara අහා... දැන් වාහන සෝදන එකයි වෙඩිං ගහන එකයි දෙකම එකයි...???
හරි තමයිනෙ..!!
Gimhana Wedage අන්න තේරුනා නියමෙට
U Rasta G Bandaragoda නෑ බන් මට සිරාවටම් දුකයි උඹ ගැන
මං සිරාවටම උඹ වගේ මැ* හර**ව දැකලා නෑ
Raviprabha Antony Jayatunge ගාණෙන් නෙමේ වෘත්තියක ගරුත්වය මනින්නෙ Indranatha Thenuwara සර්... ගුණාත්මක සේවයක් සැපයීමෙන්... මට කිසි දෙයක් මෙතන ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නෑ... මම නෙවෙයිනේ මේ discussion එක පටන් ගත්තේ... මම මගේ page එකේ කෑවත් බීවත් රීවත් ඔබතුමාට මොකද? ඒක මගෙ page එක... මම මගෙ page එකේ දාපු දැන්වීම මගෙ අවසරයක් නැතුව රටටම ප්‍රසිද්ධ කරල මට මඩ ගහන එක හරිද? මම වැරැද්දක් කරලා තියෙනවා නම් මට නඩු දාන්න.... නිකන් බොරුවට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ නැතිව...
Susiri Ranjan Bulukumbura ගිම්හාන කාලයට උම්බෑ කියන වෙද්දු හැම තැනම...
----ප.ලි----
රී* කාහන් මීට හොදයි...
----උපුටා ගැනීම----
“ක්ශේත්‍රයේ වටිනාකම නොදත් හරක් හට මාගේ ප්‍රණාමය.....
( මට එන වැඩත් මූට දීලා දැම්ම නම් කිසිම මහන්සියක් නැතුව වැඩේ කලාටත් වඩා ළාභයි, මොකද කරන්නේ කියලා බැලුවේ)“
Tharindu D Malwila මම නම් ඉතින් ඔය වෘත්තීය ගැන එච්චර දන්නැති උනාට ඕකෙ කලාව ගැන නම් ටිකක් දන්නව. ඕක කලාවක්. වෙඩිමක ෆොටෝ ටික ගහල ඇල්බම් එක විකුනන එක දැන් වෘත්තියක් (බොහෝ විට තුච්ඡ) වෙලා. මඩ ගහනව නෙමෙයි. ඒත් මං දන්න දෙයක් තියෙනව. ඇගේ තියෙන ටැලන්ට් එක එලියට දාන්න හදද්දි අතේ තියෙන එන්ට්‍රි ලෙවල් කැමරාව මදි වෙනව, ලෙන්ස් එකක් මදි වෙනව. හොද කැමරා දෙකක්, ලෙන්ස් තුන හතරක්, හොද ලයිට් සෙට් එකක් හෙම ඕනෙ වෙනව. මොකද පාරිභෝගිකයක් තමන් ලගට එන්නෙ වැඩේ කොලිටියට කර ගන්න. එහෙම වැඩකට බහිද්දි එක කැමරාවක් අතේ තියන් බහින්න බෑ ඇත්තටම, මොකද කස්ටමර්ගෙන් ගන්න ගාන සාධාරණ වෙන්නත් ඕනෙ වැඩේ සුපිරියට තියෙන්නත් ඕනෙ. මම කියන්නෙ නෑ එන්ට්‍රියකින් සුපිරියට වෙඩිමක් කවර් කරන්න බෑ කියල. අමාරුයි හැබැයි පුලුවන්. මේ මහත්තයගෙ වැඩේ හොදයි ඉතින්. නැත්තෙ නෑ. කොලිටියත් ඇති. එහෙමයි කියල හෙට ඉදන් සුටුඩියෝ 3000 වත් රසංග මහත්තයා ගාවට වත් එන වෙඩින් කස්ටමර්ල අඩු වෙන්නෙ නෑ. ඒ ගොල්ලන්ගෙ ගණන් අඩු වෙන්නෙත් නෑ. එයාල ගන්න ගාණට සාධාරණව එයාල වැඩේ දෙනව තිතට. මේ මහත්තය ඊට වඩා හොදද අපි දන්නෙ නෑ. හොදයි කියලත් කියමුකො. එහෙම නම් මේ ඇඩ් එක වටිනව එකෙන්ම. එහේව එකේ මේ ඇඩ් එක ෂෙයා කරපු තේනුවර සර් ට ‍දොශාරෝපණය කරනෙක වැරදියි. මොකද ෆොටෝග්‍රැෆි කලාවෙ LEGEND එකක් ඒ මනුස්සයා මට නම්...
මෙතන සැබෑ ප්‍රශ්නය මොකක්ද..
කවුරු හරි අපි කරන දේ
අඩුවට කරන කොට
1 අපිටත් ඒ ගාණට කරන්න සිදුවෙන එකද?
2, අපේ ගාණට අපිට වැඩ නොඑන එකද..
25000ට කරන වැඩේ
එයාට වඩා දෙගුණයක් හොඳට
කරන කෙනාට
7500ක් අය කරන්න පුලුවන් කියල මට හිතෙනව..
එන පිරිස අඩුවෙයි.
එත දෙකෙන් පංගුවක් ආවත් ගාණ කවර්නෙ..
වෙඩින්න් එකක් කරන කෙනෙක් නම්
බොහෝ දුරට යන්නෙ
අඩුම කෙණා ළඟට තමයි.
අපිට ගුණාත්මක භාවය
මනින්න බැරි නම්
අපිත් ගන්නෙ ගණන අඩුම එක තමයි..
John Shanaka Silva ලංකාවේ නම් දරාපු ගුරෙකුගෙන් චයාරූපකරණය ඉගෙනගත් පලියට ගෝලයා automatic වැඩකාරයෙක් වෙන්නේ නැහැ. සමහර කට්ටිය ගුරාගේ රාජ ඌෂ්ණයෙන් එලිය බලාගෙන නිවන් යන්න හදනවා. ගුරාගේ මට්ටමින්ම ගෝලයත් අය කරන්න බලනවා, 'වෘත්තීය බේරගන්න'. මම Bill Gates සහ Steven Balmer, Steven VanRoekel එක්ක අවුරුදු 7කට වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා. නමුත් මගේ නුවණ ටිකක් වැඩිවුණා මිස, ඒ කට්ටියට ගේමක් දෙන්න පුළුවන් තත්වයට මම ආවේ නැහැ. තෙනුවරයන් හැරෙන්න, කීයෙන් කීදෙනාද 'වෘත්තීය චායාරූප ශිල්පීන්" හැටියට FILM භාවිතා කර (SLR Photography), එක රෝලක් හරි ගහල තියෙන්නේ? DSLR වලට පිං සිද්ද වෙන්න දැන් "ක්‍රියේටිව්' ලූ. අවුට් ඔෆ් ෆෝකස් නං ඉමේජ් එක මකල ක්‍රියේටිව් එක re-try කල හැකිනේ?  As an IT consultant with over 24years of experience mainly in North America, I have charged a premium rate of $5000/week for large scale customers like Banks, but also charged less than $5000/year for small companies that could not afford a fulltime IT person in their staff. එහෙම කල පලියට මම මගේ වෘත්තීය කෑවේ නැහැනේ? කරන්න පුළුවන් නං සතුටින් කරන්න, බැරි නං දුක් බර සිනහවකින් සැරසී ශේප් එකේ මෙතනින් මාරුවෙන්න.
Gimhana Wedage 'ගෞරවණිය වෘත්තියක්' කරනවා කියලා තමන්ම කියා ගන්න මෙතන ඉන්න සමහර කට්ටිය පාවිච්චි කරල තියෙන වචන ටික නැවත කියවලා බලන්න. ඔය ඇටිටියුඩ් එක හදන්න ඉන්ද්‍රනාත සැහෙන තල්ලුවක් දෙන බව මේ සංවාදේ ඇතුළෙන්ම පේනවා. හෑගොඩ වගේ කෙනෙක් එක්ක ඉන්ද්‍රනාතව සසඳන්න යන එක වැරදියි.
සංවාදයකදී ඊට අදාළ තවත් සෙසු කාරණා ඇදිලා එනවා. තමන්ට තමන්වම ප්‍රශ්න කෙරෙන, තමන්ටම හිතට එකඟව උත්තර නැති බව වැටහෙන අයට උගුරට හොරා බෙහෙත් කන්න වෙනවා. ඒ අය එතකොට කරන්න හදන දෙයක් තමයි සංවාදයට සිමා පනවන්න හදන එක. දෙවනුව බලනවා ප්‍රශ්න කරන කෙනාව අයින් කරන්න විදියක්. මෝඩ කම ඉවහා ගිය අය තමයි බුරා ගෙන එන්නේ. ඒ අය තමයි ඉතුරු සෙසු කාරණා පැහැදිලි කරන්න අවස්තාව හදලා දෙන්නේ. එලෙස බුරන අයට මගේ ප්‍රණාමය.
මම කිව්වේ බොහොම පොඩි කාරණා දෙකක් විතරයි. එල්කේ ගැන කිව්වේ ඒකත් වෙළඳාමක් කරන කට්ටියක් හින්දයි. වෙන කෙනෙකුගේ වෙළඳාමක් ගැන මේ විදියට කතා කරන්න පුළුවන් නම් අනිත් ඒවටත් ඒක පොදු වෙන්න ඕනේ.මට ඕන කලේ ඒක පෙන්නලා දෙන්න. ඉන්ද්‍රනාතට එයාලා අනුග්‍රහය දක්වන එක වෙනම කාරණයක්. ඉන්ද්‍රනාතට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නම වෙනවා. ඒක අපිට තේරෙනවා. කට්ටිය සද්ද නැතිව හිටියානම් වැඩේ ෂේප්. නමුත් දෙතුන් දෙනෙක් ඒකටත් බුරන්න ගිහින් ගුරාවත් සවුත්තු කළා.
Gimhana Wedage happy hour කියලා කියන්නේ ඒ අයට වැඩ නැතිව වේලි වේලි ඉන්න වෙලාවට. එහෙම නැතිව ඉතුරු වෙච්ච රොඩු බොඩු කන්න බොන්න දෙන වෙලාවට නෙමෙයි. ඒ වෙලාවට වෙළෙන්දා කරන්නේ ප්‍රමෝෂන් එකක්. හැමෝම ඔය වෙලාවට ප්‍රමෝෂන් බඩුවම ගන්න අවොත් වෙළෙන්දා බංකොලොත් වෙනවා. නමුත් ප්‍රායෝගිකව ඒ දේ වෙන්නේ නෑ. ප්‍රමොෂනල් බඩුව ගන්න හිතාගෙන එතනට එන කෙනා අන්තිමට යන්නේ තවත් දේවල් මිලදී ගෙන. ඕක තේරෙන්නේ නැති සිඟිත්තෝ ටිකක් මෙතන ඉන්නේ.
Gimhana Wedage මෙතනින් මාව අයින් කරන්න හරි ලේසියි. මේ සන්වාදෙන් අයින් කරන්න නම් ඉන්ද්‍රනාත විසින් මාව unfriend කල යුතුයි. ඕනේ නම් බ්ලොක් කරලම දාන්න පුළුවන්. බුරන අයටත් ඒක කර ගන්න පුළුවන්, එතකොට මාව පේන්නේ නැතිව යනවා.
John Shanaka Silva Gimhana, we value the different opinions. සමහර කට්ටිය Posh හින්ද Starbucks ගිහින් රුපියල් 500-750 දීල කෝපි තේ බොනවා. තව සමහරක් ගමේ කඩෙන් රුපියල් 25 දීල කහට කෝප්පයක් බොනවා. Starbucks එවුන්ට බැහැනේ ගමේ කඩේ එකාගේ බිස්නස් එකට ගරහන්ඩ තේ කෝපි බිස්නස් එක බල්ලට යවනවා කියල. නමුත් වැඩේ තියෙන්නේ, ගමේ කඩේ මුදලාලිත් දැන් කහට කෝප්පේ ගාන Starbucks එකේ ගානට උස්සන්න හදන එකයි අප්සෙට් එක, (starbucks එක පැත්තෙන් උදේට බස් එකේ ගියයි කියල)
U Rasta G Bandaragoda අනේ මන්දා උඹ ෆේක් එකක්ද කියලා අහපු වේලාවක මනුස්සයෙක් කිව්වා නෑ මට එක පාරක් හම්බුනා මොරටුව පැත්තේ ඉංජිනේරුවෙක් කියලා........
මට තේරෙන්නේ නෑ ඉංජිනේරුවෙක් කියන්නේ මනා ශික්ශණයකින් යුතු බුද්ධිමත් පුද්ගලයෙක් ඒත් ඔබ කියන්නෙ මනා ශික්ශණයෙකින් තමන්ගේ ගොන්කම ප්‍රදර්ශ්නය කරන්නෙක්,ඔබ දන්නවද ලංකාවේ ඉංජිනේරුවො , කොන්දොස්තරලා ඇරුනම ෆොටෝ ගහලම ඒ කියන්නේ වෘත්තිමය එය කරගත් කෑම ටික එදා වේල හොයන මිනිස්සුත් ඉන්නවා, උන් වැඩ්ඩෝ නම් උන්ට උන්ට වැඩ අඩු වෙන්නේ නා හරියට ඒත් මේ හතු පිපෙන්නා වගේ කැමරා අතට අරන් තව 50 දෙනෙක් මේ ගානට වැඩ කරොත් ?
එතන කත කරලා තියෙන්නෙ නම්බරයක් නැති නමක් ගමක් නැති ඇඩ් එකක් ගැන ක්ශේත්‍රයේ මේ වගේ වැඩත් වෙනවා කියන බව පෙන්වීමට , කවදාවත් ෆොටොග්‍රැෆර් කෙනෙක්ට මාර්කට් එකක් බාල්දියක ඉඳන් වත් බුකියෙන් වත් හදාගන්න බෑ ඒකට විදියක් තියෙනවා හැකරැල්ලන්ගේ ෆොටෝ ගන්නවට වඩා දේවල් කරන්න ඕනේ , දැන් මෙතන උඹ මේ කියන කථාව ඇඟිලි වලින් නමින්ම කියලා තියෙන්නේ ආයතනයක වොරන්ටි කතාවක් උඹට අසධාරනයක් වුනා නම් කෙලින් ගිහින් කතා කරපන් උඹට එතන කෙලින් කොන්ද පන ඇතුව කියන්න බැරුව මේකේ රීලා හරියනවද බන් ? ඒකට තේනුවර සර් පලිද ? ඔය කියන විදියට ලොකු දෙයක් වෙලා නම් ඇයි බන් නීතියක් කියලා එකක් තියෙන්නේ උඹ ඉගෙනගත්ත එකෙක් කියලා හිතෙන්නේ නැත්තේ එතන්දි තමා බන්.
මෙතන ක්ශේත්‍රයට වෙලා තියෙන දේ කියන්න එකෙක් නෑ ඒත උඹට ඔය කියන විදියට එකේ මොඅකක් හරි වුනා නම් කියන්න තැන් , කරන්න වැඩ , අහන්න මිනිස්සු කී දෙනෙක් ඉන්නවද ??? උඹ ඒ එකක්වත් නොකට මෙතන වසුරු දාගෙන හත් පොලේ ගා ගන්නවා
කාලෝ බණ කියන්න ඇවිත් පච වෙනවා , ඒත් ඔහුත් උගත් වෛද්‍යවරයෙක් මිනිසුන් ක්ශේත්‍රයක නිපුණයෝ සමහරු උපතින්ම ක්ශේත්‍ර දෙක තුනක නිපුනයෝ ඒ ලැබීම,උඹත් මොකක් හරි දේක නිපුණයෙක් වෙන්න ඇති ඒත් ගොන් වැඩ කරලා කියවලා ඒ තියෙන තැනත් නැති කරගන්න එපා මොකද උඹව මග තොටදි හරි උඹ දැන් බීල් ගේට්ස් එක්ක හිටියත් වැඩක් නෑ උඹව දැක්ක ගොන් ඉමේජ් එක තමා බන් තියෙන්නෙ ගොනා ගොනාම නේ බන්
උඹටත් මේක තේරෙයි මන් හිතන්නේ උඹ වැඩකරපු තැනට එකෙක් ඇවිත් උඹ තරම් ඉගෙන ගන්නෙ නැතුවා උඹේ වැඩ ටික මම උඹට දෙන පඩියෙන් හතරෙන් පංගුවෙන් කරනවා මට කිසිම වෙන දෙයක් ඕනේ නෑ කියලා , උඹව අස් කරලා ඌව ගන්නවා මොකද ආයතනයට ඕනේ උඹේ වැඩේ කරගෙන යන්න පුලුවන් එකෙක් විතරයි. එහෙම වුන දාකට කෝ උඹ මහන්සි වෙලා ඉගෙන ගත්තදේ වටිනාකම ?
උඹත් අර අතුලගේ ටයිප් හින්දා කවදාවත් ඉගෙන ගන්න එකෙක් නෙමේ වැඩක් නෑ උඹ රීලා ගා ගනින් අතුල ඒ අතින් බැලුවම හෙන ග්‍රේට් බන් ඒ මනුස්සයා අපිව බ්ලොක් කරලා හරි තමන්ගේ තැන විතරක් ගොම ටික ගාගෙන ඉන්නවා ඒත් මෙලො දෙයක් නොදන්න උඹ හත් පොලේම ගාල හතර වටේත් ගානවා.
අලයක් තරම් මොලයක් තියෙනවනම් තේරුම් ගනින් දැන්වත් මොකක්ද කියලා තියෙන්නෙ කියලා , ආයතනයකට කහිනවා වත් ගුරෙක්ට කඩේ යනව වත් නෙමේ මේ පැත්තක ඉඳන් බලන් උඹේ වැරැද්ද පෙන්නුව විතරයි තේරුම ගන්න මොළයක්වත් නැත්තම් උඹට වෙච්ච දේ උඹ බේරගනින් කොන්දක් කියලා එකක් තියෙනවනම් ඒ අදාල තැන් වලට ගිහින් බන් නැත්තම් අදාල පුද්ගලයෝ ඉන්නව මෙතන උන්ට අඩු තරමේ කෝල් එකක් දීපන් මෙතන වසුරු නානේ නැතුව
Susiri Ranjan Bulukumbura පුදුම ඊර්ශියාවක්නේ මේ නිකමටCameraLK store - Buy / Rent Cameras එකත් එක්ක තියෙන්නේ..
ගැලරියා විනාස කරා වගේ Camera Lk එක විනාශ කරන්නනම් ලැබෙන්නෙ නම් නෑ මහත්තයෝ..
Anushka Gunasinghe කියන්නේ හොද ඇඩ්මින්කෙනෙක් මොලේ තියෙන.
තමුන්නාන්සෙ වගේ කට ඇරියාම පණුවො වැටෙන මිනිහෙක් නෙමෙයි.
Chatura Wijetunga තමුන්ගෙ වෘතියට හෝ තමුන්ට සිදුවන හානිය පිලිබද සාකච්ඡාවකට, ඉන්ද්‍රනාත සර් මුල පිරුව. ඒ ගැන තේරුමක් හැගීමක් ඇති වෘතියට අදාල අය ඒ ගැන සාකච්ඡා කරාවි, මෙලෝ දෙයක් දන්නෙ නැති එහෙන් මෙහෙන් වචන ටිකක් දැනගත්තු ෆොටෝග්‍රැෆර්ස් ලා එක්ක සහ යම් ආයතන සමග ඊර්ශ්‍යාවෙන් පසුවන අය පිරිසක් මේකට හොම්බ දැමීම තමයි මෙතන අවුල වෙලා තියෙන්නෙ.
Chatura Wijetunga හෙදියන්ගේ අතිකාල දීමනා හෝ දොස්තරලාගේ වැටුප් වැඩිවීම් සම්බන්ධව ඡායාරූප සංගම් හොම්බ දමන්නේ නැත. එය ඔවුන් සහ රජය විසදා ගන්නවා ඇත. එමෙන්ම ඡායාරූප ශිල්පීන්ගේ ප්‍රශ්න ඔවුන් විසදා ගනීවි. එය ඔවුන්ට පාඩුවේ කරගන්නට ඉඩ දෙන්න. ඊර්ශ්‍යා කාරයින් කල යුත්තේ අතේ වියදමින් පත්‍රිකා බෙදමින්, මේ මාෆියාවෙන් ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමය. (අසරන ජනතාව ගසාකන රටේ ඇති හයානක වෘතිය ) ලොකු මිල ගනන් වල කැමරා තියාගෙන හරියට ෆොටෝ එකක් ගන්න දන්නෙ නැති මෝඩයින්ගෙන් ජනතාව මුදවාගෙන අර 2.50 ට රට ජාතිය වෙනුවෙන් උතුම් සේවාවක් කරන උතුම් මිනිසුන් වෙත වැඩි වැඩියෙන් ජනතාව යොමු කරවීමය. කෙනෙක් කියල තිබුන මිනිස්සු වෙඩින් කරන්න යන්නෙ මිල අඩු තැනටයි කියල. එහෙම අයත් ඇති. ඒත් ජීවිතේ එක පාරක් කරන වෙඩින් එකක් හරියට කරගන්න පුලුවන් විශ්වාස තැනකට යන අය තමයි වැඩිපුර ඉන්නෙ. ඔය කියන විදියට අඩු තැන් විතරක් හොයාගෙන යනව නම් කොහොමද වැඩි ගානක් ගන්න අය මේ වෙද්දි හොදින් ඉන්නෙ. කවුද බලෙන් සල්ලි උදුරන්නෙ ? මිනිස්සුන්ට ඒ ගානට මේ කොලිටි එක වටින නිසා නේ එයාල ඒ ගාන ගෙවන්නෙ ? ඕක තේරෙන්නෙ නැති හරක් ටිකක් මේකෙ ඊර්ශ්‍යාවෙන් තප්පුලනව.
Madawa Keerthiwansha Gimhan Wedage ඔබ මේ වෟත්තිය ගැන මුකුත්ම දන්නේ නැති බව තේරෙන නිසයි කියන්නෙ. කලින් ඔබ කියලා තිබුනා සර් කියපු ගනන් බලලා 35000ක් අරගෙන රුපියල් 10000 ලාභයක් තියගෙනම මේක කරන්න පුලුවන් කියලා. ඒත් ඔබ දන්නවද මංගල උත්සවයක් ඡායාරූප ගන්න ගියාම හිතේ කොච්චර බරකින්ද ඉන්නෙ කියලා. කට්ටිය මොනව කියයිද ඇල්බම් එකට මේ පින්තූර ඇතිද ආදී වශයෙන් ප්‍රශ්න ගොඩක් තියනවා මට නම්.ඊට පස්සෙ පින්තූර එඩිට් කරන්න , ප්‍රින්ට් කරන්න , ඇල්බම් බයින්ඩ් කරන්න ඒව තැනින් තැනට අරන් යන්න ඒවාට ගොඩාක් මහන්සි වෙන්න ඕනි. ඉතින් ගොඩක් කට්ට කාලා රුපියල් 10000 ලාභයක් තියාගෙන වෙඩින් එකක් කරලා මට නම් වැඩක් නෑ කොහොමටවත්.
අනික් කාරනාව ඔයා නිකන්වත් Photo එකක් ගන්න Studio එකකට ගිහින් තියනවද. උදාහරනයක් විදියට 4R ප්‍රමානයේ ෆුල් එකක් මම දෙන්නෙ රුපියල් 400 පින්තූරයෙන් කොපි දෙකක් ඉතින් 4R එකක් නිකන් ප්‍රින්ට් කර ගන්න ගියාම රුපියල් 17 නේද ගන්නෙ..? ඉතින් අර පින්තූරෙටත් 17ක් ගන්න පුලුවන්නෙ 400ක් ගන්නෙ නැතුව.පින්තූරයක් අරගෙන ප්‍රින්ට් කරන්න රුපියල් 400 කුයි නිකන් එකක් ප්‍රින්ට් කරන්න 17 කුයි ගන්නෙ ඇයි කියලවත් තේරෙන්නේ නැද්ද..? මහත්තයෝ පොඩ්ඩක් කල්පනා කරලා බලලා අදාල දේවල් වලට විතරක් හොට දානවද..?
වෘත්තීය වශයෙන්
මංගල ඡායාරූපකරණයේ යෙදෙන
නවක ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්ගෙන්
සරල ප්‍රශ්න දෙකක් අහන්නට කැමතියි.
1, මෙම සේවයම ලබාදෙන්නට
ඔබ කීයක් අයකරනවාද?
2, රු 25000/= මුදලකට
ඔබට ලබා දිය හැකි
නිශ්චිත සේවා පරාසය කුමක්ද?
Facebook සංවාද වලින්
සත්‍යය හෙළිවෙනවා.
එසේ හෙළිවන සත්‍යය
සංවාද කරන කරුණු අනුව
සංවාද කළ දේ පිළිබඳව නම් නොවේ.
සංවාදයට සහභාගිවන
පුද්ගලයන් පිළිබඳවයි.
Chittahari Abhayanayaka මෙතන තිබෙන එක තර්කයක් තමයි මේ ගැන කතා කරන්න පුලුවන් වෙඩින් ෆෝටොග්‍රැෆස්ලාට විතරයි කියලා
වෙඩින් ෆෝටොග්‍රැෆස්ලා වෙන් කර ගන්නේ කෙසේද?
මම වෙඩින් ෆෝටෝග්‍රැෆි කරනවා කියා තමන් කියු පලියට කෙනෙක් වෙඩින් ෆෝටො ග්‍රැෆර් කෙනෙක් වෙනවාද? එහෙම නැත්තම් වෙඩින් එකක් කවර් කර විට වෙඩින් ෆෝටො ග්‍රැෆර් කෙනෙක් වෙන්වාද? සල්ලි අය කරන ගාන අනුව වෙඩින් ෆෝටො ග්‍රැෆර් කෙනෙක් වෙනවාද? අනිත් අය එයා වෙඩින් ෆෝටෝ ග්‍රැෆර් කෙනෙක් කියන නිසාද? මාසයකට ලැබෙන වෙඩින් ගාන අනුවද? දැම් මෙතන කොමෙන්ට් කල අයගෙන් කාටද මේක ගැන කතා කරන්න බැරි, නම් වශයෙන්ම කියනවා නම් හොඳයි.
අනිත් එක යම් ව්‍රතියක මිල ගනන් ගැන කතා කරන්න පුලුවන් එම ව්‍රතීය කරන අයට විතරද? එහි පාරිභොගිකයින්ට බැරිද? එම සමාජයේ ජීවත් වන අයට බැරිද?
Chittahari Abhayanayaka මේ ගානට කරන්න බෑ කියන එක තව තර්කයක්, නමුත් එහෙම පුලුවන් කියලා කියන කෙනෙක් ඉන්නවානම් එයා කරාම මොකද වෙන්නේ. මේ ගානට කරන අයත් අද සමාජයේ අවශ්‍යතාවයක්, ඒක යම් යම් අය පුරවන කැමති නැත්තම්, ඒ හිඩැස පුරවන්න කවුරු හරි බිහිවෙනවා, ඒක කෙතරම් උඩ පැන්නත් නවත්තන්න පුලුවන්ද? මේ තියෙන්නේ එක ක්‍රමයක්, සමාජයේ අවශ්‍යතා අනුව හැඩ ගැහැන්නේ නැති ඕන වෘතියක් ඉතුරු වේවිද?
අනිත් එක ලක්ශ දෙක තුනක් ගන්න නම් ඒ ගානට කොලිටිය තියෙන්න ඕන, එහෙම නැති ඒවාට මොකටද එහෙම ගෙවන්නේ, බඩු වලට මිලියන හාරසියක් ගියත්,
මේ පුදගලයා නිසා තර්ජනයක් වෙන්නේ ඒ අයට, ඉන්ද්‍රනාත මහත්මයාටවත් රසාන්ගටවත් නෙවෙයි
Chatura Wijetunga හරිම සරලයි, කෙනෙක් වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන ආසාවකින් ඒ පිලිබදව හදාරල, ප්‍රායෝගිකව ප්‍රවීනයෙකු යටතේ ගුරුහරුකම් ලබාගෙන කලක් වැඩ කරල, තමුන්ට තමුන් ගැන විශ්වාසයක් ඇති උනාම තනියම වෙඩින් කවර් කරන්න පටන්ගෙන, ඒවට මිනිස්සු (කස්ටමර් ) කැමති නම් තව තව වෙඩින් ඕඩර් ඇවිත්, මෙහෙම ටික කලක් යද්දි එයාගෙ ප්‍රධාන ආදායම මගුල් ගෙවල් වල ෆොටෝ අරගෙන ඇල්බම් හදල දෙන එක උනාම සහ එයා තරමක් ප්‍රසිද්ධ මංගල ඡායාරූපකරනයේ යෙදෙන්නෙක් උනාම එයාට කියන ඉංගිරිසි නම තමයි ... Wedding photographer. ඊට පස්සෙ එයාට තියන ඉල්ලුමට අනුව තමුන් අය කරන මිල එයාම තීරනය කරාවි. අපේ සර් අපිට මුලින්ම කිව්වෙත් තමුන් හරියට වැඩේ කරන්න. මුල් ඇල්බම් 10 හරියට කරල දීල ටික කලක් යද්දි ඒ 10 ඒ වගේ දෙතුන් ගුනයක් දක්වා වැඩි වෙයි කියල. මුලින් ඒක හීනයක් වගේ උනත් දැන් ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙනව.
Chittahari Abhayanayaka //හෙදියන්ගේ අතිකාල දීමනා හෝ දොස්තරලාගේ වැටුප් වැඩිවීම් සම්බන්ධව ඡායාරූප සංගම් හොම්බ දමන්නේ නැත. එය ඔවුන් සහ රජය විසදා ගන්නවා ඇත. එමෙන්ම ඡායාරූප ශිල්පීන්ගේ ප්‍රශ්න ඔවුන් විසදා ගනීවි. එය ඔවුන්ට පාඩුවේ කරගන්නට ඉඩ දෙන්න//
චායාරූප ශිල්පීන් හෙදියන්ගේ සහ දොස්තරලාගේ සේවය ගැන හොට දාන්නේ නැත්තම්, එකේ ගුන අගුන කතා කරන්නේ නැත්තම් එතනින්ම පෙනෙන්නේ ඔවුන් කෙතරම් සමාජය ගැන අසංවේදී පිරිසක්ද යන්නයි, තමන්ට යම් සේවාවක් සපයන අයගේ සේවයේ ගුනාතමක භාවයත් එයට ගෙවන්න වෙන ගාන ගැන කතා කිරීමත් පහත් ගතියක් නොව උසස් ගතියකි, එම සේවාවේ දියුනුවට හේතුවන්නකි, යම් ඉරැශනල් දෙයක් කීවොත් එය පහදා දෙනවා මිස කතා කරන්න අයිතියක් නැතැයි කියන්නෙක් ඉන්නවා නම් ඒ තමන්ගේ හොර අහුවෙන නිසාය
John Shanaka Silva Theory එක DSLR and SLR එකේ එක වෙන්න පුලුවන්. නමුත් අවංකවම කාටද කියන්න පුලුවන් දැනට creative වැඩ දාන අයෙකුට හෙට තමන්ගෙ දැන් තියෙන ජාතියෙන්ම Film SLR එකක් දුන්නොත් බය නැතුව wedding එකක් cover කරන්න පුලුවන් කියල? Heck, I'll even go further, ඔය කට්ටියටම මගුල් 10-20 කරත් බැහැ දැනට DSLR එකේ Failsafe comfort level එක ගන්න. දක්ෂතාවය කියන්නෙ රෝල් 2-3ක් ගහල මගුලට දවස් 2-3කට පස්සෙ ඩිවලප් කරලා 95% වැඩි success rate එකක් තියෙනවා නම් විතරයි. නැතුව ඉමෙජ් එකක් ගහලා LCD එකේ ඉක්මනට චෙක් කර කර කරන වැඩ නෙවෙයි. මෙතන ඉන්න "professional" කට්ටියෙන් කී දෙනෙක් film SLR camera එකක් අල්ලලා වත් ති‍යෙනවාද?
Chittahari Abhayanayaka //චිත්තාරි අභයනායක මහත්මිය, යම් වෘත්තියක් තෝරාගන්නේ එම වෘත්තියේ නියැලෙන්න බලාපොරොත්තු වෙන අය. උදාහරණයක් වශයෙන් වෛද්‍යවරයෙක් ගත්තොත් එම වෘත්තිය තෝරාගන්නේ ඔහු විසිනුයි. ඒ සදහා ඔහු වෛද්‍ය විද්‍යාව හදාරා සුදුසුකම් සපුරා වෛද්‍ය වරයෙකු බවට පත් වෙනවා. එවිට ඔහු තමා වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බව පවසනවා. තමාගේ වෘත්තිය තොරාගන්නෙත් පවසන්නේත් තමන් විසින්මයි. //
වෛද්‍යවරයෙක් නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුයි සුදුසුකම් සපුරා, අසාව තිබුනත්, අත් ගුනේ තිබුනත්, මිලාදිකම සෙතස්කෝප් එකක් ගත්තත් වෛද්‍යවරයෙක් වෙන්න බෑ
මෙතන කතා කරන්න පුලුවන් වෙඩින් ෆෝටෝ ග්‍රැඵස්ලාට විතරයි කියා යෝජනවාක් තිබෙනවා දැක්කා
ඒ මහත්තුරු ටික පොඩ්ඩක් පෙන්වා දෙන්න අපි වගේ මොකුත් නොදන්න අය වෙඩින් ෆෝටො ග්‍රැෆර් කෙනෙක් වෙඩින් ෆෝටෝ ග්‍රැෆර් නොවන කෙනෙක් ගෙන් වෙන් කර ගන්නා ආකරය
එක මහත්මයෙක් පිලිතුරක් දීලා තිබුනා , මට මතක එක දෙයක් නම් ප්‍රසිද්ද වූ කියන එක අනිත් ටික මතක නෑ
දැන් ඒ කොමෙන්ට් එක පේන්න නෑ
ප්‍රසිද්දිය අනුව වෙඩින් ෆෝටොග්‍රැෆර් කෙනෙක් වෙනවා නම් මෙතන ප්‍රසිද්ද්ම පුද්ලයා මේ ඇඩ් එක දාපු කෙනනේ, කීදෙනෙක් මෙයා ගැන උනන්දුවෙනවාද?
John Shanaka Silva එක්කෙනෙක් කොමෙන්ටුවක් දාලා තිබුන (මට හොයන්න වෙලා නැහැ) එයාට album 14 ෆිනිෂ් කරන්න තියෙනවා, මෙතන විවාද කරන්න වෙලා නැහැ කියල. හරි, අපි හිතමු එයාගේ අවම ගාස්තුව පැකේජයකට රුපියල් 50,000, කියා, එතකොට album 14 රුපියල් 700,000. පැකේජය ඔය කියවනවා වගේ 100,000 නම් ඔය album 14 කරන්න රුපියල් මිලියන 1.4. (tax කපන්න කවුරුත් නැහැනේ?) නරක නැහැනේ මාසේ පඩිය? එතකොට 1 මාසෙන් එයාගේ ඔක්කොම ලට්ට ලොට්ට, ආම්පන්න වලට ගෙවල ඉවර කරත හැකි. එතනින් එහාට අර තෙනුවරයන් ආම්පන්න කූලී වශයෙන් වැඩකට අහක් කරපු 10,500 ෆුල් ප්‍රොෆිට් නේද? මට ෂුවර් නැහැ ලංකාවේ දොස්තරලා ඉංජිනේරුවෝ වත් ඔච්චර සල්ලි දීල පාඩම් කරලා මේ වගේ මුදල් උප්යනවයි කියා.  ලංකාවේ ඉන්නේ ඔක්කොම පිස්සෝ වගේ, මොකද මන්දා ඔච්චර මහන්සි වෙලා BSc MSc PhD, CIMA, ICMA කරන්නේ, රුපියල් 50,000 දීල wedding Photography course එකක් කරන්නේ නැතිව. (නිකමට වගේ කියන්නේ)  
Indranatha Thenuwara ලංකාවෙ පාන් බේකරි කාරයො හැමදාම තමන්ට ඒකාධිකාරයක් තබාගෙන, නිරන්තරයෙන් පාන් මිල වැඩි කරමින් ආණ්ඩුවට පවා තර්ජනය කරනවා. හද්ද ජරා අතට ගත්තාම බේකරිකාරයාට **පාං කියන්න හිතෙන පාන් ගෙඩියකුත්
සෙන්සාල් එකේ පාන් ගෙඩියකුත්, මහියංගනේ හෝ දිගාමඩුල්ලේ ඈත කෙළවරේ පාන් ගෙඩියකුත් කටේ තියන්න බැරි උනත් එක ම ගාන ය. එහි මිල වැඩි උනා මිස අඩු උනේ නැත..
සිළුමිණ පත්තරේ කොළඹත්, දෙහිඅත්තකන්ඩියේත්, අටකලම්පන්නේත් විකුණන්නනේ එක ම මිලකට ය.
දොස්තරවරුන්ට, ඉංජිනේරුවන්ට, ගුරුවරුන්ට, හෙදියන්ට ආදී මෙකී නොකී සියලුම රජයේ සේවකයන්ට ස්ථාවර මාසික වැටුපක් ලැබෙන අතර, එය කරන වැඩේ කොලිටිය අනුව අඩු වැඩි වන්නේ නැත.
එසේ ම මේ සියලුම වැටුප් ලබන්නන් නිරන්තරයෙන් ම පඩි වැඩි කරනු, බඩු මිල අඩු කරනු කියමින් වැඩ වර්ජන, මාරාන්තික උපවාස (?) කරනු අප අනන්තවත් දැක ඇත්තෙමු.
නමුත් වෙඩින්වලට අය කරන මුදල වැඩි ය.. මුන් අපට දෙන පින්තූරවල කොලිටිය හොඳ නැත ය කියමින් වැඩ වර්ජනය කළ, උද්ඝෝෂණ කළ, උපවාස කළ තියා නඩුවක්වත් දැමූ කිසි කෙනෙකු ගැනනම් මම මෙතෙක් අසා නැත..!!
John Shanaka Silva හි හි හි , ගරහන්නේ මම නෙවෙයි, අර අඩුවට promotion එකක් කරන්න හදන මනුස්සයාගේ වෘත්තියේ ඉන්න කස්ටියමයි.
Indranatha Thenuwara මංගල්‍ය උත්සව ඡායාරූපකරණය ගැන මට වරු ගණනක් කතා කරතෑකි. සහ අයිතියකුත් තියෙනවා කියල මම හිතනවා.
මොකද මම ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරල තියෙනව කියල මම දන්න නිසා...!
අඩු තරමින් සති අන්තයක මා ළඟ ඉන්න 137 දෙනාට අනාගතයක් තියෙන්න ඕන කියල මම විශ්වාස කරනවා.
ලංකාවෙ ගෙවල් කිහිපයකම බත ඉදෙන්නෙ මං නිසා ය කියල කිහිප දෙනෙක් හෝ කියන නිසා මම ඒ අය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.
මට විරුද්ධ ව මඩ ප්‍රහාර එල්ල කරන බොහෝ දෙනෙකුට තියෙන්නෙ මගේ ශිෂ්‍ය සංඛ්‍යාෙව් ගනන් හිලව් මිසක්, මගේ විෂයය ඉගැන්වීමේ අඩුපාඩුත්, මගේ ඡායාරූපවල අඩුපාඩුත් නෙමෙයි.
Indranatha Thenuwara John Shanaka Silva මහත්මයා, ඔබ මගේ මිතුරු ලැයිස්තුවේ ඉහළ තලයක ඉන්න කෙනෙක්නෙ. ඒ උනත්, මේ ත්‍රෙඩ් එක තුළ ඔබේ බොහෝ ප්‍රකාශ නොගැලපෙන වගක් තමයි මට හිතෙන්නෙ.
අඩියක් ගහල බයිට් ඉවර උනාමනං මේ ඔබේ ප්‍රකාශ මල් මසුරං ඉතිරි ටිකත් ඇදල දාන්න..
Chatura Wijetunga චිත්තහාරි මහත්මිය....ඔබ තුමීගෙ නංගී වන නයනහාරි ගන්න පින්තූර එයා විකුණන්නෙ ප්‍රින්ට් එකටයි බස් ගාස්තුවටයි විතරක් වියදම අරං ද..? නිකමට වගේ දැනගන්නයි ඇහුවෙ, නයනහාරි මගේ යාලුවෙක්.
John Shanaka Silva තේනුවර මහත්මයාණෙනි. ඔබගේ ඉල්ලීම පරිදි මම හෙන ඉල්ලීම, සාප කිරීම, කුණුහරුපයෙන් බැන වැදීමෙන් වැලකී සිටියෙමි. මම විකල්ප අදහස්, යෝජනා සහ චෝදනා දැක්වූවා පමණි. මෙය උණුසුම් සාකච්චාවක් මිස තෙවන ලෝක සංග්‍රාමයේ මුල ලෙස නොසලකමි.
Chittahari Abhayanayaka අපෝ එයා වෙඩින් එකක් කරොත් හරි ආර්ට් ෆෝටෝ වැඩක් ෆෝටො වලට ගැවුන මොනවා හරි කරොත් අන්තිමට අපේ අතේ තියන සල්ලිත් ඉවරයි, හැමෝම එහෙම කරන්න ඕන නෑ, නමුත් ලාබෙට කරන අයත් ඕන, එහෙම කරාන කැමති අය ඉන්නවානම් කොයිතරම් හොඳද?
Chatura Wijetunga මේ ඇඩ් එකෙන් මම දන්න තරමින් මට උන එකම හානිය තමයි වෙලාව නාස්ති වීම. ඒ ඇරෙන්න මාතර මිනිස්සු මේක දැකල මෙහේ ඉන්න දන්න කියන උන් (අපේ මාතර ෆොටෝග්‍රැෆර්ස් ල )අතෑරල කොලබ යයිද අඩුවට කරගන්න.
Chittahari Abhayanayaka ඒක තමයි මාත් කියන්නේ
25000 ට කරන්න පුලුවන් කෙනා කරාවි, එයාගේ ෆෝටෝස් හොඳනම් මිනිස්සු යාවි, නැත්තම් ගාන අඩු නිසා යාවි, ලක්ශයට ෆෝටෝස් ගන්න කෙනා ලඟටත් යාවි ඒකට කැමති අය
25000 ට කරන කෙනාගේ කොලිටියටම කරන කෙනාටනම් ලක්ශයක් ගන්න බැරිවේවි, ඒක තමයි බිස්නස් වල හැටි
Indranatha Thenuwara අපටත් ආණුඩුවෙන් පඩි ගෙවන්නෙ නැහැනෙ.
අපට පාර්ලිමේන්තු මන්ත්‍රීලට වගේ විශ්‍රාම වැටුපකුත් නැහැනෙ..!!
ඒ වගේ ම අපේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඇපයට තියල ස්ට්‍රයික් එකක්වත් කරන්න කිසි කෙනෙක් නැහැනෙ.
ඒ හින්ද ඡායාරූප ශිල්පීන් ලෙස සිය වෘත්තියේ යෙදෙන අය තම තමන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි.
වෛද්‍යවරු තමන්ට සිදුවන සුලු හෝ දෙයක් වෙනුවෙන් රෝගීන් ඇපයට තබාගෙන වැඩ වර්ජන කරද්දීත්, වැටුප් වැඩිවීම් ඉල්ලා බරපතල ලෙස නැගී සිටිද්දීත්, අප අපේ වෘත්තිය වෙනුවෙන් හඬක් නගද්දි ඒකට එරෙහි ව මත දක්වන්නෙ ඇයි අපේ හිතවත් Chittahari Abhayanayaka දොස්තර නෝනා..??
චතුෂ තුෂර කුමාර ඉන්ද්‍රනාථ අයියේ.. මුලින්ම කියන්න ඕන මේක කියන්නේ තරහක් මරහක් ඇතිව එහෙම නෙවෙයි.. කොටින්ම මං ඉන්ද්‍රනාථ අයියට කතා කරන්න කැමති රටේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියා විදියට නෙවෙයි මං දන්න කියන දක්ෂ බ්ලොග් රචකයා විදිහට... ඒ ලියමන් හරහා හඳුන ගත්ත මනුස්සයටයි මං වඩා කැමති.
ඊ ළගට කියන්න තියෙන්නේ මං මෙතන අදහස් දක්වන්න ගියේ කිසිම විදියකින් මංගල තියා අවමංගල ඡායාරූපකරණයක් දන්න එකෙක් විදියටවත් නෙවෙයි. ආසාව හින්දා ලාබෙට ගත්ත කැමරා කෑල්ලකින් පොටෝ “ගැහුවට“ මං දන්න පොටෝ කෙරුවාවකුත් නැහැ.. ඒ කියන්නේ මං ඔය වෘත්තිය පැත්තෙන් දන්න දේකුත් නැහැ..
අනිත් පැත්තෙන් ගත්තම මගේ බඳින්න අදහසකුත් නැහැ.. බැන්දත් කාටවත් කියලා පොටෝ සල්ලිවලට ගස්සගන්න අදහසකුත් නැහැ.. ඒ කියන්නේ මං පාරිභෝගිකයෙකුත් නෙවෙයි.. හැබැයි මං ඔයාලා ඔය කතා කරන දේට එක විදියකින් සම්බන්ධයි.. ඒ තමා සේවයක් හැටියට කරන මගුල් ජෝඩු කිරිමට සුළු සහයක් දීමත්.. පොරොන්දම් බැලිල්ලේ ඉඳලා මගුල් නැකැත් හැදිල්ල දක්වාත් කරන එක... ඒ හින්දා මා ගාවට එන අය හරහා මං නිතරම මංගල ඡායාරූප ගන්න අයත් එක්ක වක්‍රාකාරව සම්බන්ධ වෙන කෙනෙක්... කොටින්ම කිව්වොත් ඔය කතා කරන දේට මුලින්ම ඉන්න කෙනෙක්...
මගේ පැත්තෙන් මුල් කාලයේ මට තිබුන පුදුම ප්‍රශ්න කාරයෝ දෙගොල්ලක් තමා ඔයාලයි.. අන්දවන කට්ටියයි..
පස්සේ පස්සේ මං දැන් නැකැත් හැදිල්ල කරන්න කලින් පාරිභෝගිකයෝ එක්ක කතා කරලා සුදුසු දවස් කිහිපයක් ගැන අදහසක් දීලා කෙලින්ම එයාලා යවනවා ඔයාලා දෙගොල්ල ගාවට වන්දනාවේ.. ඒ ගිහින් කතා බස් කරගෙන මං දුන්න සුදුසු දවස්වලින් එකකට හරි ඔය දෙගොල්ලයි ශාලා හිමියනුයි සෙට් උනොත් තමා මං දැන් එයාලට නැකැත් හදලා දෙන්නේ.. මොකද ඒ තරමටම මට එපා වෙලා...
විශ්වාස කරනවනං විශ්වාස කරන්න මට කියලා ඔහොම මගුලකට දැන් අවුරුද්දකට කලියෙන් නැකැත් බලාගත්ත දෙන්නෙක් හිටියා.. (බුකියේත් ඉන්නවා සමහර විට මේක දකින්නත් පුළුවන් ) නැකැත් බැළුවේ අවුරුද්දක් කල් තියා.. මං උපරිම නිදහස දීලා අනිත් හැම දේම කතා බස් කරගෙන වැඩේ කරලා දුන්නා.. මගුල ගන්නේ මේ හෙට අනිද්දා දවසක.. ඕං දැන් මාසෙකට විතර කලියෙන් ආයේ කතා කරලා නැකැත් එහෙ මෙහෙ කරන්න කතා කරනවා... අච්චර අරවට මේවට යන වෙලාවල් අහලා හෝදලා මැදලා හදලා දුන්නටත් පස්සේ... ආයෙම වෙනස් කරන්න වෙලා තියෙන්නේ මං අර කිව්ව මගුල් කන්නෝ තමා... තරහා වෙන්න එපා මෙහෙම කිව්වට මං ඔය ප්‍රශ්නෙට මූණ දීලා තියෙනවා දැන් ඇති වෙන්න... යක්ෂයා ආරූඪ වෙනවා.. ඒත් මිනිස්සුනේ කියලා අතින් පාඩු කරං ආයෙමත් පුළුවන්නං විතරක් වෙනස් කරලා දෙනවා...
හරි හරි ඒ කතා වැඩක් නැහැ.. මං මේ ටික කිව්වේ අර එක මහත්තයෙක් මේක කතාව නිකං සින්නක්කරේට අරං අපිව කුණු රොඩු ගානට දාපු හින්දා කිව්වේ... වෘත්තීමය ප්‍රශ්නයක් උනත් අයියා මෙතන ප්‍රසිද්ධියේ මෙහෙම දාපුවාම අනිත් අයට කතා කරන්න අයිතියක් නැත්තං මොන එහෙකටද එහෙම දාන්නේ..? ඕක ගෘප් එකක් ඇතුලේ හරි... දන්න කියන කීපදෙනෙකුට විතරක් පේන්න හරි ප්‍රයිවට් කරලා දාන්න පුළුවන්නේ.. ඒත් මෙහෙම දැම්මම අපි කතා කරලා අපේ අදහසක් කිව්වම ලොකු සීන් දාන්න එන එක ගැනයි මට කණගාටු...
චතුෂ තුෂර කුමාර පන්සල්වල හාමුදුරු වරුයි.. ලෙඩට බේත් දෙන දොස්තරලටයි වගේ අපිටත් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ දුක අහං ඉන්න... එහෙම අහං ඉඳලා ඉදළම දැන් දන්නවා මිනිහෙක් මගුලක් කන්නේ මොන තරං අමාරුවෙන්ද කියලා... නැති බැරි අමාරුකං කොහොම උනත් හැම කෙල්ලෙක්ම ආස පොරුවට ගොඩ වෙලා කරන්න තියෙන හැම ආටෝපෙම කරලා අනිත් අය වගේම තමුන්ගේ මගුලත් ජයට කන්න... පිටින් බැළුවම මෝඩකම කියලා පේනවා උනත් ඒත් මිනිස්සුනේ... පව්..
කෙල්ලට එහෙම මගුලක් ඕන උනාම අතේ තියෙන අන්තිම සතෙත් හූරලා... දහ අතේ ණය වෙලා එහෙම මගුලක් කන්න කොල්ලගේ පැත්තෙනුත් ලෑස්ති වෙනවා... මොකද මගුල පටන් ගන්න තැනින්ම අවුල් කරං බැහැනේ... ඉතිං වත්කම කොහොම උනත් මේ මිනිස්සු මගුල් කනවා... හැබැයි ඒ නොකා බැරි කමට... ඇත්තටම පව්... ඒත් එහෙම මගුල් කන එකාවයි එකීවයි හූරං කන්න කී දෙනෙක් බලං ඉන්නවද..? අර ජෝඩුව අවුරුදු හත අටක් කඹුරලා හම්බ කරලා ඉතිරි කරගත්ත හැම සතයක්ම දවස් දෙකක වැඩකින් හත් අට දෙනෙක් කඩා ගන්නවා... වෘත්තීය අයිතිවාසිකං අනං මනං මොනවා කතා කලත් මාත් ඇතුළුව අපි හැමෝම ඒ මිනිස්සුන්ගේ ආසාව මතයි මේ වෘත්තීන් ගෙනියන්නේ.. එතැනදී ඒ මිනිස්සුන්ට මොනවම හරි ලාභයක් වෙන දෙයක් දැක්කම මං මගේ මුළු හිතින්ම සතුටු වෙනවා... එහෙම දේට කවුරු හරි ඇදයක් කුදයක් කියනවනං මට කට පියං බලං ඉන්න බැහැ... ඒකයි කතා කරන්නේ.. ඒත් සමහරු මේ ප්‍රසිද්ධියේ දැම්ම කතාවට අපි වගේ උන් සම්බන්ධ වෙලා එයාලගේ මතේට විරුද්ධව වචනයක් කිව්ව ගමන් බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ නලියනවා... අර දැන් එක්කෙනෙක් මෙකේ කතා කල කෙනෙකුගේ තාත්තවයි නංගිවයි අල්ලං දගලනවා... මිනිස්සුන්ගේ සංවේදී තැන් අල්ලලා හරි ප්‍රතිවාදියාව දුර්වල කරලා තමන්ගේ ලොකු එක දෙන්න යන මිනිස්සු දිහා දැක්කම කතා නොකර කොහොමද.. මේ මිනිස්සුද..? ආත්මාර්ථකාමියෝ කියලා අපිට හිතෙන එක වරදක්ද..?
ඒ කොහොම උනත් මං දැන් කතා කරන්නේ ඉන්ද්‍රනාථ අයියට... අනිත් අයගෙන් වැඩක් නැහැ...
මේ කතාවට මූලික කරගත්ත කෙනා දක්ෂද නැද්ද... අවංකද නැද්ද කියන එක පැත්තකින් තියමු... මේ මනුස්සයා අයියගේ ගෝලයෙක් නෙවෙයිනේ නේද..? එහෙමනං ඇයි එහෙම කෙනෙක්ගේ දෙයක් ඇදලා අරං කතා කරද්දී ඒකට අනිත් පැත්තෙන් කතා කර අර චිත්තහාරී මහත්මියට
//අප අපේ වෘත්තිය වෙනුවෙන් හඬක් නගද්දි ඒකට එරෙහි ව මත දක්වන්නෙ ඇයි අපේ හිතවත් Chittahari Abhayanayaka දොස්තර නෝනා..??//
කියන ප්‍රශ්නය යොමු කලේ..? අයියා අයියාලේ වෘත්තීය වෙනුවෙන්... අයියගේ ගෝලයෝ වෙනුවෙන් කතා කරද්දී තවත් කෙනෙකුගේ පැත්තෙන් බලලා කෙනෙක් කතා කලාම ඒක අයියලට එරෙහිව යාමක් කියලා ඇයි බාර ගන්නේ... අයියත් තමන්ගේම වෘත්තියේ යෙදිලා ඉන්න ආධුනිකයෙකුට විශාල පහරක් තමුන්ගේ නඩයත් එක්කලා එකතු වෙලා දෙනකොට.. අනිත් හැමෝම කට පියං බලං ඉන්න එක හරි අයියලට හුරේ දාන එකද බලාපොරොත්තු උනේ..?
මෙයිට වඩා මට ලියන්න බැහැ... පුදුම කණගාටුවක් දැනෙනවා... මං යනවා... අයියත් එක්කලා තරහක් නැහැ.. එච්චරයි..
Gimhana Wedage අපි බල්ලෝ හදන්නේ මොකටද? බල්ලා හුලගටත් බුරනවා. කොලයක් වැටුනත් බුරනවා. වුනේ මොකක්ද කියන එකේ වැදගත්කමක් බල්ලට නෑ. මොකක් හරි වෙනසක් උනා කියන සෙන්සිටිවිටි එක විතරයි බල්ලට තියෙන්නේ. ඉතින් ඌ බුරනවා. සුවාමියාට හිත් අමාරුවක් උනා කියන එකත් බල්ලාගේ සෙන්සරේට දැනෙනවා. ඉතින් බුරනවා. ඌට ඒක තමයි තියෙන ලොකුම රාජකාරිය. සමහර බල්ලෝ බොඩි ගාඩ් වැඩේ ස්වේච්චාවෙන්ම බාර අරන්. මැස්සන්ට පහර දෙන්න ගිහින් සුවාමියාගේ ඇඟේ කෝටු පාරවල් පිරිලා. සුවාමියාටත් කරගන්න දෙයක් නෑ. දැනෙන්නේ නෑ වගේ ඉවසන් ඉන්නයි වෙලා තියෙන්නේ.
කොමෙන්ට් 275 නීතිය යටතේ ඉන්ද්‍රනාත මේකට මොනවා හරි කොරාවී.
තවමත් බුරමින් සිටින අයට මගේ බැතිබර ප්‍රණාමය.
Gimhana Wedage අඩේ, දැනුයි දැක්කේ. මේ කැමරාකාරයෝ ටික හිතන් ඉන්නේ තමන්ලගේ රාජකාරිය දොස්තරලාගේ රාජකාරිය වගෙයි කියලා.
ඇත්තටම පව්. හීනමානය කියන්නේ ඕකටද?
Chittahari Abhayanayaka හැම රස්සවක්ම වැදගත් කියලයි මම නම් හිතන්නේ
දොස්තරලාගේ වැරදි උනත් විවේචනය කරන්න රෝගීන්ට අයිතියක් තිබෙනවා
Madawa Keerthiwansha Chittari Abhayanayaka මහත්මිය වෙත කරුණාකරල මෝඩයෝ කියන ඒව ගනන් ගන්න එපා. අපි කවුරුවත් ඔය මනුස්සයා කියන ඒවා ගනන් ගන්නේ නෑ. ඔය යකා ගොන් හරකෙක්..
Chittahari Abhayanayaka අදහස් එක්ක මිසක් මිනිස්සු එක්ක ගැටෙන්නේ මොකටද?
Gimhana Wedage මෙහෙමයි. කැමරාවක් අරන් වෙඩිමකට යන කෙනා යන්නේ යම් කිසි උජාරුවකින්. ෆොටෝ ගන්න එක එයාට උජාරුවක්‌. අන් අය අතරේ කැපී පෙනෙන්න ඔවුන් ආසයි.
දොස්තර කෙනෙකුට තමන්ගේ රාජකාරියේදී ඔය කියන උජාරුව නෑ. වෙද නලාව ඔවුන්ට උපකරණයක් විතරයි. ආභරණයක් නොවේ. ගොඩක් වෙලාවට දොස්තරව, බෙහෙත් ගන්න එන ලෙඩුන්ගෙන් වෙන් කරලා අඳුන ගන්නත් අමාරුයි. ඔවුන්ට කැපී පෙනීමේ ආසාවක් නැති කමයි ඒකට හේතුව.
Gimhana Wedage කෙනෙකුට ඕනෙනම් පුළුවන් මිටත් අඩුවට වෙඩින් ඇල්බම් එකක් කරලා දෙන්න. එක කාටවත් ප්‍රශ්න කරන්න බෑ. කිසිම පදනමක් නෑ එ වගේ දෙයක් ප්‍රශ්න කිරීමේ. සල්ලි ගෙවන කෙනාට අවුලක් නැත්නම් මෙතන අය හොටු පෙරලා වැඩක් නෑ. ෆොටෝ වල ප්‍රමිතිය ගැන කාටවත් ප්‍රශ්න කරන්න බෑ. කියන දේවල් ටික පොලු තියන්නේ නැතිව දුන්නානම් එච්චරයි.
අපි තේ කඩයක් ගැන හිතමු. අඩු තරමින් තේ එකේ ප්‍රමිතිය ගැන ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. බොන කෙනා කැමති වුනු පලියට ජරාව බොන්න දෙන්න අයිතියක් නෑ.
ඉන්ද්‍රනාතටත් දැන් තේරෙනවා කර ගත්තු ගොන් කම. නමුත් දැන් ඉතින් නඩයත් එක්ක එකතු වෙලා කොහොම හරි ජාම බේර ගන්න බලනවා ඇරෙන්න, කරපු මෝඩ කම ඉල්ලා අස් කර ගෙන සවුත්තු වෙන්නත් බෑනේ.
Gimhana Wedage camera.lk එකේ වොරන්ටි ගැන කියද්දී සමහරුන්ට තද වෙනවා. ගුරාව මැරුවත් මෙච්චර තද වෙන එකක් නෑ මගේ හිතේ.
මම වෙන උදාහරණයක් දෙන්නම්කෝ. pc house එකෙන් කොම්පියුටර් ගන්න යන අය අත උස්සන්න බලන්න. තද වෙච්ච කට්ටිය දෙවනුව කිව්ව නම ආදේශ කරගෙන මම කලින් කියපු දේවල් ටික නැවත කියවන්න.
Indranatha Thenuwara වෙඩින් කතන්දරේදි පළමුවෙනි ම ප්‍රශ්නෙ මතු වෙන්නෙ ලංකාවෙ අපේ ගණුදෙනු කාරයෝ දැනුවත් නොවීමයි.
මම දන්න තරමින් මම ලංකාවෙ වෙඩින් මාකට් එකේ පොරක්...!
මං පොර වෙච්ච බව ගොඩක් අය දන්න නිසා මාත් මං පොරක් කියල හිතාගෙන ඉන්නවා.
මේ ටික කිව්වෙ මගේ එක කතාවක් ආරම්භ කරන්නයි.
මම කලින් මගේ ඔෆිසිය දාගෙන හිටපු තැනට ඉතාම යාබද ව හිටපු කෙනෙක් මට කියල තිබුන එයාගෙ දුව කසාද බඳින දවසෙ පින්තූර ගන්න ඕන මම ය කියල. ඒ දුවත් මගේ වයසෙමයි. මට ඈත් මගේ දුව වගේමයි.
අපි නිතර මුණ ගැහුන. කනතා බහ කළා. විහිලු තහලු කළා...එහෙමයි ජීවිතේ ගෙවුනෙ. පස්සෙ අර දුව හොඳට ඉගෙනගෙන වෛද්‍යවරියක් උනා.
ඈ දැන් අපේ චිත්තහාරි වගේ ම දොස්තරියක්. ඇගේ මංගල්ලෙට දින තීන්දු කරපු මුල් ම දවසෙ ඇගේ තාත්තා වන මගේ හිතවත් ම මිත්‍රයා මට කෝල් එකක් දුන්නා. “ඔයා තමයි මගේ දුවගෙ වෙඩින් එක කරන්නෙ. මෙන්න දිනේ. ආයෙ වෙන මුකුත් කියන්න එපා.. සාමාන්‍යෙයන් මම මට ඇඩ්වාන්ස් එකක් දුන්න අයගෙ ඇර වෙන කෙතෙනකුගෙ නමක් මගේ ඩයරියෙ ලියන්නෙ නැහැ.
නමුත් මම ඒ දුවගෙ තාත්තාගෙ නම ඩයරියෙ ලිව්වා..“අහවලාගෙ දුවගෙ වෙඩින් එක..“
දවසක් මේ දුවත්, තාත්තාත්, අම්මාත්මාව හම්බවෙන්න ආව මගේ දැන් ඔෆිසියට. මුදලින් ගානකුත් දීල වෙඩින් එක ගැන කතා කළා.මම මගේ සාමාන්‍ය මුදලත්, මගේ හිතවතකු වෙනුවෙන් කරන මුදලත කිව්වා.
අර වෛද්‍යවරියක වන දුව මට දහසක් යෝජනා ගේනව. වෙඩින් එක මෙහෙම වෙන්න ඕන. උදේම “ගංජාරාමෙට“ යන්න ඕන. මේ ටික වෙන්න ඕන...නීති දාහයි.
පස්සෙ මම කිව්ව පුතේ මේ ඔක්කෝම කරතෑකි. නමුත් යන වියදම ගොඩක් වැඩියිනෙ. කෙනෙකුගෙ ආසාවල් මාකට් කරන එවුන් මේ ෆීල්ඩ් එකේ ගොඩක් ඉන්නවනෙ. ඒ නිසා අපි පොඩ්ඩක් හෙමින් මේ ගැන කතා කරමු“ කියල.
එතකොට ඈ කියාපි. “නෑ අංකල් මට මගේ වෙඩින් එක මෙහෙම වෙන්න ඕන...අරව වෙන්න ඕන.. මේව වෙන්න ඕන.. වියදම් කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ මජට් එක ලක්ෂ 20ක් කියල...“
ඇත්තටම මට දුක හිතුන.
නමුත් කරන්න දෙයක් නැහැ. එයාල එදා මගෙන් සමු අරගෙන ගියා. ගිහින් දවස් දෙකකට පස්සෙ අර මගේ මිත්‍ර තාත්තා මට කෝල් කරල කිව්ව දීපු ඇඩ්වාන්ස් එක ආපහු දෙන්න පුලුවන්ද කියල. ඉතිං බැංකු එකවුන්ට් නොම්මරේ අරං මම ඒ ස්ලි ඒකට දැම්ම.
එයාල වෙඩින් එක දීල තිබුනෙ අර 3000 කියන එකට.
ඒ ගැන මාර වර්ණනාවක් වෙන කෙනෙකු එක්කත් කරල තිබුන. අප්පා ඔෆිස් එක තියෙන්නෙ කොල්ලුපිටියෙ...ෆුල් ඒසී. මොන්ටෙරෝ එකකුත් තිබුණ...තව ගොඩක් ජාති....!!
කොටින් ම ඒ වෙඩින් එක තියෙන්නෙ අනිද්දාට.. නමුත් හිතවත් මිත්‍රයකු හැටියට මට ආරාධනාවක්වතු දුනේ නැහැ.
මේ තමයි අපේ ගණුදෙනුකාරයන්ගෙ තතත්වය.
මේක බ්ලොග් එකකනම් මීට වඩා විස්තරාත්මක ව ලියන්න පුලුවනි.
නමුත් මම මුලින් ම කිව්වනේ මේ ඛේදවාචකවයක් ගැන කතා කරනවා කියල.
ඒ ඛේදවාචකය ගැන දන්නෙ වෙඩින් ෆොටෝග්‍රැෆර්ස්ලා විතරයි.
Indranatha Thenuwara ඇත්තම කියනවානම් වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන කතා කරන්න පුලුවන් අඩු තරමින් වෙඩින් එකක මොනම දේකට හරි සම්බන්ධ වෙච්ච කට්ටිවයට විතරයි. එහෙම නැතිනම් අඩු තරමින් තමන්ගෙ වෙඩින් එකේ පින්තූර හරි ගන්නවාපු අයට විතරයි.
කොලිටි ඕනනම් මිනිස්සු එක නැකැත් දවසක වෙඩින් 25ක් 30ක්...See More
Indranatha Thenuwara ඔනෑම කෙනෙකුට ඔනෑම ක්‍රමයකින් මුදල් ඉපයිය හැකිය...
නමුත් ඔහු ඒ උපයන දේ උපයා ගන්නට ඇති අයිතිය උපයා ගත යුතු ය..!!
Amila Bandara මේක දාපු බුවාට ඒ ගානට වෙඩින් එක කරන්න පුලුවන් නම්, උට ඒ ගානට වෙඩින් දෙන කස්ටමර්ස්ලාත් ඉන්නවා නං අනික් අයට ඇයි අවුල් ?
උගෙ ෆොටෝස් කොලිටි නැත්තං, පොලු තියනවා නං එව්වා කස්ටමර්ලා ඌ එක්ක බලාගනී. අනික් අයට ඇයි අවුල් ?
Gimhana Wedage ඉන්ද්‍රනාතම කියනවා එයා පොරක් කියලා. එහෙම හිතන් හිටියට අඩු තරමින් ලඟදි ලක්ෂ 20 බජට් එකක් තියාගෙන ආපු කස්ටමර්ට එයා 'පොරක්' වුනේ නෑ. එ කස්ටමර්ට ඉන්ද්‍රනාත පොෂ් මදි ඇති. ඛේදවාචකය ඇවිල්ලා කස්ටමර්ලා හැමෝටම ඉන්ද්‍රනාත වගේ අය පොෂ් විදියට (එහෙම නැත්නම් පොරක් විදියට) නොපෙනෙන එක නෙමෙයි.
ඉන්ද්‍රනාතටම පුළුවන් නිවාඩු පාඩුවේ මේ සංවාදේ නැවත කියවන්න. කන්ටෙන්ට් එක අමතක කරලා මෙතන ඉන්න කැමරාකාරයෝ ටික ප්‍රසිද්ධියේ ලිඛිතවම පාවිච්චි කරලා තියෙන වචන ටික බලන්න. අන්න එතනයි මුලික ඛේදවාචකය තියෙන්නේ. එ අයත් තමන් පොරවල් කියලා ඉන්ද්‍රනාත වගේම හිතනවා වෙන්න ඕනේ ටක්කෙටම. මේ මිනිස්සු කට්ටිය එකතු වුන වෙලාවට මොන තරම් නම් කුණුහරුප ඇදබානවා ඇතිද? එ වගේ අයට තම තමන් පොරවල් තමයි.
Gimhana Wedage ෆොටෝ ගන්න කෙනාගේ හෝ උපකරණවල හෝ ප්‍රමිතියෙන් කස්ටමර්ට සත පහක වැඩක් නෑ. අඩු තරමින් වෙඩින් එක දවසට පොෂ් විදියට හැසිරෙන එක ඊට වඩා වැදගත් වෙන්න පුළුවන්. කොහොම හරි ෆොටෝ ටික ගහලා, ඉන්ටෙර්නෙට් බැරිනම් කොහෙන් හරි හොයා ගත්තු බැක්ග්‍රුවුන්ඩ් ටිකක් අමුනලා දිස්නේ ගහන ඇල්බම් එකක් ලැබුනානම් කස්ටමර්ට ඒ ඇති. DSLR ද, manual mode ද, reel camera වලට උනත් දක්ෂයෙක්ද කියන එකෙන් කාටද වැඩක් තියෙන්නේ.
අපි හිතමු ඔය කස්ටමර්ම බැඳලා ඉවරවෙලා ගෙයක් හදනවා කියලා. එදාට නම් ඒ අයට තමන් හයර් කරන ශිල්පීන්ගේ නිපුනතාවය ගැන සහතික වෙන්න ඕනේමයි. නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා.
මේ කැමරාකාරයෝ ටික තමන් කරන වැඩේ දොස්තර රාජාකාරිය තරම් දෙයක් කියන මානසිකත්වයෙන් මිදුනානම් (තමන්ටම තමන්ගේ තක්සේරුව අඩු වෙන‍වා තමයි) උඩ තියෙන ඇඩ් එක අවුලක් කර ගන්නේ නෑ.
U Rasta G Bandaragoda මු නම් හරකෙක් නෙමේ හරක් පට්ටියක් .
Mahesh Ganganath කලාවයි තාක්ෂනයයි විෂයන් දෙකක් විදියට වෙන් වුනාට.. ඒ විෂයන් දෙක ගොඩනැගෙන්නෙ එකට. අපේ ගොත්‍රිකයන් ඔය දෙක වෙන්කරල තමයි හිතන්නෙ...තාක්ෂනය ලන්කරගත්තම හිතනව මමත් ඇන්සෙල් ඇඩම්ස් , රිචර්ඩ් ඇවෙඩොන්,බිල් ඹ්‍රන්ඩ්ට් වගෙ කෙනෙක් තමයි කියල..
තාක්ෂන්යෙන් හිතුවහම ඒකට නිකම්ම මිලක් නියම වෙනව කාලානු රූපියව.ඒ මිල පවතින තත්වයට වඩා අඩු වැඩි උනාම තාක්ෂනයෙන් හිතන මිනිස්සුන්ට රිදෙන්න ගන්නව..
ඒත් ලැබිල තියන තක්ෂනය උපයෝගි කරගෙන තමන්ටත් අනුන්ටත් දෙනෙනෙ කලාවක් ගොඩනගා ගත්තානම් ගොත්‍රිකයො මොනාද කරන්නෙ කියල කිසිසේත් අදාල වෙන්නේ නෑ. කලාව කියන්නෙ විශ්ව භාශාවක්..ඒ ක මේ දූපතෙන් එහා ඉන්න මිනිස්සුන්ට පවා දැනෙනව කතාකරන්ව...
John Shanaka Silva මම හිතුව මෙතනින් පලා යන එක කමින් කලර්ස් නෝ ගූඩ් හන්දා.  නමුත් Geeth ට මේ මුළු කතාවම ටැපලිලා. අපි කියන්නේ අපේ අතේ තියෙන්නේ ලක්ස 23, ඒකට අපි මරුතියක් හොයනවා ඉරිදට පොලට යන්න. නමුත් ලම්බෝගිනි විකුණන එවුන්ට තද වෙලා ඉරිදට බැරිනම් පෝයට හරි පොලට යන්න ඕනේ ලම්බෝගිනියෙන් කියල. අර මරුති විකුණන එකාට දොස් කියනවා පෞද්ගලික ප්‍රවාහන සේවයට කරන මහත් විපත්තිය ගැන.
ඉංගිරිසියෙන් කතාවක් තියෙනවා My Car, My Petrol, My Wish කියල. ඔය කියමන ඔය Ad එක දැම්ම කෙනාගේ මනාපය අනුවයි. එයාගේ බිස්නස් එක, එයාගේ සේවාව, එයාට කැමති අය කිරීම. පාරිභෝගිකයාටත් ඒ සේවාව හොඳ නම්, ඒ ගෙවන සල්ලි එයාගේ මනාපේ හැටියට කැමති කෙනෙකුට ගෙවාවී. මරුති සේවාව පොෂ් මදිනම් අර ලම්බෝගිනි සේවාව හොයාගෙන යයි එයාගේ ඇට සෙට් එකත් උගස් තියල හරි.  
Gimhana Wedage ලම්බෝගිනි විකුණන අයට තද වීම කෙසේ වෙතත්, මරුති කියලා දෙයක් තියෙනවද කියලවත් දන්නේ නැතිව ඇති.
මෙතන මේ ප්‍රශ්නේ ඇවිලිලා තියෙන්නේ මරුති වගේ ලදරම් විකුණන අය අතරෙයි. කට්ටියක් තමන්ගේ පාඩුවේ ලදරම් අඩුවට විකුනනවා. ඒක දැකලා තද වෙන අය විකුන්නන්නෙත් ලදරම් තමයි. නමුත් හිතන් ඉන්නේ තමන් ළඟ ලම්බෝගිනි තියෙනවා කියලා.
ඇත්තටම බි.එම්.ඩබ්ලිව්, බෙන්ස් විකුණන අය කවුරුවත් මෙතන නෑ. ඒ අයට මේවා බලන්න වෙලාවක් නෑ. වෙලාව තිබුනත් බලන්නේ නෑ.
Geeth K Pathirana John Shanaka මහත්මයා, ලක්ෂ 23 ට මරුටියක් ගත්තට කමක් නෑ. එත් ඒ ගානට ලම්බෝගිනි ඉල්ලන එකනේ අව්ල. අනිත් එක කව්රු හරි ලක්ෂ 23 ට ලම්බෝගිනි විකුනන්න පටන්ගත්තොත් මොකද වෙන්නේ?
Gimhana Wedage කලාව කියන වචනෙත් ඇදිලා ආපු හින්දා මේ ටික කියන්න හිතුනා. මේ කට්ටිය තමන් කලාකාරයෝ කියලත් හිතන් ඉන්නවද? ඉන්ද්‍රනාත නම් හිතන් ඉන්නේ තමන් පොරක් කියලා. අඩු තරමින් එයාවත් එහෙම හිතෙනවද?
මේ හැමෝම කරන්නේ වෙළඳාමක්. ඉන්ද්‍රනාත කරන්නෙත් වෙළදාමක්. එයා කර ගත්ත ලොකුම ගොන්කම තමයි වෙන කෙනෙකුගේ වෙළඳාමක් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ගිය එක. දැන් උගුඩුවා ඇටි කෙහෙල් ගිල්ලා වගේ උනා. මේ හැමෝම තමන්ගේ වෙළඳාම කලාව එක්ක පටලවා ගෙන ඉන්නේ. පාඩුවේ වෙළඳාම කරගෙන කියක් හරි හොයා ගන්නේ නැතිව, තමන් මහා ලොකු පොරක් කියා ගන්න ගිහින් තමයි මේ අකරතැබ්බේ උනේ.
Gimhana Wedage //ලක්ෂ 23 ට මරුටියක් ගත්තට කමක් නෑ. එත් ඒ ගානට ලම්බෝගිනි ඉල්ලන එකනේ අව්ල. අනිත් එක කව්රු හරි ලක්ෂ 23 ට ලම්බෝගිනි විකුනන්න පටන්ගත්තොත් මොකද වෙන්නේ?//
ලක්ෂ 23 ට ලම්බෝගිනිය විකිනුවොත් පලවෙනි ඩීල් එකෙන්ම වෙළෙන්දා බංකොලොත් වෙයි. ඉතින් අපිට පාන්ද?
Gimhana Wedage 'තමුසේ නම් මහා මානසික ලෙඩෙක්' කියන එක මැකුවේ ඇයි ගීත්. ඒක හින්දා නඩුව පරදියි කියලා හිතුනාවත්ද? මට හිනා ගිහින් තියෙන්නේ ඒකටනේ. යටින් හරි කමක් නෑ ඒක දාන්න. නැත්තං මගේ හිනාව දකින අය ඇත්තටම එහෙම හිතයි. L
Geeth K Pathirana මම කාටවත් අපහාස කරන්න කැමති නෑ. ඔයාට ඒක අපහාසයක් වෙන නිසයි මම ඒ comment එක මැකුවේ.
Gimhana Wedage ගීත්,
අපහාසයක් වෙනවද නැද්ද කියන එක වැදගත් නෑ. වැදගත් වෙන්නේ ඔබේ අදහස කෙතරම් දුරට ඔබට ඒත්තු ගන්වන්න පුලුවන්ද කියන කාරණයයි.
සමහරු මට අපහාස කරන්න හිතා ගෙන මැටි හරකා ආදී සත්ව නාම භාවිතා කළා. නමුත් ඒක ඒ අයට ඒත්තු ගන්වන්න බැහැ. වෙන එකම දේ, තමන් ඒ කියන කොට්ටාශයට ඇතුලත් බව ප්‍රදර්ශනය වුන එක විතරයි. මම දන්න තරමින් මැටි හරක්ට ඒක නම් තේරෙන්නේ නෑ කොහොමටත්.
Gimhana Wedage මම කියන දේ කවුරුවත් ගනන් ගන්න එපාය කියන අයටම, මට ප්‍රතිචාර නොදක්වා ඉන්න බැරි උනේ ඇයි? මගේ උඩ කොමෙන්ටුවේ ඒකට උත්තරේ තියෙනවා.
Gimhana Wedage ගීත්,
ඉන්ද්‍රනාත පවා මගේ අදහස් වලට මුලින් ප්‍රතිචාර දැක්වුයේ නෑ. පොඩි ප්‍රශ්න වලට පොඩි පිළිතුරු කියමින් වෙනත් කිහිප දෙනෙකුට ප්‍රතිචාර දැක්වුවා.
ඊට පසුව මා වෙනුවෙන් සම්පුරණ කොමෙන්ටුවක් වෙන් කරනවා. මාව mention කරමින්ම කියනවා, එක්කෝ කියන්න ඕනේ නෑ, කට්ටිය මට බඩ යන්නම දීලාය තියෙන්නේ කියලා.
එහෙම කියන ඔහුටම තව දුරටත් ප්‍රතිචාර නොදක්වා ඉන්න බැරි වෙනවා. කට්ටිය වැඩේ නාන බව ඔහුට වැටහෙනවා. මට විරුද්ධව මැරයින් යොදවන තරමට වැඩේ දෙල් වෙන බව ඔහුට වැටහෙනවා. ඔහුගේ ස්වරය බොහෝ සෙයින් වෙනස් වෙනවා. ඔහු මට නොව මගේ අදහස් වලට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. මකලා නැත්නම් බලා ගන්න පුළුවන් වෙයි.
Sampath Weerasinghe මනුස්සයෙක් දනී පනී ගල නැගිටින්න හදනකොට කකුලෙන් අදින්න මොනතරන් අය ඉන්නවද. ඇයි මේ. මිනිහෙක් දියුණුවෙන්න දගලද්දී අය දියුණු උන අයට රිදෙන්නේ මෙච්චර. වුර්තිය ගෞරවය ගැනනම් මම දන්නේ නැ. එත් සමහරු කියල තියෙන දේවල් වලින්නම් එයාලගේ හිත්වල තියෙන කුහකකම හොදට පේනවා
Sampath Weerasinghe කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ වෙලා කිසිම දෙයක් පටන්ගන්නේ නැ. අත්දැකීම් පලපුරුද්ද එක්ක මිනිස්සු දියුණු වෙන්නේ. මේකට කමෙන්ට් කරපු අය ෆොටෝග්‍රෆි පටන් ගද්දි ගත්ත ගානමද අද ගන්නේ. (උද්දමනය අමතක කරලා හිතන්නකෝ) ෆීල්ඩ් එකට එන්න මිනිස්සු එක එක දේවල් කරනවා. ෆොටෝග්‍රෆි වල උඩින් අය අය් මේ පොඩි උන්ව පාගන්නේ.හැමදාම රජවෙලා ඉන්නද. එයාගේ වැරද්දක් තියෙනවනම් ඔයාලගේ ගෞරවනීය වුර්තියට නොගැලපෙන, එක එයාට කියල දීල එයාව හදල ගන්නකො මහත්තුරු වගේ. කවදාහරි ඔය ලොකු අය මැරිලගිය දවසට ඔයාලගේ මේ ගෞරවනීය වුර්තිය ගෙනියන්න්න ඉන්න අය පාගල දැම්මම එදාට මේකට මොකද වෙන්නේ. ඇත්තටම මේ වුර්තියට ආදරේ කරන අය කරන්න ඕනේ මේකට එන අයව හරි පාරේ යවන එක නේද. මේහෙම පාගල දාන එක හරිද.
Oscar Nonis තමන්ගේ සේවාවේ මිළ තීරණය කිරීම තමන් සතු දෙයක්. ප්‍රමිතිය, කාර්යක්ෂමතාවය සහ වෙනත් දේ සොයා බලා මිලදීගැනීම පාරිභෝගිකයා සතු වගකීමක්.
තමන්ගේ ව්‍යාපාර සහ එහි ප්‍රචාරණ කටයුතු සඳහා අනවසරයෙන් අනුන්ගේ ජායාරූප සොරාගැනීම වරදක් සහ ලැජ්ජා ඇති කරවන්නක් .
වෙනත් ශිල්පියෙක්ගේ සේවාව සහ මිළ ගණන්, ආදායම් සහ ලාබ - පාඩු විවේචනය ප්‍රසිද්ධියේ සිදුකිරීම තවත් ශිල්පියෙකුට අයිති හෝ යුතු දෙයක් නොවේ.
Gimhana Wedage වෙළඳ දැන්වීමට අනුන්ගේ පින්තුරයක් ගත්ත එක එච්චරට අවුල්ද? මුලදී ඉන්ද්‍රනාතත් එ ගැන කිව්වා. නමුත් මම දැකලා තියෙනවා ඉන්ද්‍රනාත විසින්ම software හොරෙන් ගන්න පුළුවන් විදි ගැන අහලා පෝස්ට් දාලා තියෙන හැටි. මම විශ්වාස කරන්නේ නෑ ඉන්ද්‍රනාත වත් සල්ලි දීලා software පාවිච්චි කරනවා කියලා. තමන්ම ලොකු හොර වැඩ කරන ගමන් තව කෙනෙකුගේ පුංචි හොරකම් ගැන කෑ ගහනවා. මෙතන ඉන්න "මහත්වරු" කී දෙනෙක් හොර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවද කියලා කල්පනා කරලා බලන්න.
Gimhana Wedage මැටි හරක් ගැන මතක් වෙච්ච ගමන් සුසිරි රන්ජන් උම්බෑ කියන පින්තුරයක් දැම්මා. සමහරවිට බොස් කියන්න ඇති ඉක්මනට ඒක අයින් කර ගන්න කියලා.
Indranatha Thenuwara Gimhana Wedage මම මුදල් අය කරල වැඩ කරන Windows 8, Windows 7, Photoshop CS5, Indesign, Illustrator, මෘදුකාංග මම සල්ලිවලට ගත්තෙ නැහැ. අදාල ආයතනවලින් මට ඒව නොමිලේ ප්‍රදානය කරපු නිසා. ඒ හින්ද ඒව හොර ඒව වෙන්න බැහැ. නමුත් CoralDRWනම් ක්‍රැක් කරපු එකක් තමයි මගේ මැෂිමෙ තියෙන්නෙ. ඒකෙන් දැන් ඒ හැටි වැඩක් ගන්නෙත් නැහැ. මගේ ලැප්ටොප් දෙකේම සහ අනෙක් මැෂින් 3නේම තියෙන්නෙ ජෙනුවින් එව්ව.
පුතාගෙ මැෂිමෙ තියෙන්නෙ ඕපන් සෝස් එව්ව. මොකද එයා උපාධියට හදාරන්නෙ තොරතුරු තාක්ෂණ විෂයයන් නිසා.
ඔය විච්චූරණ පොඩි පොඩි මෘදුකාංගනම් බාගන්නව. මොකද ඒවයින් මුදල් අය කරන කිසිවක් කරන්නෙ නැති නිසා.
Susiri Ranjan Bulukumbura අදාල පුද්ගලය උම්බෑ කියයි....
මට නම් බොස්ලා නෑ....
වැඩිහිටි හෝ බාල උගත් බුද්ධිමත් ගෞරවණීය මිනිස්සු ඉන්නේ...
Gimhana Wedage මම කිව්වේ බොරුද? ගෝලයෝ මොනවා කිව්වත් වැඩක් නෑ. ප්‍රතිචාර දක්වන්නම වෙනවා.
මම කිව්වේ මට විශ්වාස නෑ කියලයි. මම දැනට ඒක විශ්වාස කරන්නම්. විශ්වාස නොකලත් ඊට එහා දෙයක් වෙන්නේ නෑ. මම නඩු දාන්නේ නෑ. එ හින්දා කවුරුවත් ඒ කාරනාව එතරම් බරපතලෙට ගන්න එපා.
ලැබුනේ මොන විදියට උනත් දැනටම මැෂින් 5 කටම දාලා. කවුරුත් එන්නේ නෑ කීයකට දැම්මද කියලා හොයන්න. ඕනේ නම් තව 25 කට උනත් දා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතිව.
ඉන්ද්‍රනාතට දැන් වෙළඳ දැන්වීම අමතක කරන්නයි ඕන කරන්නේ. පැත්තෙන් ගිය හොර බඩු කතාවට පුතා ගැන විස්තරත් එක්කම කතා කරන්නේ ඒකයි. අපි ඒ හින්දා කතාව නවත්වමු ඕනෙනම්.
Indranatha Thenuwara Gimhana Wedage මේ පෝස්ට් එක සම්බන්ධ කතිකාවතේදි මට ඔයාව සහ ඔයාගෙ අදහස් දැක්වීම් කිසිවක් ම අදාල වන්නෙ නැහැ. නමුත් පෞද්ගලික මඩ ගැහිලි කරන ඒවට විතරක් මම ඔයාට උත්තර දෙනව.
මොකද මා දන්නා තරමින් ඔබ කියන පරිදි වෘත්තිකයෙක් වන්න පුලුවන්. නමුත් මේ කතා කරන විෂයය සමග ඔබ කිසිසේත් සම්බන්ධ නැහැ. ඔයා කරන්්නෙ සිරිත් පරිදි ඔයාගෙ මුද්‍රාව මේ පෝස්ටුව ඇතුලෙ දාගන්න එක විතරයි. ඔයාගෙ ඒ ෆැන්ටසිය බිඳ දාන්න මට උවමනාවකුත් නැහැ.
එනම දේ අප බොහෝ දෙනෙකුට අදාල කතාවක්, මේකට අනදාල ම ඔයාගෙ පුබ්බඩ කතන්දර හින්ද වෙන පැත්තකට ඇදිල ගිය එක විතරයි.
බොහෝ අයට ඕන තමන්නෙ කරේ තියෙන අසූචි බාල්දි කොහේ හෝ හලල යන්නයි. මං හිතන්නෙ ඔබ එහෙම කරන්නෙ නැහැ කියලයි....! එහෙම නේද ගිම්හාන..?
Gimhana Wedage ඔබට සිත් වේදනාවක් ඇති වුනා නම් මට කල හැකි දෙයක් නෑ. කාගේවත් සිත් රිදවීමේ අරමුණක් මට නෑ. නමුත් මා දකින ඇත්ත කෙලින් කියන හැම තැනම ඒ දේ සිදු වෙනවා. සිත් රිදවීම සේම, සිත් සැනසීමේ අරමුණකුත් මට නෑ. මගේ කතා වලින් සිත් සනසා ගන්න අයත් එමටයි. ඒ දෙපිරිසම මට වැදගත් නෑ.
මට හිතෙන්නේ දැන් ඔබේ ඉවසීමේ සීමාව පනිමින් තිබෙන්නේ. ඔබ අවසන් වශයෙන් උත්සාහ කරනවා මේ දේ මට අදාළ නැතිය කියමින් හෝ මා පසෙකට කරන්න.
වැසිකිලි, මලපහ, අසුචි, බාල්දි ආදී එකී මෙකි උදාහරණ සමගින් ඔබ මුල සිට කල උත්සාහය සාර්ථක නොවූ බව පමණක් පැහැදිලියි. ඔතරම් දත කන්න අවශ්‍ය නෑ. බොහොම ලේසියෙන් මාව බ්ලොක් කරන්න පුළුවන් ඔබට.
එයටත් අකමැතිනම් මෙවන් සංවාදයකට මා සම්බන්ධ වූ වහාම, කොමෙන්ටුවක් මගින් mention කිරීමක්ද සහිතව ඔබට හැකියි ඉල්ලීමක් කරන්න අදහස් දැක්වීමෙන් වලකින ලෙසට. එවිට මට හැකියි ඒ ගැන සලකා බලන්න.
Harsha Baddragi Chandrawansa Gimhana Wedage මෝඩ මහත්තයෝ උඹ හිතන් ඉන්නේ කැමරා කාරයෝ කියන්නේ මොක්කු කියලද ? (අඩේ, දැනුයි දැක්කේ. මේ කැමරාකාරයෝ ටික හිතන් ඉන්නේ තමන්ලගේ රාජකාරිය දොස්තරලාගේ රාජකාරිය වගෙයි කියලා. )
Indranatha Thenuwara Raviprabha Antony Jayatunge මුලින් ඔබ ස්තූති කරනව ඔබේ දැන්වීම ප්‍රචාරය කිරීම පිළිබඳ ව.
නමුත් කතා බහට සවන් දුන්නාම ඔබටම දැනෙනව මෙතැන වරදක් තියෙන වග. ඒ නිසා නැවත ඔබ ලොකු සද්දයක් දානව මෙහෙම...//ගාණෙන් නෙමේ වෘත්තියක ගරුත්වය මනින්නෙ Indranatha Thenuwara සර්... ගුණාත්මක සේවයක් සැපයීමෙන්... මට කිසි දෙයක් මෙතන ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නෑ... මම නෙවෙයිනේ මේ discussion එක පටන් ගත්තේ... මම මගේ page එකේ කෑවත් බීවත් රීවත් ඔබතුමාට මොකද? ඒක මගෙ page එක... මම මගෙ page එකේ දාපු දැන්වීම මගෙ අවසරයක් නැතුව රටටම ප්‍රසිද්ධ කරල මට මඩ ගහන එක හරිද? මම වැරැද්දක් කරලා තියෙනවා නම් මට නඩු දාන්න.... නිකන් බොරුවට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ නැතිව...//
ඔබේ ඇඩ් එක පාවිච්චි කිරීමෙන් අද අත්‍යවශ්‍ය වන මාතෘකාවක් ගැන කතා කරන්නට ඉඩ හසර ලබාදීම ගැන මම යළි යළිත් ඔබට ස්තූති වන්ත වෙනව.
ඔබට පෙනෙනව ඇති ඔබට පක්ෂ ව කතා කරන කිසි කෙනෙක් ඡායාරූප ශිල්පීන් නොවන වග.
ඔබට විපක්ෂ ව කතා කරන අයගෙන් වැඩි දෙනෙකුට ඔබ ගැන වෛරයක් තියෙනව. ඒක සාධාරණද කියල ඔබටම තක්සේරු කර ගන්න පුලුවන්නෙ. කාලයක් ගිහින් ඔබත් මේ වෘත්තියේ ම යෙදෙද්දි ඔබටත් ඔය අමිහිරි සත්‍යයටම මුහුණ දෙන්න සිද්ද වේවි වාසනාවකට හෝ එතරම් කාලයක් මෙහි නියැලෙන්න පුලුවන් කමක් ලැබුනොත්.
මට ඔබ ගැන පෞද්ගලික කෝන්තරයක් නැහැ මොකද මම දැන් වෙඩින් කරන්නෙ නැති නිසා සහ තවමත් මා ළඟට එන ගණුදෙනුකරුවන් කිසිම දාක ඔබ ළඟට නොඑන වග විස්වාසත් නිසා.
මේ මා කතා කරන්නේ අද ලංකාවේ 21දහසක් වන වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන් වෙනුවෙනුයි.
කවදා හෝ දවසක තමන්ගේම පිරිස අතර නමක් සඳහන් විය හැකි “පොරක්“ වෙන්න. නමුත් මේ විෂයය පවතිනතාක්කල් “අර ඇඩ් එක දාපු එකා“ කියන මතකය තියන්න උත්සාහ කරන්න එපා.
ඔබට ලණු දෙන ඒව කන්නත් එපා.
ඔබ වෙබ් ඩිසයිනර් කෙනෙක්නෙ. මේ වෙබ් ඩිසයිනර්ලාට අද වෙලා තියෙන දේ ගැන ඔබට මොනවද හිතෙන්නෙ...?
ඒ නිසා ඕනෑම දෙයක් තමන්ට සාපේක්ෂ ව හිතන්න කරන්න බලන්න.
ඒ ප්‍රශ්න තමන්ට ආදේශ කරගෙන බලන්න.
මේ වාක්‍යය මෙහි කතා කරන, නොකරන, උඩගෙඩි දෙන හැමෝටමයි..!!
Gimhana Wedage Moral of the Discussion :
පොරක් වෙන්න උත්සාහ කරන්න. මෙතන ඉන්න පොරවල් ටික හොඳටම ඇති ආදර්ශයට අරන් හැදෙනවානම්.
Gimhana Wedage ඉන්ද්‍රනාත මෙතන අවවාදයක් විදියට කරන්නේ පොඩි තර්ජනයක් වගෙයි මට පේන්නේ. වෙඩින් ෆොටෝග්‍රෆි කරන කවුරුත් මෙතන ඇඩ් එකට පක්ෂව කතා කරන්න යන්නේ නෑ. ඒකෙන් හෙළි වෙන්නේ නෑ ඔවුන් ඇත්තටම දරන අදහස. ඒ අයට බෑ, ස්වාධීනව අදහස් දක්වන්න ගිහින් අන් අයගේ උදහසට ලක්වෙන්න. තමාගේ රස්සාව කරගෙන යන්න අබමල් රේණුවක හරි උදව්වක් වෙයි කියන අදහසක් විතරයි ඒ අයට දක්වන්න පුළුවන් වෙන්නේ. මම කරන්නේ හෝ කරන්න හිතන් ඉන්නේ මේ රස්සාවනම් අනිවාර්යෙන් මමත් ඔය නඩේට එකතු වෙලා මේ ඇඩ් ඒකට බැන බැන ඉඳීවි.
මේ රස්සාව කරන අය විතරක් මෙතන අදහස් දක්වන්න කියද්දී, නොකියවෙන දේ තමයි සපෝට් එකට විතරක් අදහස් දක්වන්න කියන එක.
නිකන් බොරුවට අත පුච්ච ගන්න කැමති වෙඩින් ෆොටෝ කාරයෝ කවුරුවත් මෙතන නෑ. ඉන්ද්‍රනාතගේ ක්‍රියාවට මෙතැනදී විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ පිටින් ඉන්න ස්වාධීන කෙනෙකුට විතරයි.
 Amila Bandara මෙතන බහුතරයක් අය කියන්නේ 25000 ඇල්බම් එක හොඳයි කියල නෙවෙයි. එකෙක් ඒ ගානට ඇල්බම් එකක් කලා කියලා අනික් උන්ට තියන අමාරුව මොකද්ද කියන එක.
ඕක මොන ක්ෂේත්‍රෙයත් තියනවා. මම මෘදුකාංග සංවර්ධකයෙක්. අපි වැඩ කරන සමාගමේ ලක්ෂ පහට හයට කරන ප්‍රොෙජක්ට් රුපියල් පනස්දාහටකරන බුවාල ඉන්නවා ඕන තරං.
අපි ගාවට වගේම ඒ බුවාල ගාවට යන කස්ටමර්ස්ලත් ඉන්නවා. ගුණාත්මක භාවය දෙකක් වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. ඒත් අපි කවදාවත් ඒ අඩුවට කරන එකාව මරං කන්ඩ යන්නෙ නෑ. ක්ෂේත්‍රෙය් ගෞරවය විනාස කරන්ඩ යනවා කියලා.
Indranatha Thenuwara Amila Bandara ඔයාට එහෙම අඩු ගානට කරන කෙනා තර්ජනයක නොවන්නෙ ඔයා වැටුපට වැඩ කරන කෙනෙක් නිසයි. මේ අඩුවට කරන අය නිසා ඔයා වැඩ කරන කොම්පැණිය වහන තත්ත්වෙට ආවොත් එහෙම අන්න ඔයාගෙත් පඬුපුල් ආසනේ රත් වේවි..!!
Amila Bandara දැන් එතකොට මේ කෙනා නිසා Indranatha Thenuwaraමහත්මයගෙ පඬුපුල් ආසනේ රත්වෙලාද තියෙන්නේ  . නැහැනේ. දක්ෂයාට කිසිම තැනක තර්ජනයක් නැහැනේ. මුදල අඩු කිරීම නිසා ක්ෂේත්‍රයේ ගෞරවය විනාස වෙන්නෙ කොහොමද කියන එකයි මට තේරෙන්නෙ නැත්තෙ.
Gimhana Wedage නැහැ අමිල, ඉන්ද්‍රනාත පැහැදිලිව කිව්වා මේක එයාට තර්ජනයක් නෙමෙයි කියලා. එයා දැන් මේ රස්සාව අත හැරලා. නමුත් ඔහු විශ්වාස කරනවා මේ රස්සාව කරන අයට මේ කෙනා තර්ජනයක් කියලා.
අපි ඇත්තටම හිතමු තර්ජනයක් තමයි කියලා. ඉතින් දෙයියනේ ඒකට ඉතින් ඒ මනුස්සයාට 'හෙන ඉල්ලලා' වැඩක් තියෙනවද? තමනුත් තරඟයක් දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
මේක ඇවිල්ල හොර දොස්තරලාගේ ප්‍රශ්නයක් වගේ දෙයක් නෙමෙයි. ෆොටෝ ගන්න ඒකට ප්‍රමිතියක් නීතියෙන් පනවලා නෑ. පනවන්න අවශ්‍ය දේකුත් නෙමෙයි. තමන්, දොස්තරලා හා සම තත්වයේ ඉන්නවයි කියන හිනමානයත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ආරම්භ වෙන්නේ.
ඉන්ද්‍රනාතට දැන් හොඳින් වැටහෙනවා කරගත්තු මෝඩ කම. නමුත් දැන් මේකෙන් ලිස්සලා යන්න බැරි කමට බැරි ගාතේ දේවල් කියනවා. කරන්න තියෙන හොඳම දේ මුකුත් නොවුණු ගානට සද්ද නැතිව දවස් දෙක තුනක් යන්න දෙන එක. මේක ඉබේම අමතක වෙනවා.
Dinesh Tharanga "... කලබල වෙන්න එපා සහෝදරයිනි . ඉන්ද්‍රනාථ මහත්තයා ඉඳලා හිටලා ඇණගන්නවා මේ වගේ . ඒත් කඩේ යන පිරිස වැඩි නිසා ජාමේ බේරං ඉන්නවා . අපි මේ ලෝකෙට කිසිවක් ගෙන නොආ බවත් , රැගෙන යන්න කිසිවක්ම නැති බවත් මහත්තයට තේරෙන්න තව ටික කලක් යාවි .
ඉඳින් ,
සබඳ අපි කඳු නොවෙමු ..."
Indranatha Thenuwara Amila Bandara ලංකාවෙ ඡායාරූප වෘත්තියේ යෙදෙන ප්‍රමාණයෙන් 90%ක් ම ඉන්නෙ ඔය ස්ථරයේයි.
ඔබට ඔවුන් හමුවෙලා නැති ව ඇති. නමුත් මට නිරන්තරයෙන් හමු වෙනව ඔවුන් ව සහ ඔවුන්ගේ නිරන්තර දුක්ගැනවිල්ලත් තමයි මේ ඛේදවාචකය.
මෙවැනි වෝල් පෝස්ටයකින් අපට ඊට පිළිතුරු සොයන්නවත්, එවැන් නිර්ලජ්ජිත කාර්යයන්හි යෙදෙන්නන්ට දඬුවම් ලබා දෙන්නවත්, අඩු තරමින රටේ පාලකයන්ගේ ඇස් කොනකටවත් මෙවන් දේ දක්වන්නටවත් ඉන්තේරුවෙම්ම බැහැ.
නමුත් අබු තරමින් ඒ ගැන කතා කරන්නටවත් කෙනෙක් සිටිය යුතු වග අප දැන ගත යුතුයි. ඒක ඇනගැනීමක්නම් ඒ ඇනගැනීම මම කරන්නෙ ඉතාම කැමැත්තෙන්.
කිසිවක් ගෙන නොආ බවත්, “කිසිවක් ම කිසිවකුට නොකළ බවත්“, ඒ නිසා ම රැගෙන යන්න කිසිවක්ම නැති බවත් හොඳටම දන්නේ Dinesh Tharanga වගේ අය ය..!
Geeth K Pathirana මේ තර්ක කිරිල්ල කිසි වැඩකට නැති දෙයක්. හැමෝම තමන් හරි කියල හිතාගෙනයි කතා කරන්නේ. මිනිස්සු විස්වාස කරන්නේ තමන්ට විස්වාස කරන්න ඕන දේ මිසක් හරි දේ මොකද්ද කියල හොයල බලල නෙමෙයි. මම උනත් එහෙමයි. එත් හැමෝටම කියන්න හේතු තියෙනවා. සර් දැන් බැනුම් අහන්නේ අපි වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලයි. නමුත් බල්ලෝ බිරුවට කන්දක් පහත් වෙන්නේ නෑ. සත්‍ය කවද හරි ජයගන්නවා. Aloka Inspiration ආයතනයට වෙන්නේ මොකද්ද කියල අපි බලන් ඉමු. එම ආයතනය පහලට වැටෙන්න කියල අපි ප්‍රර්ථනා කරන්නේ නෑ. එත් මේ විදියට කලොත් පැවැත්මක් නෑ. එතුමාට ඒක තේරුන දවසට අපි හැමෝටම කියන්න කියල මම ඉල්ලනවා. එදාට එතුමාව වැටෙන්න නොදී අල්ලගන්න අපි ලෑස්ති. සුබ පතනවා. බුදුසරණයි....
Dinesh Tharanga "... සරල පිළිතුරක් දෙන්නම් ඉන්ද්‍රනාථ මහතාට : අප ජීවිතයේදී කළ යුත්තේ මිනිසුන්ට සේවය කිරීමය . උගත්කම වර්ණවත් වන්නේ නිහතමානී වූ විටය . වඩාත්ම වැදගත් අනුන්ගේ බඩට පහර නොදී තමන්ට ඇති හැකියාවෙන් සේවය කර මියැදීමය . කිසිවක් රැගෙන නොම යන බව කීවේ බෞතිකව එකතු කරනා දේට මිස අධ්‍යාත්මික දේට නොවේ . තේරුම් ගැනීම , නොගැනීම ඔබ සතුය . වඩාත් වැදගත් ඔබ ලැබූ මනුස්සකම වර්ණවත් කරගන්නවා විනා මුදා ගත් කිරි කලයට ගොම මුහු කිරීම නොවේ . එපමණකි . තෙරුවන් සරණයි ..."
Gimhana Wedage දැන් මේ කියන හැටියට 10% ක් දෙනා මේ වැඩේ කුණු කොල්ලෙට කරන නිසා 90% දෙනාට යන එන මං නැති වෙමිනුයි තියෙන්නේ. ඒක මහා ඛේදවාචකයක්ලු. මේක ඇවිල්ලා වෙළඳාමක ඇති වන තරඟයක්. තරගේ දෙන්න බැරිනම් ගෝලයින්ට කියන්න ඕනේ සාධාරණ වෙනත් වෙළඳාමක් ගැන හිතන්න කියන එකයි. ඒක කලොත් දැනට තමන් කරන වෙළඳාමත් නැති වෙයිද කියන අවදානම ඉන්ද්‍රනාතට තියෙනවා.
ඉන්ද්‍රනාත මේ කුණු කොල්ලෙට වෙළඳාම් කරන අයට දඬුවම් දෙන විදියක් ගැනත් කල්පන්න කරනවා. හිනා යනවා තමයි. නමුත් ශෝකය ප්‍රකාශ කරන තමයි අපිට කරන්න පුළුවන්.
මේ ඇවිල්ලා ඉන්ද්‍රනාතට හිතෙන විදිය. වෙන විදියකට හිතුනත් එක දැන් ප්‍රසිද්ධියේ කියන්නත් බෑ. හුරේ දාපු ලඟම හිටපු ගෝලයෝ පේන්නත් නෑ. එයාලා කරලියට අවොත් වැඩේ තවත් චොර වෙන එක විතරයි වෙන්නෙත්.
මේ කොහොම උනත් ඇත්ත කතන්දරේ ඔයිට වෙනස්. මේ වගේ කිහිප දෙනෙක් කුණු කොල්ලෙට මේ වැඩේ කරනකොට බහුතරයක් යන එන මං නැති වෙනවා කියන එක ඇත්තටම බහුතරයට කරන අපහාසයක්. (ඉන්ද්‍රනාත බහුතරය කියන්නේ එයාට මේ වගේ තැන් වල හුරේ දාන අයටද දන්නේ නෑ).ප්‍රායෝගික වශයෙන් එහෙම වෙන්නේ නෑ.
පාරිභෝගිකයා තමන්ට මේ වගේ දෙකට සේවා සපයන්නා තෝරා ගනිද්දී ඒ අය බලන්නේ නෑ සේවා සපයන්නාගේ විෂය දැනුම කොහොමද කියන එක. පොරක් නොවුනත්, පුද්ගලයා පොෂ් නම් වැඩි මිලක් අය කර ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉන්ද්‍රනාත ගෝලයින්ට උගන්නන්නේ පොරක් වෙන්නයි. ගෝලයෝ ටික පොර වෙන එක පැත්තකින් තියලා, පොෂ් වෙන්න උත්සාහ කලානම් මේ වගේ ක්ෂේත්‍රයක හොඳ තරඟයක් දෙන්න පුළුවන්. වෙඩින් ඇල්බම් එකක් කියන්නේ හාට් සර්ජරි එකක් වගේ සීරියස් දෙයක් නම් නෙමෙයි.
Rose Perera සාමාන්‍යෙයෙන් පොර වෙන ක්‍රම කීපයක් තියෙනවා
* වැඩ පෙන්නපුවාම ඉබේම පොර වීම
* මම පොර, මම පොර කියලා මතුරලා පොර වීම
* සමාජයේ පිලිගත් චරිත වලට පහරගසා පොරවිමට තැත් කිරීම
Gimhana Wedage පොරක්ද නැද්ද කියලා මනින්නේ ඉන්ද්‍රනාත ඇතුළු නඩය හදා ගත්තු මිමි වලින්නේ. ලංකාවේ ඉන්න පාරිභෝගිකයෝ ඉන්ද්‍රනාතගේ මිම්ම ගැන මොකවත් දන්නේ නෑ.
කැමරාව මානලා ෆොටෝ ගන්න, ෆොටෝ ෂොප් දාලා වැඩ කිඩ දා ගන්න ඉගෙන ගත්තම මුලික සුදුසුකම් සම්පුර්ණයි. කඩ්ඩ පොලිෂ් නම් බෝනස් සුදුසුකමක්. ඔය ටික හොඳටම ඇති වෙඩින් ඇල්බම් එකක් ලස්සනට කරලා දෙන්න.
ඒ අය තමන්ගේ වෙළඳාමක් කර ගෙන සල්ලි හොයා ගනියි.පාරිභෝගිකයාත් අවසානයේ තෘප්තිමත්. මට නම් ඒකෙ කිසි වරදක් නෑ. ඉන්ද්‍රනාතට තියෙන හිතේ අමාරුව එයාගේ තෝරා ගත් ගෝලයින්ට ඒකාධිකාරයක් හදලා දෙනා බැරි වෙන එකද? මේ විරෝධයේ පදනම හරිම අපැහැදිලියි.
Rose Perera පාරිභෝගිකයෝ ලගත් මිමි ඇතිනේ එවායින් පොරවල් තීරනය වෙනවා..
Gimhana Wedage පොර කියන සංකල්පය තියෙන්නේ ඉන්ද්‍රනාතට සහ එයාගේ ගෝලයින්ට. සාමාන්‍ය පාරිභෝගිකයා 'පොර' කියන දේ හඳුනන්නේ නෑ.
නමුත් පාරිභෝගිකයාට පොෂ් කව්ද කියන ඉව තියෙනවා. වඩාත් 'පොෂ්' කෙනාට මේ වගේ වෙළඳාමකදී ප්‍රමුඛතාවය ලැබෙනවා. ඒකට ඉතින් අනිත් අය හොටු පෙරලා නම් වැඩක් නෑ. J
Gimhana Wedage ඉන්ද්‍රනාත ලඟට මේ ලඟදි ආපු ලක්ෂ 20 බජට් එකක් තියෙන පාරිභෝගිකයා ඉන්ද්‍රනාතව ප්‍රතික්ෂේප කරලා වෙන කෙනෙක් ලඟට ගිහින්ලු. ඒ අයට ලොකු වාහන තියෙනවාලු. කොල්ලුපිටියේ AC කරපු ෂොප් එකකුත් ටියෙනවාලු. ඉන්ද්‍රනාත ඒ ගැන බ්ලොග් එකකුත් ලියන්නලු ඉන්නේ.
දැන් පැහැදිලියිනෙ පාරිභෝගිකයාගේ මිම්ම මොකක්ද කියන එක. ඉන්ද්‍රනාත තමන් 'පොරක්' කියලා හිතන් හිටියට පාරිභෝගිකයාගේ මිම්ම ඊට වෙනස්. පාරිභෝගිකයා ගිහින් තියෙන්නේ ගොඩක් පොෂ් කෙනෙක් ලඟට.
ඕක තමයි වෙළඳාම කියන්නේ. මේක ඛේදවාචකයක්ද?  L
John Shanaka Silva ඔන්න ඇවිලෙන ගින්නට මම තව පිදුරු දානවා. දවසක්ද මම තව photographer කෙනෙක් එක්ක FB එකේ වලියක් ඇදගත්ත. මම එයාට කිව්වා අනේ ගෑනියේ, හොඳ පින්තූර බලන්න ඕනේ නම් මම රෙස්පෙක්ට් එක දෙන ඉන්ද්‍රනාථ මහත්මයාගේ පින්තූර බලපන් කියල. ඔන්න එදාපාර ඒ ගෑණි මගේ මූනට කඩන් පන්නා. මේ ඒ ගෑණි ලියපු ප්‍රයිවට් මෙසේජ් එක.
"buddy, i dont need lessons on food photography. i work as an in house photographer for odel. I am not scared to admit a mistake.. but this is not a mistake as this is what they wanted and all i did was click the picture. if it was my own personal work it would have looked so much different.
i do not know who this "Indranatha Thenuvara" is nor do i care because his portfolio does not impress me.. ive down work with big photographers like sandun de silva or dimitri crusz i suggest you look at them.."
බලන් යනකොට එයත් තේනුවර මහත්තයව දන්නේ නැහැ වගේ. මම ඔය සඳුන් ද සිල්වා වත් (මගේ කවුරුත් නම් නෙවෙයි :D) දිමිත්‍රි කෲස් ව වත් දන්නේ නැහැ. නිකමට වගේ කියන්නේ, අපි හිතුවට අයෙක් ෆේමස් කියල, එයා ගැන නොදන්න කට්ටිය ඕනෑ තරම් ඉන්න පුළුවන්.
Gimhana Wedage ජෝන් සිල්වා කියලා තියෙන්නේ ෆේමස් කියලා හිතන් ඉන්න කෙනෙක් අනිත් අයට දැනෙන විදිය ගැන.
තමන් පොරක් කියලා හිතන් ඉන්න කෙනෙක්ව අනිත් අයට කොහොම දැනෙනවා ඇතිද කියලා හිතද්දී තත්වේ තවත් බරපතලයි.
Dinesh Gamage Gimhana Wedage, oba wage kelin katha karana aya hari adui, okkoma inne baka pandithayanta nayata kahina un withari...
Bihisara Palawinna මේක promotion එකක්නේ.පැහැදිලිවම ඒ බව දක්වල තියෙනවා. (Exclusively for our customers who register on or before February 28, 2014). ඇතැම් ආයතන ඒ විදියට promotion කාලය තුල මිල අඩුවෙන් හෝ නොමිලේ හෝ තම සේවය ලබාදෙනවා. ඒක අතිශයින් සාමාන්‍ය දෙයක්. එහෙමනම් ඉතින් තේනුවර මහත්තයත් එතුමාගේ පන්ති වලට එකවර මුදල් ගෙවන අයට අඩු කිරීම් කරන්නේ. මටනම් එදෙකේ වෙනසක් පෙනෙන්නේ නැහැ.
Indranatha Thenuwara John Shanaka Silva මහත්මයා, මට පොඩි සිද්දි කිහිපයක් මතක් උනා ඔයාගෙ කොමෙන්ටුව දැක්කාම.
අපේ තාත්තා ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් උනත් අඳින්නෙ ජාතික ඇඳුමයි වේට්ටියයිනෙ. යන්නෙත් වැඩිහරියක් පුෂ් බයිසිකළේ. දවසක් තාත්තායි මායි ගියා ලී මඩුවකට ලී වගයක් ගන්න. මං ඉතිං කකුල් දෙකටම දික් කලිසං ඇඳල, ඒ කාලෙ ජනප්‍රියම මොකැසිනෝ සපත්තු දෙකකුත් දාගෙනනෙ හිටියෙ. වඩුමඩුවෙ මුදලාලි කිව්ව“ සර් යන්න බාස් උන්නැහේ ලී ටිකත් අරං ට්‍රැක්ටරේ ඒවි“ කියල. ඒක ඇහුවාම මට මාරය නැගල මුදලාලිට බැන්න. එතකොට තාත්තා කිව්වෙ...“අනේ බං ඌ දන්නෙ නෑනෙ මං කවුද කියල, ඒ උනාට උඹ දන්නවනෙ..මට ඒ ඇති...!!“ කියල විතරයි.
තව දවසක් ඡායාරූප ප්‍රදර්ශනයක් විවෘත කරන ඒකකට මං මගේ සුපුරුදු හඩු ඩෙනිමයි, රබර් සෙරෙප්පු දෙකයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන යන්න සිද්ද උනා. (ඒක බරපතල වරදක්..!) මොකද පන්ති ඉවර කරලා වේන්ජ් එකක් දාගන්න තැනක් තිබ්බ නැති නිසා. එතකොට එතැන හිටපු අපේ සීනියර් ම ඡායාරූප ශිල්පියෙක් මාව පැත්තකට එක්කං ගිහිං කිව්ව “ඔයා රටේ පිළිගත් මනුස්සයෙක්නෙ..ඇයි මෙහෙම එන්නෙ ..?“ කියල. ඉතිං මං කිව්ව “මෙතැන ඉන්න අඳුනන අය මාව හොඳටම දන්නව. අඳුනන්නෙ නැති අය මාව දන්නෙම නෑනෙ..“ කියල.
තව දවසක් කොල්ලො කට්ටියත් එක්ක රේල් හයික් එකක් ගියානෙ. අන්තිමේ හොඳටම හති වැටිල සරමකුත් ඇඳං නුවර එළියෙන් බස් එකට නගින්න ලැහැස්ති උනා. මං නගිනකොට බස් එකේ කොන්දා මාර සැරයක් දැම්මා. වහාම කොල්ලො ටික වටවෙලා අර මනුස්සයාට බනින්න පටං ගත්ත. “සර් මූ කතා කරන්නවත් දන්නෙ නැහැනෙ..“කියල. මං කිව්ව “ඉතිං පුතේ එයාට හොඳට කතා කරන්න පුලුවන්නං මං වගේ රස්සාවක් කරයි. බැරි නිසානෙ මේ කොන්දොස්තර වැඩේ කරන්නෙ“ කියල. “ඒ උනාට සර් ඌ දැනගන්න එපැයි මේ කවුද කියල..!!“
අන්න එදානං මං දැනගත්ත මං හිතං හිටියට රටම මාව දන්න මාර පොරක් ය කියල, නුවරඑළිය බස්එකේ කොන්දොස්තරවත් මාව දන්නෙ නැහැනෙ කියල...!!  
Gimhana Wedage නුවරඑළියේ කොන්දොස්තර වෙඩින් එක බාර දෙන්න ඉන්ද්‍රනාත ලඟට අවොත් මොකක් වෙයිද? නිකමට හරි එයාගේ අර කොල්ලෝ සෙට් එකත් ළඟ හිටියොත් මොනවා වෙයිද? ඉන්ද්‍රනාත පන්ති කරද්දී කරන්නේ වෙළඳාමක්. හැබැයි පාරිභෝගිකයෝ එතැනදී වෙලන්දාට දෙවියාට වගේ සලකන්න ඕනේ. නැතිනම් උදහසට ලක් වෙනවා.
ඔන්න ඔය තියරිය තමයි ඉන්ද්‍රනාත අනිත් වෙළඳාම් වලටත් ආදේශ කරන්න යන්නේ. පාරිභෝගිකයා තමයි දෙවියා කියන දේ එයාට දිරවන්නේ නෑ.
ඕක තමයි මේ විරෝධයේ මූලය මම දකින විදියට.
Dinesh Tharanga "... අන්න එහෙම තමං මේ විශ්වයේ ක්ෂුද්‍ර ජීවියෙක් කියලා මුලින්ම තේරුම් ගත්තා නම් මේ ප්‍රශ්ණ මුකුත්ම නෑනේ සර් .  ..."
Dineth Mallikarachchy Indranatha Thenuwara ඒක සැරයක් ලංකාවේ නළු නිලියෝ මාරාන්තික විරෝධයක් දැක්වුවා හින්දි චිත්‍රපට ලංකාවේ රූපවාහිනී වල පෙන්වනවාට.....ඒ වෙන මුකුත් හින්ද නෙවෙයි....සිංහල චිත්‍රපට මිනිස්සු බලන්නේ නැතිව ඉන්න හින්ද .....නමුත් මේ කියන අය රඟ පාපු චිත්‍රපට වලට අරවගේ තාක්ෂනයවත්..ඒ නළු නිළියන්ගේ ආකර්ශනයවත් නෑ.....ඉතින් මිනිස්සුන්ට ඒවා පෙන්වන්න හදන්නේ හින්දි චිත්‍රපට හංගලා.....තමුන්ගේ බැරි කම වහන්න...වෙන කෙනෙක්ගේ පුළුවන්කම හංගන එක මොන ලජ්ජා නැටි වැඩක්ද.....@indranatha මහත්තයෝ......මේ විසිපන්දාහ අමතක කරලා ඔබ තුමාගේ සාමාන්‍ය වැඩ ටික කරගෙන යන්න....අනිත් එක දුටු දුටු හැම තැනදීම අනවශ්‍ය ගොන් විලාසෙට ඔබ තුමාගේ පිට කහන..ඒ නිසාම අන්තර්ජාලය ඇතුලේ ඔබ තුමාට අගෞරවයක් වෙන චන්ඩි ගොලයෝන්ටත් ඒක කියන්න....
Rose Perera තේනුවර මහත්මයා කතා කරේ පොදු කාරණයක්........... ඒත් දැන් අනික් අය පිරිමහන්නේ පුද්ගලික දෙයක් බව පේනවා..
Nilaksha Rathnayake පාසල් කාලයේ සිට Indranatha Thenuwara නම් චායාරූප ශිල්පියා පිළිබඳව ඇදී තිබූ ප්‍රතිරූපය මේ කොමෙන්ට් වැල කියවීමෙන් පසු සුනු විසුනු විය... මා සිතා සිටියේ ඔහු චායාරූප ක්ෂේත්‍රයේ පතාක යොදයෙකු ලෙසිනි... නමුත් ඔහු ක්ෂේත්‍රයට පැමිණි නවකයෙකුට බියේ ඔහුගේ වෙළඳ උපක්‍රමයන්ට ද්වේශසහගතව පහර ගසමින් සිටී. මම ඒ නවකය හඳුනන්නේ නැත. නමුත් ප්‍රවීණයා ගැන දැන සිටියෙමි.
ලංකාවේ චායාරූප ක්ෂේත්‍රයේ සිටින්නේ තවෙකෙකුගේ කකුලින් අදින පට්ට කුහකයන් රැලක් බව පාසල් චායාරූප සංගම් වල සිට දැන සිටි කාරණාව මෙයින් යතාර්ථයක් බවට පසක් විය!!!
Gimhana Wedage රෝස්,
ඉන්ද්‍රනාත කතා කලේ කිසිම පදනමක් නැති දෙයක්. ඒක පොදු කාරණයක් වෙන්න කිසිම පදනමක් නම් නෑ. හරි අපි ඒක අමතක කරමු.
මේ සංවාදය ඇතුලේ අදාළ නැති දෙයක් කතා කලේ එක්කෙනයි. ඔහු තමන්ට අවශ්‍ය accounting software එකක ගනන් මිනුම් මෙතන අහන්න ගත්තා. ඒ ඇරෙන්න අනිත් සියල්ල අදාලයි.
මෙතන ඉන්ද්‍රනාතගේ බිරිඳ හෝ වෙනත් පවුලේ විස්තර කවුරුවත් කතා කලේ නෑ. වෙන කෙනෙකුගේ වෙළඳාම ගැන ඉන්ද්‍රනාත ප්‍රශ්න කරද්දී, එයාගේ වෙළඳාම් උදාහරණයට ගැනෙනවා. ඒක ඔහු බලාපොරොත්තු විය යුතුයි. මෙම සංවාදයට අදාළ නොවන, ඉන්ද්‍රනාතගේ පුද්ගලික දේවල් කවුරුත් කතා කලේ නෑ. ඉන්ද්‍රනාතම විසින් කිසිම අදාලත්වයක් නැති තමන්ගේ පුත්‍රයා ගැන විස්තරයක් නම් කළා මතකයි.
Rose Perera පොදු කාරණයක් වෙන්නේ මෙහෙමයි...
මේ විදිහට අඩු මිලගනන් වලට ඇල්බම් කරන එක කේෂත්‍රෙය් නිබදව කතාවෙන ගැටළුවක්. අද මේක ඉස්සෙල්ලාම කතා කරත් නෙවෙයි. මේක මුළුමහත් සමාජයට පොදු නොවුනාට ඡායාරූප කේෂත්‍රය තුල පොදු කාරණයක්
Dineth Mallikarachchy Nilaksha Rathnayake හා හා හා............. උඹ ඒක දන්නේ සංගම් වල හිටිය හින්දනේ....ලංකාවේ කීදෙනාද ඔය සංගම් වල ඉන්නේ....අපි ඔක්කොම අර නුවර එළියේ කොන්දොස්තර වගේ....ඉන්ද්‍රනාත තේනුවර කියල කෙනෙක් ගැන දන්නේ...මේ මුහුණු පොතෙන්....පොරක් තමයි...ඒ උනාට කසාද බදින්න යන හැමෝම දන්නා පොරක් නෙවෙයි....
Gimhana Wedage ඒ උනාට කිසිම පදනමක් නෑ, රෝස්. තරහවක්, ඉරිසියාවක්‌ විතරයි පේන්න තියෙන්නේ.
Rose Perera සාමාන්‍යෙයන් පොදු කාරණා ගැන කතාකරද්දි කෙනෙකුගේ පුද්ගලික කාරණා ඇදගැනීම එච්චර සදාචාරත්මක නෑ නේද?
ගිම්හානගේත් මටනම් පෙන්නේ එහෙම දෙයක්
Gimhana Wedage ඉන්ද්‍රනාත කරන වෙළඳාම ගැන කතා කිරීමේ වරදක් නෑ. මෙතැනදී ඒක පුද්ගලික කාරනාවක් නෙමෙයි.
Rose Perera මතවාදීව සංවාදය යනවානම් පැහැදිලිවම කරපු වැඩේ වැරදි....
හංදියේ බජාර් එකේ වගේ සංවාදය යනවා නම් අවුලක් නෑ..
Dineth Mallikarachchy කෙනෙක්ගේ ප්‍රතිචාරය හැම විටම තමන්ට එල්ලවෙන අභියෝගයත් එක්ක බැඳිලා තියෙනවා....ඉන්ද්‍රනාත පෞද්ගලික උදාහරණ දෙනකොට එයාගේ යම් යම් දේත් ඇදිලා එනවා..ඒක නවත්වන්න බෑ....
Dineth Mallikarachchy Indranatha Thenuwara මහත්තයා අර උඩ කොමෙන්ටුවක "ගන්ජාරාමය" කියල සඳහන් කරේ අකුරු වැරදිලාද..නැත්නම් හිතලද?..දැන ගන්න අහන්නේ.....
Gimhana Wedage අඩු තරමින් ඉන්ද්‍රනාතටවත් ඔය කියන විනය, සංවරය තිබුනද රෝස්.
Amila Bandara ගංගාරාමයට ගංජාරාමය කියන දේ උවමනාවෙන්ම භාවිතා කලා නම් ඒක බරපතල වැරැද්දක්. විහාරස්ථානයකට අගෞරවනීය ආකාරයට ඇමතීම අනුමත කල නොහැකියි.
Rose Perera මට මෙතන ඉන්ද්‍රනාථ තේනුවර සුද්ද කරන්ඩවත්... දිනෙත්, ගිම්හාන අල කරන්ඩවත් අවශ්‍යතාවක් නැ..
Gimhana Wedage රෝස්ගෙන් ඒක අහන්න එපා. මේ වෙලාවේ රෝස්ගේ කාර්ය භාරය ඉන්ද්‍රනාතට වෙච්ච අකරතැබ්බයට අපි වැරදි අයුධ පාවිච්චි කලාද කියන විමර්ශනය කරන්නයි.
Gimhana Wedage ඒක අත්වැරැද්දක් නෙමෙයි අමිල. ඒ ඉන්ද්‍රනාතගේ හැටි. ඒක බරපතල විදියට ගන්න එපා. එතකොට මේ ප්‍රශ්නේ මුලික කරුණ දියාරු වෙනවා.
Rose Perera මගේ කාර්ය්‍ය ගිම්හාන හරියටම අදුරගෙන...
Gimhana Wedage රෝස් නම් මුල ඉඳන්ම දැන් තියෙන සංවර විදියටම හැසිරුනා. මෙතන මුලදී තිබුනේ බජාර් ඒකටත් එහා ගිය සංවාදයක්. මේ වගේ අයත් එක්ක අවෙගශීලි නොවී සංවාද කරලා මට හොඳට පුරුදුයි.
සංවාදයේ මුලින් හිටිය මැර පිරිසට උඩගෙඩි දුන්නේ ඉන්ද්‍රනාතමයි. මුල ඉඳං කියවගෙන ආවොත් ඔහුගේ ස්වරයේ සිදුවන වෙනස හොඳට පෙනෙනවා.
Dineth Mallikarachchy ඕවගේ හරි වැරැද්ද ටක්කෙටේ කියන්න අමාරුයි....තම තමන්ගේ ආකල්ප....ඉන්ද්‍රනාතගේ පසුබිම් ච්චායාරූපේ තියෙනවා තමන්ගේ පන්තියේ දැන්වීමක්....මට එකේ වැරද්දක් කියන්න බෑ ...හැබැයි දකිනකොට හිතෙන්නේ කාටදෝ අභියෝගයක් කරනවා වගේ.....එකත් හරිම බොළඳ විලාසේකට...මේ ඉන්ද්‍රනාතගේ හැටි.....
Nadeesha ʍ Wittahachchi ක්මෙන්ට් උඩ සිට පහලට බැලුවෙමි.
නිරුවත දැක්කෙමි.....
මෙතනින් එහාට කියන්නට දෙයක් නැත ....
Nilaksha Rathnayake මචන් Geeth K Pathirana - වෙඩින් ෆොටෝග්‍රපි කියන්නේ බිස්නස් එකක්. ඕනම බිස්නස් එකකට ආයෝජනය කරන ගාන පලවෙනි බිස්නස් එකෙන්ම අල්ලන්නේ නෑ. photographer කෙනෙක්ගේ උපකරණ වලට රුපියල් ලක්ෂ 10ක් යනවා නම්, ඒ ගාන cover වෙනකම් (break even) බිස්නස් එක දුවන්නේ පාඩු පිට. break even එකෙන් පස්සේ තමයි ලාභ ලබන්න පටන් ගන්නේ.
ඕනෑම බිස්නස් එකක් break even එකට එනකම් මේ වගේ වෙළඳ උපක්‍රම පාවිච්චි කරලා තමන් යට කරපු ගාන හොයාගන්න උත්සහ කරනවා.
Indranatha Thenuwara ලා යට කරපු ගාන හොයාගෙන දැන් ගොඩක් කල් වෙන්න ඕන. එහෙම අය නවකයෙක්ට උදව් උපදෙස් දෙනවා වෙනුවට මේ වගේ වැඩ කරන එක කැතයි.
Indranatha Thenuwara දුකට කාරණාව සොෆ්ට්වේයාර් කාරයො ටික සේරම සෙට් වෙලා ඡායාරූප ශිල්පියකු නොවන සොෆ්ට්වේයාර් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීමින් ඔහුව සාධාරණීකරණය කිරීමයි.
ඔවුන්ගේ හිතේ තියෙන්නෙම මේ එක්කු අල්ලාගෙන නෙලන බවයි. නමුත් අප මේ කතා කරන්නේ මේ ඇඩ් එක දැමූ පුද්ගලයා ගැන පමණක් නොව ඔහු වැනිම තවත් විෂ බීජ මේ ක්ෂේත්‍රය තුළ ඔඩු දුවා ඇති එක ගැනයි.
Indranatha Thenuwara ඒක මේ කට්ටියම වටවෙලා මට නෙලනවාට වඩානම් වෙනස්..
මොකද අපේ නෙලිල්ල පොදුයි.. මෙයාලගෙ නෙලිල්ල පෞද්ගලිකයි..!  
Indranatha Thenuwara ඡායාරූප ශිල්පීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ ගරුත්වය වෙනුවෙන් පිළිගත් ක්‍රමවේදයක් සකස් කිරීමට අඩිතාලමක් දැමීම. ඊට රාජ්‍ය මට්ටමින් සක්‍රිය ලයිසන් ක්‍රමයක් ඇති කිරීම.
එහෙම කළාම කිසිදු අධ්‍යාපනයක් නොලද, වෘත්තීය සුදුසුකමක් නොලද අඳබාලයන්ට මුදලට ඡායාරූප ගන්න බැරි වේවි. එහෙම වෙච්ච දාකට මේ වගේ ඇඩ් දැමීමත්, මේ වගේ සංවාදත් අනවශ්‍ය වේවි..
එතකොට ප්‍රශ්නෙ වෙන්නෙ කස්ටියට උඩ දාගෙන බනින්න වේදිකා නැති වෙන එකනෙ...හික් හික්..!!
Gimhana Wedage ඉන්ද්‍රනාත දැන් තමන්ගේ සටන් පාඨය වෙනස් කරලා. මොන දේකට උනත් ප්‍රමිතියක් හැදෙන ඒක හොඳ දෙයක්. ඒකට අපි කවුරුත් සහය දෙනවා. මුල පටන් ඉන්ද්‍රනතගේ විවේචනය තිබුනේ අදාළ ඇඩ් එකේ සඳහන් මිළ පිළිබඳවයි. ඒ මනුස්සයා ඔය වැඩේට 125000 කියලා දාලා තිබුනානම් ඉන්ද්‍රනාතට ඔය සුදුසුකම්, ප්‍රමිති කියන මොකවත් ඔලුවට එන්නේ නෑ. අඩු තරමින් දැන් හෝ ඒක ඔලුවට ආපු එක එක්තරා ජයග්‍රහණයක්‌.
යම් යම් සේවාවන් තියෙනවා ප්‍රමිතිය කියන දේ නීතියෙන් පැනවීම අත්‍යාවශ්‍ය නොවන. අපි හිතමු කොන්ඩේ කපන බාබර් කෙනෙක් ගැන. කොන්ඩේ කපන්න ගිහින් අල වෙන එක ලොකු සමාජ ප්‍රශ්නයක් නොවෙයි. දෙතුන් දෙනෙකුගේ කොන්ඩේ අල වෙනකොට ඉබේම ඒ බාබර්ට වැඩේ අත හරින්න වෙනවා. සමහර සැලුන් වල ඔළුවට රසායන වර්ග පාවිච්චි කරනවා. සමහර අවස්ථා වල එහෙම කරන්න ගිහින් මිය ගිය අවස්ථාත් තිබුනා. අන්න ඒ වගේ දෙයකට රජය මැදිහත් වෙනවා.
වෙඩින් ෆොටෝ ගැනිල්ලේ තියෙන්නෙත් ඔය කොන්ඩේ කපන බාබර් කෙනෙක් තෝරා ගැනීම වගේ දෙයක්. ඊට එහා ලොකු දැනුමක් පාරිභෝගිකයාට අවශ්‍ය නෑ. ඔහුට දැනුනොත් මේ මනුස්සයා ෆොටෝ ටික අල කරන එකක් නැතිය කියලා, ප්‍රශ්නේ එතනින් ඉවරයි. හදිසියෙවත් දෙක තුනක් අල උනොත් එයාව ඉබේම අහෝසි වෙලා යනවා. කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ.
සාමාන්‍යයෙන් රජය මැදිහත් වෙන්නේ පාරිභෝගිකයාගේ පැමිණිලි වලට මිසක්, මෙවැනි සේවා සපයන්නන්ගේ තරඟකාරිත්වයට නොවෙයි. කෙනෙක් ත්‍රී වීල් එක අඩුවට දුවනවා කියන දේ රජයකට ප්‍රශ්නයක් නොවෙයි. ඉන්ද්‍රනාතගේ මුලික ඉල්ලීම උනේ එවැන්නක්. ත්‍රී වීල් කාරයා වැඩි මිලක් අය කිරීම ඉන්ද්‍රනාතට ප්‍රශ්නයක් නොවෙයි. නමුත් පාරිභෝගිකයාට සහ රජයට එවැනි දේ මැදිහත් විය යුතු ප්‍රශ්න.
වෙඩින් ෆොටෝ ගනිල්ලට වගේම බාබර් සැලුන් වලටත් ප්‍රමිතියක් රජය මැදිහත් වෙලා පනවන එක හොඳ වැඩක්. නමුත් මෙවන් සිල්ලර ඉල්ලීම් වලට වඩා ප්‍රායෝගික වශයෙන් රජයට ප්‍රමුඛත්වය දිය යුතු කාරණා විශාල සංඛ්‍යාවක් තියෙනවා.
Gimhana Wedage හොඳට හිතලා බැලුවොත් රජයක් ප්‍රමිතියක් පනවන්නේ මුලික වශයෙන් ජිවිත ආරක්ෂාව මුල් කර ගෙන. ඉන එහා දේවල් පාරිභෝගිකයා විසින් වග බලා ගන්නා දේවල්. ඒවාට රජයක් මැදිහත් විය යුතු නෑ.
අපි හිතමු වාහන සම්බන්ධව. වාහන වල තිබිය යුතු මුලික කාරණා සඳහා රජයකට ප්‍රමිතියක් තිබෙනවා. රජය විසින් ලියාපදිංචි කරන්නේ එම මුලික සුදුසුකම් සපුරන වාහන පමණයි. ඉන් එහාට එම වාහනයේ සැප පහසුකම්, ඔප්ෂන්, මිළ තීරණය කිරීමට රජය මැදිහත් වන්නේ නෑ. මරුටියේ සහ බෙන්ස් එකේ මිළ එක මට්ටමට පැමිණීම රජයකට ප්‍රශ්නයක් නොවෙයි.
පෙට්ටි කඩේ තේ කෝප්පය ගැන පවා රජය සොයා බලනවා. මොකද ඒක කෙලින්ම පාරිභෝගිකයාගේ ජිවිතයට බලපාන නිසා. වෙඩින් ෆොටෝ ටික අල උනා කියා මංගල යුවල මහපාරට වැටෙන්නේ නෑ. තාවකාලික හිතේ අමාරුවක් ඇති වෙනවා තමයි. ඒකට රජයට කල හැකි දෙයක් නෑ.
Gimhana Wedage වෛද්‍ය වෘත්තිකයින්ට වගේ ඉල්ලීම් දිනා ගැනීමට තමන්ට නොහැකි බවට නෝක්කාඩුවක් මුලදී ඉන්ද්‍රනාත කලා. ඒ ගැන දුකයි තමයි. වෙඩින් ෆොටෝ ගන්න අය එකතු වෙලා වර්ජනයක් කලා කියමු. නමුත් ඊට වඩා දැනෙන දෙයක් බාබර්ලාට එකතු වුනොත් කරන්න පුළුවන්. තමන් පිලිබඳ නිවැරිදි තක්සේරුවක් නොමැති කමත් මේ මැසිවිලි වලට හේතුවක්.
Geeth K Pathirana Gimhana Wedage මහත්මයා, ඔබ තුමා මෙච්චර දිග comment දාලා පෙනී හිටින්නේ පාරිබෝගිකයා වෙනුවෙන්ද? වෘත්තියක් විදියට wedding photography ඔබ පිළිගන්නේ නැද්ද?
Gimhana Wedage පාරිභෝගිකයා උනත් අසාධාරණ, කිසිම පදනමක් නැති, සිඟිති ඉල්ලීමක් කරනවා දැක්කොත්, මම ඒකටත් මේ වගේ කතා කරයි ගීත්.
Chittahari Abhayanayaka සල්ලි වලට නටන අයට, සල්ලිවලට සිංදු කියන අයට, සල්ලි වලට චිත්‍රපටි හදන අයට, සල්ලි වලට චිත්‍ර විකුනන අයට මේ හැමදෙනාටම ලයිසන් දෙන්න පුලුවන්, රජයට බදුමුදලක්, ලියාපදිංචි ගාස්තුවක් ගන්නත් පුලුවන්, මේ වගේ දේකට කැමති වෙන පාලකයින්ට අපිනම් කියන්නේ එකාදිපතියන් කියලා, ඒ වගේ දෙයක් ඉල්ලන මිනිසුන්ට කියන ඕන කොහොමද?
Dineth Mallikarachchy Indranatha Thenuwara කොමෙන්ටු හයසිය ගානකට පසුවත් ඉතාම සරල ඍජු ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වෙච්ච හැටි......................................"කවුරු හරි කෙනෙක් තමන්ට කැමති ගානට යම් වැඩක් කරන්න දැන්වීමක් පල කරාම ඒක කාටවත් මොකද?"......ඔහු හොරෙක් නම් වැඩ දෙක තුනකින් ඔහුව අහෝසි වෙලා යයි.....නැතහොත් විශ්වකර්මයෙක් හැටියට බැරි ගණන් වලට වැඩ කරලා ඉතිහාසගත වෙයි.......කාටවත් පුලුවන්ද ඡායාරූප කරණය වගේ වැඩක් සඳහා තිබෙන වෙළඳපල ඇතුලේ මේකට විරුද්ධ වෙන්න.......................................................................................................................................................................මිනිහෙක් අවි අමෝරාගෙන යුද්ධෙට එන්නේ...අපහාසාත්මකව කතා කරන්නනේ තරමක් ඉවසල......නමුත් මෙතන ඉන්ද්‍රනාත මහත්මයට පක්ෂව කතා කරපු බහුතරයක් දෙනා කට ඇරියෙම තර්ජනාත්මකව.....මේ සියලු දෙනාම ඒ සම්බන්දයෙන් සම්මුතියක හිටපු බව පැහැදිලි.....හරිම පුදුමයි මේ ගුරුතුමා හැසිරෙන්නෙත් ඒ රස්තියාදු කතාබහට උඩ ගෙඩි දෙන විදිහට.....මුන් කරපු චෝදනා සියල්ලක්ම තමුන්ටම අදාලයි.......කොහෙද යන්නේ මල්ලේ පොල්, කුහක කම........etc.... ඉන්ද්‍රනත මහත්තයට මම යෝජනාවක් කරනවා...ඔය පන්ති වලදී විෂයට අමතරව මිනිස්සුන්ට ගරු කිරීම, සවන්දීම, අන් මත ඉවසීම වගේ දේවල් ටිකකුත් කියල දෙන්න....ඒවා ඔබ තුමාට උගන්වන්න බැරි බව මම දන්නවා...ඒ සඳහා වැඩ මුළු කීපයක් තියන්න පුළුවන්.....ඔබ තුමා වලාකුලක ඉඳන් බලද්දී මන් වගේ කුඹි පෙනෙයිද දන්නේ නෑ...හිතේ තියෙන දේ කිව්වේ......